ලංකාවේ රාජධානි

යාපනය රාජධානිය

 (ක්‍රි.ව. 1215 – 1619) ආර්ය චක්‍රවර්ති රාජ්‍ය ලෙසද හදුන්වයි. වර්ථමාන ශ්‍රී ලංකාවේ උතුරේ තිබුණු එය ඉන්දියාවේ කාලිංග දේශයෙන් පැමිනි මාඝගේ ආක්‍රමණයෙන් පසුව පැවත එන්නේය. ඉන්පසුව 1250 දී ප්‍රවේණි ගත රාජ්‍යයක් විය. පසු කළේක පාණ්ඩ්‍යය අධිරාජ්‍යය කැබලි වු පසු ස්වාධීන රාජ්‍යයක් බවට පත්විය. අනෙකුත් ප්‍රාදේශීය රාජ්‍ය යටත්ව සිටියදී මෙම රාජ්‍ය 14 වන සියවසේ මුල සිට මැද භාගය දක්වා ශ්‍රී ලංකාවේ නැගි එන බලවතෙක් වී සිටියේය. කෙසේ නමුදු 1450 දී තරගකාරී කොට්ටේ රාජධානියට යටත් විය.
1467 දී එය නැවතත් නිදහස් විය. ඉන්පසු බලයට පත් වු පාලකයන් මුතු, ඇතුන්, වෙළදාම මෙන්ම ඉඩම් වල ආදායම් උපරිම තත්ත්වයකට ගෙන ඒමට කටයුතු කරමින් ආර්ථික තත්ත්වය තහවුරු කරගැනීමට කටයුතු කළහ. එකල ශ්‍රී ලංකාව තුල තිබුණු අනිත් රාජ්‍යයන් සමග සසදන විට ඉතා අඩුවෙන් වැඩවසම් ක්‍රමය ක්‍රියාත්මක වුයේ මෙම රාජ්‍යය තුළයි. මෙම කාලය තුල ප්‍රාදේශිය වශයෙන් දෙමළ සාහිත්‍යයක් බිහිවුනු අතර භාෂා සංවර්ධන ආයතනයක් ද ඇතුලුව හින්දු කොවිල් ද ගොඩ නැගුණි.
1505 දී පෘතුගිසීන් ශ්‍රී ලංකාවට පැමැණියහ. අභ්‍යන්තර සිංහල රාජ්‍යයන් දකුණු ඉන්දියාව හා සම්බන්ධ වුයේ පොක් සමුද්‍ර සන්දිය හරහාය. පොක් සමුද්‍ර සන්දිය යුද්ධ උපාය මාර්ගික වශයෙන් ඉතා වැදගත් ස්ථානයකි. ඒ තුල ලංකාව පිහිටා තිබීමෙන් දේශපාලනික අර්බුදයක් නිර්මාණය විය. බොහෝ රජවරු එකිනෙකා හා ගැටුණු අතර අවසානයේ පෘතුගිසීන් සමග සමාදානයෙන් කටයුතු කළහ. 1617 දී යාපනය රාජ්‍යයට උරුම කරුවෙකු නොවු 11 සංගිලි පෘතුගිසීන් හා ගැටුනේය. සංගිලි පරාජය විය. එයින් පසු එතෙක් එහි පැවති ස්වාධීනත්වය 1619 දී නිමාවට පත්විය.
-----------------------------------------------------------------------------------

මුල්කාල පරිච්ජේදය

රාජ්‍යයේ ආරම්භය පිලිබදව ආරංචි නැත. ඒ පිලිබද ඉතිහාසඥයින් අතර තාමත් වාද විවාද පවතී. පැරණි සිංහල රජ සමයේ උත්තර දේශයේ (ශ්‍රී ලංකාවේ උතුරු පෙදෙස්) ස්වාධීන රාජ්‍යයක් පැවතුණ බව සමහර ඉතිහාසඥයන් විශ්වාස කරති. ප්‍රධාන ප්‍රවාහයේ ඉතිහාසඥයින් අතරින් කේ.එම්. ඩි. සිල්වා සහ කාර්තියෙසු ඉන්ද්‍රපාල වැන්නවුන් ප්‍රධාන වශයෙන් පිලිගන්න කරුන නම් ආර්යචක්‍රවර්ති රාජ්‍ය ආරම්භ වුයේ මාඝ නැමති ආක්‍රමනිකයාගෙන් පසුව බවයි. මාඝ වර්තමාන ඉන්දියාවේ කාලිංග නම් ප්‍රදේශයෙන් පැමිණි අයෙකි. ඔහු එකල රජු වශයෙන් සිටි පරාක්‍රම පණ්ඩු රජු පහකොට ඔහුගේ සහචර සොල්දාදුවන් සහ කොල්ල කරුවන් සමග විනාශ කිරීම් මාලාවක් ආරම්භ කළහ. (මොවුහු වර්ථමාන ඉන්දියාවේ කේරළ සහ දමිළ ප්‍රදේශ වු කාලිංගයෙන් පැමිනි අයයි.)
1250 දී පමණ පාණ්ඩ්‍ය කප්පම් ගෙවු ප්‍රදේශ - පසුව ශ්‍රී ලංකාවේ යාපනය රාජධානිය යටතේ වු ප්‍රදේශය ඇතුලය.
රජරට විනාශ කිරීමෙන් පසුව ඔහු තම අගනුවර යාපනයට ගෙන ගියේය. අනතුරුව ඉන්දියාවේ වර්ථමාන තමිල් නාඩුවේ ‘තන්ජේර්’ චෝල අධිරාජ්‍යයට කප්පම් ගෙවු යටත් රාජ්‍යයක් ලෙස තම රාජ්‍යය පත්වා ගෙන ගියේය. මෙම කාලයේදී (1247) මැලේ ජාතික අධිපතියෙකු මෙන්ම මුහුදු කොල්ලකරුවෙකු වු චන්ද්‍රබාහු නැමැත්තෙක් තාමු ලිංගයෙන් පැමිණ දේශපාලන වශයෙන් කැබලි වී තිබු දිවයින ආක්‍රමණය කළේය. දඹදෙණියේ 11 පරාක්‍රම බාහු රජුට (1236 – 70) මෙම ආක්‍රමණය ව්‍යවර්ථ කෙරීමට හැකි වුවද චන්ද්‍රභානු යාපනයට ගෙ‍‍ාස් (1255 දී පමණ) මාඝ ගෙන් කිරුළ ආරක්ෂා කර ගත්තේය. මෙම සිද්දිය දකුණු ඉන්දියාවේ පණ්ඩ්‍ය අධිරාජ්‍යයට මැදිහත් වීමට කරුණක් වු අතර චන්ද්‍රභානු 1258 දී පාණ්ඩ්‍යය අධිරාජ්‍යයට යටත් විය. දෙවැනි වරට දකුණු ප්‍රදේශය ආක්‍රමනය කිරීමට චන්ද්‍රභානු නැව් නැගුණු නමුදු එම අවසුථාවේදී පාණ්ඩ්‍යයන් නැවත වරක් සිංහල රජුගේ ආරක්ෂාව පිණිස පැමිණියහ. ඔව්හු 1262 දී චන්ද්‍රභානු මරා එම ආක්‍රමණ නිසා පාණ්ඩ්‍ය දුර්වල වු විට ආර්ය චක්රවර්තිගෙන් පසු බිහි වු රජවරු යාපනය ස්වාධීන රාජ්‍යයක් කරගත් අතර ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය බලවෙතකු බවටද පත් විය. ඉන්පසු යාපනයේ රජුන් වු සියලු රජවරු කාලිංඝ මාඝ වශයෙන් හදුනාගෙන ඇති කුලින් ‍ෙගයි චක්‍රවරිති නැමැත්තා‍ෙග් පැවත එන අය බව ඔවුන්ගේ පරම්පරා නම් ගැන ලේඛණ පවත්වා ගෙන යන ස්වාමි ඥාණප්‍රකාශණ සහ මුදලියාර් රාසනායගම් කියා සිටිති.

රජ පෙළපත විරුදාවලී කීපයකට හිමිකම් කීවේය. ඒවා නම්
  1. සේතුකාවලන් - (තේරුම - රාමේශ්වරම් කෝවිලේ ආරක්ෂක භාරකාර )
  2. සින්ගයි අරියන් - (සින්ගයි නගර් නමැති නගරයෙන් නල්ලුර් අගනුවරට වෙනත් යමකි.)
  3. ගංගෙයි නාදන් - (ගංගා පෙළපත හෝ ගංගා නම් නදී ආශ්‍රිත ප්‍රදේශයේ සමුබවය වු බවට)
යනාදී ඒවා වේ. දේශපාලනමය වශයෙන් මෙය 13,14 ශත වර්ෂ වලදී කප්පම් ගෙවු ප්‍රදේශයේ රාජ්‍යයන් කීපයක් සහිත ව්‍යාප්ත බලයෙන් යුත් එකක් විය. කෙසේ වෙතත් එය දකුණු ඉන්දීයාවේ විජය නගර් අධිරාජ්‍යය සහ කොට්ටේ රාජ්‍යය සමග එක පිට ගැටුම් ඇති කර ගත්තේය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් විජය නගර් අධිරාජ්‍යයට මෙන්ම 1450 – 1467 දක්වා කාලය තුල කෝට්ටේ රාජ්‍යයටද යටත් දාසයෙකු ලෙස කටයුතු කිරීමට එම රාජ්‍යයට සිදු විය. කෝට්ටේ රාජ්‍යය සහ විජය නගර් අධිරාජ්‍යයේ බලය පිරිහීමෙන් පසු මෙම රාජ්‍යය නැවතත් ප්‍රතිෂ්ඨාපනය විය. එය දකුණු ඉන්දියාවේ තර්ජෝන් රාජ්‍ය සමගද මහනුවර රාජ්‍යය සහ කොට්ටේ රාජ්‍යයෙන් බෙදුණු කොටස් සමගද සමීප සබදතා ගොඩ නගා ගත්තේය. මෙම කාලය තුල හින්දු කෝවිල් තැනුනු අතර දෙමළ සහ සංස්කෘත සාහිත්‍යයෙන්ද පිබිදීමක් ඇතිවිය.
-----------------------------------------------------------------------------------

