අපේ ලෝක උරුම

2012-06-19 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.130.3000 , විකුණුම් මිල රු.134.0000 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.204.0700 , විකුණුම් මිල රු.210.5700 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.163.5500 , විකුණුම් මිල රු.169.4900 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.135.9200 , විකුණුම් මිල රු.141.4900 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.126.7400 , විකුණුම් මිල රු.131.6600 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.131.1400 , විකුණුම් මිල රු.136.5700 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.102.2500 , විකුණුම් මිල රු.106.0800 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.6424 , විකුණුම් මිල රු.1.7067 |
අපේ ලෝක උරුම

එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානය හෙවත් යුනෙස්කෝ සංවිධානය 1972 නොවැම්බර් 16 වැනි දින සම්මත කරගත් ලෝක සංස්කෘතික හා පාරිසරික උරුම රැකගැනීම පිළිබඳ අන්තර්ජාතික සම්මුතිය යටතේ ශී‍්‍ර ලංකාවේ ස්ථාන හතක් ලෝක උරුම ලෙස නම් කැර තිබේ.
එහි හයවැනි සමුළුව 1982 වර්ෂයේ ප‍්‍රංශයේ පැරිස් නුවර පැවැති අවස්ථාවේදී 200 වැනි ලෝක උරුමය ලෙස අනුරාධපුර පැරැණි නගරයත්, 201 වැනි ලෝක උරුමය ලෙස පොළොන්නරුව පැරැණි නගරයත්, 202 වැනි ලෝක උරුමය ලෙස සීගිරියත් ප‍්‍රකාශයට පත් කැරිණි. ඒ අනුව ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම ලෝක උරුම තුන බවට එම පුරාණ නගර පත්විය.
ඉන් අනතුරුව දස වැනි සමුළුව බ‍්‍රසීලයේ බ‍්‍රසිල් නුවර පැවැති අවස්ථාවේදි සිංහරාජ වැසි වනාන්තරය 405 වැනි ලෝක උරුමය ව්ිය මහනුවර නගරය 450 වැනි ලෝක උරුමය බවට පත්විය. ගාල්ල  ඕලන්ද බලකොටුව හා පැරණි නගරය 451 වැනි ලෝක උරුමය බවට පත් විය.
1991 වර්ෂයේ ටියුනීසියාවේ පැවැති 15 වැනි සමුළුවේදී රංගිරි දඹුල්ල රජමහා විහාරය 561 වැනි ලෝක උරුමය ලෙස ප‍්‍රකාශයට පත්කැරිණි. ඒ අනුව මේ වන විට ශී‍්‍ර ලංකාවේ ස්ථාන හතක් ලෝක උරුම ලෙස නම් කර තිබේ.
2008 වර්ෂය වන විට ලොව පුරා ලෝක උරුම 851 ක් නම් කර ඇත. ඉන් 660 ක්ම සංස්කෘතිකමය පුරාවිද්‍යාත්මක වශයෙන් වැදගත් වන ස්ථාන වේ. සිංහරාජය ඇතුළු පාරිසරික උරුමයන් සංඛ්‍යාව 166 කි. ඓතිහාසික හා පාරිසරික වශයෙන් වැදගත් කමක් ඇති ස්ථාන සංඛ්‍යාව 25 කි. වැඩිම ලෝක උරුම සංඛ්‍යාවක් පිහිටා ඇත්තේ යුරෝපය හා උතුරු ඇමෙරිකාව මූලික කරගනිමිනි.
රටවල් 185 ක් අතර පවතින එක`ගතාව මත ලෝක උරුම පවත්වාගෙන යන අතර එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානය මෙම උරුමයන් ආරක්ෂා කිරීම සඳහා කොන්දේසි ගණනාවක් පනවා තිබේ. ඒ අනුව ලෝක උරුමය රැුකගැනීම ඒවා සතු රාජ්‍යයන්ගේ වගකීමකි.
ලෝක උරුමයන්හි පවතින තත්තවයට හානිදායක කිසිවක් සිදු කිරීමට හැකියාවක් නොමැත. ඒ සියලූ උරුමයන් රැුකගනු ලබන්නේ මුළු මහත් ලෝකයේම දායාදයක් ලෙස සලකමිනි.

සීගිරිය

 කොළඹ සිට කුරුණෑගල දඹුල්ල මාර්ගයේ ඉනාමලූව හන්දියෙන් හැරී කිලෝ මීටර 10 ක් පමණ ගමන් කළ විට සීගිරි පර්වතය හමුවේ. සිංහ රුවක ආකාරයට තැනූ මාළිගාව නිසා එම පර්වතය සීගිරිය නම් වී ඇත.
අනුරාධපුරයේ රජකළ ධාතුසේන රජුට යකඩ දෝලියකගෙන් ලත් කාශ්‍යප නම් කුමරුවකු හා අභිෂේක බිසවගෙන් ලත් මුගලන් නම්වූ පුත්තු දෙදෙනෙක් ද දුවණියක ද වූහ.. රජු තම නැගණියගේ පුත් සෙන්පති මිගාරට ඇය විවාහ කර දුන්නාය. මිගාර දිනක් තම දියණියට අමානුෂික ලෙස පහරදුන්නේ යැයි කිපුණු රජු තම සොහොයුරිය වූ මිගාරගේ මව නිරුවත් කොට පුළුස්සා මරා දමන්නට නියෝග කළේය. රජුගෙන් පළිගන්නට සිතූ මිගාර කාශ්‍යප කුමරුන් රාජ්‍ය ගැනීමට පෙළඹවූවේය. මුගලන් සේනා සංවිධානය කොට රාජ්‍යය ගැනීමේ අපේක්ෂාවෙන් ඉන්දියාවට පලා ගියේය.
මුගලන් වෙනුවෙන් ධාතුසේන රජු ධනය තැන්පත් කර ඇතැයි කාශ්‍යපට කියමින් මිගාර ධාතුසේන රජු කෙරෙහි තවදුරටත් බිඳැවීය. තැන්පත් ධනය ගැන ප‍්‍රශ්න කළ විට ධාතුසේන රජු කාශ්‍යපට කියා සිටියේ ඒ ධනය කලා වැව බවයි. ඉන් කිපුණු කාශ්‍යප සිය පිය රජු නිරුවත් කොට කලා වැවේ බැම්මට තබා මැටිගස්සවා මරා දැමීමට නියෝග කළේය.
සිය පියා මැරූ පලිය ගැනීමට සහෝදරයා වූ මුගලන් කුමරු කෙදිනක හෝ යුද්ධයට එතියි බියෙන් කාශ්‍යප සීගිරිය බළකොටු රාජ්‍යය ගොඩනැගූ බව ඉතිහාසය සාක්කි දරයි.

                 ශෛලමය සිංහාසනය
 ප‍්‍රාකාර, දිය අගල්, උයන්වතු, ජල උද්‍යාන සේම මහා කලාගාරයක් බඳු රූකම් ද ඇති සීගිරිය ලෝක උරුමයකි. මෙහි ඇති අපූර්වත්වය හේතුවෙන්ම මෙය නිල නොලත් අටවැනි ලෝක පුදුමයැයි ද දෙස් විදෙස් හි ප‍්‍රචලිතය.
අද අප දකින සීගිරිය ඉතිහාසයට එක්වන්නේ කි‍්‍රස්තු වර්ෂ 477 දී කාශ්‍යප රජු සිය මාළිගාව සීගිරි පර්වත මස්තකයේ තැනීමෙනි. පුරාවිද්‍යාත්මක සාක්කි අනුව සීගිරියේ ඉතිහාසය ඉන් බොහෝ ඈත අතීතයකට යයි. රාවණ රජුගේ මාළිගාවක් සීගිරියේ වීයැයි මතයක් ඇතත් එය සනාථ කිරීමට මෙතෙක් කිසිදු සාක්කියක් හමුවී නැත. එහෙත් හමුවූ සෙල්ලිපි රැසකින් පැවැසෙන්නේ දෙවනපෑතිස් යුගයේදී පවා සීගිරිය ආර්ය ජනාවාසයක් වූ බවයි. සීගිරිය අවට කැණීම් වලදී අතීතයේ භාවිතා කළ ඉතාමත් දියුණු යකඩ තාක්ෂණයක අවශේෂ හමුවී තිබේ.
සීගිරි පර්වතය මත ඉදිකැර ඇති රජ මාළිගය සහ අනෙකුත් ගොඩනැගිලි ශී‍්‍ර ලංකාවේ පැවැති දියුණු ගෘහ නිර්මාණ ශිල්පයට මනා සාක්කියක් වී ඇත. ඉතා සමමිතික ආකාරයෙන් නිමවා ඇති ජල උද්‍යානයත් එහි ඇති ජලවහන පද්ධතියත් නූතන ඉංජිනේරුවන් මවිත කරවන නිර්මාණයන්ය. වැසි වැටුණු විට තවමත් කි‍්‍රයාත්මක වන ජලමල් පද්ධතිය සීගිරි යුගයේ සිටි හෙළ නිර්මාණ කරුවන්ගේ විශ්මිත හැකියාව පෙන්වයි.

සීගිරිය ප‍්‍රසිද්ධවූයේ බිතු සිතුවම් හේතුවෙනි. එහි ඇත්තේ ශී‍්‍ර ලංකාවේ විශිෂ්ටතම චිත‍්‍ර නිර්මාණ බව විද්වතුන්ගේ මතයයි. රන්වන් හා නිල්වන් වර්ණයෙන් යුතු කාන්තා රූප 22 ක් දැනට එහි දක්නට ඇත. ස්වර්ණ වර්ණ කතුන් අන්තඃපුර ස්තී‍්‍රන් බවත්, නීල වර්ණයෙන් දක්වා ඇත්තේ සේවිකාවන් බවත් ප‍්‍රථම පුරාවිද්‍යා කොමසාරිස් එච්.සී.පී.බෙල් පවසයි. මේ කතුන් මල් රැගෙන පිදුරංගල වන්දනා කරන්නට යන බවද ඔහු පවසා ඇත.
පුරාවිද්‍යා කොමසාරිස් ඉන් පසු එම තතතුර‍ට ආ සෙනරත් පරණවිතාන මහතා පවසන්නේ විජ්ජු ලතා සහ මේඝ ලතා සංකේතවත් කරමින් මේ කතුන් ඇඳ ඇති බවයි.
සීගිරියේ තවත් අපූර්වතම නිර්මාණයක් වන කැටපත් පවුරේ සටහන් තබා ඇත්තේ ඉන් පසු සීගිරියට පැමිණි විවිධ තරාතිරමේ පුද්ගලයන් විසිනි. අද එහි පැහදිලිව හඳුනාගත හැකි ගී 700 ක් පමණ තිබේ. අතීත භාෂාවත්, ඔවුන්ගේ රසාඥතාව හා සිංහල භාෂාව ක‍්‍රමිකව විකාශය වූ ආකාරයත් මෙම කුරුටු ගී පෙන්වයි.
ක‍්‍රමයෙන් වනාන්තරයෙන් වැසී ගිය සීගිරිය නැවත සොයාගෙන ඇත්තේ 1831 දී මේජර් එච්. පෝර්බ්ස් විසිනි. යළි 1833 දී පෝර්බ්ස් සීගිරියේ කැටපත් පවුර සහිත මාර්ගය දක්වාම ගොස් ඇතත් පර්වතය මතට නැගීමට නොහැකිවී ඇත. ඇත්තේ ඒ..වයි..ඇඩම්ස් සහ ජේ.බේලි යන තරුණ සිවිල් නිලධරයන් දෙදෙනා 1853 දී එහි මුළින්ම නැගුණු බව කියති.1894 දී එච්.සී.පී.බෙල් සීගිරිය එළි පෙහෙළි කොට එහි පුරාවිද්‍යාත්මක ගවේෂණ ආරම්භ කළේය.
පැරණි ශී‍්‍ර ලාංකිකයාගේ අතිශය විශ්මිත නිර්මාණයක් වූ සීගිරිය ලාංකික සංස්කෘතිය හා ඔවුනගේ ප‍්‍රතිභාපූර්ණ නිර්මාණ ශක්තිය පිළිබඳ අපූර්වත්වය සමස්ත ලෝකයා හමුවේ තබන අති දැවැන්ත නිර්මාණයකි.
සීගිරියේ බටහිර දොරටුව කැණීම් සිදුකර තිබේ. ඒ අනුව එහි ජල උද්‍යානයේ බොහෝ කොටස් මතුකරගෙන ඇත. නැගෙනහිර දොරටුව දෙසින් කැණීම් සිදුකර නැතත් ඒ ප‍්‍රදේශයේ කරන ලද ගවේෂණඅනුව පෙනී ගොස් ඇත්තේ නැගෙනහිර දෙසින් ඇති ගොඩනැගිලි ඉදිකිරීම් අතරමග නවතා දමා තිබූ බවයි. මුගලන් යුද්ධයට එනවිට නැගෙනහිර දෙසින් නගර නිර්මාණය කරමින් තිබෙන්නට ඇත. එම ප‍්‍රදේශය විශාල ප‍්‍රමාණයේ රථ වාහන පර්වතය ආසන්නටයට ගත හැකි ආකාරයෙන් නිර්මාණය වී තිබෙන බවද බොහෝ විට ඒවා ඇත් කරත්ත වැනි වාහන විය හැකි බවද පුරාවිද්‍යාඥයෝ පවසති.
18 වසරකට පසු සේනා රැස්කරගත් මුගලන් කාශ්‍යප සමග යුද්දයට පැමිණියේය. යුද්ධයට ගිය කාශ්‍යප මඩ වළකින් එතෙරවීමට නොහැකිව තම ඇතු ආපසු හැරවූ මොහොතේ රජු පලා යති යි සිතූ සේනාව හිස් ලූ ලූ අත දිවගියෙන් තනිවූ කාශ්‍යප සියතින් ගෙළ සිඳගෙන මියගිය බව වංශ කථා වල දැක්වේ. කාශ්‍යප මියගිය පසු රාජ්‍යය ගත් මුගලන් සිය සොහොයුරාට රජකුට සුදුසු අවමංගල උත්සවයක් පවත්වා භෂමාවශේෂ තැන්පත් කර සෑයක් ද කරවා ඇත. එම සෑය පිදුරංගල විහාරයට නුදුරින් සොයාගෙන තිබේ. මුගලන් සීගිරිය භික්ෂූන් වහන්සේලාට භාරකොට නැවත අනුරාධපුරයට ගොස් ඇත.


2012-06-19 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.130.3000 , විකුණුම් මිල රු.134.0000 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.204.0700 , විකුණුම් මිල රු.210.5700 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.163.5500 , විකුණුම් මිල රු.169.4900 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.135.9200 , විකුණුම් මිල රු.141.4900 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.126.7400 , විකුණුම් මිල රු.131.6600 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.131.1400 , විකුණුම් මිල රු.136.5700 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.102.2500 , විකුණුම් මිල රු.106.0800 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.6424 , විකුණුම් මිල රු.1.7067 |
ගාල්ල


 ගාල්ල ලෝක උරුම නගරයකි. වර්ග සැතපුම් හයහමාරක පමණ භූමි භාගයක් පුරා පැතිරී ඇති ගාල්ල පුරාණයේ සිට ප‍්‍රසිද්ධ වූයේ වෙළෙඳ නගරයක් ලෙසිනි. ඉන්දියා සාගරයේ වරාය අතර විශේෂ පිහිටීමක් ඇති ගාලූ වරාය පෙරදිග දියුණු වෙළෙඳ මධ්‍යස්ථානයක් විය. ඇතැම් විද්වතුන් විශ්වාස කරනුයේ බයිබලයේ පැරණි ගිවිසුමේ සඳහන් වන ටර්ෂිෂ් නගරය ගාල්ල විය හැකි බවයි. ටාර්ෂිෂ් යනු පෙරදිග පැවැති මහා වෙළඳ මධ්‍යස්ථානයක් විය.
වංශ කථා සාධක අනුව ගාල්ල මුල්වරට සඳහන් වන්නේ මහා පැරකුම්බා රජු සුගලා දේවියට විරුද්ධව කළ සටන් වලදී වුවද ගැමුණු කුමාරයා යුද්ධයට යද්දී ගාල්ලේ තරුණයන් රැසක් මාගමට ගොස් හමුදාවට එකතුවූ බව ද කියැවෙයි. වළගම්බා රජුගේ අවදියේ රාජ කුමාරයකු ගාල්ලේ අක්මීමණ ප‍්‍රදේශයේ වාසය කැර ඇත.
ගම්පොළ යුගයේදී ලියැවුණු තිසර මයුර සංදේශයන්හි ගාල්ල ගැන වර්ණනා කැර ඇත. එහෙත් ගාල්ලේ මෑත ඉතිහාසය ආරම්භ වන්නේ සුළි කුණාටුවකට හසුව 1505 දී අහම්බෙන් ගාල්ලට පැමිණි ලොරෙන්සෝ ද අල්මේදා සමගිනි.
කි‍්‍රස්තු වර්ෂ 1587 දී පතුගීසීන් සිංහල රජුගෙන් ගාල්ල අල්ලාගත්. වරාය ආරක්ෂා කැර ගැනීම සඳහා ඔවුහු අට්ටාල, මුරකපොල් සහිතව තනි පවුරකින් යුතු බළකොටුවක් නිර්මාණය කළහ. පෘතුගීසීන් විසින් සාදන ලද බළකොටුව අද හැඳින්වෙන්නේ කළු කොටුව නමිනි.
1640 දී විල්හෙම් ජාකොබ්ස් කෝසටර් ගේ මූලිකත්වයෙන් සෙබළුන 2000 කින් යුතු නැව් 12 ක් යොදවා දරුණු සටනක් කොට ලන්දේසීහු ගාල්ල කොටුව අත්පත් කරගත්හ . දින හතරක් පැවැති මෙම සටන ලන්දේසීන් ජයගෙන ඇත්තේ 1640 මාර්තු 03 දාය.
පෘතුගීසීන් සෑදූ තිබූ කොටුව විශාල කර සාදන ලද්දේ ලන්දේසීන් විසිනි. කාලතුවක්කු සවිකර තිබූ විශාල අට්ටාල හෙවත් බැස්ටියන් 16 ක් එකිනෙක යා කරමින් ලන්දේසීහු සුවිසල් බළකොටුව ද අංගසම්පූර්ණ නගරයක් ද ඉදිකළහ.
දිය අගලක් මත වූ උස් පහත් කළ හැකි පාලමකින් එගොඩවී ඇතුළුවීමට තිබූ ප‍්‍රධාන දොරටුව අදට ද කොටු පවුරේ දැකිය හැකයි. එකළ භාවිතා කළ දොර පියන් දෙක අදත් භාවිතයේ පවතී. එම දොරටුවේ ඇතුළු පැත්තේ  ඕලන්ද පෙරදිග ඉන්දියා වෙළඳ සමාගමේ ලාංඡනය සටහන් කැර ඇති අතර දොරටුව ඉදිරිපස බි‍්‍රතාන්‍ය රාජකීය ලාංඡනය කොටා ඇත.
බි‍්‍රතාන්‍යයන් මෙම බළකොටුව අත්පත් කරගෙන ඇත්තේ 1795 දී ගිවිසුමක් මගිනි. ඉන්පසු ඔවුහු කොටුවට ඇතුළුවීම සඳහා තවත් නව දොරටුවක් සෑදූහ.
ගාලූ කොටුවෙහි නිවාස 473 ක් පවතින බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාලේඛන කියයි. . එම ගොඩනැගිලි වලින් සියයට 50 ක් පමණ බි‍්‍රතාන්‍ය සමයට පෙර ඉදිකැර ඇත. නිවාස 104 ක් ගොඩනගා ඇත්තේ 1850 වර්ෂයට පෙරදීය.
පෘතුගීසි හා ලන්දේසි යුගයන්හි ශී‍්‍ර ලංකාවේ ප‍්‍රධානතම පාලන මධ්‍යස්ථානය වූ ගාල්ල කොටුව නගරයක තිබිය යුතු සියළු ලක්ෂණයන්ගෙන් සමන්විත වූ බව විද්වතුන්ගේ මතයයි.
කොටුවේ ඇති විශාලතම ගොඩනැගිල්ල ලන්දේසි බඩු ගබඩාවයි. මහල් දෙකකින් යුතු මෙහි උඩු මහළේ එක් කොටසක ලන්දේසි සමයේ කන්‍යාරාමයක් තිබී ඇත. ඒ ඉදිරිපිට 1701 දී ඉදිකරන ලද ඝණ්ඨා කුළුනක් වෙයි.
කොටුවේ ඇති උසම ගොඩනැගිල්ල වන්නේ අමාන් ගාල්ල නැමැති හෝටලයයි. මෑතක් වනතුරුම නිව් ඔරියන්ටල් හෝටලය නමින් හැඳින්වූ එය ඉදිකරන ලද්දේ 1684 දී දැවමය මහල් 12 කින් යුතුවය. ගරා වැටෙමින් පවතින  ඕලන්ද පරිපාලක ගොඩනැගිල්ලත් ඒ ආසන්නයේම ඇති ආසියාවේ පැරණිතම පුස්තකාලය ලෙස සැළකෙන කොටුව පුස්තකාලයත් තවත් සුවිශේෂී ස්ථානයෙේය.
1752 දී ගැස්පරස් ඩි ජොන්ග් නැමැති ලන්දේසි අණදෙන නිලධාරියා විසින් ඉදිකරන ලද පැරණි  ඕලන්ද පල්ලියත්, 1871 දී බි‍්‍රතාන්‍යයන් විසින් සාදන ලද ඇංග්ලිකන් දේවස්ථානයත් මුස්ලිම් පල්ලියක් හා බෞද්ධ විහාරස්ථානයක්ද වෙයි.
පැරණි  ඕලන්ද රෝහල තිබුණු ගොඩනැගිල්ලේ දැනට මධ්‍යම සංස්කෘතික අරමුදලේ කාර්යාලයය හා ගාලූ උරුමය පදනම පවත්වාගෙන යයි. එය සංරක්ෂණය සඳහා නියමිතය. 1683 දී ඉදිකර ඇති ක්වීන්ස් හවුස් නැමැති ගොඩනැගිල්ල ලන්දේසි හා බි‍්‍රතාන්‍ය ආණ්ඩුකාරවරුන්ගේ නිවස්න විය.
ශී‍්‍ර ලංකාවේ ඉදිකරන ලද ප‍්‍රථම ප‍්‍රදීපාගාරය ඉංගී‍්‍රසීන් විසින් ස්ථාපිත කර ඇත්තේ 1886 දී ගාල්ල බලකොටුවේය. ලෝහයෙන් තනා තිබූ එය 1936 දී ගින්නකින් විනාශ වී ගියේය. වෙනත් ස්ථානයක නැවත ප‍්‍රදීපාගාරය ඉදිකර ඇත්තේ 1937 දී වන අතර පැරණි ප‍්‍රදීපාගාරය අසළින් තිබූ මාර්ගය අදටද ප‍්‍රදීපාගාර වීදිය ලෙස භාවිතා කරයි.
ගාලූ කොටුවට අලංකාරයක් වූ ඔරලෝසු කණුව ඉදිකර ඇත්තේ ප‍්‍රකට සමාජ සේවකයකු මෙන්ම ගාල්ල නගර සභාවේ ප‍්‍රථම සභිකයා වූ පීටර් ඩැනියෙල් අන්තෝනිස් මහතා සිහිවීම පිණිස 1983 දී මහජන ආධාරයෙනි.
අතීතයේ පටන් ශී‍්‍ර ලංකාවේ ප‍්‍රධානතම වරාය ලෙස සැළැකුණු ගාල්ල වරාය හා ඒ අවට ප‍්‍රදේශ සමුද්‍ර පුරාවිද්‍යාත්මක ස්ථානයක් ලෙස සැළකේ. වරාය හා කොටුව ආසන්න මුහුදේ පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථාන 26 ක් හඳුනාගෙන ඇති අතර ඒවා අතර ඇවොන්ඩ්ස්ටර්, හරක්‍යුලිස් වැනි ගිලී ගිය  ඕලන්ද නැව් කිහිපයක් ද පුරාවිද්‍යා ගවේෂණයන්ගෙන් හමුවී ඇත.
කොටුවේ පාසල් තුනක් පිහිටා ඇත. සවුත්ලන්ඩ්ස් බාලිකා විද්‍යාලය, සියළු සාන්තුවරයන්ගේ පාසල හා අරාබි විද්‍යාලයයි. රජයේ කාර්යාල බොහොමයක් මෑතක් වනතුරුම කොටුවේ ගොඩනැගිලි වල පිහිටුවා තිබූ අතර කොටුව සංරක්ෂණ ව්‍යාපෘතිය සමග එම කාර්යාල කොටුවෙන් ඉවතට ගෙන ගොස් ඇත. ගාලූ කොටුවේ සංරක්ෂණ කටයුත මධ්‍යම සංස්කෘතික අරමුදලේ මෙහෙයැවීම මත මේ දිනවල සිදුවෙමින් පවතී.
අතීතයේ වරායට පැමිණෙන භාණ්ඩ ගෙන ආ ගැල් ගාල් කර තිබූ ස්ථානය ගාල, ගාල් වී පසුව ගාල්ල වීයැයි ඇතැමෙක් කියති. තවත් පිරිසකගේ මතය වී ඇත්තේ පර්වත බහුලව තිබූ ප‍්‍රදේශයක් බැවින් ගල් ගාල්ල වූ බවයි.
පෘතුගීසීන් ගාල්ලට පැමිණෙද්දී කුකුළෙකු හඩලනු අසා ගාලෝ ගාලෝ කී බවත් ඒ අනුව ගාලෝ පසුව ගාල්ල වී යැයි ද මතයක් පවතී. එහෙත් බටහිර ජාතීන් ලංකාවට පැමිණීමට පෙර පටන් ගාල්ලට ගාල්ල යන නාමය ව්‍යවහාර වූ බව අපගේ සංදේශ කාව්‍ය අනුව පැහැදිලි වේ. කෙසේ වෙතත් ගාල්ල යනු ලොව පුරා ජනපි‍්‍රයවූ අතීත වෙළඳ නගරයකි
2012-06-19 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.130.3000 , විකුණුම් මිල රු.134.0000 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.204.0700 , විකුණුම් මිල රු.210.5700 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.163.5500 , විකුණුම් මිල රු.169.4900 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.135.9200 , විකුණුම් මිල රු.141.4900 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.126.7400 , විකුණුම් මිල රු.131.6600 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.131.1400 , විකුණුම් මිල රු.136.5700 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.102.2500 , විකුණුම් මිල රු.106.0800 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.6424 , විකුණුම් මිල රු.1.7067 |
මහනුවර 

 ශී‍්‍ර ලංකාවේ අවසන් රාජධානියේ කේන්ද්‍රස්ථානය වූ සෙංකඩගල හෙවත් මහනුවර ලෝක උරුම නගරයකි.

ගම්පොළ රජ කළ තුන්වැනි වික‍්‍රමබාහු රජු (කි‍්‍රව. 1357 සිට 1375) දඩයමේ යද්දී සාවකු පසුපස හිවලකු දුවනු දැක ලූහුබැඳ තිබේ. එක් ස්ථානයකදී නැවත ආපසු හැරුණු හාවා හිවලා ලූහුබැඳ යාමට පටන් ගෙන ඇත. මේ ආශ්චර්යය දුටු රජු ඒ ආසන්නයේ ලෙනක විසූ තාපසයකුගෙන් මේ පිළිබඳ විමසා ඇත. සෙංකණ්ඩ නැමැති ඒ තාපසයා පවසා ඇත්තේ මෙය ජය භූමියක් බවයි. ඉන් පහැදැනුණු රජු ඒ ආසන්නයේ රාජධානියක් කරවා ඇති බව වංශ කථා සාධක වල දැක්වේ. රාජධානිය කරවූ රජු තාපසවරයාට ගරු කිරීමක් ලෙස සෙංකඩගල පුරවරය ලෙස එම නව නගරය නම් කැර ඇත.

එහෙත් දහ හතර වැනි ශත වර්ෂයේ ලියැවුණු ශී‍්‍ර ලංකාවේ කඩයිම්පොතෙහි කටුබුලූරට නම් ස්ථානයක් ගැන සඳහන් කරන අතර දාහත් වැනි සියවසට අයත් මැදවල තඹ සන්නසත්, ති‍්‍රසිංහලේ කඩයිම් පොතත් කටුපුලූ හෙවත් කටුබුලූ යන නගරය ගැන පවසයි. මහනුවර නගරයට නුදුරු වර්තමාන වටපුලූව එම නගරය ලෙස පහසුවෙන් හඳුනාගත හැකිය. එසේනම් සෙංකඩගල නගරය බිහිවන්නට පෙර කටුපුලූව ජනාකීර්ණව තිබෙන්නට ඇත.
තුන්වනි වික‍්‍රමබාහු රජුගෙන් පසු ගම්පොළ රජ පැමිණි සේනාසම්මත වික‍්‍රමබාහු ගම්පොළ අතහැර සෙංකඩගල පුරවරය සිය අගනගරය කරගත්තේ. එහි භූගෝලීය පිහිටීම ආරක්ෂිතව සිටීම සඳහා මහෝපකාරී වීම ඒ සඳහා හේතුවිය. අනතුරුව ඔහුගේ පුත් ජයවීර අස්තාන කි‍්‍රස්තු වරෂ 1511 දී සෙංකඩගල රජ පැමිණ 1551 දක්වා රාජ්‍ය විචාලේය. ඔහුගෙන් පුස පාලකයා වූයේ කරලියද්දේ බණ්ඩාරය. ඉක්බිතිව සීතාවක රාජසිංහ රජු උඩරට රාජධානිය ආක‍්‍රමණය කර සීතාවකට වී තම පාලනය ගෙන ගියේය. කරලියද්දේගේ බෑණනු වූ දොන් පිලිප් හෙවත් යමසිංහ බණ්ඩර පසුව පෘතුගීසීන්ගේ සහාය ලබා උඩරට සීතාවක රාජ්‍යයෙන් මුදාගත්තේය. පේරාදෙණියේ වීරසුන්දර මුදලිගේ පුත‍්‍රයකු වූ දොන් ජුවන් හෙවත් කොනප්පු බණ්ඩාර දන්තුරේදී කළ මහ සටනකින් පෘතුගීසීන් ද පලවාහැර යමසිංහ බණ්ඩාර පරාජය කරමින් 1595 දී පළමු වැනි විමලධර්මසූරිය ලෙස රජ පැමිණියේය.
සිංහල රාජ්‍යත්වයේ සම්ප‍්‍රදායික උරුමය තහවුරු කරන සංකේතය වූ දන්ත ධාතූන් වහන්සේ කුරුවිට දෙල්ගමුවේ සිට මහනුවරට වැඩමවාගත් විමලධර්මසූරිය රජු දළදා මන්දිරයක්ද සෙංකඩගල රාජධානියේ කැරැවූවේය. විමලධර්මසූරිය රජු 1604 දී මියගියේය, එතැන් පටන් 1815 ශී‍්‍රලංකාව බි‍්‍රතාන්‍යයන්ට නතු වන තුරු අනුක‍්‍රමික රුජවරු හත් දෙනෙක් පාලනයට ආහ,
සෙංකඩගල නුවර පසු කළෙක මහනුවර යන නමින් හැඳින්වෙන්නට විය, අදටත් ඉතිරිව පවත්නා ඓතිහාසික ගොඩනැගිලි සමූහයක් දැකිය හැකිය.
මේ අතරින් දළදා මාළිගාව ප‍්‍රධාන වේ. මෙය මුළින්ම හඳුන්වන ලද්දේ දළදා ගේ නමිනි. පළමුවැනි විමලධර්මසූරිය රජු දෙමහල් පහයක් ලෙස ගොඩනංවනු ලැබූ මේ මන්දිරය දෙවැනි විමලධර්මසූරිය රජු තෙමහල් මන්දිරයක් ලෙස වැඩි දියුණු කර ඇත. වැඩසිටින මාළිගය ලෙස වර්තමානයේ හැඳින්වෙන පැරණි දළදා මැදුරට ඉදිරියෙන් ඇති දෙමහල් ගොඩනැගිල්ල නිර්මාණය කරවන ලද්දේ නරේන්ද්‍රසිංහ රජු විසිනි.
අද ඉතිරිව ඇති මහ වාසල උඩරට අවසන් රජුගේ නිවාසය වූ මන්දිරයයි. එහෙත් අද එහි දක්නට ඇත්තේ කොටසක් පමණි. මහ වාසලෙන් විශාල කොටසක් වරින් වර විනාශ වීය, බි‍්‍රතාන්‍යයන් විසින් එය වරින් වර ප‍්‍රතිසංස්කරණය කරන ලදී. දළදා මාළිගයට වම් පසින් ඇති මහ වාසලේ ප‍්‍රධාන දොරටුව අදට ද පෙර තිබූ ආකරයටම දැකිය හැකි වීම විශේෂත්වයකි.
මහනුවර නගරයේ පිහිටි නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි යන සතර දේවාල, දළදා මාළිගාවත් සමග දීර්ඝ කාලයක් මුළුල්ලේ සම්බන්ධවී පැවැතිණි. එයින් පැරණිතම දේවාලය වූ නාථ දේවාලය ඉදිකර ඇත්තේ කි‍්‍රස්තු වර්ෂ 14 වැනි සියවසේදී පමණ බවට සාධක හමුවී ඇත. එහි ඇති පුරාණ ගෙඩිගේ ඉතිහාසය එතරම් ඈතට දවයයි. මහනුවර නගරයේ ඇති පුරාණතම ගොඩනැගිල්ල වන්නේද එයයි.
දළදා මාළිගාව අබියස ඇති වැවේ අනෙක් පැත්තේ සියම් නිකායට අයත් භික්ෂූන් වහන්සේලාගේ මූලස්ථාන දෙකින් එකක් වන මල්වතු මහා විහාරය පිහිටා තිබේ. සේනා සම්මත වික‍්‍රමබාහු විසින් මෙම විහාරස්ථානය ගොඩනගන ලදී. මහාවංශයේ පැවැසෙන ආකාරයට මල්වතු හා අස්ගිරි විහාරයේ භික්ෂූනගේ ප‍්‍රයෝජනය සඳහා තවත් ආරාම අසූ හයක් ඔහු විසින් තැනැවිණි
මහනුවර නගරයට අලංකාරයක් වූ කිරි සයුර හෙවත් නුවර වැව ලෙස හැඳින්වෙන ජලාශය ගොඩනගන ලද්දේ ශී‍්‍ර වික‍්‍රම රාජසිංහ රජුගේ සමයේදීය. 1807 වර්ෂයේදී එතැන තිබූ කුඹුරක කුඩා පොකුණක් සෑදීම සඳහා හාරද්දී කිරි ඉබ්බෙකු මතුවූ බවත් එය දුටු නැකැත් කරුවන් එතැන ජලාශයක් කරවීම සුදුසු බවත් පැවසූවෙන් රජු ජලාශයක් කරවූ බව වංශකථාවන්හි කියැවේ., ජලාශය මැද රජු විසින් පරිහරණය කළ ගොඩනැගිල්ලක් තිබූ දූපතක් අදටද දැකිය හැකි අතර ජලාශයේ ස්නානය කිරීමට පෙර ඇඳුම් මාරු කිරීමට සෑදූ සුවිසල් උළුපැන්ගේ නැමැති ගොඩනැගිල්ල ද අදටත් ඉතිරිට තිබේ.
යටිනුවර වීදිය ඔස්සේ උතුරු දෙසට ගමන් ගනිද්දී සියම් නිකායේ අනෙක් භික්ෂු මූලස්ථානය වන අස්ගිරි විහාරය හමුවෙයි. මෙය මල්වතු විහාරයටත් වඩා පැරණි විහාරස්ථානයක් යැයි විශ්වාස කරයි, එය පිහිටුවා ඇත්තේ කි‍්‍රස්තු වර්ෂ 1305 ත් 1335 අතර කුරුණෑගල විසූ සිව් වැනි පරාක‍්‍රමබාහු ගේ ඉල්ලීම මත සිරිවර්ධන නැමැති සේනාධිපතියා විසිනැයි කියැවේ.
උඩරට රජුන්ගේ සිරුරු දවාලීම සඳහාත් අනතුරුව භෂ්මාවශේෂ තැන්පත් කිරීම සඳහාත් යොදා ගත් භූමිය වන ආදාහන මළුවද මෙහි පිහිටා ඇත. ශී‍්‍ර වික‍්‍රම රාජසිංහ රජු හැරුණු විට විමලධර්මසූරිය රජු ඇතුළු ඔහුගෙන් පසු රජ පැමිණි සියළුම රජවරුන්ගේ ආදාහන කර ඇත්තේ මෙහිදීය. එම රජවරුන්ගේ සොහොන් කොත් මෙම ස්ථානයේ තිබූ බවත් ඒවා පසු කලෙක සොරුන් විසින් කඩා බිඳ විනාශ කරන ලද බවත් ඉංගී‍්‍රසි ලේඛකයකු වන ෆෝබ්ස් සටහන් කැර ඇත.
පැරණි නගරයෙන් පිටත පිහිටා තිබූ ගංගාරාමයත්, සුදුහුම්පොළ විහාරස්ථානයත්, නිත්තවෙළ විහාරයත් ඓතිහාසික වශයෙන් වැදගත් ස්ථානයන් වෙයි.
දළදා මන්දිරය ඉදිරිපිට පිහිටි විවෘත භූමි භාගය හැඳින්වෙන්නේ මහා මළුව නමිනි. පත්තිරිප්පු ඉදිකරවූ ශී‍්‍ර වික‍්‍රම රාජසිංහ රජු පත්තිරිප්පුවේ සිට මහ මළුවට රැස්වූ ජනතාව ඇමතූ බව ඓතිහාසික වාර්තාවල දැක්වේ. 1815 දී ඉංගී‍්‍රසින් ගේ කතිර කොඩිය වාරියපොළ සුමංගල හිමියන් විසින් බිම හෙළුවේ මේ බිමේදීය. 1818 කැරැල්ල මෙහෙයවූ කැප්පෙටිපොළ විරුවාගේ හිස්කබල දැන් තැන්පත් කර ඇත්තේද මේ ස්ථානයේම වීම විශේෂත්වයකි.
සිංහලයේ අවසන් රාජධානිය වූ සෙංකඩගල හෙවත් මහනුවර ආශි‍්‍රතව තවමත් බොහොමයක් පුරාණ කලා ශිල්ප ආරක්ෂා වී තිබේ. මේ අතරින් ප‍්‍රධාන වන්නේ වාර්ෂික පැවැත්වෙන දළදා පෙරහැර හා ඒ ආශි‍්‍රත වූ සාම්ප‍්‍රදායික චාරිත‍්‍ර වාරිත‍්‍ර සමුදායයි. මෙවන් දුර්ලභ සංස්කෘතික ලක්ෂණ රැසක් සහිත මහනුවර නගරය හා ඒ ආශි‍්‍රත පරිසරය වර්තමාන ලෝක උරුම නගරයක් ලෙස නම් කැර තිබේ.




 පොලොන්නරුව

  නිශ්ෂන්ක රාජ සභ මණ්ඩපය

ශී‍්‍ර ලංකාවේ පැරැණිරාජධානි අතරින් අනුරාධපුරයට පමණක් දෙවැනි වන පොළොන්නරුව ලෝක උරුම නගරයකි.
තීතයේ පුලතිසි පුරවරය ලෙස හඳුන්වා ඇත. පොළොන්නරුවේ නගරයක් නිර්මාණය කරන ලද්දේ කවර කාලයකදී දැයි නිශ්චිත නැත. විජය රජුගේ විජය නම් අමාත්‍ය වරයෙකු විජිතපුර නමින් ගොඩනැගූ පුරවරය බව මතයකි. දුටුගැමුණු රජු මාස හතරක සටනකින් විනාශ කරන ලද එළාර රජුගේ විජිතපුර බළකොටුව පොළොන්නරුව ආසන්නයේ තිබෙන්නට ඇතැයි ද විශ්වාසයකි.
පොළොන්නරුව පිළිබඳ මහාවංශයේ මුළින්ම සඳහන් වන්නේ පළමුවැනි උපතිස්ස රජු කි‍්‍රස්තු වර්ෂ 365 ත් 406 ත් අතර තෝපා වැව බැන්දවූ කතාවයි. කි‍්‍රස්තු වර්ෂ 633 දී තුන්වැනි අග‍්‍රබෝධි රජු විසින් කරවන ලද ආරාමයක්
පිළිබඳ තොරතුරුද සඳහන් වේ. අනුරාධපුර රාජධානිය පැවැති සමයේ ඇතැම් රජවරුන් පොළොන්නරුව සිය වාසය සඳහා තෝරාගත් වංශකථා සාධක වල සඳහන් වේ. ඒ අනුව අනුරාධපුර සමයේදී ද පොළොන්නරුවේ දියුණු නගරයක් ලෙස පවතින්නට ඇත.
පස්වැනි මිහිදු රජු සමයේ සොළීහු මෙරට ආක‍්‍රමණය කොට අනුරාධපුරය රාජධානිය වනසා පොළොන්නරුව සිට රටේ පාලනය ගෙන ගියේය. වර්ෂ 1065 දී සොළීන් පළවාහැර අනුරාධපුරයේදී රාජ්‍ය අභිෂේක ලබන මහා විජයබාහු රජු පොළොන්නරුවට පැමිණ එය අගනුවර කර ගැනීමෙන් පොළොන්නරුවේ සිංහල රාජ වංශය ආරම්භ විය.     
                                                                                                                    වට දාගේ
වර්ෂ 1164 දී පොළොන්නරුවේ රජ පැමිණ 33 වසරක් රාජ්‍ය විචාරනු ලැබූ මහා පරාක‍්‍රමබාහු රජුගේ පාලන සමයේ ශී‍්‍ර ලංකාව සහලින් ස්වයංපෝෂිත කරමින් දැවැන්ත වාරිමාර්ග පද්ධතීන්ද ඉදි කර තිබේ. එකළ රාමඤ්ඤ පුරය, ප`ඩි රට, රාජිනා පුරය ආදී විදෙස් රාජ්‍යයන් කිහිපයක්ද යටත් කරගත් බව මහාවංශයේ සඳහන් වේ. පෙළොන්නරුවේ ඇති නටඹුන් වලින් වැඩි ප‍්‍රමාණයක් මෙම රජතුමා විසින් කරවන ලද ගොඩනැගිළිය.
වර්ෂ 1187 දී රජ පැමිණී නිශ්ශංකමල්ල රජු ලංකාව පුරා විහාරා රාම ප‍්‍රතිසංස්කරණය කරමින් සහ අළුතෙන් කරවමින් සෙල්ලිපි රැසක් පිහිටුවා තිබේ. පොළොන්නරුවේ ඓතිහාසික ගල්පොත නැමැති සෙල්ලිපිය මෙම රජුගේ ලේඛනයකි.
දේශීය රජවරු පහළොස් දෙනෙක් ද ලීලාවතී හා කළ්‍යාණවතී නැමැති රැජිනියන් ද පාලනය ගෙනගිය පොළොන්නරු රාජධානිය කාලිංග මාඝගේ ආක‍්‍රමණයෙන් බිඳවැටේ.                 
                                                                                                                           
නැවත දෙවැනි පරාක‍්‍රමබාහු මාඝ පරාජය කර දඹදෙණිය සිය රාජධානිය කර ගත්තේය. ඔහුගේ රාජාභිෂේකය පවත්වන ලද්දේ පොළොන්නරුවේදීය.
යාපහුවේ රජ පැමිණි තුන්වැනි පරාක‍්‍රමබාහු රජු දළදා වහන්සේද පොළොන්නරුව දළදා මාළිගයේ තැන්පත් කර කි‍්‍රස්තු වර්ෂ 1298 සිට 1303 දක්වා වසර පහක් පොළොන්නරුවට වී රාජ්‍ය පාලනය ගෙන ගියේය. ඔහු පොළොන්නරුවේ අවසන් රජුය.

    පරාක‍්‍රමබාහු පිළිමය 
ඉන් පසු වසර හත්සියයක් පමණ ඝන වනයෙන් වැසී තිබුණු පොළොන්නරු රාජධානිය බි‍්‍රතාන්‍ය සමයේ නැවත හෙළි පෙහෙළි කැරිණි. නව පොළොන්නරු නගරයක් දැන් තිබේ. පොළොන්නරුව දුම්රිය ස්ථානය අසළ කදුරුවෙළ නැමැති ගමේ මෙම නව පොළොන්නරු නගරය පිහිටා ඇත. පැරණි අනුරාධපුරයේ මෙන් පැරණි නගරයේ නටඹුන් මත ගොඩනැගිළි ඉදිවී නැත.
පොළොන්නරුවේ වෛජයන්ත මාළිගය නමින් හැඳින්වූ පරාක‍්‍රමබාහු මාළිගය, නිශ්ශංකමල්ල මාළිගය, පරාක‍්‍රමබාහු රාජ සභා මණ්ඩපය, නිශ්ශංකමල්ල රාජ සභා ගොඩනැගිල්ලත් පොළොන්නරුවේ රාජ්‍ය පාලනයේ ශී‍්‍ර විභූතිය කියාපාන සාධකයෝය.
නගරයෙන් ඈත්ව පිහිටි පොත්ගුල් වෙහෙර ද පොළොන්නරුවේ නටඹුන් අතර සුවිශේෂී වේ. ඒ ආසන්නයේ ඇති පිළිරුව මහා පරාක‍්‍රමබාහු රජුගේ හෝ පුලතිසි නම් සෘෂි වරයාගේයැයි ද මතයක් තිබේ.
ශ්‍රී ලංකාවේ විශාලතම චෛත්‍යය වූ දෙමළ මහා සෑයද පොළොන්නරුවේ පිහිටුවා ඇත. දළදා මාළිගය, පබළු වෙහෙර, රන්කොත් වෙහෙර, මැණික් වෙහෙර ආදී චෛත්‍යයනුත් බද්ධ සීමා ප‍්‍රාසාදය, ලකාතිලකය, ගල් විහාරය, තිවංක පිළිමගෙය, ශිව දේවාලය ආදිය පොළොන්නරුවේ ඇති මාහැගි නිර්මාණයෝය.

                                                          රන්කොත් වෙහෙර
අට දා ගේ, හැට දා ගේ සහ පොළොන්නරුව වටදා ගේ පොළොන්නරු යුගයේ ගෘහ නිර්මාණ ලක්ෂණ විදහා දකවයි. පොළොන්නරුවේ නටඹුන් වූ ගොඩනැගිලි හා කලා නිර්මාණ පරීක්ෂා කිරීමේදී පෙනී යන්නේ ඒවාට හින්දු බලපෑම විශාල වශයෙන් ලැබී ඇති බවයි. මෙම නටඹුන් අතර හොඳින්ම ආරක්ෂා වී ඇත්තේ දැනට දක්නට ඇති පැරණිතම ඉදිකිරීම වීමද විශේෂයකි. එය සොළීන් විසින් ඉදිකරන ලද ශිව දේවාලයයි. සත් මහල් ප‍්‍රාසාදයද පොළොන්නරුවේ ඇති අපූරු නිර්මාණයකි.
මූලික ඉදිකිරීම් නටඹුන් වී ගිය පසු නැවත ප‍්‍රතිසංස්කරණය කිරීම් සහ ඒ මත නැවත නැවත ඉදිකිරීම් දක්නට නොලැඹෙන පොළොන්නරු නගරය ශී‍්‍ර ලංකා ඉතිහාසයේ තවත් ස්වර්ණමය යුගයක මතක සටහනකි.




අනුරාධපුරය


       ජේතවනාරාමය

 ලෝක උරුමයක් වන අනුරාධපුරය ශී‍්‍ර ලංකාවේ දීර්ඝතම රජධානියයි. කි‍්‍රස්තු පූර්ව හතර වැනි සියවසේ පටන් කි‍්‍රස්තු වර්ෂ 11 වැනි සියවස දක්වාම ලංකාවේ ප‍්‍රධාන රාජධානිය විය. විජය රජු සමග ලංකාවට පැමිණි අනුරාධ නැමැති අමාත්‍ය වරයෙකු කදම්බ නදිය හෙවත් මල්වතු ඔය ආසන්නයේ තැනූ අනුරාධ ග‍්‍රාමයේ භද්දකච්චානා කුමරියගේ සොහොයුරු අනුරාධ නැමැති කුමරාද පදිංචි වී ඇත. පසුව රජ පැමිණි පණ්ඩුකාභය රජු එම ග‍්‍රාමය නව නරගයක් ලෙස වැඩිදියුණු කොට අනුරාධපුර රාජධානිය ගොඩනගා තිබේ. නගර ප‍්‍රතිෂ්ඨාපනය අරඹා ඇත්තේද අනුරාධ නැකැතිනි. මේ හේතූ නිසා අනුරාධපුරයට ඒ නම ලැබී ඇතැයි විශ්වාස කැරේ.

ශී‍්‍ර ලංකාවේ උතුරු දිග තැනිතලාවේ මුහුදු මට්ටමින් අඩි 295 ක් පමණ උසින් අනුරාධපුරය පිහිටා ඇත. අද උතුරු මැද පළාතේ අග නගරයයි. අනුරාධපුර රාජධානිය බිඳවැටි සිංහල රාජධානිය වෙනත් ප‍්‍රදේශ කරා යද්දී අනුරාධපුරය වනයෙන් වැසී ගියේය. නැවත බි‍්‍රතාන්‍ය පාලන සමයේදී 1874 දී පමණ එළිපෙහෙළි විය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් අනුරාධපුරයේ කැණීම් සිදු කොට නටඹුන් වූ රාජධානිය මතු කරගත් අතර මධ්‍යම සංස්කෘතික අරමුදලේ සංස්කෘතික ති‍්‍රකෝණ වැඩසටහන යටතේ තවමත් අනුරාධපුර සංරක්ෂණ කටයුතු සිදුවේ.
පැරණි නගරය හා නව නගරය යනුවෙන් කොටස් දෙකකි. පැරණි නගරයෙන් පදිංච් ස්ථාන හා වෙළඳ ව්‍යාපාර හැකිතාක් ඉවත් කොට නව නගරයට ගෙනැවිත් ඇත.
                                                                                                               අභයගිරිය
පැරණි නගරය වර්ග සැතැපුම් නමයක් පමණ ප‍්‍රදේශයක් පුරා පැතිර පවතී. එහි ඇතුළු නුවර හා පිට නුවර යනුවෙන් හැඳින්වෙන කොටස් දෙකකි. ඇතුළු නුවර හා පිට නුවර ඉතා විශාල ප‍්‍රාකාරයකින් එකිනෙක වෙන්වේ. කි‍්‍රස්තු පූර්ව 42 සිට 20 දක්වා රජ කළ කුටකණ්ණතිස්ස රජ සමයේ නගරය වටා දිය අගලක් තැනවූ බවත් වසභ රජතුමා නගරයේ ප‍්‍රාකාරය දහ අට රියන් උස්ව බැන්දවූ බවත් මහාවංශයේ සඳහන් වේ.
නගරය ගොඩනැගීම පිළිබඳ විස්තර මහාවංශයේ දැක්වේ. ඒ අනුව විවිධ කුල වලට අයත් ජනතාව හා විදේශීය වෙළෙඳුන් සඳහාද වෙන වෙනම ගොඩනැගිලි තිබී ඇත. මෑතදී සිදුකරන ලද පුරාවිද්‍යාත්මක කැණීම් වලින් අනුරාධපුර රාජධානිය විදේශයන් සමග විශාල වශයෙන් සබඳතා පැවැත්වූ බව තහවුරු වී ඇත.
                               ශ්‍රී මහා බෝධිය
අක්කර 250 ක පමණ භූමි භාගයකින් යුතු අනුරාධපුර ඇතුළු නුවර ප‍්‍රධාන ගොඩනැගිලි කිහිපයකි. ඒවා අතර රජ මැදුරත්, දළදා මන්දිරයත්, මහාපාලි දාන ශාලාවත් ප‍්‍රධාන වේ. පිට නුවර ප‍්‍රධාන වශයෙන් විහාරා‍රාම හා වෙනත් ගොඩනැගිලි රාශියක් දක්ට ලැබේ. ගොඩනැගිලි විශාල සංඛ්‍යාවක් හඳුනාගෙන ඇත.
දේවානම්පියතිස්ස රාජ සමයේ ලක්දිවට බුදු දහම පැමිණීමත් සමග කලා ශිල්ප පිළිබඳ මහත් උද්යෝගයක් ඇතිවිය. අනුරාධපුරයේ ගොඩනැගූ මුල්ම චෛත්‍යය වන්නේ ථූපාරාමයයි. එතැන් පටන් වෙහෙර විහාර විශාල ප‍්‍රමාණයක් වරින් වර රජ පැමිණි

 නරපතීන් විසින් අනුරාධපුරයේ ඉදිකර තිබේ. දුටුගැමුණු රජු කි‍්‍රස්තු පූර්ව 161 ත් 137 ත් අතර ඉදිකළ මිරිසවැටිය හා රුවන්මැලි සෑය සුවිසල් දාගැබ් ඉදිකිරිමේ මූලාරම්භයයි. පසු කළෙක වළගම්භා රජු අභයගිරියත් මහසෙන් රජු ජේතවනාරමයත් ඉදිකළහ. තිබේ. ශී‍්‍ර ලංකාවේ විශාලතම චෛත්‍ය තුන රුවන්මැලිසෑය, අභයගිරිය හා ජේතවනරාමයයි
                                                                                                                             ථුපාරාමය
අනුරාධපුරයට යන බොහෝ දෙනෙකුගේ අපේක්ෂාව වන්නේ අටමස්ථාන වන්දනා කිරීමයි. කලින් කල අටමස්ථාන ලෙස හැඳින්වූ ස්ථාන වෙනස් වුවද ශී‍්‍ර මහා බෝධිය, ලෝවාමහාපාය, රුවන්වැලි සෑය, අභයගිරිය, ථූපාරාමය, ජේතවනාරාමය, ලංකාරාමය සහ මිරිසවැටිය අටමස්ථාන ලෙස සළකණු ලැබේ.
අනුරාධපුරයේ දැවැන්ත වාරිමාර්ග ක‍්‍රමයක්ද දැකිය හැකියි. ඉන් පළමුවැන්න වන්න් පණ්ඩුකාභය රජතුමා විසින් කරන ලද අභයවාපී නැමැති වැවයි. අද එය බසවන්කුලම ලෙස හැඳින්වේ. තිසා වැව, නුවර වැව ආදී වාරිකර්මානත කරමින් අනුරපුර රජ දරුවෝ ලක් පොළොව අස්වැද්‍දූහ.
සවිමත් පාලම් ද සහිතව ඉතාමත් විධිමත් මාර්ග පද්ධතියක්ද අනුරාධපුර පැරණි නගරයේ දැකිය හැක. එමෙන්ම විහාරාරාම, බුදු මැදුරු අදී ගොඩනැගිලිවල දැකිය හැකි විවිධ කලා නිර්මාණ හෙළ කලා කරුවාගේ නිර්මාණත්මක හැකියාව මනාව පිළිබිඹු කරයි. සඳකඩපහණ, මුරගල, කොරවක් ගල ආදිය එවැනි විශිෂ්ට නිර්මාණයන්ය.
අතීත අනුරාධපුරය ලොව තිබූ ඉතාමත් දර්ශනීය නගරයක් බව විද්වතුන්ගේ පිළිගැනීමයි. අලංකාර උයන් වතු සුවිසල් මහල් ප‍්‍රාසාදයන්ගෙනුත් විසල් දාගැබ් වලිනුත් සාගර පරදන මහ වැව් වලිනුත් සමන්විත අනුරාපුර නගරය වරින් වර සතුරු ආක‍්‍රමණයන් හේතුවෙන් විනාශ වී ගියේය.

                                 කුටිටමිපොකුණ

පණ්ඩුකාභය රජුගෙන් ආරම්භ වී දේශීය රජවරු 109 දෙනෙකු විසින් පාලනය කරන ලද අනුරාධපුර රාජධානිය කි‍්‍රස්තු වර්ෂය 1017 දී සොළී ආක‍්‍රමණයෙන් පසු බිඳ වැටුණි. සොළීහු පොළොන්නරුවේ සිට රටේ පාලනය ගෙන ගියහ. අනුරාධපුරයේ අවසන් පාලකයා වූයේ පස්වැනි මිහිදු රජුය. සොළීන් පළවා හළ පළමුවැනි විජයබාහු රජු අනුරාධපුරයේ මාළිගාවක් තනවා එහි සිය රාජභිෂේකය පැවැත්වූවද ඔහු පොළොන්නරුව තම රාජධානිය කර ගතතේය. විජයබාහු, මහා පරාක‍්‍රමබාහු සහ නිශ්ශංකමල්ල වැනි රජවරු වරින් වර අනුරාධපුරය ප‍්‍රතිසංස්කරණ කටයුතු සිදු කළද එය ක‍්‍රමයෙන් වනගතවී ගියේය. කි‍්‍රස්තු වර්ෂ 1448 අපේ‍්‍රල් 10 වැනිදා හයවැනි පරාක‍්‍රමබාහු රජුගේ චන්ද්‍රවති කුමරිය අනුරාධපුරයේදී උලකුඩය දේවී නමින් අභිෂේක කොට සුන්දර පාණ්ඩ්‍ය නම් කුමරුවකුට සරණපාවා දීම අනුරාධපුරයේ සිදුකරන ලද අවසන් රාජකීය උත්සවයයි.
නැවත 1873 දී අනුරාධපුර කච්චේරිය පිහිටුවා රජයේ ඒජන්ත වරයෙකු පත්කිරීමෙන් පසු අනුරාධපුර පැරණි නගරය එළි පෙහෙළි කොට පුරාණ ගොඩනැගිලි පිළිබඳ පර්යේෂණ ආරම්භ කැරිණි .
 

දඹුල්ල


 අවලෝකිතේශ්වර බෝධිසත්ත්ව පිළිරුව


රන්ගිරි දඹුල්ල ලෙන් විහාරය ලෝක උරුමයකි. මුහුදු මට්ටමේ සිට අඩි 1118 ක් උසින් පිහිටා ඇති මෙම ලෙන් විහාර සංකීර්ණය ශී‍්‍ර ලංකාවේ විශාලතම ලෙන් විහාරය ද වෙයි. කි‍්‍රස්තු පූර්ව 104 - 76 අතර කාලයේ ශී‍්‍ර ලංකාවේ රජකළ වළගම්බා රජු විසින් කරවන ලදැයි සැළැකේ .
ප‍්‍රාග් ඓතිහාසික යුගයේ මානව සාධක රැසක් ද හමුවන මෙම විහාර භූමියේ දැකිය හැකි ශිලා ලේඛන රැසකි. අනුරාධපුර යුගයේ මුල් අවධියේ මූල බ‍්‍රාහ්මීය අක්ෂර වල සිට මහනුවර යුගය දක්වා වූ එම ශිලා ලේඛණ වලින් විහාරයේ ප‍්‍රතිසංස්කරණ කටයුතු සහ විහාරයට කරන ලද පූජා ආදිය පිළිබඳ සඳහන්වේ.
ඓතිහාසික සාධක අනුව මෙම සුවිසල් ලෙන් ප‍්‍රතිසංස්කරණය පොළොන්නරුවේ රජ කළ නිශ්ශංකමල්ල රජු (කි‍්‍රස්තු වර්ෂ 1198 - 1206) පිළිමවල රන් ආලේප කැර ඇත. ඒ නිසාම දඹුල්ල ලෙස හැඳින්වීමට පටන්ගත් බව පුරාවෘත්ත වල දැක්වේ. මහනුවර රජ පැමිණි සෙනරත් රජු (කි‍්‍රස්තු වර්ෂ 1604 - 1633)  සහ කීර්ති ශී‍්‍ර රාජසිංහ රජු (කි‍්‍රස්තු වර්ෂ 1746 -1778) මෙම විහාර සංකීර්ණය ප‍්‍රතිසංස්කරණය කැර තිබේ.
විශාල පර්වතයෙන් සෑදුණුු ලෙන් විහාර පහක් දැකිය හැකි මෙහි විශේෂත්වය වන්නේ පොළොන්නරු යුගයේ පටන් කොළඹ යුගය දක්වා සෑම කාල වකවානුවකම ලක්ෂණ සහිත බිතු සිතුවම් දැකිය හැකි වීමයි. එමෙන්ම ශිලාමය, දැවමය, මෙන්ම මැටියෙන් හා බදාම මිශ‍්‍රණයකින් තනන ලද පිළිම රැසක් ද දැකිය හැකිය. 
                                                                                                                          සෙල්ලිපියක්

මෙම විහාරයට ඇතුළුවන විට හමුවන ප‍්‍රථම ගුහාව හඳුන්වන්නේ දේවදාර විහාරය නමිනි. එය ඇතුලත මීටර14 ක් දිගින් යුතු විශාල ශෛලමය සැතපෙන පිළිමයකි. ඒ අසල ඇති ආනන්ද හිමියන්ගේ යැයි සැළකෙන පිළමය හා විෂ්ණු දෙවියන් සහ සුමන සමන් දෙවියන්ගේ යැයි සැළකෙන පිළිමද විශිෂ්ට නිර්මාණයෝය.
විහාර සංකීර්ණයේ දෙවැනි ගුහාව විශාලතම ලෙනයි. එය මහාරාජා විහාරය ලෙස හැඳින්වේ. එහි හිටි පිළිම 16 ක් සහ හිදි පිළිම 40 ක් නිර්මාණය කැර තිබේ. ඒ සමග විෂ්ණු හා සුමන සමන් දේව පිළිම ද නිර්මාණය කැර ඇති අතර මධ්‍යයේ කුඩා දාගැබක් තිබේ. මෙයට අමතරව ගල් පර්වතයෙන් වෑස්සෙන කුඩා දිය බිඳුවක් වැටෙන්නට තැබූ විශාල පාත්තරයකි. එම ජල බිංදුව කිසිදු නියගයකදී නොසිදෙන බව ද පැවැසේ.                 

         ශ්‍රී වික්‍රම රාජසිංහ ප්‍රතිමාව                                                                          
                                                                                             එළාර දුටුගැමුණු යුද්ධය දැක්වෙන සිතුවමක්ද ඇත. මුළු පර්වත බිත්තියේ සහ පර්වත මහලේ විවිධාකාර සිතුවම් වලින් පිරී ඇති අතර එළාර දුටුගැමුණු යුද්ධය දැක්වෙන සිතුවම ඒ අතරින් සුවිශේෂී වේ. ආගමික නොවන සිදුවීමකට අදාල සිතුවම් විහාර මන්දිර වල දැකිය හැක්කේ ඉතා අල්ප වශයෙන් බැවින් පර්යේෂකයෝ මෙම සිතුවම ගැන වැඩි අවධානයක් යොමු කරති.
රන්ගිරි දඹුලූ විහාරයේ තුන්වැනි ගුහාව අලූත් විහාරය නමින් හැඳින්වේ. කීර්ති ශී‍්‍ර රාජසිංහ රජ සමයේ අදින ලදැයි පැවැසෙන චිත‍්‍ර රැසක් දැකිය හැකියි. මෙම ගුහාවේ ප‍්‍රධාන පිළිමයට අමතරව තවත් කුඩා පිළිම 50 කි. කීර්ති ශී‍්‍ර රාජසිංහ රජුගේ පිළිරුවක්ද එහි තනා තිබේ. හතරවැනි සහ පස්වැනි ගුහා ඉතා කුඩා වුවද පිළිම සහිත ඒ ගුහා දෙකද සිතුවමින් අලංකාර කැර ඇත.
විශාල ප‍්‍රමාණයේ හිඳි පිළිමයක් පැරණි ලෙන් විහාර සංකීර්ණයට ඉදිරියෙන් ඉදිකර තිබේ.
දඹුලූ පර්වතය සොබාදහමෙ මහගු නිර්මාණයකි සීගිරිය හා රිටිගල ඇතුළුව තෙරක් නොපෙනන මහා තැනිතලාව දඹුලූ ගලට දර්ශනය වන සොඳුරු දසුන් සමූහයයි.

1 comment: