කඩා වැටෙන ලෝකය


කඩා වැටෙන ලෝකය
මම ඹබට මේ කියන්න යන්නේ අනර්ථ සහිත වූ කාමසුඛල්ලිකානු ප්‍රතිපදාවට ඇද වැටුණු වර්ථමාන මනුෂ්‍යයාගේ සෝචනීය කතාවේ එක් පැති කඩකි. අද කාලයේ ජීවත් වන බොහෝ දෙනා විසින් ඉතා ඉහළින් කතා කරන නවීන තාක්ෂණය ගැන හෝ වේවා, නූතන විද්‍යාව ගැන හෝ වේවා, වෙනත් ඹීනම බෞතිකවාදී නිර්මාණයක් ගැන හෝ ගොව පුරා උගත් යැයි සමිමත මිනිසුන් විසින තර්කානුකූලව ගොඩ නගන ලද අනේප්‍රකාර මතවාදයන් ගැන කොතරමි මධ්‍යස්ථ ව විමසා බැලූවත් තථාගතයන් වහන්සේ බුද්ධිමත් ශාවකයෙකුට ඒ බොහෝ දේ නිස්සාර ලෙස වැටහෙන්නේ ඒ සියලු නිර්මාණයක් හා මතවාද තථාගතයන් වහන්සේගේ ධර්මය හමුවේ නොවටිනා දේ බවට පත් වන බව පමණක් නොවඹවුන්ගේ ඒ සොයා ගැනීමි හා සංකල්ප බොහෝ දෙනාට අහිල පිණිස, දුක පිණිස හා අනර්ථය පිණිස පවතින නිසාය.
අද වන විට මේ පෘථීවියේ ජීවත් වන මිනිසුන්ගේ සංඛ්‍යාව බිලියන හතනට (ලක්ෂ හැත්තෑ දහසක්) ආසන්න වෙයි. එක්සත් ජාතීන්ගේ 2011 ජනවාරි මාසයේ නිකුත් වූ වාර්ථාවකට අනුව මේ වර්ශයේ අග වන විට මේ මහා පෘථිවි තලය මත පය ගසා සිටින මිනිසුන්ග් ප්‍රමාණය බිලියන හත දක්වා පැමිණෙතයි අදහස් කරයි. දැන් පවතින වේගය අනුව සෑම දිනකම පුද්ගලයින් 220,000ක් පමණ මේ මනුෂ්‍ය වර්ගයා අතර උපදින අතර ඹවුන්ගෙන් බොහෝ දෙනෙක් දුක සේ ඉපදී, දුක සේ ජීවත් වී, දුක සේ මරණයට පත් වීමේ ඉරණම උරුම කරගෙන මේ මනුෂ්‍ය ලෝකයට බිහි වේ. එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) පෙන්වා දෙන අයුරින් මේ මහා පොළොවේ සෑම දිනකම වයස අවුරුදු 5ට අඩු දරුවන්  22000 ක් තුසගින්න, මන්දපෝෂණය හා දුප්පත් කම නිසා මිය යයි. තවත් අයුරකින් ලෝක ආහාර සංවිධානය (The World Food Programme) පවසන්නේ මිලියන 925 ක් (925,000,000) මිනිසුන් මන්දපෝෂණයන්, ආහාර අහේනියෙන් හා කුසගින්නෙන් දුක් විදිනවා කියාය. මේ අතර ලෝක සෞඛ්‍යය සංවිධානය (WHO) සොයා ගෙන ඇත්තේ මිලියන 20 ක් දරුවන් මාරාන්තික මටිටමට අසාද්‍ය මන්දපෝෂණයෙන් පෙළෙන බවයි. වර්ථමාණයේ අප ජීවත් වන විශ්ව ගමිමාණයේ යථාර්තය මෙය නමි අප පෙර කියූ කාමසුඛල්ලිකානු ප්‍රතිපදාව මත පදනමි වූ නූතන මිනිසාගේ ආර්ථික න්‍යාය හෝ බෞතික නිර්මාණ ඇත්තටම මනුෂ්‍යයාගේ යහපත පිණිස උපකාර වී ඇද්ද කියා විමසීම වටී.
එපමණක්ද නොව මේ වන විට බිලියනයකට වැඩි පිරිසකට බීමට පිරිසිදු ආරක්ෂාකාරි ජලය නැත. දිනකට 5000 ක් පමණ දෙනා අපිරිසිදු ජලය පානය කිරීමෙන් මිය යයි. මේ අතර ලෝක ආර්ථික සමුළුවේ (World Economic Forum)  2009 වාර්ථාව කියන්නේ බිලියන  2.8 ක ජනතාව ජල දුෂ්කර ප්‍රදේශවල වාසය කරන අතර වර්ශ 2030 වන විට මෙම ප්‍රමාණය බිලියන 3.9 ක් (ලෝක ජන ගහණයෙන් තුනෙන් එකක්) දක්වා වැඩිවෙනු ඇති බවයි. තවදුරටත් සොයා බැලුවහොත් බිලියන  2.5 ක් සාමාන්‍ය සනීපාරක්ෂක පහසුකමි වලින් තොරව දිවි ගෙවයි. ලෝකයේ බිලියන 1.7 ක ජනතාව අන්ත දිළිදු තත්වයෙන් දුක් විදින අතර  21 වෙනි ශත වර්ශයට ඇතුළු වූ බිලියනයක් ජනතාව පොතක් කියනීමට තබා අඩු තරමින් තමාගේ නම අත්සන් කිරීමටවත් නොහැකි යැයි තොරතුරු අනාවරණය කරයි. මෙපමණක් ද නොව  2010 ලිවින්ග් ප්ලැනට වාර්ථාවට අනුව (Living.Planet Report) සීමා මායිමි නොතකා මේ පෘථිවියේ ඇති ස්වාභාවික සමිපත් සූරා කන මිනිසුන්ගේ අසීමිත අවශ්‍යතාවයන් පිණවීමට වර්ෂ 2030 වන විට තවත් ලෝකයක් අවශ්‍ය වන්නේයැයි පෙන්වා දෙයි.
මදක් සිතා බලන්න වෛද්‍ය විද්‍යාව විය යුත්තේ මනුෂ්‍ය ගුණ ධර්ම වලින් දියුණු විය යුතු අතුමි මෙහෙවරක්ද එසේත් නැත්නමි මුදල් උපයන ව්‍යාපාරයක්ද? අධ්‍යාපණය විය යුත්තේ සාරධර්ම වලින් පෝෂණය විය යුතු උපකාරයක්ද නැත්නමි මුදල් උපයන වෙළදාමක්ද? ගොවිතැන විය යුත්තේ මෛත්‍රිය කරුණාව සපිරුණු උදාර විද්‍යාවක්ද එසේත් නැත්නමි මුදල් උපයන ජාවාරමක්ද?
නමුත් අද ලෝකයේ දුප්පතුන්ට උසස් තත්වයේ සෞඛ්‍ය සේවාවක් හෝ අධ්‍යාපණයක් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවාද? ගොවියෙකුට කෘමි නාශක හෝ රසායනික පොහොර වලින් තොරව පරිසර හිතකාමී ගොවිතැනක් කිරීමේ හැකියාවක් පවතිනවාද? ඔබම සිතා බලන්න අද ලෝකයේ මිලියන 121 ක් දරුවන්ට අධ්‍යාපණ පහසුකමි නැත (UNICEF). වැඩිහිටියන් මිලියන 759 කට කියවීමේ , ලිවීමේ හැකියාව නැත. බිලියන  2 (2,000,000,000) කට පමණ අත්‍යාවශ්‍ය  ඹෘශධ ලබා ගැනීමේ පහසුකමි නැත (WHO). ඉන්දයාවේ පමණක්  1997 වසරේ සිට 2009 වසර දක්වා සිය දිවි නසාගත් ගොවීන්ගේ සංඛ්‍යාව 216,500 ක් වන අතර 2009 වසරේදී පමණක් දිවි නසාගත් ගොවීන්ගේ ගණන අඩුම තරමින් 17,368 කි (THE HINDU)
මේ සියලු දේ මේ ආකාරයෙන්ම සිදු වන අතරේ 2010 වසරේදී ඇමරිකානු ජනයා තම රටේ සිටින සුරතල් සතුන්ගේ (බල්ලන් හා පූසන්) සුභසාධනය සදහා වැය කර ඇති මුළු මුදල ඩොලර් බිලියන 48 වන අතර එක්සත් රාජධානිය තම සුරතල් සතුන් වෙනුවෙන් යූරෝ බිලියන 4 ක වියදමක් දරා ඇත. ජර්මනිය සහ පුංශය යන රටවල් දෙක තම සුරතුලුන් උදෙසා යුරෝ බිලියන 3.6 ක බරපැන උසුලා ඇත. මෙසේ සැප විදිනා මේ සතුන් උදෙසා ගොතන ලද ඇදුමි ද, ඇදන් ද, රත්තරන් කරපටිද, වීඩියෝ ප්ලේයර් ද තවත් නොයෙක් දෑ ද ඇත. බලන්න කර්මය විසින් මේ සත්වයා බෙදා වෙන් කරන ආකාරය. පිරිසක් සුගතියක් වූ මිනිස් ලොව ජන්මය ලබා කුසගින්නේ ජීවත් වන ආකාරයත්, තව පිරිසක් නිරයක් වූ තිරිසන් ලොව ඉපිද සැප විදින ආකාරයත්.
උඩට විසි කරන ලද බර දෙයක් බිමට පතිත වන්නේ යමි ආකාරයකින්ද ඒ ආකාරයෙන්ම කඩා වැටෙන මේ ලෝකය හාත් පසින්ම වට කර ගෙන ඇති කාමසුඛල්ලිකානු යෝගයේ අදුරු ගණ වළාකුළු විනි විද යහපත නැමැති හිරු කිරණ මේ පොලෝ තලයට කවදා හෝ වැටේවි කියා ඹබ සිතනවානමි එය සිහිනයක්ම වන්නේ මනුෂ්‍යයාගේ පරමායුෂ අවුරුදු 10 දක්වා අඩුවන ගමන තවම අවසන් වී නැති නිසාය.
වසරකට මේ මිහිතලය පුරා නීති විරෝදී (narcotic drugs) ඩොලර් බිලියන 400 (400,000,000,000)ක ආදායමක් ලබා දෙමින් විකිනී යන අතර හෙරොයින් පමණක් ඩොලර් බිලියන 100  කට අධික ආදායමක් ජනනය කරයි. තවද ලොව පුරා සෑම තත්පර 6කට වරක් දුමි පානයෙන් පුදුගලයෙක් මිය යයි. එනමි වසරකට සිගරටි වලින් නැසී යන තැනැත්තන්ගේ ප්‍රමාණය මිලියන 5.4 (WHO)කි. එසේ නමි සිගරටි අලවියෙන් ලැබෙන ආදායම කොපමණ විය හැකිද? එම ආදායම යොදවන්නේ කාගේ යහපත උදෙසාද? මේ ආකාරයෙන් වසරකට මද්‍යසාර පානයෙන් ජන්මාන්තර ගත වන උදවියගේ තරම මිලියන 2.5 (WHO) ක් වේ. එසේ නමි මද්‍යසාර අලවියෙන් ලැ‍බෙන ලාභය කොපමණ විය හැකිද. එම ලාභය යොද වන්නේ කාගේ සුඛ විහරනය උදෙසාද?
 
මේ තුන් ලෝකය පුරා සිහනද පැතිරූ දමි රජාණන් වහන්සේගේ මිනිස් ජීවිතයේ වටිනාකම ගැන පෙන්වා දුන් ධර්මය නො ඇසෙන ලෝකයක අපේක්ෂා භංගත්වයට පත්වු බොහෝ මිනිසුන්ට මේ අවස්ථාවේදී ඇති විකල්පය කුමක්ද? මරණය ද? නැත්නමි මිත්‍යා දෘෂ්ටියද? වත්මන් ලෝකයේ තත්වය අනුව වසරකට ලක්ෂ දහයකට වැඩි පිරිසක් (1,200,000ක් පමණ) සිය දිවි හානි කර  ගනිති. තව දඅරටත් එම සංඛ්‍යාව අවුරුද්දක් පාසා ඉහළයන් අතර  2010 ඇතුළත ජපාණයේ වැසියන් අතර සිය පණ හානි කර ගත් ප්‍රමාණය ගණනින් 31,690කි.
මේ ආකාරයෙන් ලෝකයේ එක් පිරිසක් ජීවිත හානි කර ගන්නා අතරවාරයේ තව පිරිසක් ජිවිත දානය අයදීමට නොහැකිව පිලිසරණක් නොමැති ව දුර්ලභව ලද මිනිස් ජීවිතය හැර යයි. ඔබ දන්නවාද? මවි තුස තුළ දරුවකු පිළිසිදගෙන දින 22 ක් යන විට එම දරුවාගේ හදවත ස්පන්දනය වේ. සති 6ක් යන විට දරුවාගේ මොලයේ ඇති වන තරංග මැනිය හැකිය. සති 8ක් යන විට ආමාශය, අක්මාව හා වකුගඩු ක්‍රියාත්මකව පවතින අතර ඇගිලි සළකුණු පවා පිහිටා තිබේ. ඔබ දන්නවාද? ඇමරිකා එක්සත් ජනපදය තුළ පමණක් මවි කුසේ සති 9ක් වැඩුණු දරුවන් වසරකට  700,000ක් ගබිසා කරයි. ලොව පුරා වසරකට ස්වකැමැත්තෙන් සිදු කරන ගබිසා (Induced Abortions) සංඛ්‍යාව මිලියන 42ක් වන බවයි. එනමි එක් දිනක් තුළදී මේ ධරණී තලය මත සිදුවෙන ගබිසා ඝාතන ගණන 115,000කි. සියලු ලෝ සතුන් වෙත මහා කරුණාව පෑ මුණිදානන්ගේ දහම අසන්නට පින් නැති මේ මවිවරු කෙසේ නමි කර්මය, කර්ම විපාක, පින, කුසලය ගැන දැන ගන්නද? මේ කිසිවක් නොදැන අසාරය ම සාරය ලෙස ගත් මේ සියලු දෙනා මෙි යන ගමනේ ස්වාභාවය ඔවුන්වත් දන්නවාද?
නූතන විද්‍යාෙව් විශ්මය ලොවට විදහා පාමින් පමුඛ පෙලේ බයෝ ටෙක් (Biotechnology) සමාගමක ආධාර මත නුදුරු අනාගතයේම මිනිස් ලොවේ මවි වරුන්ට තවත් ලොකු සහන සේවාවක් ලබා ගත හැකි වනු ඇත. ජෛව විද්‍යාවේ දැවැන්ත පිමිමක් පනිමින් චීනයේ විද්‍යාඥයින් විසින් සාර්ථකව මනුෂ්‍ය ජාන (human Genes) එකතු කැ උපද්දක ලද ගවයින් නිර්මාණය කර ඇත. මෙම එළදෙනුන් විසින් උත්පාදන කරන්නේ එල කිරි නොව ගුණ වශයෙන් මිනිස් මවි කිරි වලට සමාන කිරකි. ඔවුන් බලාපොරොත්තු වන්නේ ජාන වෙනස් කරන ලද මෙම කිරි ආහාර නිශ්පාදන සුපිරි වෙළද සැල් වලට විකිනීමට හැකි වනු ඇති බවයි. මේ අතර නවසීලන්තයේ විද්‍යා ප්‍රවීනයන්ට අවුරුදු 20 ක් යන තුරා ගවයින්ට, එලුවන්ට හා බැටලුවන්ට මානව ජාන ඇතුළත් කිරීමට නීතියෙන් අවසර දී ඇත. ඉතින් අනාගත මවි වරුන්ට රෝහලේ දරුවන් වදා ගෙදර යන ගමන් සුපිරි වෙළද සැලෙන් ගෝ, මේෂ හා මෙණ්ඩක යන සතුන්ගෙන් දොවා ගත් නැවුමි මානව කිරි රුගෙන යාමේ පහසුකමි සැළසෙනු ඇත. 
2011වසරේ ලෝක බිලියනියර්ලගේ (ඇමරිකානු ඩොලර් බිලියනයකට වඩා පෞද්ගලික වත්කමක් ඇති පුද්ගලයා) ලැයිස්තුවට අනුව පුද්ගලයින්  1210 ක් බිලියනියර් ගොඩට එකතු වීමට සුදුසුකමි ලබා ඇත. ඔවුන් සියළු දෙනාගෙි් පෞද්ගලික වත්කමි වල මුළු වටිනාකම ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 4.5 කි. එනමි ලංකා මුදලින් රුපියල් 495,000,000,000,000 කි. වෙනත් ලෙසකින් කියනවානමි, බිලියනියර් 1210 ගේ වටිනාකම ජර්මනියේ දල දේශීය නිශ්පාදනයටත් වඩා ඉහළය.
මෙපරිද්දෙන් ලෝකයේ ධන ව්‍යාප්තිය ඉතා විශම ලෙස සිදුවෙද්දී මේ මිහිතලයේ වෙසෙන මිනිසුන්ගෙන් හරි අඩකට (ආසන්න බිලියන  3 වැඩි) පුමාණයක් දිනකට ඩොලර්  2.5  (රුපියල් 275) ක ආදායමෙන් ජීවිතය පවත්වා ගැනීමට ජීවන අරගලයක යෙදී සිටියි. මේ අයුරින් අසමානාත්මතාවය යන පිළිකාව මනුෂ්‍ය සමාජයේ සැම ස්ථරයකටම විහිසී පැතිරී ඇත්තේ මහා නුගයක් වසා ගත් දැවැන්ත පිළිලයක් පරිද්දෙනි. අසමානාත්මතාවය යනු වර්ථමාන ආර්ථික ක්‍රමයේ සහජ අංගයක් වන අතර මෙවැනි ආර්ථික පිළිවෙතක් මේ මිනිස් ලොව තුළ බිහිවුනේ මේ මිනිසුන් උපතින් රැගෙන ආ උරුමය (කර්මය) නිසාමය.

මේ සියලු සේ මැද මේ වන විට ලොව පුරා මිලියන 215 (215,000,000) ක් දරුවන් ළමා මෙහෙ කරුවන් ලෙස කමිහල් වල, වතුවල, පතල්වල, වැඩබිමිවල, කඩවල්වල, හෝටල්වල, ගෙවල් වල හා නොයෙක් තැන් වල බැල මෙහෙවර කරයි. තවද ජාත්‍යන්තර ශ්‍රමික සංවිධානය (international Labour Organization) පවසන්නේ මෙම දරුවන්ගෙන් මිලියන 153 ක් වයස අවුරුදු 5 ත් 14 ත් අතර පසුවන බවයි. එසේම මෙම දරුවන් මත්ද්‍රව්‍ය පුවාහණය හා ගණිකා වෘත්තිය වැනි අයතා ක්‍රියාවලද යොදවනු ලබයි. තමන්ගේ ළමා කාළය මුළුමනින්ම අහිමි වන බොහෝ දරුවන්ට පාසල් යාමට අවස්ධාවක් නැති අතර සෙල්ලමි කිරීමටද වෙලාවක් නොමැත. 
මනුෂ්‍ය සන්තානය මේ අයුරින් විරූපී ස්වාභාවයක් කරා පරිනාමය වෙමින් පවතින මේ මොහොතේ මේ මහා පෘතුවියේ ඇති සියළුම ජීවිත ආධාරක පද්ධති (වායුගෝලය, ජල සමිපත, සාගර පද්ධතිය, පස, වනාන්තර, සත්ව ජීවිත) ඉතා අනතුරු දායක තත්වයකට පත් වෙමින් පවතී. මනුෂ්‍ය වර්ගයා විසින් මේ මහ පොළොවට, වාතයට හා ංලයට අවුරුද්දකට මුදා හරින විෂ රසායනික දූෂක පුමාණය දළ වශයෙන් ටොන් 10,000,000 ක් (මිලියන 10 ක්) පමණ වේ. ඒ අතරින් ටොන් මිලියන 2 කට වැඩි ප්‍රමාණයක් පිළිකා කාරක දූෂක වන අතර රම පුඹාණය තත්පරයට ගණනය කළ හොත්, ගෙවනා සෑම තත්පරයකදීම පරිසරයට මුසුවන පිළිනා නාරක පුමාණය කිලෝග්‍රෑමි 65 කි (worldometers.info). ලෝක සෞඛ්‍ය සංවිධානයේ තක්සේරු අනුව 2005 වසරේ ලොව පුරා පිළිකා වළින් මරණයට පත් වූ පුමාණය 7,600,000 කි. මෙම ගණන  2015 වන විට 9,000,000 ක් ද, 2030 වන විට 11,400,000 ක් ද වනු ඇත.
අප ආශවාස ප්‍රශ්වාස කරන වාතයට 2008 දී මිනිසා විසින් මුදා හරිනු ලැබූ කාබන්ඩයොක්සයිඩි ප්‍රමාණය මෙට්‍රික් ටොන් 31,500,000,000 (බිලියන 31.5) ක් වන අතර එම පුමාණය 1990 වසරේදී මුදා හැරි පුමාණයට වඩා සියයට 40 වැඩි වීමකි. කාබන්ඩයොක්සයිඩි ඇති වීමේ ප්‍රධාන සාධකයක් වන්නේ වාහන වලින් පිට වන දුමයි. 2008 දී ලොව පුරා නිශ්පාදිත මෝටර් කාර් සංඛ්‍යාව  52,940,559 කි. විශේෂඥ මතයට අනුව ඉන්දියාවේ මුමිබායි නගරයේ අයහපත් දිනයකදී පුද්ගලයෙක් හුස්ම ගන්නා වාතය සිගරටි 20 ක් ඉරුවා හා සමාන වේ.
මේ මහා පෘථිවියේ උෂ්ණත්වය වැඩිවී ගෙන යයි. පෙර නො වූ විරූ ලෙස උත්තර ධ්‍රැවය හා ග්‍රින්ලන්තයේ සුපිරිසිදු ජලයෙන් නිමැවුනු අයිස් තටිටුව වාර්ථාගත උෂ්ණත්වයක් තුළ දියවීගෙන යයි. (noaa.gov). ග්‍රින්ලන්තයේ අයිස් තටිටුව මුළු පෘථිවියේ ඇති පිරිසදු (ලුණු නැති) ජලයෙන් සියයට 20 ක් රදවාගෙන සිටින අතර දැන් එම ජලය දියවෙමින්  මුහුදේ ලවන ජලය සමග මුසු වේ. මේ අනුව ලොව උචිඡතම ස්ථානය වූ හිමාල පර්වත රාජයාගේ උස් කදු පසු බසමින් සිටී.  (Home). වරක් මේ මහා පෘථිවියේ බිමි ප්‍රමාණයෙන් සියයට 14 ක් වසාගෙන සිටි වැසි වනාන්තර මේ වන විට ආවරණය කරන්නේ පෘථිවියේ බිමි ප්‍රමාණයෙන් සියයට 5 කි. මේ මිහි තලයේ සියයට  20 ක් ඔක්සිජන් උපද්දවන පෘථිවියේ පෙනහලු දෙක වන ඇමසන් මහා වනාන්තරය ගිය වසර 20 ඇතුළත අක්කර මිලියන 50 කින් අඩුවී ඇත (amazonfund.org). සෑම වසරකදීම මිහිතලයට අහිමි වන වනාන්තර ප්‍රමාණය හෙක්ටයාර් මිලියන 13 ක් වන අතර පෘථිවියේ භූමි පුමාණයෙන් සියයට 40 ක් (හෙක්ටයාර් බිලියන 5.2 ක්) කාන්තාර වීමේ අවදානමකට පත්වී ඇත.
ලොව විශාලතම නිරු දක කතර සහරා කාන්තාරය සෑම දිශාවකින්ම තම බලය වැඩි කර ගනිමින් ඉදිරියට යන අතර උතුරු දිශාවෙන් මොරොක්කෝව, ටියුනීසියාව සහ ඇල්ජේරියාව යන රටවල ජනයා මධ්‍ය ධරණී මුහුදු තීරය දෙසට තල්ලු කරයි. දකුණු දෙසින් සවානා තැනිතලා භූමියට පහර දෙමින් ඉන් ඔබිබට ඇති වැසි වනාන්තර දක්වා ගමන් කරයි. අප්‍රිකාවේ වැඩිම ජනගහණයක් වෙසෙන නයිජීරියාවේ උතුරු දෙසින් සහරා කතර ආන්‍රමණය කරද්දී ගොවියන් හා ගොපල්ලන් බලහත්කාරයෙන් දකුණු දෙසට නෙරපන්නේ ඔවුන්ගේ සාරවත් ගොවි බිමි කුඩා කරමින්ය.  2006 වසරේ පැවැත්වූ එක්සත් ජාතීන්ගේ සමුළුවේදී කියවුනේ වසර  2020 වන විට කාන්තාර සරණාගතයින් මිලියන 60 ක් සහරා ප්‍රදේශයෙන් පිටවනු ඇති බවයි (world on the edge) .
මේ සියලු අඩුපාඩුකමි මැද වුවත් ලොව පුරා වසරකට මිනිස් අපද්‍රව්‍ය (මිනිසුන්ගේ ශරීරවලින් පිටවන ද්‍රව්‍ය) ටොන් මිලියන  200 ක් ගංගා හා ඇළ මාර්ගයන්ට මුදා හැරේ. ලෝකයේ ප්‍රධානතම ගංගා වල ජලය අඩුවෙමින් පවතින අතර ඒවා මනුෂ්‍ය, කෘෂි හා කාර්මික අපද්‍රව්‍යවලින් කෙලෙසමින් පවතී. මේ පෘථිවි තලයේ වගා කළ හැකි බිමි වලින් සියයට 40 ක් රයායකින පොහොර, කෘමිනාශක භාවිතය  හා පාංශු ඛාදනය නිසා දීර්ඝ කාලීන ලෙස හානි වී අවසාන ය.

ගොඩබිම තුළ මේ අයුරින් සකලවිධ ව්‍යසනයක් සිදුවෙද්දී මහා සාගරයට පවා මෙම නස්පැත්තියෙන් බේරීමට නොහැකිව සිටී. වර්තමානයේ මිනිසාගේ කැලිකසල වල බවට පත්වී ඇත්තේ මේ මහා සාගරයයි. එක්සත් ජාතීන්ගේ පරිසර සංවිධානය කර ඇති ප්‍රමාණ කිරීමි අනුව සෑම වසරකටම මධ්‍යධරනී මුහුදට කුණු ටොන් 650,000,000 ක් ද, රසදිය ටොන් 60,000 ක් ද, ඊයමි ටොන්  3,800 ක් ද, ෆොස්පේටි ටොන් 36,000 ක් ද බහාලයි. මේ වන විට මේ මහා සාගර මතුපිට ප්ලාස්ටික් වලින් වැසී යමින් සිටී.  IFREMER සංවිධානය කර ඇති සොයා බැලීමි අනුව මධ්‍යධරණී සාගරයේ ඉතා කුඩා ස්ලාස්ටික් කැබලි බිලියන 250 පමණ ඇත. ලෝකය පුරා දින 365 ක කාලය ඇතුළත ප්ලාස්ටික් බෑග් (සිලි බෑග්) බිලියන 500 ත් ට්‍රිලියන 1ත් අතර ප්‍රමාණයක් භාවිතා කරයි. එනමි විනාඩියකට බෑග්  1ත් වැඩි ගණනකි.
නූතන මිනිසා විසින් නිර්මාණය කරන ලද මේ අනේක වු අධර්මිෂ්ටකමි මධ්‍යෙය් සත්ව ලෝකයද අභාවයට පත් වී ගෙන යයි. පරිසර විද්‍යාඥයින්ගේ වැටහීමට අනුව සෑම පැය 24 කට වරක් පෘථීවියේ සත්ව වර්ග 150ත්  200ත් අතර  වද වී අතුදහන්  වී නැති වී යයි. මෙබදු වචනයෙන් කිව නොහැකි තරමි විනාශයෙන් සිදු කරමින් කාමයම ලුහු බදිමින් දුවන මේ සියලු දෙනා කාට නමි නවතාලිය හැකිද?

No comments:

Post a Comment