යටත් විජිත යුගය

1505 දී පෘතුගිසින් ලංකාවට පැමිණියහ. ඒ වන විට අධික ලාභ උපදවන ව්‍යාපාරයක් වු කුලුබඩු වෙලදාම පිලිබද ඒකාධිකාරය කෝට්ටේ රාජධානිය සතුව තිබුණු අතර පෘතුගිසින්ගේ පරමාර්ථය වුයේ එම අධිකාරය ඔවුන් සතුකර ගැනීමයි. එහෙයින් පෘතුගිසින්ගේ මුල්ම ආක්‍රමණ කොට්ටේ රාජධානියට එරෙහිව සිදුවිය. කොළඹ සිටි පෘතුගිසින්ගේ අවානය ය‍ාපනය දෙසටද යොමු විය. එයට හේතු කිහිපයක් රෝමන් කතෝලික මිෂනාරි ක්‍රියාකාරකම් වලට මැදිහත් වීම එකක් (මෙය පෘතුගිසින්ගේ අභිප්‍රායන්ගෙන් එකකි) පෘතුගිසි විරෝධි කොට්ටේ රාජධානියේ සිටි සිතාවක ප්‍රධානින්ට උදවු කිරීම අනෙක් කරුණයි.
කිසිදු වරායක් නොමැති මධ්‍ය කදුකරයේ පිහිටි කන්ද උඩරට රාජ්‍ය සේවා‍සහ භාණ්ඩ සපයන ස්ථානයක් ලෙස යාපනය රාජධානිය ක්‍රියාත්මක වූ අතර දකුණු ඉන්දියාවෙන් ලැබෙන යුද්ධ ආධාර ලබාගැනීමේ මධ්‍යස්ථානයක් ලෙසද ක්‍රියාත්මක විය. තවත් කාරණයක් නම් යුද්ධ උපාය මාර්ග වශයෙන් යාපනයේ වැදත්කම හේතු කොට ගෙන යාපනය රාජධානිය ලන්දේසි ආක්‍රමණ හමුදාවකට සුරක්ෂිත ස්ථානයක් විය හැකියයි යන බියක්ද තිබුණි. 1 වැනි සංකිලි රජු පෘතුගිසීන්ට පක්ෂව කටයුතු නොකළ අතර මන්නාරම් දුපතේ සිටි ‘පරවා කතෝලික’ පිරිස 600 – 700 ක් දෙනා ද සමුල ඝාතනය කළේය. මෙම කතෝලික පිරිස ඉන්දියාවෙන් මන්නාරමට ගෙන්වන ලද්දේ ඉතා ලාභ දායක ව්‍යාපාරයක් වු මුතු කිමිදීමේ කටයුතු යාපනයේ රජවරුන්ගෙන් අත්පත් කර ගැනීමටයි.


විසුරේ දොම් කොන්ස්තන්තිනෝද බ්රුගන්සාගේ නායකත්වයෙන් 1560 දී කළ පළමු යුද්ධ චාරිකාවේදි රාජ්‍ය යටපත් කර ගැනීමට අපොහොසත් වු නමුදු මන්නාරම් දුපත උදුරා ගන්නා ලදී. සිද්ධිය පිලිබද විස්තර අපහැදිලි නමුත් 1582 වන විට යාපනයේ රජු ඇතුන් 10 දෙනකු හෝ ඒ වටිනාකමට සමා‍න මුදලක් කප්පම් වශයෙන් ගෙවමින් සිටියේය. අන්ද්‍රේ ෆමාර්ඩෝද මෙන්ඩොන්සාගේ නායකත්වයෙන් 1591 දී කළ දෙවැනි යුද්ධ චාරිකාවේදි පුවිරාස සිංහම් රජ තනතුරෙහි පිහිටු වන ලදී. ඔහුගේ පුත‍ා වු එදිරිමාන්න කතෝලික මිෂනාරි වරුන් ඔවුන්ගේ කටයුතු කරගෙන යාමට නිදහස ලැබුණු අතර රජු විරුද්ද වුවත් නැතත් පෘතුගාලයට ඇතුන් යැවීමේ ඒකාධිකාරයද ලැබුණි. ඔහු 1 වෙනි විමළධර්ම සුරිය සහ සෙනරත් රජුන් යටතේ වු මහනුවර රාජ්‍යයට (1593 – 1635 කාලය තුල) උදවු කළේ පෘතුගිසින්ට එරෙහිව කටයුතු කිරීමට දකුණු ඉන්දියාවෙන් උදව් ලබා ගැනීමේ අදහස ඇතිවයි. කෙසේ වෙතත් ඔහු පෘතුගිසින් ඕනෑවට වඩා කුපිත කිරීමකින් තොරව රාජ්‍යයේ ස්වාධීනව තබාගැනීමට කටයුතු කළේය.
-----------------------------------------------------------------------------------
රාජ්‍යයේ අවසානය
 Statue of King Cankilil 1617 දී සිදුවු පරරාජසේකරම්ගේ මරණයෙන් පසු ඔහු විසින් රජකමට නම් කල තැනැත්තා මරාදමා අනියමින් රාජ්‍ය බලය ලබා ගත්තේ 11 වැනි සංකිලිය. ඔහුගේ රාජ්‍යත්වය පෘතුගිසීන් පිලි නොගත් බැවින් 11 සංකිලි තන්ජෝර් නායක් වෙතින් යුධ ආධාර ඉල්ලා සිටියේය. තවද මලබාර්ගි මුහුදු කොල්ල කරුවන්ට නෙදුන්තිවු හි කදවුරක් පාවිච්චි කිරීමට අවසර දුන්නේය . පෝක් සමුද්‍ර සන්දිය හරහා පෘතුගිසින්ගේ නැව් ගමනා ගමනයට එය තර්ජනයක් විය. 1619 චලබාර් හි මුහුදු කොල්ලකරුවන් විසින් ව්‍යවර්ථ කරන ලදී. පිලිප් ද ඔලිවේජා විසින් කළ දෙවැනි ආක්‍රමණයට 5000 ක් වු බලසම්පන්න හමුදාවක් සහභාගි වුහ. ඔහු 11 වැනි සංකිල පරාජය කලේය. සංකිල සහ ඒ වන විට ඉතිරිව සිටි රාජකීය පවුලේ අනෙකුත් සාමාජිකයන් අල්ලා ගනු ලැබ ගෝවට ගෙන ගොස් එහිදි එල්ලා මරණු ලැබුහ. අල්ලා ගත් ඉතිරි පිරිසට දේවගැති වරු වීමට බල කරන ලදී. බොහෝ දෙනා ඊට එකග වුහ. මේ නිසා යාපනය රාජ්‍යයට තවදුරටත් උරුමක් කාරයෙකු ඉතිරි නොවීය.
-----------------------------------------------------------------------------------

 පුතිඵලය

ඉතිරි අවුරුදු 40 පුරා පෘතුගිසි පාලනයට එරෙහිව කැලරි 3 ක් ඇතිවිය. මෙයින් දෙකක් මෙහෙය වන ලද්දේ මිගහපුල්ලේ අරෙච්චි විසිනි. අනික යාපනයේ කොටුව ලන්දේසින් විසින් අල්ලා ගන්නා තෙක් උඩරට 1 සෙනරත් රජු විසිනි. මෙම කාලය තුල පෘතුගිසිහු විසින් සෑම කොවිලක්ම පාහේ විනාශ කරන ලදහ. යානය රාජධානියේ තිබුණු ශාස්ත්‍රීය පොත් පත් පිලිබද භාණ්ඩාගාරයක් වැනි වු සරස්වතී මහල් පුස්ථකාලයද විනාශ කළහ. අධික බදු පැනවීම නිසා මහජනයා බොහෝ දෙනෙක් ඉන්දියාවේ රාමනාදන් පුරය වෙතද දකුණු වන්නි ප්‍රදේශයටද සංක්‍රමණය වුහ. ජනගහනය අඩු විය. විදේශ වෙළද කටයුතු අඩපණ විය. ඉන්දියාවේ රාජ්‍යයන් කීපයක් සමග වෙස් ලුණු ලබා ගෙන ලස්බන් වෙත යැවීම පිනිස යාපනයේ ප්‍රධාන අපනයනය වු අලි ඇතුන් හුවමාරු කරගන්නා ලදී. වෙළද කටයුතු පහත වැටීම නිසා අත්‍යවශ්‍ය ආනයනයන් සදහා ගෙවීම් අසිරු වු හෙයින් ආනයන කටයුතු නතර කෙරිනි. පෘතුගිසි ඉතිහාසඥයකු වු ෆර්නාඩ් ද ක්වේරෝස් කියන්නේ පෘතුගිසි යටත් විජිත පාලන සමය තුල යාපනයේ ජනතාව අන්ත අසරණ භාවයට පත්වු බවයි.
යාපනයේ රජ පවුලේ නැති කිරීමට (රාජ්‍යයට උරුමක් කාරයින් නැති කිරීමට) පෘතුගිසින් උත්සාහ කළ නමුත් එම රාජකීය පවුල් වලින් පැවත එන්නේ ය කියනු ලබන ශ්‍රී ලංකා දෙමළ සම්භවයක් ඇති පවුල් බොහෝ ගණනක් ඉතිරිව සිටිති.
-----------------------------------------------------------------------------------
 ආගම්
ලංකාවේ ශිව දෙවියන් ඇදහීම පිළිබඳ ඉතිහාසය ඉන්දියාවෙන් පැමිණි පදිංචිකරුවන්ගේ මුල් යුගය දක්වා අඛණ්ඩව පවතී. බුද්ධාගමේ ඇදහිලි පුද පූජා සිරිත් තුළ හින්දු ඇදහිලි ද පෘථුල ලෙස අඩංගු වී ඇත. දිවයිනේ චෝල පාලනය පැවති 9 සහ 10 සියවස්වල හින්දු ආගමට දිවයිනේ නිල ආගමේ තත්වයක් ලැබී තිබුණි. චෝලවරුන්ගේ පාලනයෙන් පසු පැමිණි කාලිංග මාඝ හින්දු ආගමේ පුණර්ජීවනය සම්බන්ධයෙන් කටයුතු කළ තැනැත්තෙක් ලෙසට සමකාලීන දේශීය ලියවිලිවල සඳහන් වේ.
රාමේශ්වරම්හි රාමනාදස්වරම් කෝවිල - ආර්යචක්රහවර්තී රජවරු ගණනාවක් රාමේශ්වරම් අවට කෝවිල් පවත්වාගෙන යාමට උදව් කර ඇත.
යාපනය රාජධානිය පැවති කාලයේ රාජ්යර ආගම ලෙස ශිව ආගමට විශේෂ වරප්රකසාද හිමි විය. ඉන්දියානු හින්දු ආගමේ වැදගත් පූජනීය ස්ථානයක් වූ රාමේශ්වරම් කෝවිලට තම රජ පරපුරේ මුතුන් මිත්තන් දැක් වූ අනුග්රදහය නිසා ආර්යචක්රසවර්තී රජවරුන්ද ශිව ලබ්ධිකයින් වශයෙන් තමන්ගෙන් එම කෝවිලට ඉටු විය යුතු යුතුකම් ගැන මනා අවධානයකින් සිටියහ. සටහන් වී ඇති පරිදි රජවරුන්ට ලැබී ඇති නම්බුනාමවලින් එකක් වන්නේ 'සේතුකාවලන්' යනුයි. එහි තේරුම 'සේතු' හි ආරක්ෂකයා යන්නයි. 'සේතු' යනු රාමේශ්වරම් හැඳින්වෙන තවත් නමකි. රජපරපුරේ ලකුණක් ලෙස ඔවුන්ගේ කාසිවල සහ ලේඛණවලද 'සේතු' යන්න පාවිච්චි කර තිබේ.
කෝට්ටේ රාජධානිය වෙනුවෙන් යාපනය පාලනය කළ (සෙම්බපෙරුමාල් නමින්ද හැඳින්වෙන) සපුමල් කුමරු, නල්ලූර් කන්දසාමි කෝවිල ප්ර තිසංස්කරණය කිරීම හෝ එය ගොඩනැංවීම කළ පුද්ගලයා වශයෙන් ගෞරවයට පාත්රනවේ. සත්තනාතර් කෝවිල, වෛකුන්ත පිල්ලේයාර් කෝවිල, සහ වීරකාලි අම්මාන් කෝවිල ආදී කෝවිල් ඉදිකිරීම් සම්බන්ධයෙන් සින්ගෙයි පරරාජසේකරම් ද සම්මානයට බඳුන් වේ. ඔහු යමුනෙරි නමින් පොකුණක් තනවා ඉන්දියාවේ ජනතාව පූජනීය ලෙස සලකන යමුනා නදියෙහි ජලයෙන් එය පිරවූයේය. ප්රාධාන කෝවිල් සාමාන්ය යෙන් නඩත්තු කරන ලද්දේ රජු විසිනි. එහි සේවය කරන්නන්ට රාජ්යි භාණ්ඩාගාරයෙන් වැටුප් ගෙවණු ලැබීය. මෙම සිරිත ඉන්දියාවේ හෝ ශ්රීප ලංකාවේ සෙසු පළාත්වල ක්රිරයාත්මක නොවූවකි. මේ කියන පූජ්ය ස්ථාන ස්වාධීන පැවැත්මක් ඇති ඉඩ කඩම් හා සම්බන්ධ ආදයම් මාර්ග තිබුණු ආයතන විය.
බොහෝ දෙනාගේ ප්රුධාන දෙවි වූයේ ශිවයි. ලිංගම් නොහොත් ශිව ලිංගය ශිවගේ විශ්ව සළකුණයි. පූජ්යධ ස්ථානවලදී එයට වැඳුම් පිදුම් කෙරෙන්නේය. දේව මණ්ඩලයේ සිටින අනෙක් හින්දු දෙවි දේවතාවියන් වන මුරුගන්, පිල්ලේයාර් සහ කාලිට ද වැඳුම් පිදුම් කරනු ලැබේ. දකුණේ සිංහලයින් විසින්ද කන්නගි දේවියට මහත් ලෙස ගරු සරු දක්වති. ඒ සමගම ගම් මට්ටමින් දෙවිවරු ඇදහීමද ජනප්රිේය ලක්ෂණයකි. යක්ෂ භූතාදීන් සහ යන්ත්ර. මන්ත්රම පිළිබඳ විශ්වාසයද දකුණු ආසියාවේ සෙසු පෙදෙස්වල මෙන් පැවතුණේය.
රාජධානිය තුළ බොහෝ ප්ර මාණයක් හින්දු කෝවිල් තිබුණි. කලාපය පුරා විසිරී තිබුණු සියගණනක් තවත් කෝවිල් සමග ඓතිහාසික වැදගත් කමෙන් යුක්ත ත්රී.කුණාමලයේ කොනේශ්වරම්, මන්නාරමේ කේතිස්තරම් කෝවිල, කීරමලේ නගුලේශ්වරම් කෝවිල වැනි කෝවිල්ද තිබුණි. පුද පූජා කටයුතු සහ උත්සව ආදි‍ෙය් සුළු වෙනස්කම් හැරුණු විට වර්තමාන දකුණු ඉන්දියාවේ කෙරෙන ඒවා හා සමානය. ශිව පූජකවරුන්ගේ දෙමළ ආගමික ගීතිකා වන්දනාමාන කිරීමේදී යොදා ගනු ලැබේ. අප්රේකල් මාසයේ මැද යෙදෙන හින්දු අළුත් අවුරුද්ද උත්සවශ්රීේයෙන් සමරණු ලබන අතර නවරාත්රී , දීපවාලී, ශිවරාත්රීක සහ තෛපොංගල් ආදී උත්සව ද, විවාහ මරණ සහ වැඩිවියට පත්වීම පිළිබඳ උත්සව ද එදිනෙදා ජීවිතයේ අංගයන් විය.
-----------------------------------------------------------------------------------
 සාහිත්‍යය
රජ පෙළපත්වල රජවරු සාහිත්යභය කටයුතුවලට සහ අධ්යාතපනයට අනුග්රිහය දැක්වූහ. කෝවිල්වල තිබුණු පාඨශාලාවලින් සහ සාම්ප්රතදායික (තින්නෛ පල්ලිකූඩම් යනුවෙන් දෙමළෙන් හැඳින්වෙන) ගුරුකුලම් ආයතනවලින් දෙමළ හා සංස්කෘත භාෂා සහ ආගම් පිළිබඳ මූලික දැනුම සමාජයේ ඉහළ පන්ති සඳහා බෙදා දෙන ලදී. ජයවීර සිංගයිඅරියන්ගේ පාලන කාලය තුල වෛද්යි විද්යාහව ගැන කෘතියක් ද (සේගරාජසේකරම්) ජ්යොමතිෂය ගැන ද (සේගරාජසේකර මාලෙයි) සහ ගණිතය ගැන ද (ගණකාධිකාරම්) වැනි කෘතීන් කරිවයියා විසින් කරනු ලැබීය. ගුණවීර සිංගයි අරියන්ගේ පාලන සමයේදී වෛද්යණ විද්යා)ව ගැන 'පරරාජසේකරම්' නැමැති කෘතියක් නිම කරන ලදී. සින්ගයි පරරාසසේකරම්ගේ කාලයේදී දෙමළ භාෂාව ව්යාීප්ත කිරීම සඳහා පුරාණ දෙමළ සංගම් ආකෘතිය අනුව අධ්යාිපන ආයතනයක් නල්ලූර්හිදී ආරම්භ කරන ලදී. මෙම ආයතනයෙන් පුරාණ දෙමළ කෘතිවල අත්පිටපත් එකතු කර සංරක්ෂණය කිරීම වැනි ඉතා වැදගත් කාර්යයක් ඉටු විය. එම කෘතීන් සරස්වතී මහල් නම් වූ පුස්තකාලයක තැන්පත් කරන ලදී. සිංගයි පරරාසසේකරම්ගේ ඥාති සහෝදරයා වූ අරසකේසරී සංස්කෘත සම්භාව්යත ග්රීන්ථයක් වූ රඝුවංශය දෙමළට පරිවර්තනය කිරීම සම්බන්ධයෙන් ගෞරවයට පාත්ර වේ. යුරෝපීය යටත් විජිත වාදීන් පැමිණීමට පෙර සංග්ර හ කොට සකස් කරන ලද අනෙකුත් ඓතිහාසික වැදගත්කමක් ඇති ශාස්ත්රී ය කෘතීන් අතරින් වෛයපුරි අයියර් විසින් ලියන ලද “වයියපවල්” නම් කෘතිය ඉතා ප්රෘසිද්ධ එකකි.
-----------------------------------------------------------------------------------
 ගෘහ නිර්මාණ ශිල්පය

13 වැනි ශත වර්ෂය වන විට ශ්රී් ලංකාවේ පැවති මහා කලා ශිල්ප හා වාස්තු විද්යාිත්මක ක්ර මවල සමෘද්ධිමත් යුගයේ පිරිහීමක් දක්නට ලැබුණු නමුත් කාලයෙන් කාලයට එකී ශිල්ප කෙරෙහි දකුණු ඉන්දීය බලපෑම් එල්ල වෙමින් තිබිණ. ඉන්දීය සම්භවය සහිත දෙමළ ජනයා විසින් 10 වෙනි සියවසේ සිට සාදන ලද කෝවිල්, විජයනගර් යුගයේ මදුරෙයි සම්ප්රකදායට අයත් විය. මධුරෙයි සම්ප්රටදායෙහි කැපී පෙනෙන ලක්ෂණයක් වූයේ ඉතා අලංකාර වූත් අඹන ලද රූප විශාල ප්ර මාණයක් සහිත කුලුණ හෙවත් 'ගෝපුරම්' නමැති අංගයයි. කෝවිලට ඇතුලු වන දොරටුවට ඉහළින් මෙය එක්කර තිබුණි. යාපනය රාජ්යණය තුල තිබූ එකී සම්ප්රඅදායේ ඉතා වැදගත් ආගමික ගොඩනැගිලි කිසිවක් පෘතුගීසීන් විසින් කරන ලද විනාශයේදී ඉතිරි නොවුනි.
නල්ලූර් නමැති අග නගරය ගොඩ නගන ලද්දේ දොරටු සහිත පිවිසුම් ස්ථාන හතරකින් යුතුවයි. පිවිසුම් දොරටු හතර කෝවිල් හතරකින්ද ප්රුධාන පාරවල් දෙකකින් ද යුක්ත විය. නැවත ගොඩ නගා තිබෙන දැනට පවතින කෝවිල් ඒවායේ මුල් පිහිටීම සමග නොගැලපේ. මුල් ස්ථානවල තිබෙන්නේ පෘතුගීසීන් විසින් ඉදි කරන ලද දේවස්ථානයි. නගරය මධ්ය යේ 'මුදිරෛ සන්තයි' නොහොත් වෙළඳ පොළ විය. එය වට කොට හතරැස් ආරක්ෂක කොටුවක් විය. රජවරුන් සඳහාද පූජකයින්, සෙබලුන්, සහ වෙනත් සේවා සපයන්නන් සඳහා උසස් තත්වයේ ගොඩනැගිලි තිබුණි. උස් පවුරුවලින් යුත් පැරණි නල්ලූර් කෝවිල ක්රිරයාත්මක වූයේ ආරක්ෂිත කොටුවක් වශයෙනි. පොදුවේ ගත් කළ නගරය නිර්මාණය කර තිබුණේ හින්දු සම්ප්රකදායයන්ට අනුව සාම්ප්රකදායික කෝවිල් නගරයක් ලෙසිනි.

පොලොන්නරු යුගය.



අතීතයෙදී පුලතිසි පුරවරය ලෙස හැදුන්වු පොළොන්නරුව ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කළ, පුරා විද්‍යාත්මක වටිනාකම් රැසක් අපට ඉතිරි කළ , අපේ අතීත සෞභාග්‍යාත්මක භාවය ලෝකයට කියා පාන ප්‍රදේශයකි .

වසර හත්සියයක් පමණ ඝන වනයෙන් වැසී තිබුණු පොළොන්නරු රාජධානිය බ්‍රිතාන්‍ය පාලන සමයේ සමයේ නැවත හෙළි පෙහෙළි කැරිණි. ඉන්පසු ඩී.එස් සේනානායක මැතිදුන්‍ගේ නව ගොවි ජනපද ව්‍යාපාර ව්‍යාපෘතිය අරඹීමත් සමග පොළොන්නරුව පිඹිදීමට පත්වන්නට විය. වර්තමානය වන විට පොලොන්නරු පූජා භූමිය වෙන්ව නව නගරයක් කදුරුවෙල බිහිවී තිබේ. පොළොන්නරුව දුම්රිය ස්ථානය , බස් නැවතුම් පොල සහ ව්‍යාපාරික ස්ථාන නව පොළොන්නරු නගරය තුල පිහිටා ඇත. පැරණි අනුරාධපුරයේ මෙන් පැරණි නගරයේ නටඹුන් මත ගොඩනැගිළි ඉදිවී නැත.
ඓතිහාසික පොළොන්නරුව නගරයක් ලෙස නිර්මාණය කරන ලද්දේ කවර කාලයකදී දැයි නිශ්චිත නැත. විජය රජුගේ විජය නම් අමාත්‍ය වරයෙකු ඉදිකල විජිතපුරය ඓතිහාසික පොළොන්නරුව බව මතයකි. දුටුගැමුණු රජු විනාශ කරන ලද එළාර රජුගේ විජිතපුර බළකොටුව පොළොන්නරුව ආසන්නයේ තිබෙන්නට ඇතැයි ද විශ්වාසයකි
පස්වැනි මිහිදු රජු සමයේ සොළීහු මෙරට ආක්‍රමණය කොට පොළොන්නරුව සිට රටේ පාලනය ගෙන ගියේය. වර්ෂ 1065 දී සොළීන් පළවාහැර අනුරාධපුරයේදී රාජ්‍ය අභිෂේක ලබන මහා විජයබාහු රජු පොළොන්නරුවට පැමිණ එය අගනුවර කර ගැනීමෙන් පොළොන්නරුවේ සිංහල රාජ වංශය ආරම්භ විය.

ශ්‍රී ලංකාව සහලින් ස්වයංපෝෂිත කරමින් මෙරට පාලනය කරනු ලැබු මහා පරාක්‍රමබාහු රජුගේ පාලන සමයේ දැවැන්ත වාරිමාර්ග පද්ධතීන්ද ඉදි කර තිබේ. වර්ෂ 1164 දී පොළොන්නරුවේ රජ පැමිණ 33 වසරක් එතුමන් රට පාලනය කළ බව සදහන්වේ.එකළ රාමඤ්ඤ පුරය, පඩි රට, රාජිනා පුරය ආදී විදෙස් රාජ්‍යයන් කිහිපයක්ද යටත් කරගත් බව මහාවංශයේ සඳහන් වේ. පෙළොන්නරුවේ ඇති නටඹුන් වලින් වැඩි ප්‍රමාණයක් මෙම පරාක්‍රමබාහු රජතුමාගේ පාලන සමයේ ඉදිකරවන ලද ගොඩනැගිළිය.

වර්ෂ 1197 දී රජ පැමිණී නිශ්ශංකමල්ල රජු බොහෝ වෙහෙර විහාර කරවා ප්‍රතිසංස්කරණය කල බව ඉතිහාසයයේ සදහන්වේ. පොළොන්නරුවේ ඓතිහාසික ගල්පොත නැමැති සෙල්ලිපිය මෙම රජුගේ ලේඛනයකි.
අනුරාධපුර සමයේදී ද පොළොන්නරුවේ දියුණු නගරයක් ලෙස පවතින්නට ඇති බවට සාධක පොත පතෙහි සදහන්වේ. .පොළොන්නරුව පිළිබඳ මහාවංශයේ පළමුවැනි උපතිස්ස රජු ක්‍රිස්තු වර්ෂ 365 ත් 406 ත් අතර තෝපා වැවබැන්දවු බව සදහන් කරයි . ක්‍රිස්තු වර්ෂ 633 දී තුන්වැනි අග්‍රබෝධි රජු විසින් කරවන ලද ආරාමයක් පිළිබඳ තොරතුරුද සඳහන් වේ.

රජවරුන් පහළොස් දෙනෙක් සහ ලීලාවතී හා කළ්‍යාණවතී නැමැති රැජිනියන් ද පාලනය කළ පොළොන්නරු රාජධානිය සොළි ආක්‍රමණයෙන් බිඳවැටේ. ඉන් පසු කාලිංග මාඝ නම්වු සොළි රජු ගේ පාලනය ඇරඹේ. මෙකළ ඇතිවු හින්දු සංස්කෘතිකමය ආභාෂයන් ශිව දේවාල, පොලොන්නරුවේ සදකඩපහන ආදී නිර්මාණවල සටහන්වේ.
නැවත දෙවැනි පරාක්‍රමබාහු කාලිංඝ මාඝ පරාජය කර දඹදෙණිය සිය රාජධානිය කර ගත්තේය.
ඉතිහාසය පොළොන්නරු යුගය අවසන් කරන්නේ තුන්වැනි පරාක්‍රමබාහු රජතුමාගෙනි. ඔහු ක්‍රිස්තු වර්ෂ 1298 සිට 1303 දක්වා වසර පහක් පොළොන්නරුවට වී රට පාලනය ගෙන ගියේය

රජරට රාජධානිය

වත්මන් ශ්‍රි ලංකාව පිහිටි භූමියේ ප්‍රථම සංවිධානාත්මක නවීන රාජධානිය වුයේ රජරට රාජධානියයි. අනුරාධපුර රාජධානියේ ආරම්හක පාලකයා වූ පණ්ඩුකාහය රජු විසින් අනුරාධපුර නගරය සංවර්ධනය කරන ලදී. රාජධානියේ ආර්ථිකය පදනම් වූයේ කෘෂිකර්මාන්තය මත බැවින් වැව් සහ ඇළ මාර්ග ඉදිකිරීම රජුගේ ප්‍රධාන කාර්‍යයක් විය. බොහෝමයක් රජවරුන් විශාල වැව් සහ ඇළ මාර්ග ඉදි කළ අතර, ඒ අතරින් වැඩිමනක් මතකයේ රැඳෙන්නේ වසභ සහ මහාසේන රජවරුන්ය. මෙම ඉදිකිරීම් නිසා අනුරාධපුර යුගය මුළුල්ලේම රජරට ප්‍රදේශය තුළ විශාල, එමෙන්ම සංකීර්ණ වාරිමාර්ග පද්ධතියක් බිහි විය.

රාජධානියේ ආර්ථිකය පදනම් වූයේ කෘෂිකර්මාන්තය මත බැවින් වැව් සහ ඇළ මාර්ග ඉදිකිරීම රජුගේ ප්‍රධාන කාර්‍යයක් විය. බොහෝමයක් රජවරුන් විශාල වැව් සහ ඇළ මාර්ග ඉදි කළ අතර, ඒ අතරින් වැඩිමනක් මතකයේ රැඳෙන්නේ වසභ සහ මහාසේන රජවරුන්ය. මෙම ඉදිකිරීම් නිසා අනුරාධපුර යුගය මුළුල්ලේම රජරට ප්‍රදේශය තුළ විශාල, එමෙන්ම සංකීර්ණ වාරිමාර්ග පද්ධතියක් බිහි විය. එකල ඉදි කරන ලද මහා ස්ථුපයන් වූ රුවන්වැලිසෑය, ජේතවණාරාමය මෙන්ම ලෝවාමහාපාය වැනි විශාල ගොඩනැගිලි මඟින් අනුරාධපුර යුගයේ තිබූ ගෘහ නිර්මාණ ශිල්පයේ දියුණුව මනාව පෙන්නුම් කරයි.

උපතිස්සනුවර

අනුරාධපුර නගරය

ඓතිහාසික මූලාශ්‍රයන්හි සඳහන් වන පරිදි අනුරාධපුර නගරය ආරම්භ වී ඇත්තේ ක්‍රි.පූ.5 සියවෙසහි වුවත් පුරාවිද්‍යාත්මක තොරතුරු අනුව එහි ඉතිහාසය ක්‍රි.පූ 10 වැනි සියවස තරම් ඈතට දිව යයි. කරන ලද පුරා විද්‍යා කැණීම් වලදී වඩා පූර්ව කාලයන්හි විසූ ජනයා සම්බන්ධ සාක්ෂි ලැබී ඇතත් ක්‍රි.පූ 5 සියවසට එපිට කාලය පිළිබද තොරතුරු අත්ෙත් මද වශෙයනි.
අනුරාධපුරෙය් වැඩිදුර සිදු කරන ලද කැණීම් වලදී මෙම පුරවරෙය් පැවති ප්‍රාග් ඓතිහාසික ජනාවාසයන් පිළිබද තොරතුරු ලැබී ඇත. ක්‍රි.පූ 900 - 600 දක්වා විහිදුණ ප්‍රාග් ඓතිහාසික ලෝහ යුගෙය්දී ලෝහ තාක්ෂණය, කුඹල් කර්මාන්තය, අහ්වයන් භාවිතය, ගවයන් ඇති කිරීම සහ වී වගාවද පැවතුණ බව පෙනී යයි. ක්‍රි.පූ 700-600 අතර කාලයේදී අනුරාධපුරයේ ජනාවාසය හෙක්ටයාර් 50 ඉක්මවා වර්ධනය විය. නගරය ඊසාන දිගින් සහ වයඹ දිගින් පිහිටි ප්‍රධාන වරායයන් අතර උපායමාර්ගිකව වැදගත් වන පරිදි පිහිටියේය. වගා කළ හැකි සරු බිම් එය වටෙකාට පිහිටා තිබුණි. ආක්‍රමණිකයන්ගෙන් නගරය ආරක්ෂා කළ ස්වභාවික පවුරක් වූ ඝන වනාන්තරය නගරය හාත්පස අවුරා විය.
ක්‍රි.පූ 4 සියවසෙහිදී පණ්ඩුකාභය රජතුමන් විසින් අනුරාධපුරය අගනගරය බවට පත් කරන ලද බවත්, මනා සංවිධිත සැලසුමක් අනුව නගරය සහ එහි උප නගරයන්ද පිහිටුවන ලද බවත් කියැවේ. "අභය වාපි" හෙවත් අභය වැවද එතුමන් විසින් කරවන ලදී. කාලවේල සහ චිත්තරාජ නමැති යක්ෂයන් උදෙසා දෙවොල්ද කරවනු ලැබීය. චේතියා නමැති යක්ෂණිය උදෙසා වෙළඹකගේ ස්වරූපයෙන් වූ පිළිරුවක් රාජ මාළිග පරිශ්‍රයේම ඉදි කරවන ලද අතර මේ සියළු යක්ෂ-දේවතාවන් උදෙසා වාර්ෂිකව පුද පූජා පැවැත්වීමද සිදු විය. නගරයේ සුසාන භූමිය, වදක භූමිය, පශ්චිම රාජිණියගේ දෙවොල, වෙස්සවණ උ‍දෙසා වූ නුග රුක, ව්‍යාධදේව උදෙසා වූ තල් රුක, යෝනයන් සඳහා වාස භූමිය, ආත්ම පූජා මන්දිරය ආදිය පිහිටැවිය යුතු තැන්ද මෙතුමන් විසින් නියම කරන ලදී. වහලුන් නොහොත් චණ්ඩාලයන් විසින් කළ යුතු කාර්යයන් නියම කෙරුණු අතර ඔවුන් උදෙසා ග්‍රාමයක් වෙන් කරන ලදී. නිඝණ්ටයන්, තැන තැන සරන තවුසන්, ආජීවකයන් සහ බ්‍රාහ්මණයන් උදෙසා වාසස්ථාන ගොඩ නඟන ලදී. ග්‍රාම සීමාද නීර්ණය කරනු ලැබීය. අනුරාධපුරය අග නගරය බව‍ට පත් කරමින් ක්‍රි.පූ 4 සියවස තරම් ඈත යුගයකදී පණ්ඩුකාභය රජතුමන් විසින් බිහි කරනු ලැබූ සම්ප්‍රදාය ඉතා වැදගත් වේ.
නගරයට සහ පූජනීය ස්ථානයන්ට කරනු ලැබූ සනීපාරක්ෂක සහ පරිපාලනමය සම්පාදනයන් විසින් පෙන්නුම් කෙරෙනුයේ කාලාන්තරයක් තිසිසේ නගරය කිසියම් මධ්‍යගත සැලැස්මකට අනුව සංවර්ධනය කෙරුණු බවය. පණ්ඩුකාභය රජතුමන්ගේ ඇවෑමෙන් එතුමන්ගේ පුත් මුටසීව රාජපදප්‍රාප්ත විය. හැට වසරක් වූ එතුමන්ගේ රාජ්‍ය පාලන කාලය තුළ අනුරාධපුර නගරය තවදුරටත් අගනුවර වශයෙන් පවත්වා ගත් අතර, බුදු සමය දිවයිනට හඳුන්වා දෙනු ලැබූ මුල් අවදියේදී වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ලැබූ "මහාමේඝවන උද්‍යානය" (හෙවත් මහමෙවුනා උයන) පිහිටුවාලීමද එසමයෙහි සිදුවිය. බුදු රජාණන් වහන්සේගේ පිරිනිවන් පෑමෙන් වසර 236 කට පසු ශ්‍රී ලංකාවට බුදු සමය හඳුන්වාදෙන ලද්දේ මුටසීව රජතුමන්ගේ ඇවැමෙන් රාජ්‍යත්වයට පත් එතුමන් පුත් දේවානම්පියතිස්ස රාජ්‍ය සමයෙහිදීය. ඉන්දියාවෙහි වුසූ අශෝක අධිරාජයා දේවානම්පියතිස්ස රජතුමන්ගේ සමකාලීනයෙක් විය. මෙම කාලය ක්‍රි.පූ 250 - 210 අතර කාලයයි. ලංකාවෙහි රාජ්‍යත්වයෙහි ආරම්භය සහ ආසියාවෙහි විශිෂ්ඨතම ආගමක් වූ බුද්ධ ධර්මය මත පදනම් වූ ශිෂ්ඨාචාරයක ආරම්භයද සනිටුහන් කෙරෙන්නේ මෙසමයෙහිය.

බුද්ධාගමේ ආගමනය


ශ්‍රි මහ බෝධි පරිශ්‍රයෙහි වැඩ වසන ශාඛා බෝධීන් වහන්සේ නමක්
දේවානම්පියතිස්ස රාජ්‍ය කාලයේදී බුදු දහම හඳුවාදිමත් සමඟ ලංකාවේ සමාජීය හා සංස්කෘතික වශයෙන් වෙනස්වීම් සිදුවිය. එම වෙනස්වීම් තවදුරටත් වර්ධනය වූයේ බුදුන් වහන්සේගේ දන්ත ධාතුව ලංකාවට වැඩම කරවීමත් සමඟය. මූලික වශයෙන් අනුරාධපුර යුගයේ සංස්කෘතිය පදනම් වූයේ බුදුදහම මතය. එසේම එම රාජධානියේ නීතිය සහ පාලනය සඳහාද බුදුදහම මඟින් ඉමහත් බලපෑමක් එල්ල විය. ක්‍රි.පූ 3 වැනි සියවසෙහි ශ්‍රි මහ බෝධිය ශ්‍රි ලංකාවට ගෙන එන ලද්දේ අශෝක අධිරාජයාගේ දියණිය වන සංඝමිත්තා මෙහෙණිය විසිනි. ඇය ශ්‍රි ලංකා භික්ෂූණී ශාසනය පිහිටුවීමේ ලා පුරෝගාමී වූවාය. ක්‍රි.පූ 249 දේවානම්පියතිස්ස රජතුමා විසින් අනුරාධපුර මහ මෙව්නා උයනෙහි මෙම ජය සිරි මහ බෝධිය සිටුවන ලදී. බුදු දහමේ හඳුන්වා දීමත් සමඟම මෙම නුවර විසල් කැපීපෙනීමක් ලැබුවාක් මෙන්ම මහා ඉඳිකිරීම් යුගයක් ද ඇරඹුනි. මහා වංශය පවසන්නේ කුටකන්‍න තිස්ස රජු විසින් රියන් හතක් උස තාප්පයක් ජල අගලක් ඉදිරියෙන් පවතින පරිදි පලමු තාප්පය ඉදිකළ බවයි. පසුව වසභ රජු විසින් මෙය රියන් 11 සිට රියන් 18 දක්වා උස්කොට තවදුරටත් බලවත් කරන ලදි. එසේම රජු විසින් ශක්තිමත් දොරටු නිවස්න, වාසල් කඩ ඉදි කර ඇති අතර ඒවායෙහි නටබුන් අදද දැකිය හැක. මහා වංශය තව දුරටත් පවසන්නේ ඉදිකිරීම් හිදී නිමිති කියන්නන් සහ වාස්තු විදුවන් ගේ උපදෙස් ලැබූ බවය.

පූජනීය දන්ත ධාතුවේ සම්ප්‍රාප්තිය

කිත්සිරිමෙවන් රජ සමයේදී හේමමාලා කුමරිය සහ දන්ත කුමරු විසින් බුදුන් වහන්සේගේ දන්ත ධාතුව ලංකාවට වැඩම කරවන ලදී. එම රජු විසින් දන්ත ධාතුව පෙරහැරකින් වඩම්මවා මන්දිරයක තැන්පත් කරන ලදී. මෙම පෙරහැර වාර්ශිකව පවත්වන ලෙස රජු අණ කල අතර අදටත් එය චාරිත්‍රයක් ලෙස රටෙහි පවතී. බුදුන් වහන්සේගේ දන්ත ධාතුව ඉතා ඉක්මනින්ම රටෙහි පූජනීය වස්තුවක් මෙන්ම රජ්‍ය භාවය තහවුරු කරන සංකේතයක් බවට පත් විය. දන්ත ධාතුව ළඟ තබා ගන්නා පුද්ගලයා රටෙහි නියම පාලකයා විය. එමනිසා බොහෝ විට එය රජ මාළිගාවෙහිම නිදන් කොට තබන ලදී.

වැසි ජල කලමණාකරන තාක්‍ෂණය

රජරට රාජධානියේ ප්‍රධානතම ජයග්‍රහණය වූයේ වැසි ජලය මනාව කලමණාකරන කලහැකි වාරිමාර්ග බිහිවීමයි. ඒ හේතුවෙන් වියළි කලාපයේ කෘෂිකාර්මික අවශ්‍යතාවන් සඳහා ජලය සැපයීම සිදු විය. මෙම වාරිමාර්ග ඉදිකිරීම් මඟින් එම යුගයේ මිනිසුන් තුළ තිබූ උසස් තාක්ෂණික හා ඉංජිනේරු හැකියාවන් මනාව පිළිඹිබු කරයි

සමකාලීන රාජධානි

දේවානම්පිය තිස්ස රජ ගේ සොහොයුරු මහානාග කුමරු විසින් රජරට රාජධානියෙන් ස්වාධීන රුහුණු රාජධානිය පිහිටුවාගන්නා ලදී. රජරට රාජධානිය ආක්‍රමණියන් අතට පත් බෝහෝ අවස්ථාවලදී රුහුණු රාජධානිය බලය රැකගැනීමට ස්වදේශික සිංහලයන් සමත්විය.

ආක්‍රමණයන්

රජරට රාජධානියට අඛණ්ඩව පැවතුණු තර්ජනයක් වූයේ දකුණු ඉන්දීය ආක්‍රමණයන්ය. එලෙස සිදු වූ ආක්‍රමණයන්ගෙන් සතුරන් පරදවා රජධානියේ පාලනය නැවත ලබාගත් දුටුගමුණු, වළගම්භා, ධාතුසේන, Iවන විජයබාහු, ලීලාවතී වැනි පාලකයන් කාගේත් අවධානයට ලක්විය. අනෙකුත් පාලකයන් මතකයේ රැඳුනේ ඔවුන් විසින් සිදු කරන ලද හමුදා ජයග්‍රහණ නිසාය. දකුණු ඉන්දියාවට එරෙහිව ආක්‍රමණයන් දියත් කළ පළවන ගජභාහු, පන්ධ්‍යන් දේවියට පිහිට වීමට තම හමුදාවන් යැවූ දෙවන සේන, එවැනි පාලකයන්ය. රජරට රාජධානියට එරෙහිව ආක්‍රමණයන් කිහිපයක් සිදුවූ අතර ඒවා සියල්ලක්ම දියත් කරන ලද්දේ දකුණු ඉන්දියාණුවන් විසිණි. ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වාර්තාගත ආක්‍රමණය සිදුවූයේ සූරතිස්ස(ක්‍රි.පූ 247-237) රජු සමයේදීය. එය සිදු කරන ලද්දේ සේන හා ගුත්තික යන දකුණු ඉන්දීය අශ්ව වෙළෙන්දන් දෙදෙනෙකු විසිනි. අවුරුදු විසිදෙකක පාලන කාලයෙන් අනතුරුව අසේල(ක්‍රි.පූ 215-205) විසින් ඔවුන් පරජය කරන ලදී. ඉන් අනතුරුව පැවති තවත් ආක්‍රමණයක් හේතුවෙන් චෝළ රජකු වූ එලාර(ක්‍රි.පූ 205-161) අසේල රජු පරදවා රටෙහි පාලකයා බවට පත් විය. එලාර අවුරුදු 44ක් රට පාලනය කළ අතර ඔහුව පරජයට පත් කරන ලද්දේ දුටුගැමුණු විසිනි. කෙසේ නමුත් මහාවංශ වාර්තා වලට අනුවඑළාර විසින් රට යුක්තිගරුක ලෙස සහ සධාරණ ලෙස පාලනය කළ බව කියැවේ.

දකුණු ඉන්දියාව සහ ශ්‍රි ලංකාව
ක්‍රි.පූ 103 දී ද්‍රවිඪ නායකයන් පස් දෙනෙකු වූ
  1. පිලහත්ත,
2 බාහිය, 3 පනයාමර, 4 පිලියාමර 5 දතික
විසින් රට නැවතත් ආක්‍රමණය කරන ලදී. ඔවුන් ක්‍රි.පූ 89 දක්වා රට පාලනය කළ අතර වළගම්භා හට පරාජයට පත් විය. පසුව ඇති වූ තවත් ආක්‍රමණයක් නිසා රටෙහි පාලනය දකුණු ඉන්දීය පාලකයන් සය දෙනෙකු වූ පණ්ඩු, පාරින්ද, තිරිතර, දාතිය සහ පීතිය යටතට පත් විය. ධාතුසේන විසින් ඔවුන් පරදවා නැවත බලය ලබා ගන්නා ලදී. I වන සේන(833–853) සහ III වන උදය(935–938) රජ සමය තුළ දකුණු ඉන්දියාවෙන් බොහෝ ආක්‍රමණ සහ කොල්ලකෑම් එල්ල විය.
කෙසේ නමුත් මෙම ආක්‍රමණිකයන්ගෙන් කිසිවෙකු ඔවුන්ගේ පාලනය රටෙහි දකුණු ප්‍රදේශය වූ රුහුණ දක්වා දීර්ඝ කර නොගත්හ. එබැවින් ශ්‍රී ලාංකීය පාලකයන් සහ උරුමක්කාරයන් ඔවුන්ගේ හමුදාවන් මෙම ප්‍රදේශය තුළ සංවිධානය කොට ගෙන ඔටුන්න නැවත ලබා ගැනීමට සමත් වූහ. ශ්‍රී ලාංකීය ඉතිහාසය මුළුල්ලේම සතුරු ආක්‍රමණ වලින් රට බේරා ගත් අවස්තාවලදී රුහුණ මුල් වී ඉමහත් සේවයක් කරන ලදී.

අනුරාධපුර රාජධානියේ අවසානය

දිගින් දිගටම වූ දකුණු ඉන්දීය ආක්‍රමණ වලින් තැවුණු නගරය අවසානයේදී ක්‍රි.ව. 1017 දී අතහැර දැමිණ. මෙම මහා නගරය ක්‍රි.පූ. 5 වන සියවසයෙහි සිට ක්‍රි.ව. 1017 දක්වා ලංකාවේ අඟනගරය ලෙස පැවතුනි. එහි පසුබැස්ම ඇරඹියේ දකුණි ඉන්දීය ආක්‍රමණයන්ට එරෙහිව දිගින් දිගටම වූ යුද වැදීම නිසා රාජධානිය ආර්ථිකමය අතින් දුප්පත් වීමය. ක්‍රි.ව. 1017 දී චෝල අක්‍රමණික හමුදාව අනුරාධපුරය අතහැර ඊට සාපේක්‍ෂව ආරක්‍ෂිත පොළොන්නරුවට පරිපාලන නගරය ගෙන ගියේය. නගරයට සහ එහි වූ වාරී සංකීරණයට වූ අති මහත් විනාශය හේතුවෙන් එය සම්පූර්ණයෙන්ම අතහැර අවුරුදු දහසකට ආසන්න කාලයක් ජරාවාස වන්නට හැරුණි. පසුව 19 වන සතවසරේදී බ්‍රිතාන්‍ය පරිපාලනය විසින් කැළෑ හෙළි කර නැවත ජනාවාස ඇති කෙරිණි.

පරිපාලනය

රාජධානිය රජුගේ පාලනයට යටත් විය. රාජ්‍යත්වයට සම්බන්ධ වූ කැප කිරීමේ උත්සව සහ පිළිවෙත් ක්‍රමයන් ආරම්භ වූයේ දේවානම්පිය තිස්ස රජු සමයේදීය. එය එලෙස සිදු වූයේ ඉන්දියාවේ අශෝක රජුගෙන් ලැබූ ආභාශය හේතු කොට ගෙනය. දුටුගැමුණු රජු විසින් ප්‍රථම වරට මුළු රටම තමන් යටතට පත් කොටගෙන රට එක්සේසත් කරන ලදී. ඔටුන්නේ හිමිකාරිත්වයෙහි අනුපිළිවෙල සිදුවූයේ පිය පරම්පරාවට අනුකූලවය. එය සිදු කළ නොහැකි අවස්තාවකදී පෙර රජුගේ වැඩිමහල් සහෝදරයාට ඔටුන්නේ හිමිකාරිත්වය උරුමයෙන් ලැබුණි. සහෝදරයන් නොසිටියේ නම් වැඩිමහල් පුත්‍රයා හට ඔටුන්න උරුම විය.
අනුරාධපුර රාජධානියේ ආරම්භයේ සිට පාලකයෝ සතර දෙනෙකු රාජ්‍යය පලනය කරන ලදහ. විජයගෙන් ආරම්භ කොට සුභරාජ(60-67) දක්වා සිටි පාලකයන් සාමාන්‍යයෙන් හැඳින්වූයේ විජයන් රජ පෙළපතට අයත් අය ලෙසයි. මෙම රජ පෙළපතට අයත් වූ පණ්ඩුකාභය අනුරාධපුර රාජධානියේ ප්‍රථම පාලකයා විය.
                                                                                                                             රුවන්වැලිසෑය අසල
                                                                                                                   පිහිටුවා ඇති දුටුගැමුණු ප්‍රතිමාව
                                                                                                                    
ළඹකන්න වංශයට අයත් වසභ විසින් බලය පැහැර ගන්නා තුරු විජයන් පෙළපත පැවතුණි. වසභ විසින් ඔටුන්න හිමි කර ගැනීමත් සමඟ ළඹකන්න රජ පෙළපත ආරම්භ වූ අතර එම පෙලපතට අයත් පාලකයන් සියවස් තුනකට වඩා වැඩි කාලයක් රට පාලනය කරන ලදහ. නව රජ පෙළපතක් ආරම්භ වූයේ 455දී ධාතුසේන කාලයේදීය. එය මූරිය රජ පෙළපත විය. ඇතැම් ඉතිහාසඥයන් විසින් මෙම රජ පෙළපතෙහි ආරම්භය ශාඛ්‍ය රජු ලෙස හැඳින්වූවත් ආරම්භක රජු තවමත් අවිනිශ්චිතය. අනුරාධපුර යුගයේ පැවති අවසාන රජ පෙළපත වූයේ දෙවන ළඹකන්න රජ පෙළපතයි. එය මානවම්මගෙන්(684-718) ආරම්භ වූ අතර අනුරාධපුර රාජධානියේ අවසාන පාලකයා වූ V වන මහින්ද දක්වා පැවතුණි.

පොළොන්නරු යුගය

ශ්‍රී ලංකාවේ පැරණි අගනුවරක් වන ඵෙතිහාසික පොළොන්නරුව චෝල ආක්‍රමණිකයන් විසින් මුලින්ම අගනුවර කරගන්නා ලදී. 1070 දී පමණ චෝල ආක්‍රමණිකයන් පලවා හැරීමෙන් පසු Iවන විජයබාහු රජ විසින් තම අගනුවර වශයෙන් තෝරා ගන්නා ලදී. මෙම කෙටි කාලීන චෝල යටත් විජිත සමයේදී පොළොන්නරු ප්‍රදේශය ජනනාතමංගලම් ලෙස හැදින්වූ බව සඳහන් වේ. පළමු විජයබාහූ රජුගෙන් පසු රජකමට පත්වන මහා පරාක්‍රමබාහු රජු පොළොන්නරු යුගයෙහි හමුවන සමෘද්ධිමත්ම රාජ්‍ය පාලකයා වශයෙන් සැලකේ. පැරකුම් රජ සමය, පොළොන්නරුව රාජධානියෙහි ස්වර්ණමය යුගය ලෙස හැදින්වෙන අතර එම කාලවකවානුව තුල ආර්ථික හා කෘෂිකාර්මික සමෘද්ධියක් රට තුල ඇති කිරීමට මහා පරාක්‍රමබාහු රජු සමත් විය.
අහසින් වැටෙන එකඳු දිය බිඳක් හෝ ප්‍රයෝජනයට නොගෙන මුහුදට නොයෙවිය යුතුය යන අධිෂ්ඨානයෙන් කටයුතු කල මහා පරාක්‍රමබාහු රජු රටේ වාරිමාර්ග පද්ධතියේ ඉමහත් දියුණුවක් ඇතිකරමින් රජරට ප්‍රදේශයේ සශ්‍රීකත්වය සඳහා අවශ්‍ය කටයුතු සැලසීය. පැරකුම් රජු විසින් ඉදිකල සුවිසල් පරාක්‍රම සමුද්‍රය වාරිමාර්ග පද්ධතියේ දියුණුව උදෙසා ඔහු කල සේවය මැනවින් නිරූපණය කරන්නකි. මෙම යුගයේදී රට සාමකාමි හා ස්වයංපෝෂිත බවින් යුක්ත වූ අතර සහල් පවා මෙරටින් පිටරට යැවූ බව පොතපතෙහි සඳහන් වේ.
පැරකුම් රජුගෙන් පසුව පොළොන්නරුව රාජධානියෙහි රජකමට පත්වන නිශ්ශංකමල්ල රජු රාජ්‍ය පාලනයෙහිලා යම් සාර්ථකත්වයක් අත්කර ගන්නා නමුදු අනෙකුත් පාලකයන් හට එතරම් යහපත් රාජ්‍ය පාලනයක් දියත් කිරීමට නොහැකි වේ. මේ සදහා බලපාන ප්‍රධානතම කරුණ වන්නේ සිහසුන අත්පත් කර ගැනීමට එකිනෙකා අතර ඇතිවන ආරවුල්ය. මෙවන් තත්වයක් යටතේ 1214 දී පමණ කාලිංග මාඝ ආක්‍රමණය සිදුවන අතර පොළොන්නරුව රාජධානිය මුලුමනින්ම බිඳ වැටිමට මෙම ආක්‍රමණය හේතු වේ. ඉන් අනතුරුව ලංකාවේ රාජධානිය බවට පත්වන්නේ දඹදෙණිය රාජධානියයි.

පොළොන්නරු යූගයේ විසු රජවරු

  • Iවන විජයබාහු රජ
  • ජයබාහු රජු
  • වික්‍රමබාහු රජු
  • මහා පරාක්‍රමබාහු රජු
  • පළමු නිශ්ශංකමල්ල රජු
  • ලීලාවතී රැජින

පුරාවිද්‍යාත්මක නටඹුන්

Vatadage.jpg
  • විජයන්ත ප්‍රාසාදය
  • රුස්වීම් ශාලාව
  • වටදාගෙය
  • සඳකඩපහන්
  • ථූපාරාමය
  • නිශ්ශංකලතා මණ්ඩපය
  • අටදාගෙය
  • ගල් පොත
  • ගල් විහාරය
  • දෙමළ මහා සෑය
  • නෙලුම් පොකුණ
  • සත්මහල් ප්‍රාසාදය
  • හැටදාගෙය
  • ලංකාතිලක විහාරය
  • රන්කොත් වෙහෙර
  • භික්ෂූ රෝහල්
  • පබලු වෙහෙර
  • කිරි වෙහෙර
  • පොත්ගුල් වෙහෙර
  • තිවංක පිළිමගෙය
  • ආලහන පිරිවෙන
  • ශිව දේවාලය
  • කුමාර පොකුණ
පොළොන්නරුව-ශ්‍රි ලංකා‍‍ව

පොළොන්නරුව
ශ්‍රි ලංකා‍‍වෙ උතුරු මැද පලාතේ පොළොන්නරැව දිස්ත්‍රික්කය තුල කොළඹින් කි.මි 216 ක් දුරින් මහවැලි මිටියාවතේ තැනිතලා භුමි භාගයක පිහිටි පොළොන්නරුව වු කලි වර්තමාන දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගරයයි.පොළොන්නරු නගරයේවිශාලත්වය හෙක්ටර්යර් 122 කට ආසන්නය.අනුරාධපුර රාඡධානිය බිද වැටිමෙන් අනතුරුව ශ්‍රි ලංකාවෙ අගනගරය වුයේ පොළොන්නරුවයි.අනුරාධපුරය වනසා දමා සිංහල රඡ පරපුරට තිබු රාඡ්‍යත්වය පවා අහිමි කිරිමට පොළොන්නරු සමයේදි විදේශ ආක්‍රමණිකමයෝ සමත් වුහ.සියවස් පහලොවකට ආසන්න කාලයක් ශ්‍රි ලංකාවෙ අගනුවර වශයෙන් පැවති අනුරාධපුරය හා සසදන විට පොළොන්නරුව අගනුවර වශයෙන් පැවතියෙ ඉතාකෙටි කාල පරිචිඡේදයකි.එය ශතවර්ෂ දෙකකට සිමාවෙයි.එනමුත් අසිරිමත් වන්නේ එය නොව,අනුරාධපුරයේ නෂ්ඨාව ශේෂ සමග පොළොන්නරු නටබුන් සසදන විට විස්මය දෙගුන තෙගුන වෙයි.පොළොන්නරුව යන ග්‍රාම නාමය සම්භාවය ලබා ඇත්තේ "පුලස්ති නගර යන සංස්කෘත නාමයෙන් බවට විස්වාසයක් පවති.පොළොන්නරුව යන්නට කදවුරු නුවර,ජනනාථ මංගලම් පුර,රාජරාජ පුරය,පුලනරි,විජයරාජපුරම්,කාලිංගරාජපුරය යන විවිධ නම් විවිධ මුලාශ්‍ර වල භාවිතා කර ඇත.

පොළොන්නරුව පිහිටිමේ වැදගත්කම

අනුරාධපුරය අගනුවර කරගත් පාලකයන්ට උපකාරක නගරයක්,යුද්ධමය වශයෙන් ආරක්ෂිත කලාපයක් සහ සේනා සංවිධානය කොට කදවුරු පිහිටුවිමට සුදුසු පෙදෙසක් ලෙස
  • අනුරාධපුරය හා රෝහන දේශය අතර ගමනාගමනය සිදුවු සංදිස්ථානයක් ලෙස
  • ආරක්ෂිත මෙන්ම ස්වයං පෝෂිත වු බලකොටු පෙදෙසක් ලෙස
විදහා දැක්විය හැකිය.

ඹ්නෑම දේශයක දියුනුව ‍ගෞරවය හා කිර්තිය එම දේශවාසින්ගේත් පාලකයන්ගේත් අප්‍රතිහත ධෛර්යයේ ළුලය බ‍ව අමතක නොකල යුතුය.දෙස් විදෙස් පතල සුවිසල් කිර්ති නාමයට හිමිකම් කියන කිර්තිනාමය පුරය‍ට ගෙන දුන්අතීත රඡවරු සහ රැඡිනියෝ සහ ප්‍රාදේශිය නායකයෝ දහ අට දෙනෙකි.පාලකයන් අතර සමහර පාලකයන් විශිෂ්ඨනයෝය.ඇතැම්හු දුර්වලයෝය.ඒ ඒ ව්ශිෂ්ඨත්වය ඔවුන් ලබාගෙන ඇත්තේ ස්වකිය දේශයේ ස්වාධීනත්වය හා උන්නතිය උදෙසා ජිවිතය පරදුවට තබා කැපවිමෙනි.කැපවිමේ ධර්මතාවය මත ශ්‍රේෂ්ඨ පුද්ගලයෝ බිහිවෙති.
පොළොන්නරුව රාජධානිය ක්‍රැර ලෙසත් සාහසික ලෙසත් විනාශ කරනු ලැබුවේ කාලිංඝ මාඝ විසිනි.මේ පාලක පාලිකාවන් සියලු ගේම යහපත් හෝ අයහපත් පාලන තන්ත්‍රයෙහි මතකයන් පොළොන්නරු පුරය හා තදාසන්න ප්‍රදේශවල ඉතිරිව ඇතත් වඩාත් වැදගත් ‍‍‍ඓතිහාසික මෙහෙවරක් කල රජුන් දෙදෙනා වන්නේ චෝලයින්ගෙන් රට මුදවාගත් පළමුවන විජයබාහු රජ සහ භේද භින්නවු අභ්‍යන්තර දේශපාලනය ජය ගෙන රට ඵක්සේසත් කල මහා පරාක්‍රමබාහු රජතුමා ය. ඓතිහාසික සාධක වලට අනුව ,සාහිත්‍යයට අනුව, ජනප්‍රවාද වලට අනුව රාජකීය නගරයක් ප්‍රධාන වශයෙන් කො‍ටස් කිහිපයකින් සැදුම්ලද්දක් විය.

ප්‍රරාක්‍රම සමුද්‍රය

වටදා ගෙය

ලංකා තිලක

Galpotha
  • ඇතුල් නුවර
  • පිට නුවර
  • පි‍ට නුවරින් පිට පෙදෙස් (උප නගර,ජනාවාස,‍ගොවිබිම්)
පොළොන්නරුව වු කලි සැබවින්ම වැදගත්වුත්,අමරණියවුත් ප්‍රදේශයකි.පුලතිස් පුරවරය ගැන කථාකරන වි‍ට අප මතකයට නැගෙන ස්ථාන රාශියකි.
  • පරාක්‍රම සමුද්‍රය
  • පුරාවිද්‍යා කෞතුකාගාරය
  • ශිව දේවාලය
  • වටදා ගෙය
  • හැටදා ගෙය
  • මැණික් වෙහෙර
  • ලංකා තිලක
  • තිවංක පිළිමගෙය
  • පරාක්‍රම මාලිගාව
  • නිශ්ශංකමල්ල මාලි‍ගා සංකිර්ණය
  • නිශ්ශංකලතා මණ්ඩපය
  • අ‍ටදා ගෙය
  • සත්මහල් ප්‍රසාදය
  • රන්කොත් වෙහෙර
  • කිරිවෙහෙර
  • පොත්ගුල් වෙහෙර
  • කුමාර පොකුණ
  • විජිතපුර

ප්‍රධාන වශයෙන් දැක්විය හැකිය.
ගොවි පවුල් වලට සහ ගොවි බිම් අක්නර20000 කට පමන ජලය සපයම්න් හෙක්ටාර 2500 කට ආසන්න භුමි ප්‍රමානයක් වසාගත් පරාක්‍රම සමුද්‍රය අතීතයේදිත් පොළොන්නරු නගරයේ බටහිර සිමාවේ දිගින් විශාල ප්‍රදේශයක‍ට දිග අගුලක ආරක්ෂාව,ශක්තිමත් ප්‍රකාරයක ආරක්ෂාව ලබාදි ඇත.ස්වකීය තේජසට සහ රාජ්්‍යත්වයට ගැලපෙන ලෙසින් මහල් හතකින් යුත් මාලිගයක් දිව්‍ය මාලිගයක් බදුවු "වෛජසන්න ප්‍රසාදය" හෙවත් "සත්මහල් ප්‍රසාදය" අද දක්නට ඇත්තේ මහල් තුනක නටබුන් පමනි.මුළු මාලිගා සංකීර්නය කාමර 16 කින් යුක්ත වි ඇත.පොළොන්නරුව තුල පවත්නාවු තවත් සුවිශේෂත්වය‍ක් වන්නේ එහි පවත්නා ද්විතික සංස්කෘතික ලක්ෂනයි.
බෞද්ධ ගෘහ නිර්මාණ,ශිල්පයන්,බෞද්ධ කලාවන්,හින්දු ගෟහ නිර්මාණ ශිල්පයන්, හින්දු කලාවන්පොළොන්නරුවේ නටබුන් අතර විශේෂ කොට හදුනා ගත හැකිය.හින්දු සංස්කෟතිය ගැන සදහන් කරන විට මතකයට නැගෙන තවත් කරුනක් ඇත.එනම් සොලීන් පොළොන්නරුවෙන් නෙරපා යලි මෙරට නිදහස් කරගත්සිංහල රජවරු කිසිවකු මේ හින්දු ආගමික ස්ථාන විනාශ නොකල බවයි.මේ විස්මිත නගරයේ මෑතකදි කරන ලද කැණීම් මගින් සොයාගෙන ඇති පුරාවස්තු රාශියක් පරාක්‍රම සමුද්‍රයේ බැම්ම පාමුල ඉදි කරවා ඇති නව කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත.
අතීතයේ මුතුන් මිත්තන්ගේ මහේශාක්‍ය දිවිපැවැත්මේ සහ ප්‍රතිභාවෙි යටගිය පුවත් බොහෝ දුරට ඉස්මතු කර දෙමින් වත්මන් පොළොන්නරුව සාඩම්බරව නැගිසිටින්නට උත්සාහ දරමින් ඇත.ලෝකයේ ඉපැරණි කලාවන්ගේ ශ්‍රිවිභුතිය මතු කරගනු වස් ඇප කැපව සිටින යුනෙස්කෝ සංවිධානය 1981 සිට පැරණි පොළොන්නරු පෙදෙස සංරක්ෂණය කිරිමට ක‍ටයුතු කිරිම නිසා එම ශ්‍රි විභුතිය වඩාත් ඹපනැංවි පවතින බව කිව යුතුය.අවුරුදු දහස් ගණනක් තිස්සේ විදේශ ආක්‍රමනයන්ට ගොදුරු වෙමින්,ඝන වනාන්තර තුල හව් හරනක් නැතිව හුදකලා වෙමින් අව්වෙන් වැස්සෙන් පීඩා විදිමින් පැවති අතීත නටබුන් වර්තමාණයේදි පවා මෙවන් ශ්‍රි විභුතියක‍ට හිමිකම් කියන්නේ නම් එකල කොතරම් මහේශාක්‍ය ලීලාවෙන් මේ මහපොළොව මත නැගී සිටින්නට ඇත්ද??

පොළොන්නරු දිස්ත්‍රිකයෙහි පිහිටා ඇති අනෙකුත් නටඹුන් ස්ථාන


  • දිඹුලාගල
  • මැදිරිගිරිය
  • නාමල් පොකුණ
  • සිළුමිණ සෑය
  • මාදුරු ඔය
  • තොප්පිගල
  • කලහගල
  • ඇලහැර
  • ගිරිතලේ

වත්මන් පසුබිම

ඵෙතිහාසික නටඹුන් නගරයට සමීපව එදිනෙදා අවශ්‍යතාවයන් සපුරා ගැනීම සඳහා පවතින ආපනශාලා හා සිල්ලර වෙළඳසැල් කීපයකින් යුත් නගරයකි. මෙම නගරයට හා මහා මාර්‍ගයට කිලෝමීටර 6ක පමණ දූරකින් පිහිටා ඇති රාජ්‍ය ආයතන පවතින ප්‍රදේශය නවනගරය ලෙස හැදින්වෙන අතර එහි දිස්ත්‍රිකයේ විශාලතම පාසැල වනපොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලය පිහිටා ඇත. උතුර මැද පලාතේ දෙවන විශාලතම නගරය වන පොළොන්නරුව දිවයිනේ පිරිසිදු හා සුන්දර නගරයක් ලෙස ප්‍රසිද්ධියක් උසුලයි. හරිත වර්ණයෙන් යුත් වටපිටාව, දුටුවන් මවිත කරවන සුලු ථෙතිහාසික ඉදිකිරීම්, සුවිසල් පැරකුම් සමුදුර, ආකර්ශනීය සංචාරක හෝටල හා මෙහි වෙසෙන ජනයාගේ ආගන්තුක සත්කාරයන් නිතැතින්ම දෙස් විදෙස් සංචාරකයන් ආකර්ශනය කර ගැනීමට සමත් වෙයි. මෑතක සිට මෙම ප්‍රදේශයේ යම් දේශගුණික විපර්යාසයන් නිරීක්ෂණය කල හැකි වෙයි. ථෙතිහාසික දත්ත වලට අනුව පොළොන්නරුව නිවර්තන කලාපීය දේශගුණයකින් යුක්ත වූ අතර දෙසැම්බර් හා ජනවාරි මාස වලදී යම් වර්ෂාපතනයක් ලබයි. එහෙත් පසුගිය අවුරුදු කිහිපය තුල ලැබෙන වර්ෂාපතනයෙහි සැලකිය යුතු වර්ධනයක් නිරීක්ෂණය කලහැකි වෙයි. මෙම තත්වය මෙහි වෙසෙන ජනයාගේ විස්මයට හේතු වුවද විදෙස් සංචාරකයන්ගේ නම් එය මහත් සතුටට හේතුවකි. නමුත් ඇතැම් අවස්ථාවලදී වී ගොවීන් මෙම දැඩි වර්ෂාපතනයෙන් පීඩා විඳනු දක්නට ලැබේ.

සෙංකඩගල යුගය


ආරම්භය පළමුවෙන් ආරම්භ කළේ වික්‍රම භාමන්ත නම් 6 වැනි විජයබාහුගේ පුත්‍රයායි. ඔහුගේ පුතුන් විසින් 1492 දී විජය බාහු ඝාතනය කරන ලදී. මෙම සිද්ධියෙන් පසු රට කොටස් 4 කට බෙදුනි. සීතාවක රාජධානිය මායාදුන්නේ විසින් ද කොට්ටේ 6 වැනි පරාක්‍රම බාහු විසින්ද රයිගම රාජ්‍යය රයිගම් බණ්ඩාර විසින් ද නුවර රාජධානිය වික්‍රම සමන්ත විසින්ද ස්ථාපිත කරනු ලැබීය.

පෘතුගීසි යුගය

1505 දී පෘතුගීසිහු කෝට්ටේ රාජධානිය අයත් ලංකාවේ බටහිර වෙරළට ගොඩ බැස්සාහ. සිතාවක රජු හමුදාවක් සංවිධානය කර ගෙන කෝට්ටේ රාජ්‍යයට පහර දුන් අවස්ථාවේ පෘතුගිසිහු කොට්ටේ රජ වු 6 වැනි පරාක්‍රම බාහුට සහයෝගය දුන්හ. කොට්ටේ රජු පෘතුගිසින්ගේ උදවු බලාපොරෝත්තු වු විට කුලි හේවායින් වශයෙන් ඉදිරිපත් වීමට ඔවුහු කැමති වූහ. මායාදුන්නේ මරණයෙන් පසු ඔහුගේ පුත් රාජසිංහ සීතාවක රජු බවට පත් විය. රජ පවුල් අතර නොකඩවා අභ්‍යන්තර අර්බුද කෙරීගෙන යන අතර වාරයේ කොට්ටේ සහ මහනුවර රාජ්‍යයන් පරාජය කිරීමට අන්තිමේදි රාජසිංහ රජුට හැකි විය. නව රජතුමා ඔහුගේ පාලන කටයුතු සදහා අගනුවර ලෙස මහනුවර තෝරා ගත්තේය. ඔහුට වස දීම නිසා ඔහුගේ රාජ්‍ය කාලය කෙටි එකක් විය. කරලියද්දේ බණ්ඩාර මහනුවර රාජධානියේ නිළ බලය ඇතිව රජු බවට පත්වු පළමු තැනැත්තාය. පසුව ඔහු 1 වැනි විමළධර්ම සුරිය බවට පත්විය. හෙතෙම මහනුවර රාජධානියේ දෙවැනි යුගයේ ආරම්භකයා විය. මෙම රාජධානියේ දෙවැනි යුගය ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු 1739 දී මිය යන තෙක් පැවතුනේය.

මහනුවර රාජාවලිය

5 comments:

  1. මෙම ලිපියේ සමහරක් කරුනු වැරදි

    ReplyDelete
  2. වටින ලිපියක්.. ස්තූතියි.

    ReplyDelete
  3. අත්තටම මේක ගොඩක් වටිනවා

    ReplyDelete