ඓතිහාසික ස්ථාන



මියුගුණ පුදබිම

බුද්ධ වර්ෂ 2600 සපිරූ අසිරියෙන් සකල බොදු බැතියෙන් බුද්ධාලම්භන පී‍්‍රතියට පත්ව සිටී. ඒ දුරාතීතය තුළ ශ්‍රී ලාංකේය ඉතිහාසය පරිපෝෂණය වීමට වංශ කථාවන් බෙහෙවින්ම ඉවහල් විය. ඊට අමතරව ශිලාලේඛන, පුරාවෘත්ත, ජනප‍්‍රවාද, ලේඛන හා පාරම්පරික මතකවලට ද ලැබුණේ ප‍්‍රමුඛ ස්ථානයකි.
සිදුහත් කුමරු ගිහිගෙය කළකිරි බුදු බව සොයා ගියේය. බුදුවී නම වැනි මාසයෙහි දුරුතු පුර පසළොස්වක පොහෝ දින ලංකාද්වීපයට වැඩම කළහ. මහා වංශයෙහි සඳහන් වන පරිදි ඒ ප‍්‍රථම ලංකා ගමනයේ දී බුදුන් වහන්සේ මහියංගන සෑරදුන් පිහිටි ස්ථානයේ වැඩ සිටි බව ද එහි සඳහන් වේ.
උන්වහන්සේ එදින සවස් කාලයේ මහවැලි ගංතෙර පිහිටි මහානාගවනයෙහි රැස්ව සිටි යක්ෂ සමාගම දමනය කිරීම සඳහා අහසට නැගි පෙළහර පෑ බවද අන්ධාකාරයක් මවා ඔවුන් දමනය කළ බව ද දමනය කළ යකුන් ගිරි දිවයිනට පළවා හැර ලක්දිව මනුෂ්‍ය වාසයට සුදුසු දිවයිනක් බවට පත්කළ බව ද සඳහන් වේ.
අපි දැන් මහා වංශයට යොමුවෙමු. ශත‍්‍රැ මර්දනය කරන ශීලිවූ සර්වඥතෙම උරුවෙල් කස්ප් නම් ජටිලයාගේ මහායාගය එළැඹ සිටි කල්හී තමන් නොර්මෙහි වූ ඔහුගේ ඉච්ඡාවාරය දැන උතුරුකුරු දිවයිනෙන් පිණ්ඩපාතය ගෙනැවුත් අනවතප්ත නම් විල සමීපයෙහිදී වළඳා තෙමේ සවස් වේලෙහි සම්‍යක් සම්බෝධියෙන් නව වැනි දුරුතු මස පුර පසළොස්වක්හි ලංකාද්වීපය, ශුද්ධ කරනු පිණිස, ලක්දිවට පැමිණි සේක. සර්වඥයන් විසින් ලංකා තොමෝ සසුන් බබලන තැනැකැයි ද යකුන් විසින් පිරුණු ලක්දිව යක්ෂයින් බැහැර කටයුතු යැයි ද දක්නා ලදී.
ලංකාද්වීපයෙහි මනෝරම්‍ය වූ ගං ඉවුරෙහි තුන් යොදුන් දිගු එක් යොදුන් පුළුල් වූ රම්‍ය වූ මහානාගවන නම් උයනෙහි යක්ෂයන්ගේ යුද්ධ භූමියෙහි ලක්දිව වැසි යකුන්ගේ මහා නිශාචර සමාගමය ප‍්‍රසිද්ධ විය.
ඒ මහා යක්ෂ සමාගමයට පැමිණි සර්වඥතෙම එහි සමාගම මැද ඔවුන්ගේ හිස් මතුයෙහි මයියංගන ථූපයාගේ ස්ථානයෙහි අහස්කුස වැඩ සිටි සේක. ඔවුන්ට භයජනක වූ වර්ෂාවාකාන්ධකාරය මැවූ සේක භීතියෙන් පෙළුණා වූ ඒ යක්ෂයෝ නිර්භය වූ තථාගතයන් වහන්සේගෙන් අභය ඉල්ලූහ. අභයදායී වූ තථාගතයන් වහන්සේ ඉතා භයින් පීඩිත වූ ඒ යකුනට මෙසේ වදාළ සේක.
”යක්ෂයනි තොපගේ මේ භය හා දුක් මම පහ කරන්නෙමි. තොපි සමගිව මෙතැන්හිම හිඳිනා තැනක් දෙන්නහුද? නොමදෙන්නහුද?
නිදුකාණෙනි, නුඹ වහන්සේට මේ සියලූම ලක්දිව දෙම්හ. අපට අභය දුන මැනවැයි ඒ සියලූම යක්ෂයෝ තථාගතයන් වහන්සේට කිවූහ.
ඔවුන්ගේ බිය ද, ශීතය ද, අන්ධකාරය ද නසා ඒ දුන් භූමියෙහි පත්කඩ අකුට එහි වැඩ හුන් සර්වඥතෙම එතැනින් ඒ පත්කඩ ගිනිගෙන දිලිසෙන්නක්කොට හාත්පසින් විශාල කළ සේක.
ගී‍්‍රෂ්මයෙන් පීඩිත වූ ඒ යක්ෂයෝ බියපත්ව (ලක්දිව) අන්නයෙහි හාත්පසින්ම සිටියෝය. ඉක්බිත්තෙන් සර්වඥයන් වහන්සේ ඔවුන් රම්‍ය වූ ගිරි දිවයින මෙහි ළඟා කළ සේක. උන් එහි වත්කළ තිබුණ තන්හි තැබූ සේක. සර්වඥතෙම ඒ පත්කඩ හැකුලූ සේක. (එකල්හි දෙවියෝ සර්වඥයන් වහ්නසේ කරා පැමිණියෝය.) ඒ සමාගමෙහි ශාස්තෲන් වහන්සේ ඔවුන්ට ධර්ම දේශනා කළ සේක. නොයෙක් කෙළ ගණන් සත්වයන්ට සෝවාන් ඵලාදියෙන් ධර්මාවබෝධ වූයේය. සංඛ්‍යාපථාතීන තිසරණ පන්සිල්හි පිහිටියෝය යනුවෙන් මහාවංශයේ සඳහන්වේ.
එහෙත් වැදිනායක ඌරුවරිගේ වන්නියලැ ඇත්තෝ මේ කතා පුවතේ සදොස් තැන් ඇතැයි අවධාරණය කරති.
ඔහු මෙසේ පවසයි. යක්ෂ කියන්නේ ගෝත‍්‍රයක්. අපේ මියයන අය යක්ෂයන් වී උපදින බව අපේ විශ්වාසයයි. ඒ අපේ නෑයකුන්. ඔවුන් අදහන්න පුදන්න අප පුරුදුවී සිටිනවා. ඔවුන් දත් විළිස්සූ භයානක පිරිසක් නොවෙයි. මිනිසුන් කොටසක්. බුදුන් වහන්සේ වැඩි කාලයේත් යක්ෂ, නාග ආදී ගෝති‍්‍රකයන් ඇසුරේ හිටියා.
මහියංගණය ප‍්‍රදේශයේ විශාල වශයෙන් අපේ නෑ යකුන් ඉඳල තියෙනවා. එම කාන්තාවන් පවා විලිවහන්න ඇඳුම් ඇඳගත් ශිෂ්ට පිරිසක් බව විහාරයේ චිත‍්‍රවලින්ම පෙනෙනවා. ආගන්තුකයෙක්, නාඳුනන කෙනෙක් තම ප‍්‍රදේශයට ආවම සැකයෙන් බලන එක  ඕනෑම කෙනකුගේ සිරිතක්. අවසරයක් නැතිව ආව බුදුන් වහන්සේට (යක්ෂ ගෝති‍්‍රකයන්) අපේ අය විරෝධය පාල තියෙන්නේ ඒ නිසයි. එවිට බුදුන් වහන්සේ තමා කව්දැයි දැන ගැනීම සඳහා පෙළහර පාලා තියෙනවා.
ඒ උත්තමයා කව්දැයි තේරුම් ගැනීමෙන් පසු අපේ අයත් බණ අහල මහවැලි ගෙඟන් එගොඩවෙලා ඔවුන් ජීවත්වූ කඳු මුදුන්වලට ගිහින් තියෙනවා. එහෙම නැතිව බුදුන් වහන්සේ අපේ අය බයට පත්කරල ගිරිදිවයිනකට පළවා හැරියයි කියන කතාව අපි නම් විශ්වාස කරන්නේ නැහැ.
මොකද? බුදුන් වහන්සේ කාටවත් හිරිහැර කළ කෙනෙක් හෝ බියට පත්කළ කෙනෙක් නොවෙයි. තමා ඝාතනයට පැමිණි අංගුලිමාලට මෙන්ම නාලාගිරි ඇතා ද බියට පත්කළේ නැහැ. බොහොම කරුණාවෙන් ඒ අයට කරුණු අවබෝධ කර දුන්නා. අපි නෑයකුන් අදහන පිරිසක්. ඒ වගේම බුදුන් වහන්සේත් අදහනවා. අපි පන්සල් යනවා බුදුන් වඳිනවා. දානය දෙනවා.
මාවරගල ආරණ්‍ය සේනාසනයේ දායක සභාවේ සභාපති මමයි. වැදි අනන්‍යතාවය ඇති පස් දෙනෙක් ”මාවරගල”දී පැවිදිවෙලා තියෙනවා යැයි ද වන්නියලැ ඇත්තෝ පැවැසූහ.
මහියංගන රජමහා විහාරස්ථානයේ වාර්ෂික (ඇසළ) පෙරහර අවසන් දිනයේ අලූයම් කාලයේ මහියංගණ චෛත්‍යය වැඳ පුදා ගැනීමට වැදි ජනයා පෙරහරින් පැමිණෙති. ඔවුන් අත දිග රිටි දක්නට ඇත. රිටි උඩට විසිකරමින් ඒ මේ අත සහ පොළොවේ ගසමින්. ආවේශ වූ පිරිසක් මෙන් රංගනයක යෙදෙති. එසේ රඟමින් චෛත්‍යය වටේට ද පන්සල් භූමියේ ද සැරිසරා රිටි කෑලි කෑලිවලට කැඩුන පරිදි අලූයම් කාලයේ මහවැලි ගඟට පැන එගොඩ පීනා යති. මේ අනුව මහා වංශයේ සඳහන් පුරාවෘත්තයට වැදි ජනයාගේ මේ හැසිරීම සාක්ෂියක් බව සමහරු කියති. බුදුන් වහන්සේ අහස්කුස වැඩසිට අන්ධකාරයක් මවා යක්ෂයන් දමනය කිරීම හා ඔවුන් දමනය කොට ගිරි දිවයිනට පළවා හැරීම මේ නිරූපනය බව ද කියති.
වැදිනායක වන්නියලැඇත්තෝ පවසන්නේ නාඳුනන පුද්ගලයකු වූ බුදුන් වහන්සේට විරෝධපෑම මෙහිදී සංකේත වුවත් ගිරිදිවයිනට පළවා හැරීමක් නොවූ බවයි. ඔහු යළිත් අවධාරණය කළේ දහම් අසා යක්ෂ ගෝති‍්‍රකයන්. මහවැලි ගෙඟන් එගොඩව තමන් විසූ කඳු මුදුන්වලට ගිය බව මෙතුළින් සංකේතවත් කරන බවයි.ලංකාවේ පළමු වැනි චෛත්‍යය ගොඩනංවා ඇත්තේ කතාබහට ලක්වූ මෙම ස්ථානයේය.
මහියංගණ චෛත්‍යය ඉදිවූයේ කෙසේද?
සමන්තකූට පර්වත වාසී මහා සුමන දිව්‍ය රාජයා ද එහි රැස්වූ දෙවියන් අතර විය. බණ ඇසීමෙන් සෝවාන් ඵලයට පත්වූ දෙවිරජ තෙමේ බුදු රජාණන් වහන්සේගෙන් පූජා කිසිවක් ඉල්ලා සිටියේය. බුදුන් වහන්සේ හිස පිරිමැද කේශ ධාතු මිටක් පමණ දෙවියන්ට දුන් සේක. රත්තරන් කරඬුවකින් එය පිළිගත් දෙව්රජ බුදුන් වහන්සේ වැඩ සිටි තැන සත් රියන් දිග අවට එක්විසි රියන් ඇති රුවන් රැසෙක තබා එය ඉන්ද්‍රඛීල චෛත්‍යයකින් වැසීය.
බුදුන් වහන්සේ පිරිනිවන් පෑමෙන් පසු සර්වඥ නම් සමිඳුන් සඳුන් දර සෑයෙන් සර්වඥ ගී‍්‍රවා ධාතුව ගෙන දොළොස් රියන් සෑයක් කළේය. දෙවැනි පෑතිස් රජුගේ සොහොයුරා වූ උද්ධචූලාභය මේ චෛත්‍යය තිස්රියන් කොට මියුගුණ සෑය කරවූ බවද ඉතිහාසයේ සඳහන් වේ. ඉන්පසු දුටු ගැමුණු රජු විසින් මෙම සෑය තවත් විශාල කරවා ඇත.
ශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන් පැන නැගුණු දෙතිස්ඵල රුහ බෝධි අංකුරයක් මහියංගණයේ රෝපණය කළ බව සිංහල බෝධිවංශයේ සඳහන් වේ.
සේලාභය රජු විසින් සිරිසඟබෝ කුමරු මහ සඟරුවනට පුදන ලද්දේ මේ බෝ සෙවණේදීය. ”ස්වාමීනී මාගේ මේ කුමරුවා මහා සංඝයා වහන්සේගේද බෝධීන් වහන්සේගේ ද සරණ යන්නේයි. කුමරතෙම මෙතැන් පටන් සංඝබෝධි නම් වේවායි” පවසා සේලාභය රජු විසින් සිරිසඟබෝ කුමරු මහ සඟරුවනට පුද ලැබ තිබේ. කුමරු හොවා තැබූ ගල් පුවරුව අදත් මේ බෝ සෙවණේ දැකිය හැකිය. පිය රජුගේ අභාවයෙන් පසු සත් හැවිරිදි සඟබෝකුමරු සිය මාමා වූ නන්ද මහ තෙරුන් ඇසුරෙහි වැඩුණේය.
වෝහාර තිස්ස රජුගෙන් බේරීමට ඔහුට මහියංගණ විහාරය හොඳ ස්ථානයක් විය. සිරිසඟබෝ රජු මේ බෝ සෙවණේ දී සියලූ ආභරණ ගලවා දමා සිවුරු පොරවා තිබේ.
පළමුවැනි විජයබාහු රජු සොළීන් සමග සටන් කරන කාලයේ දී මහියංගණයේ කඳවුරු බැඳ සිටියේය. එවකට මහියංගන දාගැබ නටබුන්ව පැවැතියේය. රජතුමා ජයග‍්‍රහණයෙන් පසු දාගැබ පිළිසකර කරවා ගම්බිම් පුදා ඇත. පොළොන්නරු යුගයේ කීර්ති ශ්‍රී නිශ්ශංක මල්ල රජු මියුගුණ මහ වෙහෙර ප‍්‍රතිසංස්කරණය කළේය. දෙවැනි විමලධර්මසූරිය රජ දවස (කි‍්‍ර.ව. 1687-1707  ඕලන්ද හමුදාව මියුගුණ වෙහෙර කොල්ල කෑ බවත් ඉතිහාසයේ සඳහන් වේ.
මහියංගණ විහාරස්ථානයේ පාලන තනතුරට භික්ෂුන් වහන්සේ නමක් පත් කිරීම අස්ගිරි මහා පරපුරෙන් සිදුවේ. 1851 දී අධිපතිධුරයට පත්වූ අතිගරු ඉඳමළුගොඩ ධම්මපාල හිමියෝ මහියංගණ සෑය පිළිසකර කරවා ගර්භය සාදවා ධාතු නිධානය ද කරවා ඇත. එම ප‍්‍රතිසංස්කරණයේ දී දුටු ගැමුණු රජු විසින් කරවූ රන් මුවා සධාතුක කරඬුව ද මෙහිදී හමුවී ඇත.
1949 වනවිට ගර්භයේ උඩකොටස කඩා වැටී පැවතිණ. ගර්භයේ විශාල කොටසක් පුපුරා ඇදහැලෙන තත්ත්වයකට පත්විය. ලංකාවට නිදහස ලැබුණහොත් ලංකාවේ ප‍්‍රථම ස්තූපය වූ මහියංගන දාගැබ ප‍්‍රතිසංස්කරණය කරන බවට ලංකාවේ ප‍්‍රථම අග‍්‍රාමාත්‍යවරයා වූ ඞී.එස්. සේනානායක මහතා අධිෂ්ඨාන කරගත් බව කියති.
ඒ අනුව ලංකාවට නිදහස ලැබූ අගමැතිවරයාගේ ප‍්‍රථම කාර්ය වූයේ මෙම සෑයේ ප‍්‍රතිසංස්කරණ ඇරැඹීමයි.
එම ප‍්‍රතිසංස්කරණයෙන් පසු 1961 සැප්තැම්බර් මස 21 වන දින ඞී.එස්. සේනානායක මහතා විසින් කොත පළඳවා තිබේ.
එදා මෙදා තුර මෙම විහාරස්ථානයේ නාහිමිවරුන් හා භාරකාර ස්වාමීන් වහන්සේලා විහාරස්ථානයේ උන්නතිය සඳහා විශාල මෙහෙවරක් සිදුකරවා ඇත. මෑත භාගයේ ශ්‍යාමෝපාලී මහා නිකායේ අස්ගිරි විහාර පාර්ශ්වයේ අතිගරු මහානායක අග්ගමහා පණ්ඩිත උඩුගම සද්ධර්ම කීර්ති ශ්‍රී ධම්මදස්සී රතනපාල බුදීම රක්ඛිතාභිධාන මා හිමියන්ගේ හා විහාරාධිපති අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ගලගම ශ්‍රී අත්තදස්සී හිමියන්ගේ අනුශාසනා පරිදි මහියංගණ විහාරයේ භාරකාර අස්ගිරි පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝසභික උරුලෑවත්තේ ධම්මරක්ඛිත හිමියන්ගේ මෙහෙයවීම යටතේ ඉතිහාසයේ නොවූ තරම් වූ සංවර්ධනයක් සිදුකර තිබේ.
බුදුන් වහන්සේ මියුගුණ පුද බිමට වැඩම කර වසර 2600ක් පිරීම නිමිත්තෙන් සංවිධානය කළ පින්කම් මාලාව මේ මස 7, 8, 9 යන දිනයන්හි පැවැත්වේ. (8 වනදා) දුරුතු පෝය දා පැවැත්වෙන විශේෂ පින්කම් මාලාව සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද සහභාගිවීමට නියමිතය.


ලොව පළමු චෛත්‍යය ගිරිහඬුසෑය
 
සාමාන්‍යයෙන් චෛත්‍ය ඉදිකෙරුණේ බුද්ධ පරිනිර්වාණයෙන් පසුව සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් කරමිනි. එහෙත් ලෝකයේ ප‍්‍රථම චෛත්‍යය ඉදිකෙරුණේ බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටි අවදියේමය.ඒ චෛත්‍යය කර්මාන්තයට හේතු පාදක වූ කතාවද මනරම්ය. එහෙත් ඒ කතාව කියන්නට නම් අපේ අසල්වැසි භාරතයට යා යුතුය.
සින්දු නදියේ අතු ගංගාවක් වන සුවාසතු මිට්ගාමතේ පුෂ්කර නම් ගම්මානයකි. එගම විසූ තපස්සු සහ භල්ලූක නම් වෙළෙඳ දෙබෑයෝ ගැල් පන්සීයක බඩු පටවාගෙන මධ්‍ය දේශය බලා යමින් උන්හ. ඒ අතර මැද කිරිපලූ වනයේ වැඩසිටි බුදුරදුන් දැක වෙළඳ දෙබෑයන් කරන ලද්දේ විලඳ සහ මී පැණි පිළිගැන්වීමය. ඒ වන විට බුදුහු බුද්ධත්වයට පත්වී ගෙවී තිබුණේ දින පනහක් පමණකි. එබැවින්ම තපස්සු භල්ලූක දෙදෙනාට ලෝක ඉතිහාසයේ පළමු බෞද්ධ උපාසකයන් බවට පත්වීමටද වාසනාව ලැබිණි.
අපට වැඳුම් පිදුම් කිරීමට යම් කිසිවක් දෙන්න යැයි මේ වෙළෙඳ දෙබෑයෝ බුදු රදුන්ගෙන් ඉල්ලීමක් කළහ.
හිස අතගා බුදුහු කෙස් රොදක් රැගෙන තපස්සු භල්ලූකට දුන්හ.මහා සම්පතක් ලද පරිද්දෙන් සතුටට පත්වූ වෙළෙඳ දෙබෑයෝ ඒ කෙස් රොද රන් මංජුසාවක තැන්පත් කරගත්හ.
වෙළෙඳුන් ලංකාවට ආවේ ගල්වරාය ඔස්සේය. ගල්වරායෙන් යාංඔයට පිවිසි මොවුහු යාං ඔය ඉවුරේ වූ විසල් කඳු වැටියක් දැක එහි නැගුණහ. එහි මුදුනෙහි වූ තැන්නෙහි අර රන් මංජුසාව තබා දර දිය පිණිස වනයට වැදුණු අතර, නික්ම යනු පිණිස රන් මංජුසාව ගන්නට හදද්දී, එය සෙලවිය නොහැකි බව දැක විශ්මයට පත්වූහ. ඉනික්බිති ගල්ගොඩකින් මේ මංජුසාව වසා දැමූ බවත් ලොව ප‍්‍රථම චෛත්‍යය එතැන ඉදිවූ බවත් කියැවේ......
එහෙත් පොත පතෙහි සඳහන් වන ආකාරයට ලොව තවත් රටවල් ගණනාවක කේශධාතු නිදන් කර තැනූ චෛත්‍යය තිබේ. බුරුමය, ඇෆ්ගනිස්ථානය, පාකිස්ථානය ආදී රටවලය. එසේ වීමට හේතුව පෙරකී ජනප‍්‍රවාදය ඉක්මවන්නකි. තපස්සු භල්ලූක වෙළෙඳ දෙබෑයෝ බුරුමය, ඇෆ්ගනිස්ථානය, පාකිස්ථානය, ලංකාව වැනි රටවලට වෙළහෙළදාමේ ගිය බවත් ඒ ගිය සෑම රටකම කේශ ධාතු එක දෙක බැගින් තැන්පත් කර චෛත්‍ය තැනූ බවත් ඉතිහාසයේ කියැවේ. බුරුමයේ රැන්ගුන් සෑය එබන්දකි. පෙර කී ජනප‍්‍රවාදයට වඩා මේ මතය පිළිගත හැක්කකි.
කෙසේ හෝ වේවා අප දැන් සිටින්නේ එදා තපස්සු භල්ලූක ඉදිකළ ලොව ප‍්‍රථම චෛත්‍ය පිහිටි නිතුපත්පානේය.
වෙළෙඳ නායකයන් පැමිණ ගල්තලය යන අරුත් දෙන නෙතු පතන පාෂාණ යන පාලි වචන ඔස්සේ නිතුපත්පාණ වූ නමුත් දුර පෙනෙන කඳු මුදුන එදා හැඳින්වූණේ ගිරිහඬු කන්ද ලෙසිනි. ගිරිහඬුකන්දේ ඉදිකෙරුණ චෛත්‍යය ගිරිහඬු සෑය වූයේය......
එහෙත් ගැමි ව්‍යවහාරය වූයේ නිතුපත්පාණ කඳුවැටිය යන්නය. ඒනිසාමදෝ කි‍්‍ර.ව. 67 දී වසභ රජු විසින් කරවන ලද වැවද නිතුපත්පාණ වැව ලෙස නම් ලද්දේය. ඒ වැව තනන ලද්දේ නිතුපත්පාණ හෙවත් ගිරිහඬු කන්ද ඇසුරු කරගෙනය. එකල යාං ඔයේ වතුර නිතුපත්පාණ වැව කරා ගමන් කළ ඇළ මගක්ද මේ බිමේ තිබිණි. ඒ ඇළ මගින් එතෙරව ගිරිහඬු සෑය කරා යනු පිණිස හෙළ රජ වසභ ගල් පාලමක්ද තනවා තිබිණි. අද ඒ ඇළ මග දකින්නට නැත. එහෙත් ගල් පාලම නම් දැකිය හැකිය.
ඉතින් අපි ගිරිහඬු සෑය වැඳගනු පිණිස ගිරිහඬු කන්ද දෙසට ඇවිද යමින් සිටිමු. කඳු හිසට යොමුවුනු ශෛලමය පඩිපෙලකි. ඒ පඩිපෙල ඇරඹෙන්නේ නිවුන් පොකුණක් අතරිනි. ගල් පඩි පෙළකින් ආවරණය කරන ලද ඒ නිවුන් පොකුණේ ඇති කළුවට හුරු ජලය වැස්සෙන් එක් රැස්වූ වතුර විය හැකිය. රූස්ස ගස් කිහිපයකින් සෙවණ වුණු ඒ නිවුන් පොකුණු පිසගත් සුළඟ කඳු හිස දෙසට ඇදී යන්නේ තුරු හිස් අතරද වැදෙමිනි. මේ ශෛලමය පියගැටපෙළද රජ සමයේම ඉදිකෙරුණකි. අපි ඒ පියගැට පෙළේ පඩි එකින් එක ඉහළට නගිමු. අපිට පසුවී යන මිටියාවතෙන් නිවුන් පොකුණේ හැඩරුවත් එහි ඇති ගල්පඩිත් මනාවට පෙනෙයි.
ටික දුරක් ඇවිද යනවිට හමුවන්නේ සෙල්ලිපිය නම්වූ පුවරුවකි. අපි ඒ පුවරුව සමීපයෙන් පසෙක වූ ගල් තලාවට ඇවිද ගියෙමු. එක් ගල්තලයක් මතුපිට කොටුකරන ලද තැනකි. ඒ සෙල්ලිපියයි. අඩි විස්සක් පමණ දිගට ලියැවුණු මේ සෙල්ලිපිය ලියා ඇත්තේ අග‍්‍රබෝධි සිලාමේඝ නම් රජ සමයේදී බව කියති. එනම් තපස්සු භල්ලූක විසින් ගිරිහඬුසෑය ඉදිකර ලැබ වසර 1200ක් ගතවුණු ඉක්බිතිවය. එතෙක් කලක් ජනප‍්‍රවාදයේ පැවැති මේ කතා පුවත සෙල්ලිපියෙහි ලියා ඇත්තේ සංස්කෘත දේවනාගර අක්ෂරයෙනි. පේලි එකොළහකින් යුත් මෙහි ශ්ලෝක එකොළහක් බවත් ඒ ශ්ලෝක ගිරිහඬු සෑය වන්දනා කරන ගීත එකොළහක් බවත් පුරාවිද්‍යාඥයෝ කියති. මෙම සෙල්ලිපිය හමුවනවිටත් එක ශ්ලෝකයක අකුරු කිහිපයක් වැනසී තිබිණි.
අපි යළිත් පියගැටපෙළේ තවත් අඩි පනහක් පමණ ඉහළට නැග්ගෙමු. ඇතින් ඇසෙන මොනරකුගේ හඬක් තවත් විවිධ විහඟ ගී හඬත් විසින් නිහඬ බව බිඳිනු ලබයි. ගිරිහඬු සෑයේ පාමුලටම පැමිණ සිටි අපට දැන් පිවිසෙන්නට ඇත්තේ වැලි මළුවටය. එහෙත් ඊට කලින් දකුණු අත පැත්තේ ඇති ගඩොල් චෛත්‍යයත් වම් අත පැත්තේ ඇති කුඩා බෝ පැළය දෙසත් බලා දෑත් එක්කර වැඳ සිටිය යුතුමය.
ලංකා පොකුණට යනුවෙන් දකුණටද පුවරුවකි. එහෙත් ඊට කලින් පියගැට පෙළේ ඉතිරි පඩි කිහිපයක් නැග වැලිමළුවට පිවිසුනෙමු.
නෙත් ඉදිරියෙන් ඇත්තේ වටදාගෙයයි. සිලාමේඝ රජ සමයේ ඉදිකෙරුණු මේ ශෛලමය වටදාගෙයි මධ්‍යයෙහි ගිරිහඬු සෑය විරාජමාන වෙයි.
අපි වැලිමළුව වටේ වටදාගෙය පැදකුණු කළෙමු. චෛත්‍යයක් වටකළ වටදාගෙවල් ලංකාවෙහි ඇත්තේ දෙක තුනක් පමණි. ඒ අතරින් මෙම තිරියාය වටදාගෙය ලෝක පූජිතය. සිලාමේඝ රජ සමයේ මහායාන බෞද්ධ මධ්‍යස්ථානයක් බවට පත් කෙරුණු ගිරිහඬු සෑය පුද බිමේ එවක ප‍්‍රධානියා වූයේ අමෝඝ වජ‍්‍ර තෙර නමයි.
වටදාගෙයි දොරටු හතරකි. ඒ සිව් දොරටුවෙන්ම ගිරිහඬු සෑය වෙත ප‍්‍රවිශ්ඨ විය හැකිය. දෝත් එක්කර හිසෙහි තබාගත් වනම අපි මේ උතුම් පින්බිමට පිවිසුනෙමු. චෛත්‍යයේ එක්තැනක හිඩැසකි. ඒ හිඩැසෙන් පෙනෙන්නේ මුලින්ම තැනූ කුඩා ප‍්‍රමාණයේ සෑයයි. ඉනික්බිතිව සිලාමේඝ රජු මේ චෛත්‍යය වඩාත් විශාල කර බඳවා එහි වටේට පියස්සක් සහිත වටදාගෙයක්ද තැනෙව්වේය.
වැලි මළුවෙහි පිළිම ගෙවල්ද දෙකකි. එකක ඔත් පිළිමයකි. අනෙක සමාධි පිළිමයකි. ඒ පිළිම දෙකම ශෛලමය පිළිම වීම නිසාවෙන් අද වන තෙක්ම සුරැකෙමින් පවතියි. එහෙත් හිටි පිළිමය බිම පතිත වී තිබිණි.
නික්ම යන්නට හිත නොදෙන බැවින් බොහෝ වේලාවක් සෑ මළුවට වී ඔබ මොබ ඇවිදිමින් සිටියෙමු.
නැගෙනහිර දොරටුවෙන් පිවිසුණු අපි නික්ම ගියේ උතුරු දොරටුවෙනි. නැගෙනහිර දොරටුව සේම උතුරු දොරටුවද පියගැට පෙළින් හැඩවුණු අලංකාර එකකි. මේ පිවිසුම් මග දෙපසම නටබුන් රැසකි. ඒ සියල්ල සිලාමේඝ යුගයෙහි මහායාන බෞද්ධ මධ්‍යස්ථානයට අයත් වූ ගොඩනැගිලි වල පාදම් වියයුතුය.
පසෙක ඇත්තේ ලංකා පොකුණයි. ලංකාවේ හැඩයට තනන ලද ඒ පොකුණ අද නෙළුම් විලකි.
මෙතැනට නිතුපත්පාණ වැව මොනවට පෙනෙයි. එහෙත් තුරු යායකින් වැසීගත් වනපෙත අතුරින් නිතුපත්පාණ වැවෙන් අපට පෙනෙන්නේ සුළු කොටසකි.
එහෙත් මේ සියල්ල දොලොස්වැනි සියවසෙහිදී වල් බිහිව ගියේය. හේතුව සොලී ආක‍්‍රමණය......... මෙහි ජනපදවාසීහු ගම්බිම් හැරපියා දකුණු ලකට පිය නැගුවෝය. සොලී ආක‍්‍රමණ හමුවේ කැඞී බිඳී ගිය ගිරිහඬු සෑ පුදබිම කැලය විසින් වසාගනු ලැබුයේය.
මෑත යුගයේ 1929 දී පමණ මේ ගිරිහඬු සෑයේ නටබුන් සහ සෙල්ලිපිය යළි හමුවන විට නිතුපත්පාණ තිරියාය වී තිබිණි. තිරියායේ ගිරිහඬු සෑය ලෙස මෙය ලෝක ප‍්‍රකට වූයේ ඒ අනුවය.
ඉනික්බිති කෙමෙන් එළි පෙහෙළි වූ තිරියායේ ගිරිහඬු සෑයේ නටබුන් පිළිසකර කරමින් අද පවතින තත්ත්වයට පත්කරන ලද්දේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගිනි. ගිරිහඬු සෑයේ බාරකාර හිමිනම වූයේ ගන්දර ආනන්ද නාහිමියන්ය. එවක ගිරිහඬු සෑය පණමෙන් බලාගෙන සිටි උන්වහන්සේට 1985 ජූනි 19 වැනිදා කොටි සංවිධානයේ තර්ජන එල්ල විය. කොටි තිරියායට අරක් ගත්තෙන් අපේ ගන්දර හාමුදුරුවෝ තිරියාය හැර ගියහ. පුදබිමෙහි වූ සියළු ගොඩනැගිලි කොටින්ගේ බෝම්බවලට ගොදුරුව මිහිමත ඇද වැටිණි. ශිලාමය බුදු රුවකටද මේ මෘගයෝ වෙඩිතැබූහ. එහෙත් ගිරිහඬු සැය රැක බලාගන්නට අධිගෘහිත දෙවි දේවතාවනට හැකිවිය


තිස්සමහාරාමයේ  සඳගිරිසෑය


ක‍්‍රි.පු 250 තරම් ඉපැරැණි අතීතයක් දරා හිඳින වගට කාලනීර්ණය කළ රඹුක්කන දැලිවල කොටවෙහෙරත් කි‍්‍ර.පු 200 තරම් අතීතයකට නෑකම් කියන තිස්සමහාරාමයේ පිහිටි සඳගිරි සෑයත් අපේ ස්තූප කලාවේ ආරම්භය ඉතිහාසඥයන් මෙතෙක් නොසිතූ රාජයුගයක් කරා විහිද යන බවට අද සාක්‍ෂි දරයි.
අපේ ඉතිහාසයේ පළමුවැනි වරට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව බෞද්ධ සතූප දෙකක අතීතය ක‍්‍රි.පු 250 කි‍්‍ර.පු 200 තරම් ඈත යුගවලට අයත් වෙන බව තහවුරු කර ඇත.
ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යංශයේ නව වැඩපිළිවෙළකට අනුව දැන් මෙවැනි කාර්යයන් සිදු කරන අතර පුරා විද්‍යා අධ්‍යක්‍ෂ ජෙනරාල් ආචාර්ය සෙනරත් දිසානායක සහ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරල් ආචාර්ය නිමල් පෙරේරා යන මහත්වරුන්ගේ අධීක්‍ෂණය යටතේ මේ කාර්යයන් සිදු කෙරීගෙන යයි. තිස්සමහාරාමයේ පිහිටි සඳගිරි සෑයේ කැණීමේ කටයුතු ආරම්භ කරන ලද්දේ 2000 වසරේදීය.  1986 දී රණසිංහ පේ‍්‍රමදාස මහතා කතරගම ගම්උදාව කරගෙන යන කාලයේදී සඳගිරි සෑය ප‍්‍රතිසංස්කරණය කරන්නට කටයුතු කළත් වසර 2000 වෙද්දී සඳගිරි සෑය කඩා වැටීමකට ලක්විය.
දාගැබ සංරක්ෂණයට පෙර විධිමත් පරීක්‍ෂණ කැණීමක් කිරීම පිළිබඳ අවධානය යොමුවූයේ මේ අනුවය.
මහා පරිමාණ බෞද්ධ ස්ථූපවලට ප‍්‍රතිසංස්කරණ අවධි කිහිපයක්ම ඇත. මහරජ කෙනකු මූලින් ගොඩනංවන ස්තූපය ඉන් පසු යුග යුගයන්හි රජවරු විසින් විවිධ ප‍්‍රතිසංස්කරණවලට බදුන් කරනු ලැබේ. ස්තූපය සංරක්‍ෂණය කරන්නට පෙර එම ස්තූපය අවසන් වරට ප‍්‍රතිසංස්කරණයකට බදුන් වූයේ කවර යුගයකදී දැයි යන්න විධිමත් පරීක්‍ෂණ කැණීමක් ඔස්සේ තහවුරු කරගනු ලැබේ. මුල් දාගැබේ සැලසුම හඳුනා ගැනීමත් ප‍්‍රතිසංස්කරණ අවධි හඳුනා ගැනීමත් සංරක්‍ෂණ කාර්යයට පෙර වැදගත් වෙයි.
2000 වසරේදී එවකට පුරා විද්‍යා අධ්‍යක්‍ෂ ජෙනරාල් ලෙස කටයුතු කළ ඩබ්ලිව්.එච්. විජේපාල මහතාගේ අධීක්‍ෂණය යටතේ ආචාර්ය නිමල් පෙරේරා ප‍්‍රධාන අධීක්‍ෂණ නිලධාරීයා ලෙස මෙම විධිමත් පරීක්‍ෂණ කැණීමට දායත්වය සැපයූවේය.
දාගැබේ අවධි ගණනාවක් පිළිබඳ තොරතුරු සම්භවූයේ එම විධිමත් පරීක්‍ෂණ කැණීමේදීය.
එම ස්තූපය ගොඩනැංවීමට පෙර එම භූමියේ ප‍්‍රාග් ඓතිහාසික ජනාවාසයක් පැවැති බවට තොරතුරු හෙළිදරව් විය. ඒ එහි පළමු අවධිය වුවත් එම අවධිය පිළිබඳව තවදුරටත් සොයා බලා කාලනීර්ණය කරන්නට තරම් ප‍්‍රමාණවත් නියැදි සම්භ වූයේ නැත. එහෙයින් එම පළමු අවධිය පිළිබඳව කාල නිර්ණය කිරීමක් සිදු වූයේ නැත.
ඉනික්බිති එම අවධියෙන් පසු අවධිය යකඩ යුගයට අයත් ජනාවාසයක ලකුණුවලින් යුක්තවිය. කාලනිර්ණය කරන්නට තරම් නියැදී එම අවධියෙන් සොයාගත් නිසා එම අවධිය පිළිබඳව කාලනිර්ණයක් කළ අතර ඒ අනුව එම ජනාවාසය කි‍්‍ර.පු. 900 තෙක් ඈත අතීතයකට දිවෙන බව තහවුරු විය. පූර්ව ඓතිහාසික යකඩ යුගයට අයත් එම ජනාවාසයෙන් කාල - රක්ත මැටි බඳුන් ආදී ඓතිහාසිකත්වය විවරණය කරන සාක්‍ෂි හමුවිණි.
ක‍්‍රි.පූ. 200ට අයත් යැයි  සැලකෙන සඳගිරි සෑය මුල්වරට ඉදිකර ඇත්තේ පොළොව යට තැනු ගල්වරි 47ක වේඳිකාවක් මතය. ඒ ගල්වරි නිර්මාණය කර ඇත්තේ ශක්තිමත් ගඩොලිනි.
ඇමරිකාවේ බීටා ඇනලටික් පරීක්‍ෂණාගාරයේදී මෙම කාලනිර්ණ පරීක්‍ෂණ පවත්වා තිබේ. දැලිවල කොටවෙහෙර සහ සඳගිරි සෑය යන ස්ථානවල පාදමෙන් සොයාගත් අගුරු කාලනිර්ණ පරීක්‍ෂණවලට යොමුකිරීමෙන් මෙම කාලනිර්ණ තහවුරු කරගෙන ඇත.
එදා අතීත රජුන් දවස ස්තූප ඉදි කිරීමේදී පාදම ඉදිකිරීම පිණිස කණින බිම පිළිස්සීමකට ලක්කර ඇත. පුරා විද්‍යා කැණීම්වලදී එම ස්ථර වලින් ඒ අඟුරු හමුවේ. අදාළ කාලනිර්ණ පරීක්‍ෂණවලට යොමු කරන්නේ කැණීම්වලදී සොයාගත් ඒ අඟුරුය.
මහාවංශය ප‍්‍රධාන කොටගත් වංශ කතා කියන පරිදි කි‍්‍ර.පු 250-210 යුගය අනුරාධපුර රජකම් කළ දේවානම් පියතිස්ස රාජ යුගයයි. ඇමෙරිකාවේ බීටා ඇනලටික් පර්යේණාගාරය ලබාදුන් කාල නිර්ණ දත්තය මහාවංශයේ එන එම ඉතිහාස කතාන්දරයෙ ද ඉඳුරාම තහවුරු කරන තවත් සාක්‍ෂියක් වැන්න. වංශ කතාවල කියැවෙන පරිදි දේවානම් පියතිස්ස රජු දවස මෙම නිර්මාණය කරවනු ලැබ ඇත්තේ මහානාග නම් කුමරු විසිනි.
සඳගිරි සෑයේ ගර්භය මුදුනේ ද කැණීමක් කර ඇති අතර ගඩොලින් කළ ගල්වරි 47 වේදිකාවෙන් පසු ප‍්‍රතිසංස්කරණ අවධි සඳහා  ඊට වෙනස් ගඩොල් භාවිත කර ඇත.
සඳගිරි සෑයටත් වඩා ඉපැරැණි රඹුක්කන දැලිවල කොටවෙහෙර (ක‍්‍රි.පූ. 250) ආසියාවේ මෙතෙක් හමු වූ පරැණිම සේද රෙදිකඩ තම සන්තකයේ දරා සිටි ඉපැරණි ස්ථූපයකි. පබලූ මුතු ඇල්ලූ සේද රෙදිකඩකින් ඔතන ලද රත්තරන් කරඬුවක්  දැලිවල කොටවෙහෙරින් හමුවී ඇත.

 ආඬිගල රජමහා විහාරය

 අනුරාධපුර කුරුණෑගල ප‍්‍රධාන මාර්ගයේ තඹුත්තේගම රැජින හන්දියෙන් හැරී කිලෝමීටර් 15ක් පමණ ගියවිට හමුවන ආඬිගල රජමහා විහාරය ද එකී සුවිශේෂත්වය ඇසින් දැකිය හැකි විඳිය හැකි මනස්කාන්ත පුදබිමෙකි.
මේ විහාරයේ ඉතිහාසය සොයා බලද්දී අනුරාධපුර යුගයේ මුල් සමයට නෑකම් කියන විහාරයක් හැටියට පැහැදිලිව හඳුනා ගත හැකිය. විහාරයේ සුවිසල් වූ ගිරි ශිඛරය පාදක කොට ගෙන පිහිටි පර්වත ලිපි දෙක, ලෙන් ලිපි දෙක හා කටාරම් කෙටූ ගල්ලෙන් ක‍්‍රිස්තු පූර්ව දෙවැනි සියවස තරම් දුරාතීතයට අයත් යැයි විශ්වාස කෙරේ.
ඇතැම් ලෙන් ලිපි කාලයත් සමග විනාශව ගොස් ඇතත් ලෙන් ලිපිවල ඉතිරිව පවත්නා කොටස් කියැවීමෙන් යම්තාක් දුරකට අර්ථ විග‍්‍රහයකට යෙදිය හැකිය. එවැනි එක් ලෙන්ලිපියක සඳහන් වන්නේ තිස්ස ගෝත‍්‍රයට අයත් භික්ෂුවක විසින් මේ ලෙස පුදන ලද බවය. තවත් ලෙන් ලිපියක සඳහන් වන්නේ ප‍්‍රමුඛ උත්තියගේ පුත‍්‍ර ප‍්‍රමුඛශුම විසින් ලෙන් පූජාව සිදු කරන ලද ඇති බවය. කෙසේ නමුත් මේ තොරතුරු ගවේෂණයේ යෙදෙන විට පැහැදිලි වන්නේ ලක්දිවට බුදුසසුන පැමිණි මුල් සමයේම ආඬිගල විහාරය කීර්තිමත් සිද්ධස්ථානයක් හැටියට පවතින්නට ඇති බවය.
ආඬිගල විහාරයේ ලෙන් විහාරය ඉදිරිපිට පර්වතයේ පවත්නා සෙල් ලිපියක ”කළඳගවින” යන අකුරු කීපය පමණක් ඉතිරිවී ඇති මේ ලිපිය පිළිබඳව සෙනරත් පරණවිතාන මහතාද අදහසක් ඉදිරිපත් කොට තිබේ. පුරා විද්‍යාඥයන් විසින් සඳහන් කරන ලද මත වලට අනුව කලා ඔයට නුදුරුව අතීතයේ පැවැති දියුණු වෙළෙඳ නගරයක් හැටියට මෙම ප‍්‍රදේශය පැවැතී ඇත. එදා කාල දීඝවාපී ද්වාර විහාරය ලෙස හඳුන්වා ඇත්තේ මේ ආඬිගල රාජමහා විහාරයයි. එසේම කලකදී අහලිපවත විහාරය හැටියටත්,  මේ විහාරය හඳුන්වා තිබේ. එදා මේ ප‍්‍රදේශයේ විසූ අහල නම් ඇමැතියා කරවූ ”අහල වැව” අද ”අංගමු වැව” යැයි විශ්වාස කරනු ලැබේ. මේ අහල වැවේ ජල බද්ද පූජාකර ඇත්තේ අහලිපවත චේතියටයි. සෙල්ලිපිගත තොරතුරු ගැඹුරින් පිරික්සා බලද්දී මේ ආඬිගල රාජමහා විහාරය හත්ථදාඨ මහ රජු විසින් කරවන ලද බවට තොරතුරු හමුවේ.
විහාරයේ ගල් පර්වතය තරණය කිරීමට ගලේ කෙටූ ඉතා රමණීය ගල් පඬි පෙළකි. මේ ගල් පඩිපෙළ ආඬිගල විහාරයේ මනස්කාන්තම හා වටිනාම නිර්මාණය යැයි අපිදු විශ්වාස කරමු.
ගල්පඩි නැඟ පර්වතය මුදුනට ගියවිට විශාල තැනිතලාවක් හමුවේ. ගල මුදුනෙහි ඉපැරණි දාගැබක නටබුන් දැකිය හැකිය. අඩි හයක් පමණ දිග ශෛලමය රූපය මේ දාගැබ අසලම දැකිය හැකිය මේ දාගැබ ආසන්නයේ කවාකාර ගොඩනැගිල්ලක්ද තිබී ඇත. මේ ඉපැරණි චේතිය අසේල වෛත්‍ය (අහලිපවත චේත) ලෙසද හඳුන්වනු ලැබේ. එය අසේල ඇමතිවරයා කරවූ නිසා මේ නමින් හඳුන්වන බව සිතිය හැකිය.
ගල මුදුනේ ලංකාවේ හැඩයට සමාන ස්වභාවික පොකුණක්ද දක්නට ලැබේ. එසේම ගල මුදුනේ සිට අවට බලද්දී ප‍්‍රදේශයේ සිරි අසිරිය අපූරුවට විඳ ගැනීමට පුළුවන. නිල්වන් කෙත් යාය, තුඹුල්ලේ වැව, අංගමුව වැව රාජාංගනය අවට සශ‍්‍රීකත්වය, කදිමට කියාපාන සොබාදහම් සිත්තම්ය.
මේ ගල් පර්වතයේ තැන් කිහිපයක ස්වභාවික පොකුණු කිහිපයක් දැකගත හැකිය.
පර්වතය පාමුල ඉපැරණි විහාර ගෙයක් දක්නට ලැබේ. එහි අංගනය කැටගලින් සාදා තිබේ මේ විහාර ගෙයි තිබූ බුදු පිළිමය හා විෂ්ණු රූපය විනාශ කර දමා ඇති අතර ඒ අවට ඉපැරණි නටබුන් බොහෝ දැකිය හැකිය.
විහාර ගිරි ශිඛරය පාමුල බෝධීන් වහන්සේ අභියස ඉපැරණි සෙල් ලිපියක කොටසක්ද, කාන්තා පිළිරුවක හිස කොටසද පාද ලාංජන ශිලා ඵලකයක්ද ඒකරාශි කර තිබෙනු දක්නට ලැබේ.

පුරාණ හත්ථිකුච්චි විහාරය

කි‍්‍රස්තු වර්ෂ 247 සිට වසර දෙකක් අනුරාධපුරයේ රජකම් කළ සිරිසගබෝ රජතුමා රාජ්‍යත්වය හැරදමා දහවල පසුවී පිටත්ව අනුරාධපුරයේ ඉස්සරමණ විහාරයෙන් දකුණු දිශාවට පැමිණ රාතී‍්‍ර එළඹෙද්දී පැමිණි ස්ථානයක භාවනානුයෝගීව සිටි බව වංශකථාවන්හි දැක්වේ. මෙම විහාර සංකීර්ණය හමුවන්නේ අනුරාධපුර නගරයේ සිට දකුණු දෙසට වන්නට දැනට සැතපුම් 13 ක් ඈතිනි. එය සිරිසගබෝ රජුට වරුවකින් පමණ ලගාවිය හැකි ස්ථානයකි.
ඉන් කාලයකට පසු අනුරාධපුරයෙන් බත්මුලක් අතැතිව පිටත්වූ දුගියකු එක් වරුවක ගමනකින් පසු පර්වත මුදුනකට පැමිණ ආහාර ගන්නට සූදානම් වන මොහොතේ තාපසයකු භාවනාවේ නිරතවනු දැක තම බත්පතෙන් කොටසක් පූජා කැර ඇත. ඒ තාපසයා අනුරාධපුරයේ තොරතුරු විචාල මොහොතේ ගෝඨාභය රජු සිරිසගබෝ රජුගේ හිස ගෙනැවිත් දෙන්නකුට මසුරන් දහසක් දෙන බවට අණබෙර යැවූ බවත් ඒ නිසා මිනිසුන් හිස් ගෙන ඒමට පටන් ගැනීම නිසා මහා මිනිස් ඝාතනයක් වන බවත් පැවසූ බව ඉතිහාසයේ සඳහන් වේ. අනතුරුව මේ මිනිස් ඝාතනය ගැන ශෝකය උපදවාගත් භාවනානුයෝගීව සිටි සිරිසගබෝ රජු මා නිසා මිනිසුන් මිය යාම වැළැක්විය යුතුයැයි ඉටාගෙන තම හිස සිඳ දුගියා අත තබා මෙය ගෙනගොස් රජුට පෙන්වා කහවණු දහස ගනු යැයි කී බව ද අප වංශකථාවන්හි දැක්වේ.
දුගියා හිස ගෙනවිත් දුන් පසු මේ පුවත් ඇසූ ගෝඨාභය රජු සිරිසගබෝ රජු හිස දන් දුන් ස්ථානයට පැමිණ දේහය මිහිදන් කොට එතැන බෝධිඝරයක් පිහිටවූ බවද සඳහන් වේ. ඒ ආසන්නයේ වටදාගෙයක් සහිත චෛත්‍යයක් ද කරවූ බව දැක්වේ. ඉන්පසු රාජ්‍ය අනුග‍්‍රහයෙන් අසීමිත දියුණුවක් ලැබූ හත්ථිකුච්චි විහාර භූමියෙහි නටඹුන් රැසක් දක්නට ඇත.
දැනට මේ ස්ථානයේ මතුව ඇති නටඹුන් අතර පොහොය ගෙයක්, බුදු මැදුරක්, තෙමහල් ධාතු මන්දිරයක්, උස් මාලකයක් මත කරවූ වටදා ගෙයක්, විනාශ වූ චෛත්‍ය අටක්, දාන ශාලාවක්, අර්ධ කවාකාර ශාලාවක්, පොකුණු දාසයක්, කටාර සහ පූජා ලිපි කෙටූ ලෙන් ඇතුළු ලෙන් තිස් අටක් හමුවී ඇත.
තවමත් හඳුනාගත නොහැකිව තිබෙන විශාල ගොඩනැගිලි සංඛ්‍යාවක් ඇතුළුව අක්කර තුන්සියයක් පුරා විසුරුණු නටඹුන් සහිත මෙම පූජා භූමියේ මහනුවර යුගයේ බුදු පිළිමයක් සහිත ලෙන් විහාරයක් තවතමත් දක්නට ලැබේ.
''අස අචරිය සිරස” යනුවෙන් සඳහන් වූ ශිලාමය පුවරුවක් හත්ථිකුච්චි විහාර භූමියේදී හමුවී ඇත. එය පිහිටි ස්ථානයේ වටදාගෙයක් සහිත චෛත්‍යයකි. චෛත්‍යයට ඉතාමත්ම ආසන්නයේ පැරණි බෝධිඝරයක් පිහිටා ඇත. මේ බෝධිඝරයේ සිව් දෙසින් ඇති මල් ආසන වලින් දෙකක් අතර ගඩොලින් කරන ලද තවත් හතරැස් කොටු ආකාරයේ අඩි තුනක් පමණ උසැති අඩි අටක් පමණ දිගැති ඉදිකිරීමක් තිබේ. එහි එක් පසෙක් කවාකාර ගල් ස්ථම්භයක් ද තබා තිබේ. මෙවැනි නිර්මාණයක් ශී‍්‍ර ලංකාවේ කිසිදු ස්ථානයක බෝධිඝරයක දක්නට නැත. පුරාවිද්‍යාඥයන් පවසන්නේ හිසදන් දුන් සිරිසගබෝ රජතුමා මිහිදන් කළ ස්ථානය එය විය යුතු බවයි.
ඒ අසළ ඇති කඳු ගැටය මත දී හිස දන් දුන්නානම් රජුගේ සිරුර එතැනට වැටීමට ඉඩ ඇත. රජු හිස දන් දුන් ස්ථානයේ ඉරහඳ නොදුටු පොකුණක් වූ බවද ඒ කථාවන්හි සඳහන්වේ. හත්ථිකුච්චි විහාර සංකීර්ණයේ සිරිසගබෝ රජු හිස දන් දුන් ස්ථානයයැයි සැළකෙන ස්ථානයේ ද එවැනිම වූ ස්වභාවික පොකුණක් පිහිටා ඇත. බෝධිඝරයත් වටදාගෙය සහිත චෛත්‍යය පිහිටි ස්ථානයට ඉහළින් ගල් පර්වතය මත මෙම පොකුණ පිහිටා තිබේ. ගල් ලෙනක් ඇතුලත ඇති මේ පොකුණේ කිසිදා දිය නොසිදෙන අතර හිරුගේ හෝ සඳුගේ ඡායාව වසරේ කිසිදු දිනක මේ පොකුණට වැටෙන්නේ ද නැත.එම පොකුණ පිහිටි ස්ථානයේ ඇති කුඩා ලෙනෙහි සිටි මිනිසකු බිමට වැටුණහොත් පතිත වන්නේ බෝධිඝරය පිහිටා ඇති ස්ථානයට බවද පැහැදිලි කරුණකි



ඉසුරුමුණිය
මෙය තිස්සරජු විසින් නිර්මණය කරන ලදි. ඉසර මානයේ කොටස් වේ. මෙහි ගුහවත් වන අතර මෙය අතිත සියවස් හි භික්ෂුන් වහන්සේලා ලැගුම් ගන්න ලදි. ස්ථානයකි. මෙහි අනුරධපුර යුගයේ ඉත අලංකර නිර්මණ වලින් ගහන අතර මෙවයෙහි තේරුම් තේරුම් ගැනිමට අපහසුය. මෙම පර්වතයේ නැගෙනහිර දිශාවේ පියගැට පෙලට පසු කල විට පොකුනක් හමු වන අතර  මෙය ජල කපොල්ලක් හරහා ජලය පැමිනේන කුහර අලංකාර  ඇති කැටයම් ලෙස නිර්මානය කොට ඇත.





යාපහුව
යාපහුව පුරාන ශ්‍රි ලංකාවේ ප්‍රධන නගරයක් විය මෙය ඉතාමත් කදුකර ප්‍රදේශයක් විය.මුහුදු මට්ටමෙන් අඩි 100ක් පමණ ඉහලින් පිහිටි යාපහුව වයඹ පලතේ කුරුණැගල  දිස්ත්‍රික්කයේ පිහිටා තිබේ. කොළඹ සිට කි.මි පමණ දුරින් පිහිටි මෙහි ගමන් මර්ගය මෙලෙස  පිහිට ඇත. කොළඹ  සිට  කුරුණැගලට  පමින  කුරුණැගල  සිට වරියපොල දක්වා අනුරධපුර මාර්ගයේ ගමන් කොට දළදාගම හන්දියෙන් හැරි ගමන් කොට මහො මංසන්ධියෙන් දකුණට හැරි ගමන් කල විට යාපහුවට ගමන්කලහැකි අතර මෙහි වාර්ශික වර්ශා පතනය 1500-000 මි:මි අතර වේ.
යාප03.jpgශ්‍රී ලංකාවේ අගනගර රාජධානි සොළී ආක්‍රමණ සහ ස්වභාවික ආපදා තත්ත්වයන් නිසා ක්‍රමයෙන් නිරිත දිගට සංක්‍රමණය විය. එම සංක්‍රාන්තියේ සිවුවන නැවතුම්පොළ වූයේ යාපහුව බලකොටුවයි. කුරුණෑගල දිස්ත්‍රික්කයේ මහව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මහව මංසන්දියට කිලෝමීටර 04ක් පමණ වයඹ දිශාවෙන් පිහිටි යාපහුව 13 වන සියවසේ දශකයක් පමණ කෙටි කාලසීමාවක් සඳහා දිවයිනේ අගනගරය බවට පත්ව තිබූ පර්වත ආශ්‍රිත පැරණි නගරයකි. පොළොන්නරුව රාජධානි සමයෙන් පසුව නිරන්තර ඇතිවූ විදේශීය ආකුමණ හමුවේ වැදගත් ආරක්‍ෂාස්ථානයක් ලෙස යොදාගත් බවට සාක්ෂි ඇති මෙම පුරාස්ථානය පෞරාණිකත්වය අතින් ඉනිදු බෙහෙවින් ඈත වකවානුවක පටන් ජනාවාසයක් ලෙස පැවතුණකි. ප්‍රාග් ඓතිහාසික අවධියට අයත් ජනාවාස සාධක සහිත යාපහුව සහ තදාසන්න ප්‍රදේශය පූර්ව ඓතිහාසික සමයේදීත් මූල ඓතිහාසික සමයේදීත් වැදගත් ජනාවාසයක් විය. මේ වගට පුරාවිද්‍යාත්මක සාධක අනුසාරයෙන් සාක්‍ෂි ඵලවන්නේ වුවද යාපහුව පිළිබඳ මුල්ම විස්වසනීය ලිඛිත මූලාශ්‍රගත සදහන් 13 වන සියවසට බොහෝ දුරට සීමාවෙයි. සුභ නම් ප්‍රාදේශීය පාලකයෙකු කාලිංග මාඝගේ ආක්‍රමණ සමයේ යාපහුවේ බලකොටුවක් සහ නගරයක් ගොඩනංවා එහි සිට එම ප්‍රදේශය පාලනයකළ බවට සාධක ලිඛිත මූලාශ්‍රයන්හි දක්නට ලැබේ. මින් අනතුරුව සිව්වන විජයබාහු යාපහුවේ යම් යම් සංවර්ධන වැඩ සිදුකරන ලද අතර මෙය එම වකවානුවේ වැදගත් ආරක්‍ෂක මධ්‍යස්ථානයක් විය. රාජ්‍යත්වයට පෙරද යාපහුවෙහි විසුම්ගෙන සිටි සිව්වන විජයබාහු රජුගේ සොයුරු බුවනෙකබාහු සිය සොයුරාගේ ඇවෑමෙන් රාජ්‍යත්වයට පත්වීමෙන් ටික කලකට පසු යාපහුව සිය අගනගරය ලෙස තෝරාගනී. එය ලංකාවේ සිව්වන රාජධානියයි.

ඓතිහාසික පසුබිම

මෙකල යාපහුව නමින් දන්නා පව්වෙහි පැරණි නම අප්‍රකටය. යාපහුව පිළිබඳ මුලින්ම අසන්නට ලැබෙනුයේ සුභ නම් සෙනවියා විසින් 13 වන සියවසේ මුල් භාගයේ පැවති කාළිංග මාඝගේ අවිචාරවත් පාලන සමයේ දී ප්‍රදේශ ආරක්ෂාව පිණිස බලකොටුවක් ගොඩනගා එහි විසීම සම්බන්ධයෙනි. මෙම අවස්ථාවේදීත් මීට පසු අවස්ථා කිහිපයකදීත් මෙම පර්වතය හදුන්වනු වස් යාපව්ව, යාපව්ගල යන නම් වංශකතාවල යෙදී තිබේ. සිංහල බෝධිවංසය යාපහුව විෂයෙහි 'සුන්දරගිරි පව්ව' යන නම ආරෝපණය කොට තිබේ. සුභ සෙනවියා විසින් සිය වාසය සඳහා තෝරා ගැනීමෙන් ඉක්බිති මෙම පව්ව සුභවාල, සුභගිරි යන නම් වලින් ද හැදින්වූ බව පෙනේ. දළදා පූජාවලියේ මෙම පව්ව හදුන්වනු වස් අයෝපබ්බත යන්න යොදයි. යාපහුව පුරාස්ථානය සහ තදාසන්න ප්‍රදේශය පිළිබඳ ඉපැරණිම පුරා විද්‍යාත්මක සාධක ප්‍රාග් ඓතිහාසික සමය දක්වා දිවේ. යාපහු පර්වත මස්තකයෙන් ද පර්වත බෑවුමේ ඇති ලෙනකින් ද අවට ප්‍රදේශයෙන් ද ප්‍රාග් ඓතිහාසික ජනාවාස සාධක අනාවරණය කෙරේ. මෙම සාධක අතරට භාවිතකළ සහ නොකළ තිරුවානා වටගල්, භාවිතකළ රත්හිරියල්, කහඳ හා තිරුවානා අපද්‍රව්‍ය සහ දුලබ තිරුවානා ගල් අයත්ය. දඹදෙණියේ රජකල හතරවන විජයබාහු රජුගේ ඇවෑමෙන් රාජ්‍යත්වයටපත් පළමු බුවනෙකබාහු රජුද රාජ්‍යත්වයෙන් පසු වසර කිහිපයක් දඹදෙණියේ වාසයකොට පසුව යාපහුවට පැමින එහි සෞභාග්‍යයෙන් බබලන අතිශය සංකීර්ණ වූ රාජධානියක් කරවීය. පළමු බුවනෙකබාහු රාජ්‍යකාලය වසර 12 කට සීමා වේ. ඔහු රාජ්‍යත්වයට පැමින වසර කිහිපයක් අවසන් දඹදෙණි පාලකයා ලෙස දඹදෙණි නුවරද ගතකල හෙයින් බුවනෙකබාහු රටේ අගරජ ලෙස යාපහුවෙහි කොපමන කලක් ගතකලේ දැයි අපහැදිලිය. යාපහුව දිවයිනේ අගනගරය ලෙස පැවති කෙටි කාලසීමාව රටේ අගනගරය ලෙස පැවති ස්ථාන අතරින් දෙවැනි වන්නේ නම් ඒ දැදිගම රාජධානියට පමණි. එසේ වුවද අගනගරයක් වශයෙන් යාපහුවේ ශේෂව ඇත්තා වූ පුරාවිද්‍යාත්මක නෂ්ටාවශේෂයන්හි ප්‍රමාණය දෙවැනි වන්නේ අනුරාධපුරය, පොළොන්නනරුව, සීගිරිය සහ ඇතැම් විටෙක මහනුවරට පමණි. ආරක්‍ෂිත බලකොටුවක් වශයෙන් ඇති වැදගත්කම අතින් යාපහුව දෙවැනි වන්නේ සීගිරියට පමණකැයි පරණවිතාන පවසයි.
  
පුරාවිද්‍යාත්මක අවශේෂ
සීගිරිය හැරුණුවිට දිවයිනේ ඇති පුරාවිද්‍යාත්මක වශයෙන් වැදගත් වූ බලකොටුව යාපහුව බවට විවාදයක් නැත. උතුරු, නැගෙනහිර සහ බටහිර පාර්ශවයෙන් තරණයකල නොහැකි ප්‍රපාතාකාර පර්වතයක් වූ යාපහුවේ පර්වත මස්තකයට පිවිසිය හැකි පැරණි මග පර්වතයෙහි දකුණු පසින් පිහිටා තිබේ. පර්වත මස්තකයට පිවිසිය හැකි ප්‍රපාතාකාර නොවන පර්වතයේ දකුණු පාර්ශවයේ ආරක්ෂක සංවිධාන කෘත්‍රිම උපාය මාර්ග සැළසීමෙන් ශක්තිමත් කිරීම අවශ්‍ය විය. එකී අරමුණ ශාක්ෂාත් කරගනු පිණිස පර්වතයේ දකුණින් වූ සම බිම පවුරු සහ දිය අගල් වලින් පිරිකෙව් කර ඉන් අනතුරුව පුවනෙකබාහු රජු යාපහුව රාජධානිය ගොඩනගන්නට ඇත. දිය අගල් දෙකකින් සහ ප්‍රාකාර දෙකකින් ආරක්ෂිත වූ ඇතුල් නගරය රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් වැදගත් වී යැයි සිතිය හැකි ගොඩනැගිලි ගණනාවකින් ද විසිතුරු සෝපානයකින් ද සමන්විත වේ. පර්වත මස්තකයේ රජ මාළිගය සහ තවත් ගොඩනැගිලි ද පනාබැමි සහ පොකුණු ඇතුලු ඉදිකිරීම් ද තිබී ඇත. එදා පළමු බුවනෙකබාහු රජු සමයේකළ ඒ විශ්මිත නිමැවුම්වල අද අපිට දක්නට ඇත්තේ නෂ්ටාවශේෂ පමණි.

පිට නගරය

පිට දිය අගල සහ පිටනගර ප්‍රාකාරයත් පිට නගරයට සම්බන්ධ ද්වාර මණ්ඩපයත් පිටනගර ප්‍රාකාරයේ සිට ඇතුල් නගර අගල දක්වා වු බිම් ප්‍රදේශයත් පිට නගරය සේ සැලකේ. වපසරිය අතින් පිට නගරයට වඩා ඇතුල් නගරය කිහිපගුණයකින්ම විශාල මුත් මෙම බිම් ප්‍රදේශය තුල පැහැදිලි ගොඩනැගිලි කිසිවක් හදුනාගත නොහැකිය. නමුත් ඇතුල් නගරයේ බටහිර දොරටුවේ සිට මීටර 22 ක් පමණ බටහිර දෙසින් වූ ගල් තලාවක කොටා ඇති පියගැට 03 පිට නගරයට අයත් ගොඩනැගිල්ලක් පිළිබඳ අනුමාන සහගත වූ එකම පුරාවිද්‍යාත්මක සාධකය වේ. මීට අමතරව ඇතුල් නගරයේ දක්නට නොලැබෙන පොකුණු කිහිපයක් පිට නගරයේ දක්නට ලැබෙන බැවින් පිට නගර ප්‍රදේශය රජ මාළිගයක අවශ්‍ය අංගයක් ලෙස සලකන ලද්දාවූත් එහෙත් යාපහුවේ හදුනාගත නොහෙන 'රාජකීය උද්‍යානය' ද යන්න පිළිබඳ පුරාවිද්‍යාඥයින් තුළ සැකයක් මතු වී ඇත.

පිට දිය අගල

පර්වතයට දකුණින් පර්වත පාදස්ථානයේ පිහිටි ඇතුල් නගරයත් ඒ වටා පිහිටි පිට නගරයත් ඇතුලත් බිම් ප්‍රදේශය පිරිකෙව් වන පරිදි පිට නගර ප්‍රාකාරයත් එහට පිටතින් පිට දිය අගලත් ගොඩනගා තිබේ. දිය අගලෙහි දෙපස යාපහු පර්වතය හා වැදී කෙළවර වේ. අශ්ව ලාඩමක හැඩයට කිලෝමීටරයකට අධික දුරක් ගමන් ගන්නා පිටත දිය අගල මෙකල පුළුලින් මීටර 18 ක් ද ගැඹුරින් මීටර 03 ක් ද වෙයි.

පිට ප්‍රාකාරය

පිට දිය අගලට ඇතුලතින් පිහිටි පිට නගර ප්‍රාකාරය දිය අගල ගමන් ගන්නා සමස්ථ දුර ප්‍රමාණය ඊට සමාන්තරව ගමන් ගනී. ප්‍රාකාරය මැනවින් ශේෂිත ස්ථානයන් හි උපරිම උස මීටර 04 ක් පමණ ද පළල මීටර 22 ක් පමණ ද වේ. මෙහි පහළ කොටස ගල් කුට්ටිවලින් තනා ඉහළ කොටස ගඩොලින් ඉදිකර ඇති බවට සාධක කිහිප ස්ථානයක දක්නා ලැබේ. පිට නගරය මධ්‍යයෙන් ඇතුල් නගරයට ප්‍රවේශවීම සඳහා දොරටු 03 කි. මින් වඩා සිත්ගන්නා සුළු වනුයේත් වඩා වැඩි ආයාසයකින් තනා ඇත්තේත් දකුණු දොරටුවයි. ද්වාර මණ්ඩපයට ගොඩවීමටත් බැසීමටත් පියගැට 16 ක් සහිත මෙම දොරටුව පාගමනින් යන්නන්ගේ ප්‍රයෝජනයට යොදාගන්නට ඇතැයි සිතිය හැකි අතර එය මෙහි ප්‍රධාන දොරටුව වන්නට ඇත.

පියගැට පෙළ සහ ගල් කෙමිය

ඇතුල් නගර පව්වේ බටහිර දොරටුවේ සිට මීටර 22 ක් පමණ බටහිර දෙසින් ඇති ගල් තලාවක් මත ගලෙහිකෙටූ පියගැට 03 කි. මෙම පියගැට පෙළට මීටර 06 ක් නැගෙනහිරින් ස්වභාවික ගල් කෙමියක් ඇති අතර එහි ඉවුරු සක්කා ගලින් බැද තිබූ බවට සාක්ෂි දක්නට ඇත.

ඇතුල් නගරය

ඇතුල් නගරයේ සීමාවන් ලෙස යෙදෙන ඇතුල් නගර ප්‍රාකාරයත් දිය අගලත් පිට දිය අගල සහ පවුර මෙන් ම අශ්ව ලාඩමක හැඩති සැලැස්මකින් යුතුව ගමන් ගනී. ඇතුල් නගර පව්වෙහි සහ දිය අගලෙහි එක් අන්තයක් පුරාවිද්‍යා කෞතුකාගාරය පිටුපසින් පර්වතයට සම්බන්ධවන අතර අනෙක් අන්තය යාපහු පර්වතයේ දකුණු පසට ඇති නෙරුමට පහළින් පර්වතය හා සම්බන්ධ වේ. යාපහු නගරයට අයත් කැපීපෙනෙන ස්මාරක අතරින් බහුතරය දක්නා ලැබෙන්නේ ඇතුල් නගරය තුළයි.

ඇතුල් අගල

ඇතුල් නගරයේ බාහිර සීමාව ලෙස යෙදෙන ඇතුල් දිය අගලේ පළල තැනින් තැනට වෙනස්වන අතර එය දළ වශයෙන් මීටර 14 ක් පමණ ද දැන් ඇති ගැඹුර 1.7 ක් පමණ ද වේ. ඇතුල් දිය අගලේ සමස්ථ දිග ප්‍රමාණය මීටර 330 කි.

ඇතුල් පවුර

ඇතුල් දිය අගලත් සමගම ඊට ඇතුලතින් දිවෙන ඇතුල් පවුර මනාසේ සැකසුන ගලින් නිමි චිත්තාකර්ෂණීයවූත් චාම්වූත් නිමැවුමකි. භූ විෂමතාවට අනුරූපීව උසින් විෂම වන මෙම පවුරේ උසම ස්ථානය මීටර් 03 කි. පවුර මුදුනෙහි බොකු පියස්සක හැඩයට නෙලූ තෙප්පි ගල් පෙළක් යොදා තිබේ. පවුර ඔස්සේ ඇතුල් නගරයට පිවිසීමට දොරටු දෙකකි. ඇතුල් නගරයේ එක්රැස්වන ජලය ඇතුල් පවුර තුළින් ඇතුල් දිය අගල කරා බැස්සීමට ඉවහල් වූ ගලින් කල සොරොව් දෙකක් ද මේ පවුරේ දක්නට හැකිය. ප්‍රාකාරයේ සම්පූර්ණ දිග මීටර 440 ක් පමණ වේ.

සභා ශාලාව

දළදා මාළිගාවට පිවිසෙන විසිතුරු පියගැට පෙළෙහි ආරම්භක පියගැට පංතිය ආරම්භ වන තැන සමබිමේ ඇති සිව්රැස් සැලැස්මෙන් යුත් ගොඩනැගිල්ල සභා ශාලාව නමින් හැදින්වේ. ඊසාන-නිරිත අතට මීටර 17.7 ක් ද වයඹ-ගිනිකොන දෙසට මීටර 11.9 ක් ද බැගින් දිග පළල වූ මෙම ගොඩනැගිල්ලට පිවිසෙනු සඳහා පියගැට පංති 03 ක් එහි ගිනිකොන,වයඹ සහ නිරිත දිසාවන්ගෙන් වේ.

රජ මාළිගය

සැලැස්මෙන් සිවුරැස් වූ මෙම ගොඩනැගිල්ල රජ මාළිගය බැව් සාමාන්‍ය පිළිගැනීම වුවත් මෙය සහතික කරවනු වස් කිසිදු ඓතිහාසික හෝ පුරාවිද්‍යාත්මක සාධකයක් හමුනොවේ. දිගු පුළුලින් මීටර් 26.7 ක් බැගින්වන මෙම ගොඩනැගිල්ල ගඩොළුමය ඉවුරෙන් යුත් සිවුරැස් වේදිකාවක් ලෙස දිස් වේ.

ගොඩනැගිලි

ඇතුල් නගරයේ ප්‍රධාන වශයෙන් ගොඩනැගිලි 03 ක නටඹුන් දක්නට හැකිය. 'සභාශාලාව' නමින් හැදින්වෙන ගොඩනැගිල්ලට බටහිර දෙසින් පිහිටි ආයත චතුරඝ්‍රාකාර පෙනුමෙන්යුත් ගොඩනැගිල්ලක්වන මෙහි අපේක්ෂිත අරමුණ අපහැදිලිය. පැරණි වීථියේ එක් පාර්ශවයක ඇති මෙම ගොඩනැගිල්ල මීටර 66.3 ක් දිගුවන මුත් පළල මීටර 6.6 කි. මෙම ගොඩනැගිල්ලට යාබදව වීථියේ අනෙක් පාර්ශවයේ තවත් එවැනිම ගොඩනැගිල්ලක් වෙයි. දිගින් මීටර් 70 ක් වන මෙය වීථියට විරුද්ධ දිශාවෙන් පර්වතයට මළුවක ආකාරයෙන් සම්බන්ධවන බැවින් බිත්තියක් නොදක්නා ලැබේ. අනෙක් ගොඩනැගිල්ල දළදා මාළිගය නම් ගොඩනැගිල්ල අසල පිහිටා ඇත.

ද්වාර මණ්ඩපය සහිත විසිතුරු පියගැට පෙළ

යාපහුවේ ඇති වාස්තු විද්‍යාත්මක සහ කලාත්මක අංග සියල්ල 'දළදා මාළිගය' නමින් හැදින්වෙන ගොඩනැගිල්ල සහිත මළුවට පිවිසෙනු සඳහා වූ පියගැට පෙළත් එහි ඉහළ අන්තයේ වූ ද්වාර මණ්පයත් අලංකාරවත් කිරීම මූලික අභිප්‍රාය කොට ගත්තේ වේ. මෙය කෙතරම් විස්තීරණ නිමැවුමක් ද යත් මේ විසිතුරු පියගැට පංතියේ ස්වරූපය විස්තර කිරීම පවා අසීරුය. ගලින්කළ වාමනරූප, නලඟනන්ගේ රූප, කාන්තා රූප, දොරටුපාල රූප, පුන්කලස්, ලියවැල්, කොරවක් ගල්, කූඩ්‍ය ස්ථම්භ, කිඹිහි මුහුණ සහිත තොරණ, ගජසිංහ කොරවක් ගල්, නටන වයන රූප ආදියෙන් සුසැදි පියගැට පෙළ යාපහුවේ විස්මිත නිමැවුම් වන අතර දෙපසෙහි අල්වැල මත නිමවූ 'සිංහ මූර්ති' යුගලය එහි වටිනාකම තවත් වැඩි කරවන්නකි. ( විසිතුරු පියගැට පෙළෙහි ඇති මෙම සිංහ මූර්ති දෙක අතරින් නැගෙනහිර පාර්ශවයේ අත්වැල මත වන සිංහ රුව සම්පූර්ණයෙන්ම නිමකර ඇති අතර දකුණු පාර්ශවයේ සිංහ මූර්තිය සම්පූර්ණ වශයෙන් ඉදිකර නැත.) මීට අමතරව ද්වාර මණ්ඩපයේ උළුවස්සත්, ත්‍රිත්ව කුළුණු සහ මකර තොරණත් යාපහුවේ වාස්තු විද්‍යාව සහ කලාව ලොවට හඩගා කියන්නක් වෙයි.

දළදා මාළිගය

ද්වාර මණ්ඩපය ඔස්සේ කුඩා සම බිමට පිවිසෙන්නා අභිමුඛ වනුයේ බටහිර-නැගෙනහිර අතට මීටර 30 ක් ද උතුරු-දකුණු අතට මීටර 17.1 ක් ද වන ගඩොළුමය ගොඩනැගිල්ලක් වෙතටයි. දළදා මාළිගය සේ සැලකෙන මෙහි ඉදිරි බිත්තියේ මීටර 3.4 ක් ඉදිරියට ප්‍රක්ෂේපනය වන කොටසින් ගොඩනැගිල්ලට ප්‍රවේශ වීමට පියගැට පේළි දෙකකි.

පර්වත මස්තකයේ නටඹුන්

ද්වාර මණ්ඩපය සහිත පියගැට පෙළ.jpgපර්වත මස්තකයේ ඇති ඉපැරණි පුරාවිද්‍යාත්මක සාධක වශයෙන් සැලකිය හැක්කේ විශ්වසනීයත්වය සැක සහිත ප්‍රාග් ඓතිහාසික සාධක ස්වල්පයකුත් ක්‍රිස්තු පූර්ව අවසන් සහශ්‍රකයට හෝ ක්‍රිස්තු වර්ෂාරම්භ මුල් සියවස් දෙක තුනට හෝ නිසැක ලෙස දින නියමකළ හැකි කාල රක්ත වර්ණ මැටි බදුන් වලින් හෙලිවන ජනාවාස සාධකත්ය. මේ හැරුනුවිට අක්කර 05 ක් පමණ වන පර්වත මස්තකයෙහි 13,14 වන සියවස් වල ඉදිකලා යැයි සිතිය හැකි පොකුණු සහ පනාබැමි ඇතුළු ඉදිකිරීම් 32 ක් හදුනාගෙන තිබේ. ඇතැම් තැනක ගොඩනැගිලි ඉදිකිරීමට යෝග්‍යවන පරිදි විෂම බිම් පනාබැමි මගින් සමකොට තිබේ. මෙම ගොඩනැගිලි අතරින් විශාලම ගොඩනැගිල්ල වන රජ මාළිගයත් තවත් ගොඩනැගිලි කිහිපයකුත් හැරුනුවිට බොහෝ ගොඩනැගිලිවල අපේක්‍ෂිත අර්ථය මෙකල අපහැදිලිය. පර්වත මස්තකයට ගමන්කල මාර්ගයට අයත් බැව් බොහෝ විට නිසැක සෝපාන පංතියක අවශේෂ පර්වතයේ දකුණු බෑවුමේ කඩින් කඩ දක්නට හැකිය. පර්වත මස්තකයේ විවිධ ප්‍රමාණයෙන් යුත් ස්වභාවික ගල්කෙමි 05 ක් දක්නට හැකි අතර ඉන් සමහරක් ඉවුරු බැද පොකුණු බවට පත්කර ඇත. ප්‍රමාණයෙන් සහ ගණනින්ද වෙනස් කුඩුම්බි සිදුරු සහ ඒහා බැඳි අත්තිවාරම් කාණු සහිත ස්ථාන 03 ක් ද පර්වත මස්තකයේ ඇති අතර කුඩුම්බි සිදුරු පමණක් හමුවන ස්ථාන 02 කි. පිහිටි ගලේ කෙටු කාණුවක් මෙන්ම වෘත්තාකාර පාදම් යුගලයක් ද පර්වත මස්තකයේ නටඹුන් අතර වේ. මීට අමතරව පොකුණු 02 ක් සහ මල්විලක් ද පර්වත මස්තකයේ දැකිය හැකිය. පර්වත මස්තකයේ නටඹුන් අතර විවිධ ප්‍රමාණයෙන් සහ හැඩයෙන් යුත් පනා බැමි 06 ක් ද වේ. මේ හැරුණුවිට ගොඩනැගිලි කිහිපයක නටඹුන් දැකියහැකි පර්වත මස්තකයේ මුර කුටියක නටඹුන් ද ඇත. තවද පර්වත මස්තකයේ උසම ස්ථානයට වන්නට ඇති ස්ථූපයත් ඊට නුදුරුව ඇති බෝධිඝරයත් පර්වත මස්තකයේ නටඹුන් අතර ශේෂව පවතී.

ලෙන් සංකීර්ණය

යාපහුව පර්වතය ආශ්‍රිත ලෙන් 40 ක් පමණ දක්නා ලැබෙන අතර ඉන් ලෙන් 25 ක් පමණ කටාරම් කොටා සකසන ලද ඒවායි. මෙම ලෙන් පර්වතය ආශ්‍රිතව පැවති ආරාම සංකීර්ණයක් පිළිබඳ සාධක සපයයි. මෙම ලෙන් අතරින් ලෙන් 03 ක පූර්ව බ්‍රාහ්මී ශිලා ලිපි දක්නා ලැබෙන අතර ක්‍රිස්තුවර්ෂාරම්භයේ හෝ ක්‍රිස්තුවර්ෂයට සුළු කළකට පෙරාතුවප පටන්ම මෙම ලෙන් සංඝාවාසයක් ලෙස උපයෝගී කොටගත් බව පෙනේ. කටාරම් නොකෙටූ ස්වභාවික ලෙන් අතරින් ඇතැමක් වාසස්ථාන ලෙස යොදාගත් බවට සාධක වෙයි. ඇතැම් ලෙන් ඇසුරේ ප්‍රාග් ඓතිහාසික යුගය නියෝජනය කරන්නා වූ සාධක ද හමුවන හෙයින් ප්‍රාග් ඓතිහාසික යුගයේ සිටම මෙම ලෙන් මානව ක්‍රියාකාරකම් වලට හසුවී ඇති බව පෙනේ. පර්වතයේ උතුරු, නැගෙනහිර සහ දකුණු බෑවුම් ප්‍රදේශ ආශ්‍රිතව ලෙන්වල බහුල ව්‍යාප්තියක් දක්නා ලැබේ. විවිධ ප්‍රමාණයන්ගෙන් යුත් මෙම ලෙන් 40 අතරින් විශාලම ලෙනේ දිග මීටර 30 ක් ද ගැඹුර මීටර 08 ක් ද උස මීටර 30 ක් ද වේ.

සෙල්ලිපි
ශ්‍රි ලංකවට වසර 2230 පමන පරණි කිර්තිමත් ඉතිහසයක් වන අතර ශ්‍රි ලංකවෙ ඉතිහසය පිලිබද බොහො තොරතුරු මහාවංසය නම් ග්‍රන්ථයෙ සදහන් වේ.ශ්‍රි ලංකවේ ඉතිහසය පිලිබද අධ්‍යයනය කිරිමෙදී සෙල්ලිපි වදගත් ස්ථනයක් හොබවඉ.සෙල්ලිපි ගෑන කථා කිරිමෙදි ඉන්දියවේ රජ කල  ධර්මශොක රජු අපට අමතක කල නොහෑක.ඔහු ලොව පුරා බුදුදහම විය්‍යාප්ත කිරිමට මුල් වුනු අතර විශාල සෙල්ලිපි ප්‍රමනයක් නිර්මානය කලේය.ලංකාවේ සෙලිපි කියවිමට මුල්තෑන ගත් පුත්ගලයා ලෙස මහාච්‍යය සෙනරත් පරනවිතාන හෑදින්විය හෑක.ලංකවේ ප්‍රධාන සෙල්ලිපි කිහිපයක් පහත දෑක්වේ.මිහින්තලෙ සෙල්ලිපි,මලහිටියාවේ ගල් සෙල්ලිපි,මහරත්මලෙ සෙල්ලිපි,පොලොන්නරුවේ ගල් විහරයෙ සෙල්ලිපි.


පුරාණ සෙල් ලිපි ගී
ඓතිහාසික හා පුරාවිදු සාධක පදනම් කොට සිංහල ලේඛන කලාවේ ආරම්භය ක්‍රි.පූ. 5-6 සියවස තරම් ඈත කාලයට රැගෙන යා හැකිය. එහෙත් සිංහල ශිලා ලේඛන කලාවේ ආරම්භය ක්‍රි.පූ. 3 වන සියවස තරම් ඈත කාලයට දිවයයි. මුල් කාලයේ ශිලා ලේඛන ගල් ලෙනක කටාරමට පහළින් එක්‌ අක්‌ෂරයක්‌ අඟල් 3-4 තරම් විශාල ප්‍රමාණයෙන් වැකි 6-7 ට සීමා විය. එවැනි ලේඛන මිsහින්තලය, වෙස්‌සගිරිය හා සිතුල්පව්ව ආදී ස්‌ථානවලදී හමු වේ. කාලයත් සමග භාෂාවේ හා තාක්‌ෂණයේ වර්ධනයේ ප්‍රතිඵලයක්‌ වශයෙන් ශිලා ලේඛන ලිවීම සංඛ්‍යාත්මකව වර්ධනය වන්නට විය. එසේ බිහි වූ ශිලා ලේඛන ආකෘතිමය වශයෙන්,

1. ලෙන් ලිපි

2. ටැම් ලිපි

3. පර්වත ලිපි

4. පුවරු ලිපි

වශයෙන් වර්ග කළ හැකිය. තවද තඹ, රිදී, හා රන් ආදී දෑ මතද පුරාණ ලේඛනයන් ලියා ඇත. පනාකඩුව තඹ සන්නස, වල්ලිපුරම් රන් සන්නස හා

ඡේතවන රන්පත්තිරුව එවැනි ලේඛන කීපයකි. පුරාණ සිංහල ලේඛනයන් ගද්‍යය හා පද්‍යය යන දෙවර්ගයෙන් ම රචනා කොට තිබේ.

විශේෂයෙන් මෙහිදී අපගේ අවධානය පද්‍යය ශිලා ලේඛන කෙරෙහි යොමු කෙරේ. සිංහල නූතන කවිකරුවන් මෙන්ම පුරාණ කිවිඳුන් ද සිය කාව්‍යකරණයේ දී විවිධ විරිත් භාවිත කොට තිබේ. ඒ සඳහා පුරාණ කවිකරුවන් භාවිත විරිත් හා සඳැස්‌ පිළිබඳව එළු සඳැස්‌ ලකුණෙහි මෙසේ දක්‌වා ඇත.

කෙළ සුවහස්‌ විරිත්
සදැස්‌ ලකුණු දනු එලූයේ
එබදුත් හොත් කවියරන්
නොවිරිත් නමැයි කො විරිත්
ඇතහොතු දූ රුවන්
ගන අඳුරේ කොටාරේ
රිවි රසිනා සක්‌ දක්‌නේ
පළට නැත ඉරියත්

එළු සදසෙහි ඉහත ප්‍රකාශයට අනුව සිංහල කවිය තුළද සුවහසක්‌ විරිත් හා සදැස්‌ ඇත. එබැවින් එළු සදැස්‌ ලකුණෙහි දක්‌නට ලැබෙන හා නොලැබෙන විරිතින් රචිත ශිලා පද්‍යයන් ද තිබේ. ඒ අතර කුසලාන්කන්ද ලිපිය එළු සදැස්‌ ලකුණෙ නොමැති විරිතකින් රචනා කොට ඇත.

"උපරජ නග පුතෙ - රජ අබයෙ නම තශ පුතෙ
ගමිණි තිශෙ නම ලෙණෙ - කරිතෙ ශදශන ශගශ"

(නාග උපරාජගේ පුත්‍රයා අභය නම් රජුය. ඔහුගේ පුත්‍රයා ගාමින තිශ නමි. ඔහු විසින් සුදර්සන නම් ලෙන භික්‌ෂුන්ට පූජා කරන ලදී.) මෙම ලේඛනයෙහි සඳහන් උපරාජ නාග දෙවනපෑතිස්‌ රජුගේ සොයුරා බව ඉතිහාසඥයන්ගේ පිළිගැනීමකි. මෙහි ඓතිහාසික අගය එසේ වන අතර ම එළු සදැස්‌ ලකුණෙහි නොමැති විරිතකින් ලියවී ඇති මෙම ගීයේ පළමු පාදයේ මාත්‍රා 8-11 බැගින් ද දෙවැන්නේ 9-10 බැගින්ද පිහිටුවා තිබේ. මෙවැනි ගී සීගිරි ගී අතර ද දක්‌නට ලැබේ. තවද ක්‍රි.පූ. තුන්වන ශතවර්ෂයේ දී බුදු දහම ලංකාවට ලැබීමත් සමග ම පාලි ශබ්ද පද්‍ය කරණයට ලැබී ඇති බව මෙම පද්‍යය ද සාක්‌ෂි දරයි.

යාපනයේ වඩමාරච්චි පළාතේ විෂ්ණු දේවාලයට අයත් ඉඩමක තිබී හමු වූ වල්ලිපුරම් රන් සන්නස සතර පෙළකින් යුතුව ගී රිතින් රචනාකොට ඇතැයි මහාචාර්ය මැන්දිස්‌ රෝහණධීර සූරින් කියයි.

"සිධ මහරජ වහයහ රජහි අමතෙ ඉසිගිරියේ නකදිව බුජමෙහි බදකර අතනහි පියගුක තිසව්හරෙ කරිතෙ"

මහාචාර්යවරයා මෙහි සිධ යන්න ඉවත් කොට
මහරජ වහයහ රජහි
අමෙතෙ ඉසිගිරියෙ නකදිව
බුජමෙහි බදකර අතනහි
පියගුක තිස විහරෙ කරිතෙ

වශයෙන් පළමු පෙළට මාත්‍රා 11 ද දෙවන පෙළ සිට සිව්වන පෙළ දක්‌වා මාත්‍රා 12 බැගින්ද යුක්‌තව ගී විරිතින් හඬ නගා කියවිය හැකි බව පෙන්වා දෙයි.

මාත්‍රා ගණනින් සම පාද ඇති එළිසමය යෙදූ කවි සිව්පද කවි වශයෙන් හඳුන්වයි. එළිසමය යෙදීම සිව්පද කවියේ ලක්‌ෂණයක්‌ වන අතර එය වඩාත් ජනප්‍රිය වීමත් සමගම ගී කාව්‍යය සඳහා ද ඇතුළත් විය. සිව්පදයේ ආරම්භය අනුරාධපුර යුගයෙ සිදු වන්නට ඇතැයි සීගිරි ගී තුළින් පෙනේ. මෙසේ ආරම්භ වූ සිව්පද ක්‍රි.ව. 12 වන සියවසේ ශිලා ලිපි කීපයකම දක්‌නට ලැබේ. නිශ්ශංකමල්ල රජුගෙ ගල්පොත ශිලා ලේඛණයෙ අවසන් සිව්පදය මෙසේය.

දහම් නමේ මේ ලො මුළු සගන්නෙ යෑ
සිතා දෙලො සැපත් අදරැති කරනෙ යෑ
මතුවන රජවිරුන් මෙසේ ඇයෑදනෙ යෑ
කළිගු ලකින්දු නිසක රජ ගුණ නන්දනෙ යෑ

මෙයින් ප්‍රකාශ වන්නේ ධර්මය මේ මුළු ලෝ වැස්‌සන්ට සංග්‍රහ කිරීම යෑයි සිතා දෙව්ලෝ සැපතට ආදරය කළ යුතුය. ගුණ නන්දනය වූ කාලිංග වංශික නිශ්ශංක ලංකාධිපති රජු මතු රජවරුන්ගෙන් මෙසේ ඉල්ලා සිටියා යන්නයි. නිශ්ශංකමල්ල රජුගෙ හැටදාගේ පළමු පදර ලිපියේ ද මෙම අදහස දක්‌වයි. මෙම කවිය එතරම් වියත් නොවූවද හඬනගා කියවන විට එයින් සමුදුරු ගොස විරිත පැහැදිලිව දැනෙන බව රෝහණ ධීරයන් කියයි. නිශ්ශංකමල්ල රජුගෙ වාන් ඇළ ශිලා ලේඛනයෙ ද සිව්පද තුනක්‌ ඇති මුත් එයින් දෙකක්‌ පමණක්‌ කියවිය හැකිය.

නවුන්ම ඇත පන්හි දයෑ යි දිය ආනා
මසුන්සෙ පරවත් ගෙනැ නොයෑදෙ පෙරරැළි කරනා
නොවැ පමා අයවැයෑ දැන ලෙකකම් සකස්‌ කරනා
අනුන් නොඑකවවු උවදෙසි කළිගු හිමි නිරින්දුනා

මිණිමුතු නිල්මරා පුස්‌රා ගොමේ ද වෙරළු විදුරා
පබළු නන් අඹරණ සළු සුවද මල බුලත් කපුරා
මෙයින් යෙදී හූනද අගර නොලද හෙ නො මන හරා
බතුපයෑ කළිගු නිරින්දු නුවනින් වින්දු ඉසුරා

මුල් කවියෙන් කිවෙන්නේ මාළුවන් මෙන් අනුන්ගේ වස්‌තුව ගෙන පෙරළි කිරීම යුතු නොවන බවත් අයවැය හොඳින් දැන අප්‍රමාදව ලේඛනගත කළ යුතු බවත්, භාණ්‌ඩාගාර නිලධාරීන් අන් අය සමග එක්‌ නොවිය යුතු බවත්ය. මෙය රජුගෙ නියමයකි. මැණික්‌, මුතු, නිල්මරකත, පුෂ්පරාග, ගෝමේද, වෛදූයH_, දියමන්ති, පබළු, නා නා ආභරණ, සළු, සුවඳ ආදියෙන් සැරසී හුන් නමුත් සුවඳ ආලේප නොලද හොත් හේ මනහර නොවේ. එමෙන් ම රජෙකු අවශ්‍ය පරිදි ඉටුකළ යුතු බත් ඉපදවීම නුවණින් කරවා රජු රජ සිරි වින්දේය යනු දෙවන කවියේ අදහසයි.

නිෂ්පය්‍යීය වශයෙන් ම සීගිරි ගී සෙල්ලිපි ගණයට අයත් නොවූවද සීගිරි කුරුටු ගී අතර ඇති සිව්පද ද ඉතා මනහර ය.

නො වී වහ වැටි ලී
සෙමින් සිටිමින් ගප් ලී
සී මින් මේ අත් ලී
ගිරි මෙ සිටියෑන් කෙ අස්‌වැසි ලී

මෙයින් ප්‍රකාශ වනුයේ කෝපය ඉවසනු නොහැකිව යමින් හා සිටිමින් හෙතෙම හැŽය. මේ අශ්‍රද්ධාවත් කාන්තාව පර්වතයේ සිනාසෙමින් සිටින හෙයින් කවර අස්‌වැසිල්ලක්‌ ද? 9 වන සියවසට පමණ අයත් මෙම කවිය එළු සදැස්‌ ලකුණෙහි නොදැක්‌වෙන විරිතකින් ලියවී ඇති අතර ඉහත සිව්පද ආර සිංහලේ බහුලව දක්‌නට ලැබේ.

මේ අනුව බලන කල සිංහල සිව්පද ශිලා කාව්‍යය එළු සඳසේ දැක්‌වෙන හා නොදැක්‌වෙන විරිතින් රචනා වූ අතර ම මනහර නිර්මාණ බව පෙනේ. තවද සීගිරි කවියා තම හැඟීම අගනා පද සතරකට නඟා ඇති ආකාරය නම් ඉතා අගනේය.

තවත් එක්‌ සීගිරි ගීයක
කොමුල් අමඩ් ලෙඩ් ලියන සී
එබොන්ද මියුර් යහ බැසී
ඒ කපල් දළ මන් දිගැ සී
මන ජල්වය සිත්නො මුසී



ආදී වශයෙන් ස්‌ත්‍රියක්‌ වර්ණනා කරයි. ඇය සතු කෝමල සිනහව කොමඩු ගෙඩියක බිජු පෙළ මෙන්ය. ඇගෙ මිහිරි වදන් කොමඩු මදවල පැණි මෙන්ය. ඇගෙ දිගැස්‌ කොමඩු ගෙඩියේ තීරුවක්‌ මෙන් සිහින්ය. දීප්තිමත්ය. ඈ කවියාගේ හද දල්වයි. සිත නොමුදයි. සීගිරි කවියා ස්‌ත්‍රියක කොමඩු ගෙඩියකට සමාන කොට තිබේ. ස්‌ත්‍රියක්‌ කොමඩු ගෙඩියකට සමාන නැත. එහෙත් කවියේ උපමා රූපක මගින් ස්‌ත්‍රියකගෙ බාහිර සමානතා නොව අභ්‍යන්තර සාම්‍යයතාවය දක්‌වයි. සීගිරිය, අනුරාධපුරය වැනි වියළි කලාපයෙ ගිනි කාෂ්ඨක අව්වේ පිච්චි පිච්චී සිටින විට කොමඩු කෑල්ලක්‌ කෑමට ගත් විට ගත මෙන්ම සිත ද සිසිල් කරයි. කවියා කොමඩු ගෙඩියකට සමාන කොට දක්‌වන ස්‌ත්‍රියගෙ (බිරිඳ හෝ පෙම්වතිය) දීප්තිමත් නෙත්, ප්‍රියමනාප සිනහව, කොමඩු පැණි මෙන් මිහිරි කෝමල තෙපුල් කවර නම් පිරිමියෙකුගේ සකල චිත්ත දුක්‌ඛදෝමනස්‌සයන් මොහොතකට හෝ දුරලා නොයන්නේද? ඒ මතු නොව මෙහි ඇති "ඕ මා හද ජල්වයි සිත නොමුදයි" යන්නෙහි අපෝහක සම්බන්ධතාවයක්‌ තිබේ. එනම් එක්‌ අවස්‌ථාවක සිත දල්වයි. තවත් අවස්‌ථාවක සිත සිසිල් කරයි. මෙය ප්‍රේමයේ ස්‌වභාවයයි. සීගිරි කවිකරුවා සංස්‌කෘත සාහිත්‍යයෙහි ආභාසය ලද බව නොරහසකි. සෘතු සංහාරයේ පහත ශ්ලෝකය ඒ බවට දෙස්‌ දෙයි.

"පට දුහුල් සෑදී මිණි මෙවුල් රැඳි
විසල් වූ පුළුලුකුළු තලිනා
මුතුහරින් දිලි මුදු සදුන් දුන්
මහරූපියවුරු බරින් නදිනා
සුගන්ධිත වරලසින් සිහිලැල්
නිවන් කාමි දනන් දාහය
ලියෝ බල මැන ලදුනි මෙදිනා

ලතු දියෙනි රතු
රැදුණු නුපුර
සිඹින මිහිලිය
නගන හසරැව්
පුළුලුකුළු බර
ලිය සරන තල
සිතෙහි දල්වයි මදන දහය"

(පරි - මහාචාර්ය සුචරිත ගම්ලත්)

අපේ පැරැණි කවියා සංස්‌කෘත සාහිත්‍යය පරිශීලනය කළද කවියට උපමා උපමේය හා රූපක යෙදීමේ දී දේශීය ගැමි සංස්‌කෘතියේ අත්දැකීම් යෙදූ බව ඉහත සීගිරි ගීයෙන් පෙනේ.

සෙල්ලිපි ගීවල ඉහත දැක්‌වූ වර්ණනා පමණක්‌ නොව බුදු දහමෙහි ඉගැන්වෙන අනිත්‍යය ස්‌වභාවය ද විස්‌තර කෙරේ. අභයගිරි විහාර බිමින් 1989 දී සොයා ගන්නා ලද 4 වන මහින්ද රජුගේ රාජ්‍යය සමයට අයත් යෑයි සැලකෙන ශිලා ලිපියක අගනා කවියකි.

පියුමි පත දිය බින්දු
සෙයින් සක්‌විති ඈ සැපතුදු
සසිල් සෙ සිතා
ලැව් ගනි හමු ඉලිබු මලක්‌ සෙයින්
දිවි මරණ හමුවත
සන්ද එසෙද් සිතා
පෙන්ද් පත් සිත්වමක්‌ සෙයින්
යොවුන්වර් වුලුඹින් ලද සෙද් සිතා
මෙලොව පරලොවට ගණ මුත්
වහල් නැති සෙත් සිතා
හැලිත් මැ හැලිවත සෙයින්
ගුණ බුධ පොහොමි



කිසියම් යතිවරයකු ජීවිතයේ අනියත බව දැක පිං පුරමින් බුදු බව ප්‍රාර්ථනා කරයි. චක්‍රවර්ති ආදි සම්පත් නෙළුම් පත්‍රයේ දිය බිඳු මෙන් චංචල යෑයි සිතා, ලැව් ගිනි හමු වේ ඉලුබු (ඉලුක්‌) මලක්‌ විනාශ වන්නා සේ ජීවිතයට මරණය හමුවේ. ඒ ගැනද සිතා, පෙද පාසියෙන් සැදි සිතුවමක්‌ සේ යෞවනය විලෝපන කරන ලද ආකාරය ද සිතා, මෙලොව හා පරලොව දී සිදු කරගත් පිං පමණක්‌ පිටුවහල් වන බවද සිතා, ඇල්වී වලින්ම ඇල්වී ඇතිවන හෙයින් බුද්ධ භාවය පෝෂණය කරමි යනු එහි අදහසයි.

දක්‌ෂ කවියන් විසින් නව්‍ය අනුභූතීන් කාව්‍යයට නැගීමේ දී උපයෝගී කරගන්නා උපක්‍රම රාශියකි. ඒවා අතර ආකෘතිය, අන්තර්ගතය හා උපමා උපමේය ආදිය වේ. මේ සියල්ල යොදනුයේ පාඨකයාගේ රසවින්දනය සඳහා ය. අපගේ පුරාණ සෙල්ලිපි ගීවලද මෙම ලක්‌ෂණ අඩු වැඩි වශයෙන් දක්‌නට ලැබේ.

 
මිහින්තලේ බුද්ධ ප්‍රතිමාව.
මිහින්තලේ බුද්ධ ප්‍රතිමාව මෙය ප්‍රධානතම බුද්ධ ප්‍රතිමාවක් වන අතර අතිත ශ්‍රි ලංකාවේ උරුමය විදහ දක්වන නිර්මණයක්. මෙහි ඇතුලත් කලුදිය පොකුන ඉතා දුශ්කර නිර්මණයක් ලෙස හදුන්වයි.
අනුරධපුර සමධි පිලිමය.
ලොව හොඳම හිඳි පිළිමය ලෙස සලකෙන අනුරධපුරයේ මහමෙව්නා උයනේ පිහිටි සමධි බුදු පිළිම වහන්සේ ක්‍රි.ව. 4-5 සියවස් වලදී කරවූ එනම් අනුරධපුර යුගයට අයත් නිර්මාණයක් ලෙස සලකේ. කළුගල් මාධ්‍යයෙන් පූර්ණ උන්නතව නෙලා ඇති මෙම පිළිම වහන්සේ කෙරෙන් වීරාසන ක්‍රමය හා ධ්‍යාන මුද්‍රාව නිරූපිත වේ. බුදුරජුන්ගේ අසමාන පෞරුෂය, ආධ්‍යාත්මික අති මානුෂික ලක්ෂණ, මුදු මොළොක්, සෘජු ජීවී බව මෙම පිළිමයෙන් පිලිබිඹු වන බව මෙම පිළිමය පිලිබඳ අධ්‍යයනය කරන උගතුන්ගේ මතයයි.
ඇඟට ඇලුනු සිවුර, එක් රැල්ලකින් පමණක් දැක්වීම ශිල්පියා තුල වූ නිර්මාණශීලී කුසලතවය කියපායි. පිරුණු රවුම් ශාන්ත මුහුණින් මහා කරුණාව ප්‍රකශ වේ. සිරස් පත යන්තම් දැක්වෙන ආකාරයට නෙලා ඇත. කෙස්ගස් ගොළුබෙල්ලෙකුගේ හැඩය ගත් රැලි ගසුණු ආකරයක් ගන්වා නෙලා ඇත. ලම්භකර්ණ වූ සවන් පත්, අඩවන් දෙනෙත්, සෘජු නාසය, තොල් සඟල අතර යාන්තමින් පොපියන සිනහව ඇති ආකරයට නෙළා ඇති නිසා සම්පූර්ණ පිළිමයටම ශාන්ත බවක් එක්වෙයි. බෙල්ල මුල ඇති රැල්ල නිසා මේ පිළිමය ගුප්ත කලා සම්ප්‍රධායට අයත් නිර්මණශීලී ගුණයක් පෙන්නුම් කරයි.
අඩි 7 අඟල් 9ක් පමණ උස මේ පිළිමයේ ප්‍රහා මලාවක් හෝ රැස් මාලාවක් නැති අතර, මෙය සිංහල ස්වාධීන කලාශිල්පියෙකුගේ නිර්මණයක් යැයි මර්ටින් වික්‍රමසිංහ මහතා පවසා ඇත. ඉන්දියාවේ ශ්‍රේෂ්ඨ ජන නායකයෙකු වූ ශ්‍රී ජවහර්ලාල් නෙරු තුමා බ්‍රිතාන්‍යයන් යටතේ 1940 දී සිරභාරයට පත්ව සිටියදී මෙම පිළිමයේ ඡායාරූපයක් දැක පවසා ඇත්තේ එම ඡායාරූපය දකීමෙන් තමට අස්වැසුමක් හා ශක්තියක් ඒ තුලින් ලැබුණු බවයි.
අනුරධපුර සමධි පිලිමය මෙය ඉතාමත් පුරාන පිලිමයක් වන අතර බුදුන් වහන්සේගේ සමධි ඉරියව්ව පෙන්නුම් කරන ප්‍රථම නිර්මණයයි. මෙය තෙවන ශත වර්ශයේ  පමණ ඉදි වුවක්.

සාමාන්‍යයෙන් සමාධි බුදු පිළිමය ලෙස ශ්‍රී ලංකාවේදී හඳුන්වන්නේ අනුරාධපුර පුරාණ නගරයේ ඇති සමාධි මුද්‍රාවේ බුද්ධ ප්‍රතිමාවකි. එය ප්‍රතිමා කලාවෙහි විශිෂ්ට නිර්මාණයන්ගෙන් එකක් යයි කියනු ලැබේ. එය අඩි 7 අඟල් 3 ක් උසය. හුණු ගලෙන් නෙළා ඇත.

මුද්‍රාව

සමාධි මුද්‍රාවේ බුද්ධ ප්‍රතිමාවකි. මෙම භාවනා කිරීමේ ඉරියව්වේදී එරමිනියා ගොතා ගෙන අත්ල උඩු අතට හරවා එකක් මත එකක් සිටින සේ උකුල මත දෑත් තබා බුදුන් වහන්සේ වැඩ හිඳින සේක.

ඉතිහාසය

 අභයගිරි විහාරයට අයත් කපාරමූලයෙහි වූ බෝධිඝරයක පිහිටුවා ඇත. මෙය එහිවූ බෝධිඝරයේ සතර දිශාවට වූ පිලිම 4න් එකකක් ලෙස සැලකේ.

වැරදි මත

ජනප්‍රිය ගීත කිහිපයක මෙම පිලිමය මහමෙව්නා උයනේ පිහිටා ඇතැයි සඳහන්ය. නමුත් එය ගීත රචනයේ දෝශයකි. සැබැවින්ම මෙය මහමෙව්නා උයනට පිටින් පිහිටා ඇත.
නිදසුන්
අව්කන බුදු පිලිමය.
කලා වැවට සැතපුම් 4ක් පමණ දුරින් අවුකන ග්‍රාමයේ පිහිටා ඇත. උසින් අඩි 38 හා අඟල් 10කින් යුක්ත අවුකන පිළිමය "කාල වේල" බුදු පිළිමය ලෙසද චුලවංශයේ සඳහන් වන්නේ මෙම බුදු පිළිමය බව මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා පෙන්වාදෙයි. බුදුරජාණන් වහන්සේගේ අසීමිත ගුණ සමුදාය කළුගලට ආරෝපනය කිරීම මෙරට කලාකරුවාගේ විශිෂ්ටම කුසලතාවයකි.
අවුකන පිළිමයේ සිවුර වම් උරය මුළුමනින්ම වැසීයන ලෙස ඒකංශපාරූපණ ක්‍රමයකට පොරවා සිටින අයුරින් නිර්මණයකර තිබේ. මෙම ක්‍රමය අනුරධපුර යුගයේ දක්නට ලබෙන සුවිශේෂ ලක්ෂණයක් ලෙස පුරාවිද්‍යාඥයෝ පෙන්වා දෙති.
බුදුපිළිමයේ දෙපා ඉදිරිපස සන්දකඩ පහණක හඩය සහිත උසින් අඩි 3 ක් හා අඟල් 1ක්ද විශ්කම්භය අඩි15 අඟල්3න් යුතු ආසනයක් පිහිටුවා තිබේ.පුරාවිද්‍යාඥයින් රැසකගේ මතයට අනුව අවුකන පිළිමයේ නිර්මාණ කලය පිලිබඳව මත රැසක් ඉදිරිපත් කර ඇත.
නමුත් මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා පෙන්වාදෙන පරිදි අවුකන පිළිමය 5 වන සියවසේ අගභාගයට අයත් බව තහවුරු කර තිබේ.
අවුකන පිළිමය සමංගභාග ක්‍රමයට ඉඳිකර තිබේ. මේ නිසා සිරුරේ බර දෙපා වලට සමානව බෙදීගොස් ඇත. වම් හස්තය උරහිස මට්ටමට ඔසවාගෙන සිටින අයුරින් නිර්මාණය කර ඇති මුද්‍රාව "කටක" නමින්ද හැඳින්වේ. දකුණු හස්තය "අභය" මුද්‍රාවෙන් යුක්ත වන අතර තනිපට සිවුර අඳනය හා පටිය ආදියද මනා සංයමයකින් නිර්මාණය කර තිබෙන අයුරු දැකගත හැකිය. අනුරපුර යුගයේ ඉඳිවුන සමාධි පිළිමය හා සමාන විශිෂ්ට ලක්ෂණ අවුකන පිළිමය තුළින්ද පිළිබිඹු වන බව පුරා විද්‍යාඥයින්ගේ අදහසයි.

කටුදෙණිය පුරාණ විහාරය
මහනුවර දිස්ත්‍රික්කයේ උකුවෙල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් කටුදෙණිය පුරාණ විහාරය ලඟාවීම සඳහා මහනුවර නගරයේ සිට රයිතලාව හරහා මාතලේ දෙසට ගමන් කළ යුතුය. එසේ ගමන් කොට උකුවෙළ මංසන්ධියෙන් වාරියපොළ නගරය හරහා සැතපුම් 2ක් පමණ ගමන් කළ පසු කටුදෙණිය පුරාණ විහාරයට ලඟාවීමට හැක මෙම විහාරය අසලින් සුඳු ගඟ ගලා බසී. සුඳු ගඟ මහවැලි ගෙඟ් අතු ගංඟාවකි.මහනුවර යුගයේ දී මාතලේ ගොඩපල නුවර රජකළ විජයපාල නම් ප්‍රභූරාජයා විිසින් මෙම විහාරය කරවා ඇත. මෙහි ඇති බිතුසිතුවම් සහ බුද්ධ ප්‍රතිමා මහනුවර කළා සම්ප්‍රදාය අනුව නිම කර ඇත.මෙම විහාරය අවට ප්‍රදේශය කටු සහිත ගස් වර්ගයක් තිබූ නිසා පැරැන්නන්ගේ මෙම ප්‍රදේශය කටුදෙණිය ලෙස නම් කරඇත.මෙම විහාරය සතුව ඉපැරණි බෝධි වෘක්ෂයක් දක්නට ඇත.
උඩඅළුදෙණිය රජ මහා විහාරය
මහනුවර දිස්ත්‍රික්කයේ ගම්පොළ ප්‍රධාන මාර්ගයේ කි.මී. 15 පමණ ගිය විට වැලිගල්ල නම් කුඩා නගරය හමු වේ. වැලිගල්ල නගරයෙන් දකුණු දෙසට හැරී කි.මී. 1/2 පමණ පැමිණි විට මාර්ගයේ වම්පස කුඩා කඳු මුදුනක උඩඅළුදෙණිය රජමහා විහාරය පිිහිටා ඇත.මෙම විහාරය ක්‍රි.ව. 1341 -  1351 කාලය තුළ ගංගා ශ්‍රී පුර රාජධානියේ රාජ්‍යප්‍රාප්ත IV වැනි බුවනෙකබාහ නිරිදුන් විසින් කරවා ඇත. ගංගා ශ්‍රී පුර දී රජ පැමිණි V වන පරාක්‍රමභාහු රජුද මෙම විහාරය වැඩි දියුණු කිරීමට අනුග්‍රහය දක්වා ඇත.අතිතයේ මේ විහාරය ටැම්පිට විහාරයක් ලෙස ඉදිකර තිබී ඇත. වර්ෂ 1930 දී සිදුකල විහාර ප්‍රතිසංස්කරණ වලින් විහාර සැලැස්ම නවීන සැලසුම් නුව විකාශය වී ඇත.විහාර මන්දිරයේ ඉදිකර ඇති සැතපෙන බුදු පිළිමය රියන් 14ක් දිගින් යුක්ත වේ. ඒ අසලම IV වන බුවනෙකබාහු (ගංගා ශ්‍රී පුර රජ කළ)රජුගේ ප්‍රතිමාවක් ද බෝධිසත්ව රූපයක් සහ සාරිපුත්ත මොග්ගල්ලාන අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලාගේ ප්‍රතිමා ද ඉදිකර ඇත.විහාරයට අයත් චෛත්‍යය අසල ගල් තලාවේ ඉදිකර ඇත. ඒ අතර ක්‍රි.ව. 1742 වසරේ දී කොටන ලදශිලා ලේඛණයක් දක්නට ඇත. මෙම ශිලා ලේඛණයට අනුව මෙම විහාරයට කරන ලද නින්දගම් සහ කොත්මලේ පුසුල් පිටිය විහාරය මෙම විහාරයට අයත් විහාරයක් බවද දක්වා ඇත.
මෙම විහාරයේ තිබූ ප්‍රධාන උළුවස්ස රඹාව නමින් ගම්වාසීන් විසින් හඳුන්වන අතර මෙය සදුන් ලී වලින් නිමවා ඇත. මෙම සදුන් උළුවස්ස මත ගජ ලක්ෂ්මී රූපය ඇතුළු දර්ශනීය කැයම් රැසක් දක්නට ඇත. දැනට මෙම සුදු සදුන් උළුවස්ස 1930 වසරේ සිදුකල ප්‍රතිංස්කරණ වලදී විෂ්ණු දේවාලයට සවිකර ඇත.වර්ෂ 2004 වර්ෂයේ මධ්‍යම සංස්කෘතික අරමුදල මඟින් සිදුකල කැනීම් වල දී විහාරයට උතුරු දෙසින් තිබූ ආම්ලාකාර කුඩා ස්තූපය තුළ කුඩා හිඳි බුදු පිළිම 142 පමණ ද තවත් විවිධ වස්තූන් ද හමු වී ඇත.
ඉළුපැන්දෙණියේ රජ මහා විහාරය
මහනුවර දිස්ත්‍රික්කයේ උඩුනුවර මැතිවරණ බලප්‍රදේශයේ කඹුරාදෙණිය ගොඩපල මාර්ගයේ ගමන් කළ විට ඉළුපැන්දෙණියේ රජ මහා විහාරයට ගමන් කල හැක. දළදා මැදුරේ තේවාව සඳහා නැවුම් ජලය සැපයු දිය කඩිත්තක් තිබූ නිසා ප්‍රදේශයේ උළුපැන්දෙණිය ලෙස හඳුන්වා දි ඇත. පසුව කටවහර අනුව එය ඉළුපැන්දෙණිය ලෙස නමි කර ඇත.මෙම විහාරය මහින්දාගමනයෙන් පසු දේවා නම් පියතිස්ස මහාරජතුමා විසින් කරන්නට ඇතැයි විශ්‍වාස කෙරේ. තවද පොළොන්නරුව රජකළ කළ්‍යානවතී රාජිණිය විසින් ( ක්‍රි.ව. 1202 - 1208 )තුළ මෙම විහාරයේ මහා පිරිවෙනක පවත්වාගෙන ගොස් ඇත.
ගම්පොළ හෙවත් ගංගා ශ්‍රි පුර රාජධානියේ රාජප්‍රාප්ත III වැනි විජයබාහු රජු විසින් මෙම විහාරයට නින්දගම් පූජා කොට ඇත. ( ක්‍රි.ව. 1357 - 1374 )මෙම ස්ථානය තුළ වැඩ හිදින බෝධිවෘක්ෂය ශ්‍රී විර පරාක්‍රම නරෙන්ද්‍රසිංහ රජ දවස පොල් අංගේ උන්නාන්සේ නමින් හැදින්වෙන හිමිනමක් විසින් රෝපණය කොට ඇත. ( ක්‍රි.ව. 1707 ජ් 1739 ) මෙහි ඉපැරණි පුස්ථකාලයක් හා ටැම්පිට විහාරයක් තිබී ඇති අතර මේ වන විට එම ස්මාරක දක්නට ඇත.ර්ශනීය නව විහාර මන්දිරය ක්‍රි.ව. වර්ෂ 1993 දී පමණ ගොඩනගා ඇත. විහාරයට ඇතුළු වන විටම මකර තොරණක් දක්නට ඇත.විහාරගෙය තුළ තිඛෙන හිඳිපිළමය විශේෂ බවක් දක්නට ඇත. එම ප්‍රතිමාවේ සිවුරු රැළි දිය රැළි ආකාරයට නිර්මාණය කර ඇත. බුදු රැස් මාලාව අග්නි ජාලාවක් අයුරින් නිමවා ඇත. කුඩා චෛත්‍යයක් සහ ධර්මශාලාවක් ද මෙම විහාර භූමිය තුළ පිහිටා ඇත.
ලිහිණියාගල ලෙන් විහාරය
මහනුවර දිස්ත්‍රික්කයේ උඩහේවාහැට ප්‍රාදේශීය බල ප්‍රදේශයේ මහනුවර දිස්ත්‍රික්කයේ පිහිටි වලපනේ නගරය පසුකර මහවැලි රජ මාවත දිගේ කි.මි. 4ක් පමණ මහනුවර දෙසට ගමන් කරන විට ඛෙලිහුල් ඔය හරහා ඉදිකර ඇති පාළම හමු වේ. එම පාළම අසලින් දකුණු දෙසට පිහිටි මාර්ගයේ මඳ දුරක් ඉදිරියට ගමන් කළ විට ලිහිණියාගල ලෙන් විහාරයට ළඟා විය හැක.
මෙම ඛෙලිහුල් ඔය දෙපස විශාල කුඹුරු යායවල් 2ක් දක්නට ඇත. ඒවා නමින් දියහැරුම සහ ලැවසූරිය නමින් හැදින් වේ. මෙම ප්‍රදේශය ඉපැරණි ගංගාධාර ශිෂ්ඨාචාර ක්‍රමයට අයත් ප්‍රදේශයක් ලෙස අනුමාන කල හැකි සාක්ෂි පවතී. ඉපැරණි අනුරාධගාම රාජ්‍ය යුගය මල්වතු ඔය ආශ්‍රිතව ආරම්භ වු වකවානුවේම මෙම ඛෙලිහුල් ඔය ගංගාධාරය දෙපස ප්‍රදේශය ජනාවාස තිබූ බවට ජනප්‍රවාද වල සඳහන් වේ. ක්‍රි.පූ. 2වන සියවසේ දී පවා මෙම ප්‍රදේශය ජනාවාස තිබූ බව මෙම ජනප්‍රවාද අනුව පිළිගත හැකි මට්ට්මක කැරණු තහවුරු කර ගත හැක.
ඵෙතිහාසික ළිහිණියා ගල ලෙන් විහාරය අභය නම් රහතන් වහන්සේ සාමනේර අවධියේ සිය ආගමික කටයුතු සඳහා පැමිණි ස්ථානයක් ලෙස ජනප්‍රවාදයේ සඳහන් වේ. ක්‍රි.පූ. 161 - 137 අතර වූ කාලයේ දුටුගැමුණු මහරජු යටතේ ඔහුගේ යුධ හමුදාවේ සිටි උසස් යුධ නිලධරයෙකු ලෙස සේවය කළ අභය සාමනේරයන් වහන්සේගේ පියා ගාල්ල දිස්ත්‍රික්කයේ කොටගල අසල කිත්තිගම ග්‍රාමයේ ප්‍රභූවරයෙකු විය. ඔහු රෝහණ ග්‍රාමයේ උසස් නිලධාරියෙකු වූ බවද වංශ කතා වල සඳහන් වේ. කෙසේ වුවුද පසුකලෙක ඔහු ගිහිගෙය හැරගොස් බෞද්ධ භික්ෂුවක් ලෙස පැවැදිව ගතකර ඇත. එම භික්ෂුවගේ පුත් වූ අභය ද තම පියා අනුව යමින් තමා පියා සිටි විහාස්ථානයේ දීම පැවැදි බව ලැබීමට තරම් වාසනාවන්තයෙකු විය. කෙසේ වුවුද කප්ප්කන්දරම් විහාරයේ වැඩ සිටින කළ සුවිශේෂි සිදුවිමට මුහුණ පැමට සිදුවිය. එනම් කාවන්තිස්ස රජුගේ හමුදාවට බැඳීම සඳහා රුහුණූ දේශය බලා යන ගෝඨයිම්බර යෝධයා රාත්‍රියක් ගත කිිරිම සඳහා කප්පකන්දර විහාරයට පැමිණ ඇත. රාත්‍රියේ හොර රහසේම ගේාඨයිම්බර ඇතුළු පිරිස පොල්ගස් සොලවා කුරුම්බා කඩාගෙන කා-බී ඉතිරි වූ කුරුම්බා ගෙඩිවල කැලි කසල පන්සල් භූමිය තුළ දමා තිබී ඇත. මේ දුටු අභය සාමනේරයන් කුරුම්බා කා සැපසේ නිදා සිටි ගෝඨයිම්බර යෝධයාගේ පාදයේ මහපට ඇගිල්ලෙන් අල්වා කප්පකන්දර විහාර භූමිය වටා ඇදගෙන ගොස් ඇත. ඉන්සපු දෙදෙනා ද්වන්ධ සටනක් කර ජය පරාජයක් නොමැතිව සටන නිමා වූ පසු ගජ මිතුරන් බවට පත්විය. මෙම හේතුව මත පසුව ගෝඨයිම්බර යෝධයා විසින් කාවන්තිස්ස රජුට දන්වා ඇත. ඒ අනුව රජුගේ ඉල්ලීම පිටජාතික යුද්ධයට දායක වීම සඳහා උපැවිදි වී උසස් යුධ නිලධාරියෙකු බවට පත්විය.
පසුව ජාතික යුද්‍ධය නිමාවීමෙන් පසු දුටුගැමුණු රජුගෙන් අවසර ගෙන පැවදිව බවුන් වඩා රහත් වූ බව පැවසේ. අභය සෙනවියාගේ පියා භික්ෂුවක් වූ නිසා ථෙර + පුත්ත + අභය ථෙරපුත්තාභය ලෙස හදුන්වා දී ඇත. දුටුගරමුණු රජු මරණ මඤ්චකයේ සිිටින විට මා සමග අටවිසි සටන් කොට මා හැර නොගිය අභය කොහිදැයි විමසා ඇත. ඒ වන විට රහත් භාවයට පත් ව සිටි ෙථීරපුත්තාභය මහ රහතන් වහන්සේ බුත්්තල කිරිඳි ඔය අසල මහා වනයේ වැඩසිටින විට දිවැසින් අසා අනුරාධපරය, රුවන්වැලි සෑය, අසලට ඍධියෙන් වැඩම කොට දුටුගැමුණු රජු අස්වසාලූ බවද දුටගැමුණු රජුගේ ප්‍රන්‍ය ක්‍රියාවල වාර්ථා අඩංගු දසපින් කිරියාවත නම් ලේඛණය කියවා රජු සනසාලු බවද ඉතිහාස කථා වල සඳහන් වේ. මේ ප්‍රදේශය ඉතා දර්ශනීය පරිසරයකට හිමිකම් කියන අතර මෙම ලෙන් විහාරයේ දොරටුව අසල ඉහළින් වනපදස්සන යන බ්‍රාහ්මි අක්ෂර කොටා ඇත. රහතුන් උදෙසා කර්මස්ථාන වර්ධනය කිරීම සඳහාත් විත්ත ව්වේකය සඳහාත් යෝග්‍ය ස්ථානයක් වන මෙම ස්ථානය දුටුගැමුණු මහරජතුමා විසින් ‍ෙථීරපුත්තාභය මහ රහතන් වහන්සේ වෙත කරවා පූජා කරන ලද ස්ථානයක් ලෙස අනුමාන කෙරේ.
ලිහිණියාගල ලෙන් විහාරය අඩි 150 ක් පමණ දිගින් හා  අඩි 12ක් පමණ පළලින් යුක්ත වේ. ලෙන කෙළවර කුඩා විහාර ගෙයක් දක්නට ඇත. විහාරගෙයි බිතු සිතුවම් දැනට විනාශ වෙමින් පවතී. මෙම චිත්‍ර මහනුවර යුගයේ රාජ පාදප්‍රාප්ත කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසින් ප්‍රතිසංස්කරනය කරවා ඇත.
ගීන කන්ද ආරණය සේනාසනය
 ඌව පළාතේ මොණරාගල දිස්ත්‍රික්කයේ මොණරාගල නගරයට පැමිණ ප්‍රධාන බස් නැවතුම් පොල අසලින් දිවෙන කුමාරවත්ත මාර්ගයේ ගොස් රබර් සැකසුම් ගබඩාව අසලින් හමුවන ඇලෙන් එගොඩ වූ පසු සීත කන්ද පාමුලට පැමිණිය හැක. මේ සඳහා මොණරාගල නගරයේ සිට කි.මී.1, 1/2 පමණ දුරක් ගමන් කළ යුතු වේ. මෙම කඳු මුදුන විශාල ගල් කුළු වලින් සමන්විත වන අතර මෙම ගල් කුළු අතරින් රිදි වන් දිය දහරා රැසක් ගලා බසි. මෙම කඳු මුදුනත දිය දහරා හේතු කොට ගෙන දැඩි සීතලක් දැනෙන බැවින් මෙම කන්ද ශීත කන්ද යනුවෙන් හැදින් වේ. එමෙන්ම ඉර රාජ, සඳ රාජ, නඟා මැරූ අල, ආදී දුර්ලභ ෙඖෂධ මාර්ඟ ද වළි කුකුලා, හබන් කුකුළා, මුවන් , වල් ඌරන් දිවියන් ආදී සතුන් ද දක්නට ඇත.
 දැනට විහාර භූමිය තුළ රබර් වගා කොට ඇත. ප්‍රධාන ලෙනෙහි කුඩා විහාර ගෙයක් බැඳ ඇත.ලෙන් විහාරයට උඩින් කටාරම් කෙටූ තවත් ලෙනක් දක්නට ඇත මෙම ලෙන් විහාරය ආසන්නයේ බස්නාහිිර දෙසින් අඩි 95 ක් පමණ දිග චතුරස්‍රාකාර ගොඩනැගිල්්ලක නටඹුන් දක්නට ඇත. විහාර භූමිය පුරා ඉපැරණි සෙල්මුවා නටඹූන් රැසක් විසිර පවතී. විහාරයට වයඹ දෙසින් තවත් ගල් ලෙනක් දක්නට ඇති අතර එය මෙකල ද භික්ෂුන්ගේ පරිහරණය යටතේ පවත්වා ගෙන යයි. තවත් කුඩාලෙන් විශාල සංඛ්‍යාවක් දක්නට ලැඛෙන අතර ගල් කුළක් අසල ශිලා ලේඛණ දෙකක් දක්නට ඇත.
 මෙම විහාරය පොළොන්නරුවේ රාජ්‍ය පද ප්‍රාප්ත I වැනි විජයබා මහාරජ තුමා විසින් කරවන ලදැයි විශ්වාස කෙරේ. ( ක්‍රි.ව. 1055 - 1110 ) අතීතයේ මෙම ප්‍රදේශයේ මහා විජයබාහු රජතුමා සටන් පුහුණු කඳවුරු පවත්වාගෙන ගොස් ඇති අතර යුධමය අතින් මොනරාගල වැදගත් ස්ථානයක් වන්නට ඇත. කීර්තිකුමරු නමින් රුහුණු දේශයේ වනගතව හැදි වැඩුනු I වන විජයබාහු මහාරජතුමා රුහුණේ දණ්ඩනායකව සිටි නරුබිමිහි බූදල් නායක තෙමේ විසින් ආරක්ෂා කොට පෝෂ්‍ය කොට ඇත.
 මේ බව පනාකඩුව තඹ සන්නස මඟින් තවදුරටත් තහවුරු කරයි. මෙලෙෂ කීර්ති කුමරු අටදහස් රට හා දොළොස් දහස් රට යන රුහුණට අයත් ප්‍රදේශ වල වනගතව වාසය කර ඇත.දැනට විහාර භූමිය තුළ තිබී හමු වූ පුරා වස්තු අතර හක් ඛෙලි කටු දෙකක් තුළ තැන්පත් කර තිබූ කුඩා සෙල් මුවා බුදු පිළිම 2ක් රන්පත් ඉරු මාල ඇට රතු, කොළ, නිල් පාටින් යුතු මැණික් ගල් ආදිය වේ.
වල්පොල පුරාණ ලෙන් විහාරය
මාගලේ දිස්ත්‍රික්කය කුරුණෑගල මාර්ගයේ පැමිණි යටවත්ත ග්‍රාමය පසුකර ගම්සභා පාරේ සැතපුම් 1/2 තරම් දුරක් ගමන් කළ පසු වල්පොල පුරාණ ලෙන් විහාරය හමු වේ.මෙම වල්පොල පුරාණ ලෙන් විහාරය මල්වතු පාර්ශවයේ හිටපු මහා තෙර නමක් වු යටවත්තේ ධම්මදස්සී නාහිමි විසින් කරවා ඇත.ක්‍රී.ව. 1747 - 1782 කාලය තුළ මහනුවර රජකළ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා මේ පිළීබඳ පැහැ දී බදුලූ - මුතියංගන රජමහා විහාරයේ නායක පදවිය යටවත්තේ ධම්මදස්සී හිමියන්ට පිරිනමා ඇති බව පැවසේ. නම්පොත හා uÕ=,a ලකුණ නම් පැරණි ග්‍රන්ථයේ ද මෙම යටවත්ත නම් ප්‍රදේශය ගැන දැක්වේ.කොරොස්සගල, යටවත්ත, තල්ගහගොඩ, මාලේවන යන ගම් හරහා ඉපැරණි රජ මාවත සැකසී තිබුණ අතර වත්මන් මාර්ගය 1815 න් පසු ඉංග්‍රීසින් විසින් නිමකරන ලද්දකි.විහාරස්ථානය තුළ තිඛෙන ගල්ලෙන ප්‍රධාන කොටස් 3ක් වශයෙන් සාදා ඇත. විහාර මන්දිරය තුළ සමාධි බුදදධ ප්‍රතිමා 2ක්, අග්‍රශ්‍රාවක පිළිම 2ක් දක්නට ඇත. විහාර බිත්ති සමහරක් කළුගල් හා මැටි බදාම යොදා ඉදිකර ඇත. මෙම බිත්ති මත සිතුවම් නිර්මාණය කර ඇති අතර මහනුවර සම්ප්‍රදාය ඒ තුලින් විදහා දක්වයි. මෙම ලෙන් විහාරයේ කටාරම් කෙටූ ස්ථානයට ඉහළින් බ්‍රාහ්මී අක්ෂර දක්නට ලැඛෙන අතර මෙම අක්ෂර මහනුවර යුගයේ පිටපත් කෙටවීමක් සිදුකළා ද නැතහොත් ධම්මදස්සී හිමියන් මෙම විහාරය ප්‍රතිසංස්කරනය කලාද යන්න ගැටලූවකි. මෙම ලෙන් විහාරය අනුරාධපුර යුගයේ ඉදිකරවන ලද්දක් යැයි ඇතැම්හු අනුමාන කරති.
( දෙවණගල ) දෙව්නැගිගල රජමහා විහාරය
සබරගමු පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ සතර කෝරලයට අයත් දෙවනගල ගමේ පිහිටි මෙම විහාරය දෙවනගල රාජමහා විහාරය ලෙස හැදින්වේ. දර්ශනීය වටපිටාවකට මැදි වූ ගල්තලාවක් මැද මෙම විහාරය පිහිටා ඇත. උතුවන්කන්ද , අම්බල කන්ද, දනගිරිගල, බතලේගල, කිරිගල, කඩුගන්නාව යන කඳු පන්තින් මෙසේ මෙම විහාරය වටා රමණීය ලෙස දිස් වේ.විහාරස්ථානයේ අඩි 70ක් පමණ දිග අඩි 40ක් පමන පළල විහාර මන්දිරයක්, චෛත්‍යයක්, බෝධිවෘක්ෂයක් දක්නට ඇත. විහාර භූමියේ පිහිටි පොකුණු නානාවිධ ජලජ පුෂ්පයන්ගෙන් අලංකෘතය දැඩිමුණ්ඩ දේවාලයක් ද පිහිටුවා ඇත.අතීතයේ මෙම විහාරයට V වන පරාක්‍රමභාහු මහ රජතුමා පැමිණි බව ද ඒ හේතුව මත දෙව් + නැගිගල දෙවනගල ලෙස ව්‍යවහාර කෙරේ.ක්‍රි.ව. 1153 - 1186 කාලයේ කෑගලූ දිස්ත්‍රික්කයේ දැදිගම උපත ලබා එහිම හැදී වැඩුනු මහාපරාක්‍රමභාහු රජු පොළොන්නරුව අගනුවර කෙදට ගත් අවධියේ සිය නැගණිය බුරුම හමුදාව විසින් පැහැරගෙන ගොස් ඇත. සිය නැගනීය කාම්බෝජයේ රජු හා විවාහා ගිවිස ගැනීමට යන අතරතුර මෙම පැහැර ගැනීම සිදුවිය. ඊට අමතරව ඇත්දළ ඇතුන් සහ වෙනත් ජාත්‍යන්තර වෙළඳ ආරවුලක් ද  තිබී ඇති බව පැවසේ, පසුව සිය කුඩා කළ කෙළි සෙල්ලම් කල මිතුරෙකු වු කිත් නුවර ගල් හෙවත් නගරගිරි සෙනවියාගේ ප්‍රධානත්වයෙන් මෙරට නාවික හමුදාව නැගෙනහිර වෙරළේ පල්ලැක්කිය යන ප්‍රදේශයෙන් දකුණු බුරුමය බලා ගොස් ඇත. එසේ ගොස් දකූණු බුරුමයේ කුසුමිය නගරය යටත් කොට පරාක්‍රමභාහු රජුගේ නැගණිය ජිවග්‍රහයෙන් ලබාගෙන යළි කාම්බෝජ රජුට විවාහ කර දී ඇත. මෙයට කාම්බෝජ යුධ හා නාවික හමුදාව විසින් සහයෝගය ලබා දෙන්නට ඇත.
අනතුරුව යුද්ධය දිනා පෙරලා මව්බිමට පැමින නගරගිර සෙනවියාට රජු විසින් ගම්වර ලබා දී ඇත. මේ බව දැක්වෙන සෙල්ලිපිය විහාර භූමියේ දක්නට ඇත. වර්තමානයේ පැරණි බුදු මැදුර ලෙස සැලකෙන්නේ අතීතයේ මහා පරාක්‍රමභාහු රජු පැමින නවාතැන් ගත් ස්ථානයක් ලෙස සැලකේ. මෙම විහාරස්ථානය ඉදි කිරීමට පෙර මෙම භූමිය V පරාක්‍රමභාහු රජුගේ හමුදා සටන් පුහුණු පාසලක් වන්නට ඇත.මහනුවර යුගයේ දී v වන විමලධර්ම සූරිය රජු විහාරයේ කටු කොහොල් අරවා ප්‍රතිසංස්කරණය කරවන ලදි. (ක්‍රි.ව.  1591 - 1604 )දළදා වහන්සේ තැන්පත් කිරිමට සෑදු සෙල්මුවා ආසනයක් දක්නට ඇත. අතීතයේ මෙම විහාරයට 65 අමුණක දේපළ හිමිව තිබූ අතර මේ වන විට ප්‍රදේශවාසීන් ඒවා පරිහරණය කරනු දක්නට ලැබේ. මෙම විහාරයේ වත්මන් සඝ පරපුර කටාරංගල රජ මහා  විහාරය සංඝ පරම්පරාවට අයත් වේ.
විල්ගම ටැම්පිට විහාරය
විල්ගම ටැම්පිට විහාරය දකුණු පළාතේ ගාල්ල දිස්ත්රිමක්කයේ වඳුරඹ - කොට්ටව මාර්ගයේ ගමන් කළ පසු මාබොටුවන ශ්රිශ සුමනාරාම පුරාණ විල්ගමු විහාරයට ළඟා විය හැකිය. මෙම විහාරය වටා ප්ර්දේශය අතිතයේ බට පඳුරු වලින් වටවී තිබූ අතර එම මහා බට පඳරු වනය හේතු කොට ගෙන මහ + බටුවනය මා බොටුවන ලෙස ව්යනවහාර කර ඇත. ක්රිේ.ව. 1240 දී පමණ දඹදෙණියේ රජ කළ 2වන පරාක්රහමභාහු රජුගේ අනුග්රරහයෙන් මෙම විහාරය ගොඩ නගා ඇත. විහාරය තුළ විෂ්ණූ කතරගම දේවප්රහථීමා දක්නට ඇත. මේ වනවිට ටැම්පිට විහාරයේ පුරාවස්තු රැසක් තැන තැන විසිරී තිඛෙන අයුරු දක්නට ඇත.අතිතයේ මුහුදු බඩ ප්රවදේශ ආක්රැමණය කල පෘතුගිසි , ලන්දේසී , ඉංග්රි සී ආදින්ගේ ග්රවහණයට ලක් වූ ගම් ප්රතදේශයක් වුවුද මොවුන් මෙම විහාරයට බලපෑම් සිදුකළ බවට වාර්ථා වී නැත.දකුණු පළාතේ තිඛෙන විශාල ටැම්පිට විහාරය වේ.
දෙමටමල් විහාරය
මොණරාගල දිස්ත්‍රික්කයේ බුත්තල නඟරයේන් සැතපුම් 4ක් පමණ දුරක් ගමන් කළ පසු ඔක්කම්පිිටය ගම්මානය හමු වේ. එම ගම්මානයේ කුඹුරු යායක් ආසන්නයේ දෙමටමල් විහාරය පිහිටා ඇත.දෙමට මල් සහිත කැලැවක් තිබු නිසා අතිතයේ සිටම මෙම විහාරය දෙමටමල් විහාරය ලෙස දක්වා ඇත. දෙවන පැ තිස් රජුගේ සෙහොයුරු මහානාග කුමරු විසින් ඉදිකළ විහාරයත් බවද ඇතැම්හු මත පළ කරති. පූජාවලියේ දැක්වෙන්නේ කාවන්තිස්ස රජ දවස මෙම විහාරය තටු කෙහොල් අරවා ප්‍රතිසංස්කරනය කර ඇති බවයි. දුටුගැමුණු රජතුමා සිය සොහොයුරු තිස්ස කුමරු හා කළ සටනින් පසු පරාජය වූ තිස්ස කුමරු දෙමටහල් විහාරයට පැමිණ සැඟ වී සිටි බව පැවසේ. මෙම සිද්ධස්ථානය තුළ චෛත්‍යය, ප්‍රථීමා ගෘහය, බෝධි ගෘහය, සීමා මාලකය, සන්නිපාත විහාරස්ථානය වටා ආරක්ෂිත ප්‍රාකාර යති. ඉන් ඈත වනය පුරා පැරණි භාවනා කුටි දක්නට ඇත. විහාරය අසල ශිලා පුවරුවක් මත වටා පත සහ කපුටා සළකුණ යොදා ඇත. ධර්මද්විපිකාවේ සඳහන් අයුරු මලියදේව මහරහතන් වහන්සේ මෙම විහාරයට වැඩම කොට මැඳුම් සඟිය සූත්‍ර දේශනා කිරීමෙන් යෝගාවචරයන් 60 නමක් රහත් භාවයට පත් ව්‍ර බව පැවසේ.

කැලණි විහාරය
කැලණි විහාරය කොළඹින් ඊසන දිගින් පිහිටි තිබෙන අතර මෙය    බෞද්ධ ජනතාවගේ  ප්‍රධාන සිද්ධස්ථනයක් වන    අතර මෙය    බුදු  රජානන්  වහන්සේ    ලංකවට වැඩම  කල  අවස්ථා තුනේන් එක්   අවස්ථාවකදි කැලණිය වැඩම කල බව සදහනය.  මහා වංශය සදහන්   වන   අන්දමට  මනිඅක්ඛිත    නා  රජුගේ  ඇරයුමට   අනුව කැලණියට වැඩම කර මැණික් පුටුවක හිද ධර්මය දෙසුබව සදහන්ය. කැලණි විහාරය ඉදිකරන ලද්දේ යටල තිස්ස රජු විසින් ය.



මහනුවර දළදා මාලිගව
මහනුවර දළදා මාලිගව බුදු රජානන් වහන්සේගේ දන්ත ධතුව තැම්පත් කල අවසන් ස්ථනය වේ. දළදා  වහන්සේ හේමමාලි කුමරි හ දන්ත කුමරු විසින් කිත්සිරි මෙවන් රජකල (301-328) ඉන්දියාවේ කාලිංග රාජධනියේ සිට වැඩම  දළදා වහන්සේ ආරක්ෂා කරගැනිම පුරන රජවරුන්ගේ ප්‍රධන වගකිමක් විය එම නිස දළදා වහන්සේ විශේෂ ආරක්ෂාවත් සහිත මන්දිර වල තැම්පත් කරන ලදි.  ඉතිහසය පුරාවෘත්ත වලට අනුව දළදා වහන්සේ මුලින්ම මහනුවරට වැඩම කර ඇත්තේ විමලධර්ම සුරිය රජතුම විසිනි (1590-1604) රත්නපුරයේ දෙල්ගමුවේ සිට එය තෙමහල් මන්දිරයක තැම්පත් කරනු ලැබු අතර ව්ව්ධ ආක්‍රමන හේතු කොටගෙන කුන්ඩසලේ මැදමහනුවර වැනි ස්ථන වලින් සෙව් අතර දළදා මාළිගව මහනුවර නගරයේ නරේන්ද්‍රසිංහ රජු විසින් ඉදිකරන ලදි.  මෙය පසුව මහනුවර රජකල අවසන් රජු විසින් අලංකාර කරන ලදි.

තලාව රජ මහා විහාරය - මාරස්සන
මහනුවර දිස්ත‍්‍රික්කයේ මාරස්සන ගමේ අප්පල්ලාගොඩ යන ස්ථානයේ තලාව රජ මහා විහාරය පිහිටා ඇත. මෙම ස්ථානයට පිවිසීම සඳහා මහනුවර ශ‍්‍රී දන්ත‍්‍රෂ්ඨ ධාතු මන්දිරය අසලින් ගිණිකොණ දෙසට ගමන් කර අම්පිටිය තලාතු ඔය මහා මාර්ගයේ ගමන් කර තලාතු ඔය පසුකළ පසු හඟුරන්කෙත දෙසට ගමන් කර මාරස්සනට ළඟා විය යුතු වේ. විහාරය වටා රමණීය කඳු වළලූ රැසක් දක්නට ඇත.ක‍්‍රි. වර්ෂ ( 1747 - 1780 ) අතර මහනුවර දි රාජප‍්‍රාප්ත සුපින්වත් ලංකාපුත‍්‍ර කීර්ති ශ‍්‍රී රාජසිංහ රජතුමාගේ අනුග‍්‍රහයෙන් මෙම විහාරය ඉදිකර ඇත. මෙහි විහාර කර්මාන්ත ඉදිකර ඇත්තේ ගලගොඩ දිසාව නම් ප‍්‍රභූවරයෙකි. විහාරයේ පැවැත්ම සහ දන්වැට උදෙසා කීර්ති ශ‍්‍රී රාජසිංහ රජතුමා 65 අමුනක් ගොඩ මඩ ඉඩකඩම් පූජා කොට ඇත. විහාර බිතු සිතුවම් රැසක් දක්නට ඇත.විහාර බිත්ති මත විදේශීය සොල්දාදුවන් රූප සටහන් දන්කට ඇත. එකල ලන්දේසී බලපෑම මෙම විහාරයට එල්ල වී තිබූ බව මෙයින් සනාථ කෙරේ. වරෙක ලන්දේසිහී මෙම විහාරය කඳවුරක් ලෙස භාවිතා කර ඇත.

නිකසලාගම රජ මහා විහාරය
කුරූණෑගල දිස්ත‍්‍රික්කයේ කුරුණෑගල නඟරයේ සිට හලාවත මාර්ගයේ ගමන් කොට මැදගම නම් ස්ථානයෙන් වම්පසට හැරී කි.මී. 4 1/2 පමණ ගමන් කළ විට දේවමැදිහත්පත්තුවේ නිකසල ගම රජ මහා විහාරයට ළඟා විය හැක. එලෙසම පඩුවස්නුවර හන්දියෙන් වම්පසට හැරි කි.මී. 3ක් පමණ ඉදිරියට ගමන් කළ පසුද නිකසලගම රජමහා විහාරයට ලඟාවිය හැක.දෙනව පෑතිස් රජසමයේ මෙම විහාරය ගොඩනගා ඇත. මහාගිරි චෙතියාරාම නමින් අතීතයේ හැදින් වූ මෙම විහාරය තුළ පිහිටි ගල්ලෙන් 17 ක් තුළ රහතන් වහන්සේලා වැඩ සිටි බව පැවසේ. මෙම විහාරයට ආසන්නයේ තවත් විහාරාරාම රැසක් නටඹුන් දක්නට ඇත. ඉන් එකක් 956 - 972 කාලවල රජකළ 4 වැනි මිහිඳු රජ තුමා විසින් කරවා ඇත. පොලොන්නරු යුගයේ දී මේ ප‍්‍රදේශයේ විසූ කුට්ඨමාධම්භිය නම් ප‍්‍රභූවරයෙකු විසන් මේ අසල පිහිටි තවත් විහාරයක් කරවා ඇති බව ශිලා ලේඛණයක් දක්වා ඇත.
මහනුවර රජ කළ II විමලධර්ම සූරිය රජ මෙම නිකසලගම විහාරයේ වත්මන් ලෙන් විහාරය ප‍්‍රථිසංස්කරනය කරවා ඇත. ( ක‍්‍රි.ව. 1687 - 1707 )එම විහාරයත් සමඟ වටා පතක්, පාත‍්‍රයක් සහ මකර තොරණකින් වටවු කුඩා රන් පිළිමයක් පූජා කර ඇත. මෙම විහාරය තුළ පිහිටි ලෙන් විහාරය තුළ සැතපෙන පිළිමයක් හිදි පිළිමයක් අග‍්‍ර ශ‍්‍රාවක දෙනමගේ ප‍්‍රතිමාද දේව රූප හා බිතුසිතුවම් රැසක් දක්නට ඇතවිහාරයේ ඉහළ කොටසට යාම සඳහා ගල් පඩි 190 ක් පියනැඟිය යුතු වේ. II වන විමලධර්ම සූරිය රජු විසින් සංඝයාගේ පහසුව සඳහා මනරම් උයනක් කර වූ බවද අදටත් අඹ දොඩම් ආදී ගස් රැුසක් දක්නට ඇති අතර එම ගස් පරම්පරාවෙන් පරම්පරාවට සිය ප‍්‍රචාරණය කරගෙන ආ අයුරු දක්නට ඇත.

කුළුගම්මන රජ මහා විහාරය
මහනුවර දිස්ත‍්‍රික්කයේ හාරිස්පත්තුව යාබදව කුළුගම්මන ග‍්‍රාමය පිහිටා ඇත. පේරාදෙණිය හන්දියෙන් වමට හැරී ගොහාගොඩ දෙසට ගමන්කර අනතුරුව හල්ඔළුව දෙසට ගමන්කොට කුළුගම්මන මාවතට පැමිනි විට මෙම කුළුගම්මන රජ මහා විහාරය හමු වේ.ක‍්‍රි.ව. ( 1341 - 1351 ) ගංගා ශ‍්‍රී පුර රාජප‍්‍රාප්ත IV වන බුවනෙකබාහු නිරිඳුන් විසින් කර වූ විහාරයක් ලෙස සැලකේ. එසේම ක‍්‍රි.පූ. යුගයේ දී ආදී වාසින්ගේ ජනාවාසයක් ලෙස පැවති බව ප‍්‍රදේශයේ දුල්වල නම් ස්ථානයේ දී හමු වී ඇති බ‍්‍රාහ්මී ශිලා ලේඛනවල දැක් වේ. සෙංකන්ඩ ශෛලාසනා පුර හෙවත් සෙංකඩගල නුවරට ගමන් කරන රජ මාවත සහ සත්කොරලය ( කුරුණෑගල ) සම්බන්ධකර මාර්ගයේ කුළුගම්මන හරහා සකස් වී තිබු බව තහවුරු කර ගත හැකි පැරණි පුරා වි, සාක්ෂී රැසක් දක්නට ඇත. මේ සඳහා පැරණි රජ දවස ඉදිකල අම්බලම් පාදක කර ගත හැක. කුළුගම්මන විහාරය සියළු විහාර අංග වලින් සමන්විත වේ. විහාර ගෙය තුළ බදු පිළිම, සමන්, විෂ්ණූ, ගම්භාර දෙවියන්ගේ ප‍්‍රථිමා ද දක්නට ඇත. ඊට අමතරව දස බෝධිසත්ව රූප සිතුවම් දක්නට ඇත.

උඩුරාවණ රාම රාජ විහාරය
මහනුවර දිස්ත‍්‍රික්කයේ පාතදුම්බර මැතිවරණ කොට්ඨාශයේ උඩුරාවණ රාම රාජ මහා විහාරය පිිහිටා ඇත.ගඟසිරපුර අගනුවර කොට රජකල IV වන බුවනෙකබාහු රජුගේ මෙහෙසිය වූ හෙණකඳ බිසො බණ්ඩාර නම් දේවිය විසින් කරවා ඇත. ( ක‍්‍රි.ව. 1341 - 1351 ) මෙම බිසව යම් අසනිපයකට ගොදුරු වී ඇති අතර ඇය උඩුරාවණ වල් - අරඹ නමි ප‍්‍රදේශයට සේවක සේවිකාවන් පිරිසක් සමඟ පැමිණ මාළිගාවක් ඉදිකරගෙන රැදී සිට ඇත. මෙය කුඩා ප‍්‍රමාණයේ මන්දිරයක් බව දත යුතුය. ඇය රෝගය සුව වු පසු මෙම විහාරය කරවන්නට ඇති බව විශ්වාස කෙරේ.1505 න් පසු ඇරඹී පෘතුගීසින්ගේ යුද්ධ ආක‍්‍රමණ වල දී මෙම විහාරය විනාශ කර ඇත. මෙසේ විනාහ කරන විට දෙබරුන් මතු වී ඇත. දෙබරුන් ගෙන් බේරී දුවන විට ඔවුන් සිහි විකල්ව එකිනෙකා ඇනකොටා ගෙන මිය ගිය බව පැවසේ.V වැනි විමලධර්සූරිය රජුගෙන් පසු රජ වු සෙනරත් රජ මෙම විහාරයේ බෝධි වාක්ෂයක් පිහිටුවා ඇත. එය 1883 දී ඉදිරී වැටි ඇති බව පැවසේ. එම කාල වකවානුවේම නව බෝධි වෘක්ෂයක් පිහිටු වීමට භික්ෂූන් විසින් කටයුතු කල බව පැවසේ

මීදුම ලෙන් රජමහා විහාරය
රඹුක්කන සිට වල්ගම දක්වා දිවෙන මහාමාර්ගයේ සැතපුම් 3ක් පමණ ගිය විට දකුණු පස කුඩා කඳු ගැටයක් මත මේ විහාරය පිහිටා ඇත. පුරාවි, දෙපාර්තමේන්තුවේ කළ පර්යේෂණ වලට අනුව මෙම මීදුම ලෙන රජමහා විහාරයට මඳ දුරකින් දැලිවල කොට වෙහෙර පිහිටා ඇත. ( මෙය දැදිගම I වන පරාක‍්‍රමභාහු කුමරු උපන් සිථානයේ පිහිටි කොට වෙහෙර නොවේ.) කි.පූ 236 දී පමණ දේවානම්පියතිස්ස යුගයේ දී මම දැලිවල කොට වෙහෙරේ ඉදිකර වන්නට ඇතැයි සැලකේ. එම යුගයේ ම මීදුම ලෙන් විහාරය ඉදිකරවන්නට ඇතැයි සැලකේ. එම යුගයේම මීදුම ලෙන් විහාරය ඉදිකරවන්නට ඇතැයි විශ්වාස කෙරේ.
මෙම විහාරය ශ‍්‍රී මහා බෝධි වෘක්ෂය වැඩම කළ යුගයේ පැරණි කුල පරම්පරාවල ජනයා පදිංචි වු ස්ථානයක් ලෙස ද පැවසේ. මෙම ස්ථානයේ පැවති සර්වඥධාතු නිධන් කිරීමේ උත්සවයට මිහිදු මා හිමියන් වහන්සේ වැඩම කල වද මෙම ස්ථානයේ පිහිටි ලෙන් විහාරය විවේක ගත් බව ද සඳහන් වේ. එබැවින් මෙම විහාර ලෙන මිහිඳු මා හිමි ලෙන බවට ව්‍යවහාර වූ බව ද පැවසේ.මෙම ස්ථානයේ අඩි 10 ක් පමණ දිගින් සහ අඩි 5 ක් පමණ පළලින් යුත් සෙල්මුවා ආසනයක් දක්නට ඇත. මෙය මිහිඳු මහ රහතන් වහන්සේට සැතපීම සඳහා ඍධියෙන් පහළ වුවක් බව විශ්ාස කෙරේ. ආසනය සියුම් කැටයම් වලින් අලංකෘතය. ගල්ලෙන් විහාරය තුළ අගනා බිතුසිතුවම් නිර්මාණය කර ඇත ඊට ඉහලින් කදුමුදුන් මත මෑත කාලීන චෛත්‍යයක් ඉදිකර ඇත මහනුවර යුගයේ කීර්ති ශ‍්‍රි රාජසිංහ රජුගේ අනුග‍්‍රහයෙන් කටු කොහොල් අරවා ප‍්‍රථිසංස්කරණය කර ඇති බව පැවසේ.

නයිගල රජමහා විහාරය (ක්‍රි.පූ. 236)
දකුණු පලාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වීරකැටියට කි.මී.2ක් දුරින් පිහිටි මෙම පින්බිමට කි.මී. 8ක් පමන පමණ දුරකින් මුල්කිරිගල රජමහා විහාරය පිහිටා ඇත. දෙවන පෑතිස් රජුගේ වැඩිමහල් සොහොයුරු මහානාග කුමරු පුද්ගලික ආරවුලක් මත අනුරාධපුරයෙන් පලා ආවේය. ඒ එන අතර කෑගල්ල ප්‍රදේශයේ යටහලෙන නම් ස්ථානයේ කලක් ගත කර ඇත. අනතුරුව සිය බිසවට යටාලතිස්ස කුමරු බිහි විය. මහානාග කුමරු සිය පවුලේ අය සහ හිතවත් සේවකයන් සමඟ කැළණියට පැමිණ රජ වූ අතර කළක් කැළණිය පාලනය කල පසු රජකම වෙනත් කුමරෙකුට පවරා රුහුණේ මාගම් ප්‍රදේශයට ගොස් ස්ථීර ලෙස පාලනයක් පිහිටුවා ගත්තේය. මුල්කිරිගලට නුදුරු මණ්ඩාඩුවට පැමිණ මාළිඟාවක් ඉදිකර කලක් එහි ජීවත් විය. මෙම කාලය තුළ ප්‍රදේශයේ ගොවිතැන් කටයුතු සංවර්ධනයක් සිදු වී ඇත. කාලයාගේ ඇවෑමෙන් දරුණු නියගයක් හටගෙන ඇත. දිනක් රජමාළිගයට පැමිණි විශාල නාගයකු රජු විශාල ගල් පර්වතයකට කැඳවාගෙන ගොස් ඇත. එහි ගොස් පරීක්ෂා කළ විට රජුට දක්නට ලැබුනේ විශාල පොකුණකි. එය වර්ථමානයේ නාග පොකුණ ලෙසබ හැදින් වේ. නයා ගිය ගල නයිගල ලෙස හැදින් වේ.
සුගලා දේවිය විසින් බුදුන්ගේ පාත්‍රා ධාතුව අත්පත් කර ගෙන සිටි යුගයේ එම පාත්‍රාධාතුව මෙම විහාර භූමියේ කළු ගලක නිධන් කර තිබූ බව පැවසේ. විහාර භූමිය තුළ ඇති ගල් තලාව මත දෙමහල් විහාර ගොඩනැගිල්ලක් ඇත මෙහි ස්ථාන කීපයකම ප්‍රාහ්ඹී අක්සර කොටන ලද ශිලා ලේඛණ සහ විවිධ සත්ව රුප සහ ළකුණු යොදා ඇති සටහන් දක්නට ඇත. පැරණි ගොඩනැගිලි වල නෂ්ඨාවිශේෂ රැසක් මෙම විහාර භූමිය තුළ දක්නට ඇති අතර දැනුදු විහාර භූමිය අක්කර 50 ක් පමණ විශාල වේ. අතීතයේ මෙම විහාරයට  අක්කර 12000 පමණ ගම්වර කොට පූජා කොට තිබූ බව පැවසේ.

මොලගොඩ රජ මහා විහාරය
මහනුවර දිස්ත්‍රික්කයේ පුජාපිටිය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ මොලගොඩ නම් ග්‍රාමයේ පිහිටි මොලගොඩ රජ මහා විහාරය මොලගොඩ කොටමුදුන්ගල රජ මහා විහාරය ලෙස හැදින් වේ.මෙම විහාරය ක්‍රි.පූ. 2-3 වන සියවස් වල දී දෙවනපෑතිස් රජතුමා විසින් කරවන්නට ඇති බවට විශ්වාස කෙරේ. එය තහවුරු කරගැනිම සඳහා අනුරාධපුර මුල් යුගයේ අක්ෂර වලට සමානකම් දක්වන ශීලා ලේඛණ 2 ක් ලෙන් විහාරය ඉදිරිපිට පිවිසුම අසල කටාරමට පහළින් දක්නට ඇත.වළගම්බා රජු දකුණු ඉන්දීය ආක්‍රමණ නිසා සිහසුන හැර දමා පැමිණ වන ගතව දිවි ගෙවූ කාලයේ සටන් පුහුණූ කඳවුරක් ලෙස මෙම මොලගොඩ කොට මුදුන් ගල භාවිතා කළ බව පැවසේ. නැවත ආක්‍රමණිකයන් පළවා හැර සිංහාසනාරූඪ වූ වළඟම්බා රජතුමා මෙම විහාරය කරවූ බව පැවසේ.
දැනට දක්නට ඇති බිතු සිතුවම් දඹූළු ලෙන් විහාරයේ බිතුසිතුවම් කලාවට සමාන ලක්ෂණ පෙන්නුම් කරයි. මහනුවර කලා සම්ප්‍රදාය අනුව නිමකළ බුදුපිළිම වහන්සේ දෙනමක් දක්නට ඇත. කුමාර බණ්ඩාර නම් ප්‍රාදේශිය දෙවියෙකු උදෙසා වෙන් කල දේවාලයක් ද මෙම විහාර භූමිය තුළ පිහිටා ඇත.ථුපයක් සහ ඉපැරණි බෝධි වාක්ෂයක් දක්නට ඇත. බොධින් වහන්සේ අසලම 2 රියන් බුද්ධ ප්‍රතිමාවකි. මෙය කළු ගලින් නිර්මාණය කර ඇති අතර 1930-1940 (ක්‍රි.ව.) අතර කාලය තුළ ඉදිකර ඇත. මෙම ස්ථානයට ඉහළ කොටමුදුන්ගල පර්වතය මුදුනේ සිළුමිණ සැය නම් වූ තවත් කුඩා චෛත්‍යයක් දක්නට ඇත.

මීමන ගල්කන්ද විහාරය
දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ  කන්දබඩ පත්තුවේ මුලටියන ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ පිහිටා ඇති මෙම මීමන ගල් කන්ද රාජ මහා විහාරයට ළඟා වීම සඳහා මාතර දෙයියන්දර මාර්ගයේ නෙලම්පිටිය හන්දියේ සිට කැටපල කන්ද ගම්මානය පසුකර සැතපුම් 3ක් පමණ ගමන් කළ යුතු වේ. මෙසේ පැමිණිලි කල ගල් පර්වත තුනක් හමුවේ. ඉන් මධ්‍යයේ වූ ගල් පර්වතයේ මෙම ලෙන් විහාරය පිහිටා ඇත. ලෙන් විහාරය ඉදිරිපස කටාරම් කොටවා ඇත. වළගම්බා රජු විසින් මෙම විහාරය කර වූ බව පැවසේ.ලෙන් විහාරය තුළ සැතපෙන පිළිමයක් ද, වැඩසිටින පිළිමයක් ද, අග්‍රශ්‍රාවකයන් වහන්සේලාගේ පිළිමද දක්නට ඇත. විහාරය ඉදිරිපස විශාල ගල් තලාවක් මත නෙළුම් මලක සහ හක් ගෙඩියක සංකේත නිර්මාණය කොට ඇත. මෙම විහාර භූමිය තුළ රජ්ජුරු බණ්ඩාර නම් ප්‍රාදේශීය දෙවියකු උදෙසා දේවාලයක් ඉදිකර ඇත. මෙම දෙවියන් සතු අණසක සහ බලය තවමත් පවතින බව ප්‍රදේශ වාසීන් පවසති.
මෙම රජ්ජුරු බණ්ඩාර දෙවියන් උදෙසා වාර්ෂිකව දේව පූජාවක් පැවැත්වෙන අතර දින 7ක් එක දිගටම එම දේව පූජා උත්සවය පවත්වනු ලබයි.කලින් කලට වනගත වූ මෙම විහාරය ක්‍රි.ව. 1775 දී පමණ දක්ෂින ලංකාවේ සංඝ නායක ධුරය දෑරු කැටගොඩ රතනජෝති හිමියන්ගේ මූලිකත්වයෙන් කටු කොහොල් අරවා දායකයන්ගේ ආධාර මත යලි ප්‍රතිසංස්කරණය කරවා ඇත. වර්ෂ 1949 පුරාවිර්‍දඥයෙකු වූ ආචාරය කුඹුරුපිටියේ වන රතන නා හිමියන් මෙම විහාරස්ථානය වැඩම වූ බව පැවසේ. විහාරයේ බිතු සිතුවම් පරීක්ෂා කිරීම සඳහා එසේ එකළ වන රතන මා හිමියන් පැමිණි බව පැරැන්නෝ පවසති.

ඇත්කඳ රජමහා විහාරය
කුරුණැගල දිස්ත‍්‍රික්කයට මානික්‍යයක් බදු වු එම නඟර මධ්‍යයේ ඇතුඟල පාමුල පිහිට මෙම ස්ථානයට ළඟා වීම සඳහා මහනුවර මාර්ගයේ සිට මීටර් 150 ක් පමණ ගමන් කළ යුතු වේ. අතිතයේ මෙම නඟරය හස්ති ශෛල්‍යපුර ලෙස හඳුන්වා දී ඇත. මෙම විහාරය අවට ප‍්‍රධාන ගල් කඳුවැටි කිපයක් ඇත. එනම් ඉබ්බාගල, ආදාගල , අංගංගල , එළුගල , කුරුමිණියාගල , යක්දෙස්සාගල ආදි වශයෙනි.අතීතයේ ඉන්දියාවේ කුරුරට සිට පැමිණී ඉන්දියානුවන් පදිංචි වී සිටි නිසා කුරුණෑගල ලෙස මෙම ප‍්‍ර‍්‍රදේශයේ හැදින් වු බවද ඇතැම්හු පවසති.මහින්දාගමනයට පෙර සිටම මෙම ප‍්‍රදේශයේ ආදිවාසීන්ගේ ජනාවාස වූ බව ද ඔවුන් සූර්ය වන්දනාව කල බවද පැවසේ. මහින්දාගමනයෙන් පසු දෙවන පෑතිස්ස රජුගේ නියමයෙන් ඒ රජුගේ මයිලනුවෙකු වු සූරතිස්ස නම් රජතුමා ( ක‍්‍රි.පූ. 187 - 177 ) වකවානුවේ දී මෙම විහාරය කරවූ බව පැවසේ. මෙහි පිහිටි බෝධි වෘක්ෂය අනුරාධපුර යුගයට අයත් වේ. එසේම 1වන අග‍්‍රබෝධ් රජතුමා ක‍්‍රි.ව. 571 - 604 වකවානුවේ දී මෙම විහාරයට ප‍්‍රාසාදයක් ඉදිකරවා දුන් බව පැවසේ. එහි නටඹුන් ද අනුරාධපුර යුගයට අයත් සෙල්මුවා පිළිම දෙකක් ද දක්වට ඇත. ඒවා පිරියම් කරවා වර්ණගන්වා ඇත. මෙම විහාරයේ ප‍්‍රධාන ලෙන සමඟ තවත් කුඩා ලෙනක් ඇත. ඒ අනුව මෙම විහාරය ලෙන් විහාර ඝනයට අයත් වේ. මෙම ලෙන් විහාර දෙකෙහිම වියන් චිත‍්‍ර දර්ශනිය ලෙස සත් සතිය නිරූපනය කර ඇත. බිතු සිතුවම් මඟින් මහින්දගමනය- ප‍්‍රජාපතී ගෝතම්යගේ කඨින චිවර පූජාව- රජගහ නුවර පිඩුසිඟා වැඞීම ආදීය සිතුවම් කර මෙම විහාරස්ථානය තුළ පුරාවස්තු රැසක් ඇත. ඒ අතර විශේෂිත පාෂාණ වර්ගයකින් සාදන ලද ඩබරාව හෙවත් ජල පෙරනය වැදගත් තැනක් ගනී. එමෙන්ම මෙම විහාරයේ තැන්පත් කර ඇති ජාතක කතා පොත් වහන්සේ නම් ග‍්‍රන්ථය ඇතුපිට තබා පෙරහරින් නඟරය වටා ප‍්‍රදක්ෂිණා කිරීම සිරිතකි. එය දඹදෙණියේ රජකළ පණ්ඩිත පරාක‍්‍රමභාහු රජතුමාගේ රාජ නියෝගයකි. ( ක‍්‍රි.ව. 1302 - 1326 * එමෙන්ම ක‍්‍රි.ව. 1815 න් පසු කුරුණැගල උසාවියේ නඩු කටයුතු වල දී මෙම විහාරයට පැමිණි සාක්ෂිකරුවන් උසාවි නිලධාරීන් ඉදිරිපිට දී ජාතක කතා පොත් වහන්සේට අතතබා දිව්රීමේ සිරිතක් පැවති බව කොඞ්රින්ටන් සහ ජෙරන් ඬේව් යන පුර විදඥයන් ගේ ලේඛණ වල සඳහන් වේ.
ඇත් කඳ විහාරයට අයත් ගලේ බණ්ඩාර දේවාලය තුළ එම දෙවියන්ට අයත් ඇඳුම් ආ- යිත්තම් තැන්පත් කර ඇත. මෙම ගලේ බණ්ඩාර දෙව්යන් ජීවමාන ප‍්‍රාදේශීය දේව සංකල්පයකි. කුරුණෑගල අගනුවර යුගයේ කුරුණෑගල රජකළ දෙවන බුවනෙකභාහු රජුට සහ සිය මුස්ලිම් ජාතික බිසවකට දාව උපන් වත්හිමි බුවනකබාහු හෙවත් තුන්වන බුවනෙකභාහු කුමරු කුමන්ත‍්‍රණයක් මඟින් ඝාතනය වීමත් සමඟ මෙම ගලේ බණ්ඩාර දේව සංකල්පය ආරම්භ වි ඇත.දෙවන බුවනෙකබාහු රජුගේ ඇවෑමෙන් ඔටුන්න හිමි කුමරු ලෙස සිටි මුස්ලිම් ජාතික බිසවට උපන් වත්හිමි බුවනෙකබාහු කුමරුට රජකම උරුම වීමත් සමඟ අමාත්‍යවරු සහ වන්නි බුවනෙකබාහු කුමරු කුමන්ත‍්‍රණයක් සිදුකර යාගයක් සුදානම් කරවා ඇතුගල මුදුනේ රැුහැනින් එල්වන ලද යාග මණ්ඩපය සූදානම් කරවා පවත්වා මධ්‍යම රාත‍්‍රියේ දී රජු යාග මණ්ඩපයේ සිටිද්දීම රැුහැන කපා වත්හිමි රජු ඇතුගල පාමුල හෙලා ඝාතනය කරවා ඇත. අනතුරුව ප‍්‍රදේශයේ ජිවත් වූ මුස්ලිම් බ්සවගේ ඥාතීන් සහ වත්හිමි බුවනෙකබාහු කුමරුගේ හිතවතුන් ඇතුගල පාමුල තිබූ රජුගේ මල සිරුරු භූමිදානය කර එම ස්ථානයේම දේවාලයක් ඉදිකර පුදසිරිත් ඉටුකර තිබේ. ඒ අනුව අද දක්වාම ප‍්‍රදේශයේ මුස්ලිම් සිංහල බැතිමතුන් ද මෙම ගලේ බණ්ඩාර දේවාලයේ පුද පූජා වලට සහභාගී වනු දක්නට ලැබේ. රත් සදුන් ලීයෙන් කරන ලද අඩි 2ක්පමණ උසින් යුතු වූ ගලේ බණ්ඩාරදේව ප‍්‍රථිමාවක් ද මෙම දේවාලයේ තැන්පත් කර ඇත.

නැකිරිඇල්ලේ දුන් රජමහා විහාරය
රත්නපුර දිස්ත‍්‍රික්කයේ ඇහැළියගොඩ සිට සැතපුම් 6ක් පමණ දුරින් පිහිටා ඇති මෙම පුණ්‍ය භූමිය පිළිබඳ ගැඹුරු ඉතිහාසයක් ඇත. කිරිඇල්ල නැදුන් රජමහා විහාරය සීතාවක 1 වන රාජසිංහ රජු සමයේ සිට ප‍්‍රසිද්ධියක් උසුලයි. ක‍්‍රි.ව. 1581 - 1593 වකවානුවේ 1 වැනි රාජසිංහ රජු හින්දු ආගම වැළඳ ගැනීම නිසා මෙම විහාරය ද හුද කලාවූ බව පැවසේ.මෙකල වැඩ සිටි උඩකරදන දේව රක්ඛිත නම් හිමිනමකගේ අත් අකුරු කලාව ගැන පැහැදුන 1 වැනි රාජසිංහ රජු තමන්ට මැදුම් සඟියක් ලියා දෙන ලෙස උන් වහන්සේගේන් ඉල්ලා ඇත. එම ඉල්ලීම පරිදි මැදුම් සඟිය නම් ග‍්‍රන්ථය ලියා රජුට පිළිගැන්වීම නිසා සතුටට පත් 1 වැනි රාජසිංහ රජු විසින් අක්කර 8305 පමණ නින්දගමක් දේව රක්ඛිත හිමිට පූජා කොට ඇත. මෙම ලියවිල්ල සබරගමු - මහනුවර දිසා ඇමති ලෙස කටයුතු කළ අබයකෝන් මුදියන්සේ විසින් රාජනියෝග මත ලියවා අත්සන් කර දී ඇත. මෙම ලේඛණයට අනුව මෙම දේපල සඳහා උරුමය නැදුන්  රජමහා විහාර වාසී භික්ෂූන්ට පමණි.
මෙම විහාරයේ විහාර මන්දිර තුනකි. ඉන් එක් විහාරයක් ටැම්පිට විහාරයකි. එම විහාරය නැදුන් ලීයෙන් තනා ඇත නැදුන් ලීයෙන් තනා ඇති බුද්ධ ප‍්‍රතිමාවක් ඵහි දක්නට ඇත. එය නැදුන් ලීයෙන් සාදන ලද ආසනයක් මත තැන්පත් කර ඇත.සීතාවක යුගයේ දේව සංකල්පය ඉස්මතු වූ බැවින් සමන් - විෂ්ණු දේව පිළීම දක්නට ඇත. විහාරයේ මල් ආසන කිරිගරුඩ වලින් නිමකර ඇත. දුටුගැමුණු රජුගේ මංගල හස්තිරාජයා වූ කණුඩුල ( කඩොල් ) ඇතුගේ ඇත්දල යුවල මෙම විහාරයේ තැන්පත් කර ඇති බව සැලකේ.I වැනි රාජසිංහ රජු විසින් පසුකාලීනව මෙම විහාරයට සැලකිල්ලක් දැක් වූ බව ද හිරිහැරයක් පීඩාවක් නොකළ බවද පැවසේ.
කැබැල්ලෑ - ලෙන රජමහා විහාරය
කුරුණැගල දිස්ත‍්‍රික්කයේ හිරියාල මැතිවරණ බල ප‍්‍රදේශයේ පොල්පිතිගම ආසන්නයේ මෙම මනරම් විහාරස්ථානය පිහිටා ඇත. ශේෂ කඳු ගැටයක මෙම කබල්ලැලෙනව විහාරය ඉදිකර ඇත. විහාරයට යාබදව රමණීය කෙත්වතු දක්නට ඇත. මුලින්ම අනුරාධපුර යුගයේ දී දෙවනපෑතිස් රජු විසින් කරවන ලදැයි සැලකේ.මෙම ලෙන් විහාරය නරඹන්නන්ට කිසිදිනක අමතක නොවන මතක සටහන් තබනු නොඅනුමානය.මෙම ලෙන පිහිටි පර්වතයට නැගීම සඳහා පියගැටපෙලක් ඉදිකර ඇත. කෙටි දුරක් වු මෙම පියගැට පෙළ තරණය කළ පසු ප‍්‍රධාන ලෙන් විහාරය හමු වේ. ලෙනට උඩින් විශාල පර්වතයකි. ඒ පර්වත මුදුනේ සිට දිය දහරක් කඩා වැටේ. එය අමතක නොවන දර්ශනයකි. පර්වතය මුදුනේ රිළවුන් වදුරන් වැනි සතුන් ගමන් කරනු නිතර දක්නට ලැබේ. එය තවත් විනෝදාස්වාදයක් ගෙන දේ. මෙම ලෙනහි විශාල ප‍්‍රමාණයක් තුළ විහාර මන්දිරය කර ඇත. ඒ තුල ඔත් පිළිමයක් නිර්මාණය කර ඇත. ඒ අසලම හිටි පිළිමයක් ද විෂ්ණු දේව ප‍්‍රතිමාවක් ද දක්නට ඇත. විහාර මන්දිරයේ බිතු සිතුවම් අතර වෙස්සන්තර ජාතකය ඇතුළු තවත් බිතු සිතුවම් රැසක් දක්නට ඇත.
මෙම විහාරයේ දක්නට ඇති ශිලා ලේඛණ ක‍්‍රි.පූ. 2 වැනි සියවසට අයත් යැයි විශ්වාස කෙරේ. අනුරාධපුර යුගයේ දී වලගම්බා රජු මෙම ප‍්‍රදේහයේ හමුදා කඳවුරක් ඉදිකර තිබූ බවට ද මතයක් පවතී.මෙම ස්ථානයේ පිහිටි ස්ථූපය ඓතිහාසික අතින් ඉපැරණී බවක් දක්නට ඇත. එය අසලම අනුරාධපුර යුගයට අයත් සඳකඩ පහන් රැසක් සෙල් මුවා මල් ආසන කීපයක් සහ ඉපැරණි නෂ්ඨාවශේෂ දක්නට ඇත. මෙම විහාරය සතු තවත් ශිලා ලේඛණ 4ක් ඇත. එම ලේඛණ වලින් දැක්වෙනුයේ මෙම විහාරයේ ලෙන් කරවා මහා සංඝයට පූජා කර ඇති බව යැයි පුරා විදඥයෝ පවසති.

හල්ඹේ ( හල් + අඹේ ) රජමහා විහාරය
කුරුණැගල දිස්ත‍්‍රික්කයේ වන්නි හත්පත්තුවේ මඟුල්-ගම් කෝරලයේ පහිටි මෙම විහාරස්ථානයට ළඟාවීම සඳහා කුරුණෑගල පුත්තලම් මාර්ගයේ පැමිණි කණුකැටිය හන්දියෙන් හැරී හල්ඹේ දෙසට කි.මී. 5ක් පමණ ගමන කළ යුතු වේ.මෙම විහාරස්ථානය පොළොන්නරු යුගයේ දී ඉදිකරන ලද්දක් බවට විශ්වාස කෙරේ. මෙම විහාරස්ථානයේ පිහිටුවා ඇති ටැම්ලිපිය ක‍්‍රි.ව. 10 වන සියවසට අයත් අක්ෂර වලට සමාන නිසා එය පොළොන්නැර යුගයේ ඉදිකරන ලද්දක් සේ අනුමාණ කරන්නේ එබැවිනි.අනුරාධපර යුගයේ දී වලගම්බා රජු සිය ජාතික යුද්ධය සැලසුම් කරන ලද අවධියේ මෙම ස්ථානයද එම කාර්යය සඳහා යොදාගත් බව පැවසේ. ඒ අනුව යුග කීපයකින් සම්බන්ධ කරන පුණ්‍ය භූමියක් ලෙස මෙම සිද්ධස්ථානය විශේෂත්වයක් ගනී.විහාරයේ පැරණි නටඹුන් රැසක් තැන තැන විසිරී තිබෙනු දක්නට ඇත. පැරණි ස්ථුපයක් දක්නට ඇත. ඒ වටා මල් ආසන 4ක් දක්නට ඇත. ශ‍්‍රී පතුල් ගලක් දක්නට ඇති අතර එය අනුරාධපුර යුගයට අයත් වුවක් බව සැලකේ.
විහාරයේ විහාර ගෙය තුළ සෙල්මුවා හිටි පිළිම දෙකක් දක්නට ඇත. එම බුදු පිළීම 2 හිම පාදම නෙළුම් මල් කැටයමින් අලංකෘත පද්මාසනයක් ලෙස සකසා නිර්මාණය කර ඇත.මහනුවර යගයේ දී මෙම විහාරය නවීකරණය වී ඇති අතර ඊට ටැම්පිට විහාරයක් එක් කර ඇත. මෙම ටැම්පිට විහාරයේ බිම දැවමුවා නිර්මාණයකි. ටැම්පිට විහාරගෙය තුළ ඉදිපිළිමයක් සහ තවත් පිළිම කීපයක් නිර්මාණය කර ඇත. පිළිමගෙයි බිත්ති ජාතක කථා සහ බුද්ධ චරිතය ඇසුරින් වූ බිතු සිතුවමින් අලංකෘත කර ඇත.මෙම විහාරයේ ඇති ශිලා ලේඛනයක සිරිසංඝබෝධි පරුමක යන අක්ෂර දක්නට ඇත. ඒ අනුව ශ‍්‍රී සංඝබෝධි නම් ප‍්‍රධානියෙක් සහ සෙසු ප‍්‍රභූන් පිරිසක් ගැන සඳහන් කොට ඇත. මේ ශ‍්‍රි සංඝබෝධි නම් රජු කුමන සංඝබෝධි දැයි අනුමාන කරගෙන නැත. ඊට හේතුව ශ‍්‍රී සංඝබෝධී නාමය බොහෝ රජවරුන් විසින් නම්බු නාමයක් වශයෙන් තම නාමයේ මුලට යොදාගෙන ඇති බැවිනි. යුරෝපා ආක‍්‍රමණිකයන් පැමණීමත් සමඟම මෙම විහාරය විනාශයට පත් වූ බව පැවසේ.

මුදුගමුව ශ්‍රී වික්‍රම රාජසිංහ රජමහා විහාරය ( 1798 - 1815 )
කොළඹ දිස්ත්‍රික්කයේ අවිස්සාවේල්ල න‍ගරයට පැමිණ කෑගලූ දිස්ත්‍රික්කයේ අඟුරුවැල්ල දෙසට ගමන් කොට තවත් කිලෝමීටර් 1ක් පමණ ගමන් කල පසු මුදුගමුව රාජ මභා විහාරයට ළඟා විය හැක. මෙම විහාරය ක්‍රි.ව. 1798 - 1815 කාලය තුළ මහනුවර රජ කල ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා විසින් කරවන ලද්දක් බව පැවසේ. ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ යුධඅවි නිෂ්පාදනාගාරය මෙම ස්ථානයේ තිබු බව පැවසේ. ඒ බව තහවුරු කර ගැනීම සඳහා විහාර භූමිය පුරා විසිරී ඇති යබොර කැට උපයෝගී කර ගත හැක. ශ්‍රි වික්‍රම රාජසිංහ රජු නිතර ගැවසුනු ස්ථානයක් බැවින් ශ්‍රි වික්‍රම රාජසිංහ රජ මහා විහාරය ලෙස මෙම ස්ථානය හදූන්වා දි ඇත.මෙම විහාරයේ කුඩා ථූපයක් වන අතර කිසිවිටක මෙම ථූපය ප්‍රථීසංස්කරණය කළ නොහැකි බව ද, අද්භූත බලවේගයක් මඟින් එම ප්‍රතිසංස්කරණ වලකාලන බවද පැවසේ. එසේම බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය විසින් මාර්ගය පුළුල් කිරීම සඳහා මෙම විහාරයේ තිඛෙන බෝධි වෘක්ෂය කපා ඉවත් කිරීමට දෑරූ උත්සහායේ දී ප්‍රදේශ වාසින් විසින් ඔවුන් පලවා හරින ලද බව පැවසේ.
නාමල් අංග රජ මහා විහාරය
කුරුණෑගල දිස්ත්‍රික්කය අතිතයේ සිටම දර්ශනීය වෙහෙර විහාර වලට උරුමකම් කියන පින්බර ප්‍රදේශයකි. එවැනි තවත් එක් පුණ්‍යභූමියක් වන නාමල් අංග රජමහා විහාරය ප්‍රදේශයට අලංකාරයක් ගෙන දෙන ස්ථානයකි. කුරුණෑගල - දඹුල්ල මාර්ගයේ ගමන් කර අඹන්පොල ග්‍රාමයට ළඟා වූ පසු මෙම පුණ්‍ය භූමිය හමු වේ. විකසිත වූ නාමල් සුවඳින් සුගන්ධ වු බැවින් ද නාමල් හැඩය අනුව විහාර අංගයන් සැකසී ඇති බැවින් ද නාමල් අංග රජමහා විහාරය ලෙස මෙම විහාරය හදුන්වා දෙනු ලැබේ. මෙම විහාරය කුරුණෑගල දිස්ත්‍රික්කයේ සුපතල රිදී විහාරයට ආසන්න ප්‍රදේශයක පිහිටා ඇත. ක්‍රී.පූ. 161 - 137 යුගයේ දී දුටුගැමූණු මහරජතුමා විසින් රිදී විහාරයට බුදු්ධ ප්‍රතිමාවක් වඩමවන ලදුව. රෑ බෝ වීම නිසා රාත්‍රිය ගත කිරීමට අඹන්පොල ග්‍රාමයට පැමිණ තිබේ. එසේ පැමිණ වර්තමාන නාමල් අංග රජමහා විහාරය පිහිටි භූමියේ නවාතැන් ගෙන ඇත. එසේ නවාතැන් ගත් දුටු ගැමුණු රජු ඇතුළු පිරිස එම ස්ථනය සිහිවීම පිණිස මෙ ස්ථානයේ කුඩා ථූපයක් බඳවා විහාරයක් ඉදිකරවූ බව පැවසේ.
අතින් රේඛා නිර්මානය කර සෑදු සෙවිලි, උළු, වාමන රුප, කැටයම් වලින් තොර සඳකඩ පහනක් , සිරිපතුල් ගල් සටහන් කරන ලද මල් ආසන 3ක් මෙම ස්ථානයේ තිබී සොයාගෙන ඇත. ස්වභාව ධරමයේ නියමයෙන් වනගතව තිබූ මෙම පින්බිම යළි මහනුවර යුගයේ දී ප්‍රතිසංස්කරණයට ලක්කල බව පැවසේ. ඒ සුපින්වත් ලංකා පුත්‍ර කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසින් ක්‍රි.ව. 1747-1782 වකවානුවේ සිදුකල ශාසන සංවර්ධන වැඩසටහනට අනුව වේ. එකල මෙම විහාරය කටු කොහොල් අරවා අංග සම්පූර්ණ විහාරාංග ඉදිකරවා විහාරයේ දියුණුවට ගම්වර පූජා කල බව පැවසේ. දැනුදු පොහොය සීමාව සඳහා කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසින් ලිඛිතවම රාජකීය තල්පතක් මෙම විහාරයට ලබා දී ඇති අතර අද දක්වාම එම තල්පත මෙම විහාරයේ තැන්පතව ඇත. මිගස්තැන්න අධිකාරම නම් ප්‍රභූවරයෙකු රජුගේ නියමයෙන් මෙකල මෙම විහාර ආරාම ප්‍රවර්ධනයට සක්‍රීය දායකත්වය ලබා දී ඇති බව ද පැවසේ.යලි වල් බිහි වූ මෙම නාමල් අංග රජමහා විහාරය ක්‍රි.ව. 1865 දී පමණ ගොකරැල්ලේ රතනජෝති නම් හිමි නමක්ගේ මුලික‍ත්වයෙන් ප්‍රතිසංස්කරණය කරවා ඇත. මේ ගැන පැහැදීමට පත් වූ මල්වතු පාර්ශවයේ මහා නා හිමියන් විසින් මෙ විහාර භූමිය  නීත්‍යානුකූලවම ගොකරැල්ලේ රතනජෝති නා හිමියන්ට පැවරූ බව පැවසේ.


ශ්‍රී ලංකා‍වෙ පූජනීය ස්ථාන


  •  1 මහියංගනය
  • 2 නාගදීපය
  • 3 කැළණිය
  • 4 ශ්‍රී පාදය
  • 5 ඳිවාගුහාව
  • 6 දිඝවාපිය
  • 7 මුතියංගණය
  • 8 තිස්සමහාරාමය
  • 9 ශ්‍රි මහා ‍බෝධින් වහන්සේ
  • 10 මිරිසවැටිය
  • 11 රුවන්වැලිසෑය
  • 12 ථුපාරාමය
  • 13 අභයගිරිය
  • 14 ඡේතවනාරාමය
  • 15 කිරිවෙහෙර
  • 16 මිහින්තලය
  • 17 ඉසුරුමුණිය
  • 18 ලංකාරාමය
  • 19 ශ්‍රි දළදා මාළිගාව
  • 20 අළු විහාරය
  • 21 කුඩාගල ලෙන් විහාරය
  • 22 හිරිගඬු සෑය
  • 23 සේරුවිල මංගල මහා විහරය
  • 24 ලෝවාමහාපාය
  • 25 සෝමාවති සෑය
  • 26 යටාල වෙහෙර
  • 27 දිඹුලාගල
  • 28 බෙල්ලන්විල රජමහා විහාරය
  • 29 සිතුල්පවුව
  • 30 ගඩලාදෙණිය
  • 31 පඬුවස්නුවර
  • 32 රිදී විහාරය
  • 33 කවටයමුනේ
  • 34 වට්ටාරම
  • 35 ලංකාතිලකය
  • 36 වැවුරුකන්නල
  • 37 වෙහෙර හේන
  • 38 මුල්කිරිගල
  • 39 බුදුරුවගල
  • 40 දෙවිනුවර
  • 41 රත්නපුර සමන් දේවාලය
  • 42 කතරගම දේවාලය
  • 43 සෙල්ල කතරගම

මහියංගනය

මහියංගනය සමන් දෙවියන් විසින් ඉදිකරන ලදැයි සැලකෙන මෙම සෑයෙහි බුදුන් වහන්සේගේ ජීව සර්වඥ කේශධාතූන් නිදන්කළ, පිරිනිවනින් පසුව උන්වහන්සේගේම ශ්‍රීවාස්තීධාතුවද නිදන් කර ඇතිබව සදහන් වෙයි. චුලාභය රජු විසින් තිස් ----රියන් කොට තනවන ලදි.පසුව දුටු ගැමුණු විසින් අසූ රියන් කොට තනවන ලදි. ශ්‍රි ලංකාවේ පුථම අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩි.ඵස් සේනානායක මහාතාගේ මුලිකත්වයෙන්1948 දි පුතිසංස්කරන කටයුතු කරන ලදි.

නාගදීපය

මිණි පළගක් නිසා සටන් වැදුනු චුලෝදර මහෝදර රජවරුන්ගේ අරගලය සංසිදුවාලිම සදහා දෙවෙනවරට ලක්බිමට වැඩමකල බුදුන් වහන්සේ වැඩසිටි තැන මිනි පළඟ නිදන් කොට තැනවු ‍චෛත්‍යය වරින්වර රජ පැමිනි රජවරුන් විසින් පිළිසකර කරවන ලදි.ත්‍රස්තවාදි අරගල ‍හේතුවෙන් වසර විස්සක් පමණ වන්දනාමාන කිරිම අපහසු වි

කැළණිය

බුදුන්වහන්සේ බුද්ධත්වයෙන් අටවෙනි වස භික්ෂුන් වහන්සේලා පන්සිය නමක් සමඟ කැලණියට වැඩමකර නාග ගෝත්‍රිකයන්ට ධර්ම ‍දේශනා කළ තැන මැණික් පුටුව නිදන් කර තනවන ලදි. යටාලතිස්ස රජු විසින් මෙම චෛත්‍යය උසින් රියන්60ක් හා වට ප්‍රමාණය රියන් 120වන සේ කරවන ලද අතර මෙහි විසේසත්වයක් ගන්නේ විභිෂණ දේවාලයයි.

ශ්‍රී පාදය

කැලණියට වැඩමකල බුදුන් වහන්සේ සමන් දේවියන්ගේ ආරාධනය අනුව තම වම් සිරිපා සලකුන මෙහි තැබු බව පිළිගැනෙයි. නිස්සංකමල්ල රජු විසින් සිරිපා ලකුණ තැබු ඉන්ඳනිල මාණික්‍යය ආරක්ෂා කිරිම සදහා ගල් තලාවකින් වසා සිරිපා සලකුණක් නිමවා ඇත.

ඳිවාගුහාව

ඳිවාගුහාව සමනලගිර සිරිපා සටහන් තබන ලඳ බුදුරඡානන් වහන්සේ සමවත් සුවයෙන් දිවා කාලය ගතකල ස්ථානයයි. වර්තමානයෙහි මේ ස්ථානය පිලිබදව නොයෙක් මතිමතාන්තර පවති.

දිඝවාපිය

කි.පු 137දි සද්දාතිස්ස රජු විසින් කරවන ලද මෙම චෛත්‍යය රාඡයා තෙවෙනි වරට බුදුන්වහන්සේ වැඩමකරන ලද අවස්ථාවේ සමවත් සුවයෙන් වැඩසි‍ටි ස්ථානයෙහි කරවන ලද්දකි. සර්ඥ ධාතුන් වහන්සේලා නිදන්කොට ඇත.මුතියංගනය-දෙවන පෑතිස් රජු විසින් කරවන ලද්දකි. මුද්ගලු වෙහෙර නමින් පළමුව හැදින්විනි.දෙතිස්ඵල බෝධින් වහන්සේලාගේ ඵක් නමක්මෙහි රෝපණය කර ඇත.

මුතියංගණය


මුතියංගන දාගැබ
මුතියංගන විහාරය පිහිටා ඇත්තේ වර්තමාන බදුලු දිස්ත්‍රික්කයෙහිය. බුදුරජාණන්වහන්සේ ලක්දිවට වැඩම කළ තෙවැනි ගමනේදී මුතියංගන චෛත්‍යය පිහිටි ස්ථානයේ නිරෝධ සමාපත්තියට පැමිණි බවට විශ්වාස කෙරේ. මෙම සෑ ගර්භයේ බුදු සමිදුන්ගේ මුක්තක ධාතුන් වහන්සේ හා කේෂ ධාතුන් වහන්සේලා වැඩ සිටිති.බුදු රජාණන් වහන්සේ සෘධියෙන් ධාතූන් වහන්සේලා බවට පත් කල දාඩිය බිදු වැඩ සිටින ලොව එකම දාගැබ මෙයයි.
වන්දනා ගාථාව
විරාජිතං බුද්ධ ගුණෙන සබ්බදා
සුරක්ඛිතං ඉන්දක දේව තේජසා
ජයංගණං සීහල දීප වාසිනං
මුතිංගණං ථූප වරං නමාමි
සිංහල අර්ථය
සැමදා බුද්ධ ගුණයෙන් බබලන්නා වූ ද,ඉන්දක දෙවියන්ගේ තේජසින් ආරක්ෂාව ලබන්නා වූද සීහලදීප වාසීන්ගේ ජන්ම භූමියක් වන්නා වූද මුතියංගණ චෛත්‍ය රාජයාණන් වහන්සේට මම නමස්කාර කරමි.෴

තිස්සමහාරාමය

තිස්සමහාරාමය බුදුරඡානන් වහන්සේ තුන්වැනි වරට ශ්‍රි ලංකා දිපයට වැඩමකල ගමනේදි සමවත් සුවයෙන් වැඩසිටි ස්ථානයේ කාවන්තිස්ස රජු විසින් ක්‍රි.පු 218 දි ඉදි කරවන ලද්දකි.

ශ්‍රි මහා ‍බෝධින් වහන්සේ


අති තිලෝගුරු සම්මා සම්බුදු පියානන් වහන්සේ බුද්ධත්වය සාක්ශාත් කර ගැනිම සඳහා පිටඳුන් ‍බෝධින් වහන්සේගේ දක්ෂිණ ශාඛාවයි. සංඝමිත්තා තෙරණිය විසින් මෙම බෝධින් වහන්සේ ශ්‍රි ලංකාවට වැඩම කරවන ලදි. ඵ් දෙවානමි පියතිස්ස රජ සමයේය.

මිරිසවැටිය

දුටුගැමුණු රජතුමා විසින් කරවන ලද මුල්ම චෛත්‍ය වු මෙහි උස අසු රියන් පමණ වන අතර සර්වඥ ධාතුන් මෙහි නිදන්කර ඇත.

රුවන්වැලිසෑය

දුටුගැමුණු රජතුමා මගින් ඉදිකරවන ලද මෙහි වැඩ නිමකරවන ලද්දේ සද්දාතිස්ස රජු විසිනි. සර්වඥ ධාතුන් වහන්සේලා,රන් බුදුපිළිම, රන්,රිදි, හා මුතු මැණික් මෙහි නිදන් කර ඇති බව කියවේ.

ථුපාරාමය

දේවානම්පිනතිස්ස රජු විසින් ඉදිකරවන ලදි.බුදුන් වහන්සේ සමවත් සුවයෙන් වැඩ සිටි ස්ථානයකි.

අභයගිරිය

වළගම්බා රජු විසින් කරවන ලදි. ගිරිනම් නිගණ්ඨයා සිටි ස්ථානය නිසා අභයගිරි නම් වු බව සදහන්ය. සරවඥ ධාතුන්,රන්පත්වල ලියු ත්‍රිපිටකය මෙහි නිධන් කර ඇති බව කියවේ.

ඡේතවනාරාමය

මහසෙන් රජු විසින් ජෝති නම් වු උද්‍යනයක කරවන ලද හෙයින් මේ නමින් ප්‍රසිද්ධ වු බව කියවේ. බුදුන් වහන්සේගේ පටි ධාතුව සමඟ සර්වඥ ධාතුන් නිධන්කොට ඇත.

කිරිවෙහෙර

බුදුන්වහන්සේ සමාධි සුවයෙන් වැඩ සිටි ස්ථානයකි. මහාසේන රජු විසින් කිහිරි ගසක් මුල ඉදිකරවන ලද හෙයින් මේ නමින් ප්‍රසිද්ධ බව සඳහන් වේ.

මිහින්තලය

මිහින්තලය සේළ චෛත්‍යයි. ගලක් මත ඉදිකර ඇති නිසා ශෛල චෛත්‍යය නමින් හැඳින්වෙන මෙම චෛත්‍ය රාජයා ක්‍රි.ව 18 දි මහානාග රජු විසින් කරවන ලද්දකි. බුඳුන් වහන්සේගේ ඌර්ණ රෝම ධාතු නිදන් කොට ඇත.

ඉසුරුමුණිය

දෙවන පෑතිස් රජු මගින් ක්‍රි.පු 3වන සියවසේදි කරවන ලදි. දන්ත කුමරු විසින් දළදා වහන්සේ රැගේන පළමු කොට මෙම ස්ථානයට පැමිණි බව කියවෙන අතර කලාත්මක ස්රූපයෙන් නෙත් සිත් ඇඳ ගන්නා පින් බිමක් වශයෙන් හැඳින්විය හැක
ලංකාරාමය
             වලගම්බා රජු ද්‍රවිඩයන් හා යුද වැදි පරාජය වි පළාගොස් සැඟව සිටි ගල් හෙබකය නම් වු ස්ථාන‍යෙහි මෙම චෛත්‍ය කරවා ඇති අතර මෙහි සර්වඥ ධාතුන් නිධන් කර ඇත.
 
ශ්‍රි දළදා මාළිගාව

                සෙංකඩගල රජකල විමලධර්ම සුරිය රජු විසින් කරවන ලද දළදා මැදුර දෙවන විමලධර්මසුරිය රජතුමා විසින් තුන්මහල් කර තනවන ලදි.

අළු විහාරය

            වළගම්බා රජු විසින් කරවන ලද්දකි. ලංකාවේ ප්‍රථම ධර්ම සංගායනාවේදී ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කරන ලදි.

කුඩාගල ලෙන් විහාරය

                    පොළොන්නරුව, මොණරාගල අතර පිහිටා ඇති ක්‍රි .පු 3සියවසට අයත් ලෙන් විහාරයකි. මෙහි චිත්‍ර ජාතක කථා නිර්මාණ සම්ප්‍රදායට අයත් වේ.

හිරිගඬු සෑය

               භාවනායෝගිව වැඩවිසු රහතන් වහන්සේලා සිටි ස්ථානයක් වන අතර මෙය පිහිටා ඇත්තේ ත්‍රිකුණාමලයේ සිට සැතපුම් 30ක් දුරිනි.

සේරුවිල මංගල මහා විහරය 

                      බුදුන් වහන්සේගේ ලලාට ධාතු නිධන් කර කාවන්තිස්ස රජු විසින් කරවන ලද්දකි

ලෝවාමහාපාය

දුටුගැමණු රජතුමා විසින් කරවන ලද්දකි. සද්ධාතිස්ස,ගෝඨාභය වැනි රජවරුන් විසින් ප්‍රතිසංස්කරණ කටයුතු කරවන ලදී.

සෝමාවති සෑය

රියන් 100 කින් උස හා වට ප්‍රමාණය රියන් 150 ක් වනසේ ගිරි අභා රජු විසින් ඉදිකරවන ලදි. බුදුන් වහන්සේගේ දකුණු දළදා වහන්සේ තැම්පත්ව ඇති බව සැලකේ.

යටාල වෙහෙර

මහානාග රජු විසින් කරවන ලද්දකි. රහතන් වහන්සේලා වැඩසිටි ස්ථානයක් වු මෙය රුහුණු මාගම රාජධානිය තුල ඉදිකරන ලද ප්‍රථම චෛත්‍යය වශයෙන් සැලකෙන අතර සර්වඥ ධාතුන් නිදන් කර ඇති බව සදහන් වේ.

දිඹුලාගල

භාවනායෝගි භික්ෂුන් වහන්සේලා වෙසන ලෙන් සහිත පුජනිය ස්ථානයකි. දේවානම් පියතිස්ස රජතුමා මෙහි වෙහෙර ‍විහාර කටයුතු කර ඇත.

බෙල්ලන්විල රජමහා විහාරය

දෙතිස්ඵල බෝධින් වහන්සේලා සහ අත්‍යලංකාර වු බුදුමැදුරකින්ද, දෙවාලයකින්ද සමන්විතය.

සිතුල්පවුව

ගල් ලෙන් සහිත ස්ථානයක් වු මෙහි විහාර, දාගැබ් ඉදිකරවා රහතන් වහන්සේලාට පුජා කරන ලදි.

ගඩලාදෙණිය

හතරවෙනි බුවනෙකබාහු රජු විසින් කරවන ලද්දකි. දොලොස් රියන් බුද්ධ ප්‍රතිමාවක්, චෛත්‍ය රාජයෙක් සහ ආනන්ද බොධියද මෙහි වෙයි.

පඬුවස්නුවර

කුරුණෑගල හා දඹදෙනි යුගයන්හි දන්ත ධාතුන් වහන්සේගේ ආරක්ෂිත ස්ථානයක් වු මෙහි විහාර කර්මාන්ත කරවන ලද්දේ දෙවැනි පෑතිස් රජු විසිනි.

රිදී විහාරය

රුවන්වැලි සෑය ඉදිකරන සමයෙහි රිදී මතුවු ස්ථානයක් පදනම් කරගෙන දුටුගැමුණු රජතුමා විසින් කරවන ලද්දක් වු මෙම විහාරය ආමණ්ඩ,ගාම්ණි,අභය,කිර්ති ශ්‍රි රාජසිංහ වැනි රජවරුන් මගින් විටින් විට ප්‍රතිසංස්කරන කටයුතු කරන ලදි.

කවටයමුනේ

ක්‍රි.ව 1800 දි කරවන ලද මෙම විහාරය සීවලි මහරහතන් වහන්සේගේ ධාතු නිධන් කර තැනු චෛත්‍යයකින් හා අලංකාර චිත්‍ර, මුර්ති වලින්ද සමන්විතය.

වට්ටාරම

පොල්ගහවෙල සිට සැතපුම් 3ක් පමණ දුරින් පිහිටි මෙම ස්ථානයෙහි මලියදේව මහරහතන් වහන්සේ වැඩසිටි බව සඳහන්ය.

ලංකාතිලකය

ගඩලාදෙණියේ සිට සැතපුම් 2 ක් පමණ දුරින් පිහිටි මෙම විහාරය ක්‍රි.ව 1347 දී බුවනෙකබා රජු විසින් කරවන ලදී.

වැවුරුකන්නල

මුල්කිරිගල සිට සැතපුම්14ක් පමණ දුරින් පිහිටියේය. සර්වඥ ධාතුන් සහ රහතන් වහන්සේලා 400ක් පමණ ධාතු නිධන් කර ඇතිඅ චෛත්‍යක් වේ.

වෙහෙර හේන

චෛත්‍ය, පුරාණ මහ බෝධිය,80 රියන් බුදු පිළිම වහන්සේ නිසා සුප්‍රසිද්ධ වු මාතර වෙහෙරහේනේ රජමහා විහාරය පිහිටා ඇත.

මුල්කිරිගල

සද්ධාතිස්ස රජතුමා මගින් කරවන ලද මෙම ලෙන් විහාර 3ක් හා චෛත්‍ය රාජයෙක්ද වෙයි. මෙය පිහිටා ඇත්තේ තංගල්ලේ සිට සැතපුම් 12ක් පමණ දුරිනි.

බුදුරුවගල

වළගම්බා රජු විසින් කරවන ලද්දකි. වැල්ලවායේ තිස්ස පාරේ සැතපුම් 3ක් පමණ රින් පිහිටා ඇත.දේගල්දොරුව රජමහා විහාරය-කීරිති ශ්‍රි රාජසිංහ රජු විස්න් කරවන ලද්දකි.

දෙවිනුවර

ක්‍රි.පු.655 දී දාපුලුසෙත් රජතුමා විසින් කරවනලදී. සියලු විහාර කර්මයන්ගෙන් සම්පුර්ණ වු මෙම වෙහෙර බිමෙහි පුරාණ නටඹුන් දැකිය හැකි අතර පෙර ශීල්ප ශාස්ත්‍රයට කේන්දස්ථානයක් විය. 

රත්නපුර සමන් දේවාලය

සබරගමුවෙහි රත්නපුර පිහිටි සමන් දේවාලය වසරක් පාසා පෙරහැර පවත්තන දේවාලයක් වන අතර 1236 දි දඹදෙණිය රාජධාණියේ රජකල පණ්ඩිත පරාක්‍රමබාහු රජුගේ ඇමතියෙකු මගින් කරවන ලද්දකි.

කතරගම දේවාලය

දුටුගැදුණු රජතුමා කරවන ලද්දකි. ඉංදියාවේ සිට ආ කන්දසාමි නැමැත්තෙක් තමන්ගේ ශිලභාවනා ආදියෙන් බොහෝ හාස්කම් කරමින් මෙම ස්ථානයෙහි ජිවත් වු බවත්, ඔහුගේ ඈවැමෙන් ඔහු කතරගම දේවියෝ යනුවෙන් සෙසු ජනයාගේ පුද පුජාවට ලක්වු බවතු ජනප්‍රවාදයෙහි සද‍හන් වේ.

සෙල්ල කතරගම

කතරගම මැණික් ගඟ මැදිකොට පිහිටියේය.වල්ලි අම්මා කඳ කුමරුට මුණ ගැසුණු ස්ථානය වශයෙන් සැලකෙයි. දුටුවන් විශ්මයට පත්කරවමින් මෙහි පවත්වන ගිණි පෑගිමේ උස්සවය දේව භක්තිය මොනවට විදහාපායි.

3 comments: