කවි පිටුව



ඹබගේ කවි සංකල්පනා nilangabmv@gmail.com වෙත එවීමට කාරුණික වන්න.
ගබිසාව

අනේ අම්මෙ මටත් දෙන්න..

ලෝකයේ ලස්‌සන බලන්න..
මාස දෙකයි තවමත් මට...
අනේ එපා මා මරන්න..
ඔය දෙන්නගෙ රහස්‌ කතා..
මගෙ හදවත සිදුරු කලා...
මාව මරන්නට කියලා..
තාත්තා මගේ රන්ඩු කලා...
ඔයා අඩන විට හිමිහිට...
මටත් ඇඩේනවා නොදැනිම..
ඔයා අම්මෙ මොන වගේද...
ආසයි මට බලා ගන්න...
කොහෙ ඉදලද මු ආවේ...
තාත්තා කියනවා ඇසුනා...
මොනවා කලත් එයා මගේ..
තාත්තානේ... මට සිතුනා...
දොස්‌තර මාමා කීවත්...
''අනේ ඕක මහා වැඩක්‌ද?''......
අනේ අම්මෙ තව සිතන්න..
තාත්තාට කියලා දෙන්න....
කල පින් මගේ මදි හින්දද.......
මට ඔය ලෝකය දකින්න.....
ආයෙත් මට පින් කරන්න....
ඔය ලෝකෙන් ඉඩක්‌ දෙන්න....
කල පින් මගේ ඇති වේවා...
මම ලෝකේට බිහි වේවා.....
ඔය දෙන්නම බුදු වේවා......
මගේ ලෝකය මගේ වේවා....
                                           (උපුටා ගැනීම ලංකාදීප- අදහස් ගයාන්) 


රණ බිම යුධ වදිව විරුවනේ
ගිනි අවි අතට ගෙන.......
රන බිමට ගිය දිනේ
නුඹ සිතට බියක්.........
නොදැනුනද සොයුරනේ........
තල් වැටේ මායිමේ.....
ඇසෙන්නේ වෙඩි හඩයි....
නුඹේ සිතය බිය නැද්ද.......
දයාබර විරුවනේ.............

අමිමාගේ තරුල්ලේ......
ගෙවු පුංවි කාලයේ........
තරුණයෙකු වෙලා දැන්.......
ජීවිතය කැප කලේ........
රත්තරං රණ බිමේ....
දයාබර විරුවනේ.....

නුඹ පැතූ සාමයයි........
සුදු පරවියන් දැන්.
ඉගිලේවි හෙට දිනේ.
අහිංසක නූඹ සිතට........
රන් පැතුමි ඉටුවෙන්න....
                                   
http://toursjaffna.blogspot.com/

No comments:

Post a Comment