අතීත ශ්‍රී ලංකාවේ වාරි කර්මාන්ත
වියළි කලාපයේ ගංඟා මිටියාවත් ආශ්‍රිතව ජනපද පිහිටවූ ආර්යයන්ට ජනගහනයේ
වර්ධනයත් සමඟ ආහාර නිෂ්පාදනය වැඩි කිරීමට සිදුවීම නිසා ඔවුන් වියළි
කලාපයෙන් රට තුළට සංක්‍රමණය වූහ. එසේ වියළි කලාපයෙන් රට තුළට සංක්‍රමණය
වීමේදී එම ප්‍රදේශයේ පැවති තැනිතලාවන්හී භූගෝලීය ලක්ෂණය ආර්යයන්ගේ ප්‍රධාන
බෝගය වූ වී ගොවිතැනට වඩාත් යෝග්‍ය විය. එහෙත් වියළි කලාපීය ප්‍රදේශයට
වර්ෂාව ලැබුනේ වසරකට එක් කාලයකදී පමණි. ඒ අතර එය අඟල් 50-75ත් අතර
ප්‍රමාණයේ වර්ෂාවක් විය.වියළි කලාපයට නොයෙක් කාලවල සාගත, නියඟ ආදියට මුහුණ
දීමටද සිදු විය.වියළි කලාපයට වර්ෂාව ලැබුනේ වසරකට එක් කාලයකදී වූවත් කෘෂි
කාර්මික කටයුතු වලට වසර පුරා ජලය අවශ්‍ය වූයෙන් එම වසරකට වරක් අතිරික්තව
ලැබුණු ජලය සුරක්ෂිතව ගබඩා කරගෙන පරිහරණය කිරීමට සිදුවිය.එම අරමුණෙන්
යුක්තව වැව් ඉදි කිරීම ඇරඹි බව පැහැදිලිය.
වාරි නිර්මාණයන්හි වැදගත්කම
වර්ෂය පුරාවට ලැබුනු අතිරික්ත ජලය සුරක්ෂිතව තබාගැනීමේ මූලික
පරමාර්ථයෙන් වාරි කර්මාන්ත කෙරහි ශ්‍රී ලාංකිකයන් නැඹුරැ වූ බැව් අප මූලිකව
අවබෝධකර ගත්තෙමු.එහිදී ජලපහරක් ස්වාභාවිකව පිහිටි උස් භූමි දෙකකට කොටු
කරමින් එක් පසකින් පමණක් ලී දඬු,කොල අතු වැනි දෑ හරස් කොට පූර්ව යුගයේ වාරි
නිර්මාණ සිදු කළද,ඒවායේ වූ තාවකාලික බව හේතුවෙන් ක්‍රම ක්‍රමයෙන් එම
නිර්මාණයන් වෙත දේශීය ඉංජිනේරැ දැනුම භාවිත කරමින් වඩා සංකීර්ණ වූ නිර්මාණ
බවට ඒවා පරිවර්තනය කළේය.මෙලෙස ක්‍රමයෙන් ලාංකීය වාරි නිර්මාණ ලොව අන්
කිසිඳු රටක දක්නට නොවන ආකාරයෙන් සුවිසල් හා විශ්මිත වූ නිර්මාණයන්ගේ තත්වයට
වර්ධනය විය. විශේෂයෙන්ම තාක්ෂණයෙන් උසස් යැයි කියා ගන්නා වත්මන් ඉංජිනේරැ
තාක්ෂණයන්ට පවා හසු නොවන්නා වූ ක්‍රමවේදයක් අපගේ අතීත වාරි නිර්මාණ
ශිල්පීන් සතු වූ බැව් ඇතැම් වාරි නිර්මාණ අපට පසක් කරයි.උදාහරණ ලෙස,
මින්නේරිය වැව,කලා වැව,පරාක්‍රම සමුද්‍රය ආදී වැව් යෝධ ඇළ ආදී වූ නිර්මාණ
පෙන්වා දිය හැක.
ශ්‍රී ලංකාවේ අතීත වාරි නිර්මාණයන්හි වූ විශිෂ්ඨත්වය විදේශිකයන් පවා
ඉහළින් අගය කොට ඇත.ඒ බැව් පහත ප්‍රකාශයෙන් පවා පැහැදිලි වේ. "යුරෝපයේ නිසි
ශීලාචාරකමක් ඇතිවන්නට ශතවර්ෂ ගණනාවකට පෙර උපන් ආර්යය වර්ගයා විසින් නිපදවන
ලද දේවල් බලා පුදුමයට පත් වන්නට යුරෝපීයන්ට සිදු වී තිබේ.ලක්දිව ගොවිතැනට
ජලය සැපයීම කර තිබෙන වැව් කර්මාන්තය ගැන පරීක්ෂා කර බැලීමේදී පුරාණ වැව්
බැදීමේ තාක්ෂණය විස්මය ජනක බැව් කිව යුතුය.සිංහල ඉංජිනේරැවන්ගේ වැඩ අප
විසින් කරනු ලබන පැනමා ඇළ බැදීමේ වැඩට සංසන්දනය කර බැලීමේදී එම වැඩ පෙර
සිංහල ඉංජිනේරැවන්ට ළමයකුගේ ක්‍රීඩාවක් මෙන් වැටහෙනවා ඇත."
ලින්ද;ශ්‍රී ලංකාවේ අර්ථික විකාශය සංක්ෂිප්ත විමසුම.2002.)
වාරි නිර්මාණ සඳහා වූ රාඡ්‍ය දායකත්වය
මුල් යුගයේ ඉදි වූ වාරි කර්මාන්ත ඉතා සරල වාරි කර්මාන්ත වන අතර කඳු
පන්තීන් දෙකකින් වට වූ භූමි ප්‍රදේශයක් සරලව ආවරණය කරමින් වැවක් ඉදි
කලේය.ඒමෙන්ම ඍජුවම වැවේ සිට කුඹුරට ජලය ලබා ගැනීම වැනි සරල වාරි කර්මාන්ත
මුල් යුගයේ පැවතුණි.එසේම ඇළ පහරක් හරහා තාවකාලිකව අමුණක් බැඳ ගොවි බිම් වලට
ජලය ලබා ගැනීම පැවති සම්ප්‍රදාය බැව් දීඝ නිකාය ටීකාවේ සදහන් වේ. මෙම මුල්
යුගයේ ඉදි වූ සරල වාරි කර්මාන්ත බොහෝ විට පුද්ගලික මෙහයවීමෙන් නිර්මාණය වූ
අතර ක්‍රිස්තු පූර්ව යුගයේ ඉදි වූ මේවා ගම් වැව් ලෙස හැදින්වේ.ක්‍රිස්තු
පූර්ව යුගයේ ලියවී ඇති ශිලා ලේඛන වලින් පුද්ගලික වැව් හිමියන් සිටි බව වව්
හමික,වපි හමික,ගමික යන තනතුරැ නාමයන්ගෙන් පැහැදිලි වේ.වංශ කතාගත තොරතුරැ
වලට අනුව ලංකාවේ ඉදිකරනු ලැබූ පැරණිම ගම් වැව වශයෙන් සදහන් වන්නේ විජය හා
පැමිණි අනුරාධ අමාත්‍යවරයා විසින් අනුරාධ ග්‍රාමයේ ඉදිකළ වැවයි.
වංශකතාගත තොරතුරැවලට අනුව ප්‍රථම වරට රාජ්‍ය අනුග්‍රහය තුළින් වැවක් ඉදි
කිරීම පිළිබදව සදහන් වනුයේ අනුරාධ අමාත්‍යයා ඇරඹි අනුරාධ ග්‍රාමය අංග
සම්පූර්ණ පුරයක් බවට පත් කළ පණ්ඩුකාභය රජු නගරය ආශ්‍රිතව ඉදි කළ අභය හෙවත්
බසවක්කුලම වැවයි.එය මෙතෙක් ලක්දිව හමු වී අති පැරණිතම වාරි
කර්මාන්තයයි.එතැන් පටන් ලක්දිව රජවරැ විවිධ ප්‍රමාණයන්ගෙන් වාරි කර්මාන්ත
සදහා දායකත්වය සැපයූ අතර ඉතා විශාල වශයෙන් වාරි කර්මාන්ත සංවර්ධනය වූ අවධි
ආර්ථික අතින්ද සමෘද්ධිමත් යුගයන් විය. විශේෂයෙන් කෘෂිකර්මාන්තය සදහා ජලය
අත්‍යාවශ්‍යම සාධකයක් වූ අතර එය විශාල වශයෙන් ලැබීම තුළ කෘෂිකාර්මික
සංවර්ධනයක් ඇති වී ආර්ථික සමෘද්ධිය ලඟා විය.එමෙන්ම රජතුමා ජනතාව අතර ආදර
ගෞරවයට හා ජනප්‍රියත්වයට පත් වීම සඳහා ද මෙම වාරි නිර්මාණ ඉවහල් විය.ඇතම්
රජවරැ වාරි නිර්මාණ නිසා ජනතාව විසින් දේවත්වයෙහිලා සලකා තිබේ.උදාහරණයක්
ලෙස ක්‍රි.ව.274-301 අතර රජ කළ මහසෙන් රජු "මින්නේරිය දෙවියෝ හෙවත් හත්
රජ්ජුරැ බණ්ඩාර" ලෙස ජනතාව අතර වන්දනයට පාත්‍රව ඇත.වාරි නිර්මාණ ඉදි කිරීම
තුළින් රජු ,ජනතාව ඒවායින් ලබා ගත් ජලය වෙනුවෙන් බදු අය කළ අතර ,එය රජුගෙ
අාදායම් ඉහළ යාමටද හේතු විය.
මූලිකවම ලංකාවේ අනුරාධපුර යුගය හා පොළොන්නරැ යුගයන්හිදී වාරි කර්මාන්තය
වේගයෙන් සංවර්ධනය වූ අතර රාජ්‍ය මැදිහත් වීමද ඒ සදහා නොමදව හිමි විය.එකී
අවධීන් පහත පරිදි පෙළගැස්විය හැක.
- වසභ රඡතුමා (ක්‍රි.ව.67-111)
මධ්‍යම ප්‍රමාණයේ වැව් තැනීමේ ආරම්භක පාලකයාය. වාරි නිර්මාණ සදහා මුල්
වරට විශාල වශයෙන් රාජ්‍ය අනුග්‍රහය හිමි වේ. වැව් 11ක් හා ඇළ මාර්ග 12ක්
නිර්මාණය කළේය. භූමිය මැනීම හා සමෝච්ඡ රේඛාකරණය දියුණු තත්වයක පැවත ඇත.
- මහසෙන් රඡතුමා (ක්‍රි.ව.274-301)
විශාලම ප්‍රමාණයේ වැව් තැනීමේ ආරම්භක පාලකයාය. වැව් 16ක් හා ඇළ
මාර්‍ගයක් නිර්මාණය කළේය. වාරි කර්මාන්තයට කළ ව්ශිෂ්ඨ සේවය නිසාම ජනතාව අතර
දේවත්වයට පත්ව තිබේ.
- ධාතුසේන රඡතුමා (ක්‍රි.ව.465-473)
අනුරාධපුර යුගයේ වාරි කර්මාන්ත ඉතිහාසයෙහි සංවර්ධිතම අවධියයි. මහ වැව් 18ක් හා ඇළ මාර්‍ග කිහිපයක් නිර්මාණය කළේය.
- පළවන පරාක්‍රමබාහු රඡතුමා (ක්‍රි.ව.1153-1186)
පොළොන්නරැ යුගයේ රාජ්‍ය පාලනය කලේය. ලංකාවේ වාරි කර්මාන්ත ඉතිහාසයෙහි
සංවර්ධිතම අවධියයි. "අහසින් වැටෙන ජලය මදකුදු ලෝකෝපකාරයෙන් තොරව කිසි
කලෙකත් මුහුදට නෙයේවා" යන ආදර්ශයෙන් ක්‍රියා කර ඇත. අමුණු 165,මහ
වැව්163,ඇළ මාර්‍ග3910,කුඩා වැව්2376 ක් හා සොරොව්340 ක් නිර්මාණය කළේය.
මේ අාකාරයට මූලිකවම අතීත රාජ්‍ය මැදිහත්වීම ඔස්සේ සංවර්ධනයට පත් ලක්දිව වාරි කර්මාන්තය තුළ ඉදි වූ නිර්මාණයන් මූලිකවම කොටස් කිහිපයකට වර්ග කළ හැක.
- වැව්
- ඇළ මාර්ග
- පොකුණු
මෙකී වාරි නිර්මාණයන් ඉදි කිරීමෙන් පමණක් නොනැවතුණු රජවරැ ඒවායේ නඩත්තුව
සඳහා වෙනමම නිලධාරීන් පත් කළ අතර වැව් ජලයට ලබා ගත් බදු මුදල් වලින් ඒවා
නඩත්තුවට අවශ්‍ය මුදල් ප්‍රමාණයන්ද වෙන්කරන ලදී.වැව් නඩත්තුවට හා ඒවා භාරව
පත් කළ නිලධාරීන් අතර , අණාණික තිශ-වාරි කර්මාන්තය හා සම්බන්ධ
ඉංජිනේරැවන්(දඔල්ලෙන් ලැබුණු සෙල් ලිපියක්) අඩිතය උතර-ඇළ මාර්ග භාරව කටයුතු
කළ නිලධාරී(කෑගල්ල දිස්ත්‍රික්කයේ මාපිට විහාරයේ ලෙන් ලිපියක්) වැවෑ
ජෑරැම්-වැව් කර්මාන්තය හා සම්බන්ධ විධායක නිලධාරී(මිහින්තලයෙන් ලැබුණු දෙවන
සේන රාජ්‍ය කාලයට අයත් ලිපියක්) යන නිලධාරීන් සිටි බව සදහන් වේ.එසේම
වැවෙන් ලබාගත් ජලය සඳහා උදක භාග හෙවත් දකබක, දකපති, මතර මජිබකපති යන බදු
වර්ග අය කරගත් බැව් සෙල් ලිපි සාක්ෂි දරයි.මෙය මුදලින් නැතිනම් අස්වැන්නෙන්
කොටසක් ලෙස අය කරගත් බැව් සදහන් වේ.
වැව්
ස්වාභාවිකව පිහිටි ජල මාර්ගයකට බාධකයක් දමමින් මූලිකවම වැව් ඉදි කිරීම
ඇරඹි
අතර ,පසු කාලීනව එය දියුණු හා සංකීර්ණ වූ තාක්ෂණික ක්‍රමවේදයන් ඔස්සේ
විශාල වශයෙන් වර්ධනය විය.මූලිකවම වියළි කලාපයේ කෘෂිකර්මාන්තයට බාධකයක් වූ
ජලය එක් රැස්කර තබා ගැනීමේ ක්‍රමවේදයක් වශයෙන් බිහි වූ වැව් පසු කාලීනව ඉතා
විශාල ජල ධාරිතාවක් රදවා තබාගත හැකි නිර්මාණයක් දක්වා වර්ධනය විය.ඒ අනුව
ස්වාභාවිකව පිහිටි උස් භූමි දෙකකට ජලය මැදිවන ලෙස එක් පසෙකින් බැම්මක්
ඉදිකිරීමෙන් ඇරඹි වැව සදහා නවීන අංගයන් එක් වන්නට විය. ඒ අනුව වැව්
බැම්ම,සොරොව්වට අමතරව බිසෝකොටුව,සළපනාව,පිටවාන ආදී වූ නවීන අංගයන් වැවට එක්
විය.
වැවක කොටස් හා එහි කාර්යය
අංගය | කාර්යය |
---|---|
*වැව් බැම්ම | වැවේ ජලය රඳවා තබා ගනී |
*සොරොව්ව | ජලය අවශ්‍ය ප්‍රමාණයට මුදා හරී |
*සළපනාව | රළ පහරින් වැව් බැම්මට විය හැකි හානි වළක්වයි |
*පිටවාන | අතිරික්තව ලැබුණු ජලය මුදා හරී |
*බිසෝ කොටුව | සොරොව්ව වෙත එන අධික පීඩනය අවම කරයි |
පණ්ඩුකාභය රජුගෙන් ඇරඹි ලක්දිව වාරි කර්මාන්ත ඉතිහාසය එතැන් පටන් විවිධ
රාජ්‍ය අනුග්‍රහයන් යටතේ සංවර්ධනය විය.එය සැකෙවින් මෙසේ පෙළගැස්විය හැක.
- පණ්ඩුකාභය රජු -බසවක්කුලම වැව
- දේවානම්පියතිස්ස රජු -තිසා වැව
- මහානාග රජු -තිස්ස වැව, වළස් වැව
- දුටුගැමුණු රජු -සොරබොර වැව
- සද්දාතිස්ස රජු -පදවිය වැව ඇතුළු වැව් 18ක්
- ආමණ්දගාමිණී අභය රජු -මහා ගාමෙන්දි වැව
- ඉලනාග රඡු -තිස්ස වැව, දූරතිස් වැව
- සදමුහුණුතිස්ස රඡු -මනිකාලගාම වැව
- වසභ රජු -නොච්චිපොතාන වැව, හිරිවඩුන්න,කාලියවධන, මාන්නන්කැටිය,මහවිලච්චිය, කලා බළලු වැව ඇතුළු වැව් 11ක්
- මහෙසන් රජු -මින්නේරිය වැව, කවුඩුළු, හුරෑළු, මහගල් කඩවල, මහකණදරා, මාමිණියා වැව ඇතුළු වැව් 16ක් ඉදි කර ඇත.විශාලතම වාරි කර්මාන්තය වන්නෙ අක්කර 4670ක භූමියක් වැසී යන පරිදි සැතපුම් 1.25ක් දිග වැව් බැම්මකින් යුත් මින්නේරිය වැවයි.
- පළමුවන උපතිස්ස රජු -තෝපා වැව, දුඹුතුළු වැව ඇතුළු වැව් 06ක්
- ධාතුසේන රජු -කලා වැව, මානවත්තු හෙවත් යෝධ වැව ඇතුළු වැව් 18ක් ඉදි කර ඇත.විශිෂ්ඨතම නිර්මාණය වන්නේ අක්කර 6380ක භූමියක් වසා ගත් සැතපුම් 3.75ක් දිග වැව් බැම්මකින් යුත් කලා වැවයි.
යෝධ වැවේ ඇති විශිෂ්ඨත්වය වනුයේ සැතපුම් 7ක් දිග අඩි 14ක් උස වැව් බැම්ම
සම්බන්ධ කිරීමට ස්වාභාවික කඳු පන්තීන් දෙකක් නොමැති වුවත් වැව් බැම්ම අර්ධ
කවාකාර බැමි දෙකක් ලෙස නිමවා වැවක් ඉදි කිරීමට ලාංකීය වාරිකාර්මික
ශිල්පීන් සමත්ව ඇති බැවිනි.
- දෙවන මුගලන් රජු -පත්පහණ වැව, පදවිය වැව ඇතුළු වැව් 03ක්
- පළමුවන අග්බෝ රජු -මාදුරෑ වැව, කුරැන්දවාපිය වැව, මිහින්තලේ වැව
- දෙවන අග්බෝ රජු -කන්තලේ වැව, ගිරිතලා වැව, බලාහස්ස වැව ඉදි කර ඇත.මේ අතරින් කන්තලේ වැව ලංකාවේ ගැඹුරැතම වාරි කර්මාන්තය ලෙස සැලකේ.එහි වැව් බැම්මේ ඇතැම් ස්ථානයක උස අඩි 52.5ක් පමණ වේ.
- පළමුවන විඡයබාහු රජු -බුදුගුණවාපිය වැව
- පළමුවන පරාක්‍රමබාහු රජු - පරාක්‍රම සමුද්‍රය, තෝපා, දුඹුතුළු, එරබදු, පරාක්‍රම තටාක, මහින්ද තටාක, පරාක්‍රම සාගර, ඒකහවාපී වැව ඇතුළු මහ වැව් 163ක් හා කුඩා වැව් 2376ක් ඉදි කර ඇත.මොහුගේ විශිෂ්ඨතම නිර්මාණය වන්නෙ පරාක්‍රම සමුද්‍රයයි.අක්කර 5350ක භූමි ප්‍රදේශයක් යටවන පරිදි නිර්මිත එහි බැමමේ දිග සැතපුම් 8.5ක් පමණ බවත් උස අඩි 40ක් පමණ වන බවත් සදහන්ය.
පුරාවිද්‍යා සාක්ෂි මත තහවුරැ කරගන්නා ලද වාරි නිර්මාණයන් මෙපමණ වූවත්,
ඊට වඩා විශාල ප්‍රමාණයක් වැව් ලක්දිව ඉදිවන්නට ඇත.නමුත් ඒවා පිළිබදව සඳහන්
නොවන්නට ඇත්තේ ඇතැම් විට ඒවා රාජ්‍ය අනුග්‍රහය මත ඉදි නොවීම හෝ ඉදි කළ
නිර්මාණයන්ගේ පුරාවිද්‍යාත්මක සාධක විනාශ වී යාම නිසාවෙනි.ලංකාවේ අතීත
රාජධානි මාරැවීමේදී විශේෂයෙන් පොළොන්නරැ යුගයෙන් පසු රාජධානි ඉතා සීමිත වූ
කාලයක් පැවතීම නිසා පසු යුගයන් තුළ එතරම් විශාල වාරි නිර්මාණයන් සිදු
නොවුණි.
ඇළ මාර්ග හා අමුණු
ස්වභාවිකව පිහිටි ඇළ මාර්ග හා ගංගා හරස් කරමින් වැව් තැනීම ආරම්භ කළද,
ජනතාවගේ අවශ්‍යතාවය මත කෘතිමව ඉදිකළ ඇළ මාර්ගයන්ද අපගේ අතීත වාරි කර්මාන්තය
තුළ දැකගත හැක. මූලිකවම වැවකට ජලය ගෙන ඒමට හෝ එකී වැවක පවතින අතිරික්ත ජලය
තවත් වැවකට ගෙන යාමේ අරමුණු ඇතිව ඇළ මාර්ග ඉදි විය. එසේ ඉදි වූ ඇළ
මාර්ගයන්ටද අතීත වාරි කාර්මික දැනුම එක සේ අදාල කර ගත් අතර, වත්මන්
නිර්මාණයන් හා සසදද්දී ඒවා ඉතා උසස් මට්ටමක විය. ඇතැම් නිර්මාණ ගංගාවන්
තරමටම විශාල වූයෙන් ඒවා ගංගා වශයෙන් ම පොදු භාවිතය තුළ හැඳින්විණි. ජය ගඟ
වැනි ඇළ මාර්ග ඒවාට උදාහරණයන්ය.
වැවි ඉදිකිරීම තරම්ම අතීතයක නොවුණද ඇළ මාර්ග ඉදි කිරීමද අපගේ අතීත
රජවරුන් සතුව ජනප්‍රියව පැවති බවට සාක්ෂි පවතී. මේ පිළිබඳව ප්‍රථම වරට
පැහැදිලි සාක්ෂි මතු වන්නේ ක්‍රි. ව. 67 - 111 අතර කාලයේ රාජ්‍ය කළ වසභ
රජුගේ කාලයෙනි. ඔහු විසින් මහවැලි ගඟේ ප්‍රධාන අතු ගංගාවක් වන අඹන් ගඟ
හරස් කරමින් සැතපුම් 30 ක් දුරට විහිදෙන පරිදි ඇලිසාර හෙවත් ඇළහාර ඇළ ඉදිකළ
බැව් දැක්වේ. මේ නිර්මාණයට අමතරව ඔහුගේ රාජ්‍ය කාලයේ ඇළ මාර්ග 11 ක් ඉදි
වූ බැව් දැක්වේ. මේ අනුව අනුරාධපුර යුගයේ වාරි කර්මාන්ත ඉතිහාසයේ ප්‍රධාන
සංධිස්ථානයක් වන වසභ රාජ්‍ය කාලය වන විට ඇල මාර්ග තැනීමෙහි වටිනාකම හා ඒ
පිළිබඳව වූ කිසියම් අවබෝධයක් අපගේ අතීත වාරි ඉංජිනේරුවන් සතු වූ බැව්
පැහැදිලිය. මීට අමතරව මේ කාලයේදීම පොකුණු නිමවා ඊට පොළව යටින් ජලය ගෙන යාමේ
උමං ජල මං ක්‍රමයක් පැවති බවටද සාක්ෂි වේ. එය වංශ කතාවෙහි "ජල මාතිකා ”
යනුවෙන් දක්වා තිබේ. මේ අනුව අපගේ ඇළ මාර්ග ඉදිකිරීමේ තාක්ෂණය එවකටද ඉතා
දියුණු මට්ටමක පැවති බවට පසක් වේ.
අමුණු ඉදි කිරීම බොහෝ විට වැව් තැනීම සඳහා යොදා ගත් අතර විශේෂයෙන් වැවකට
ජලය ලබා ගැනීමේදී ගංගාවක් හරස් කිරීම සඳහා අමුණු ඉදි කළේය. ඇතැම් අවස්ථා
වල අමුණක් ඉදි කරමින් ස්වභාවික ගංගාවක දිශාව වෙනස් කරමින් වෙනත් ප්‍රදේශයකට
ජලය ලබා ගත් අවස්ථාද ඇත. අපගේ අවධානය මීලඟට යොමු වන්නේ අපගේ අතීත ඇළ මාර්ග
හා අමුණු නිර්මාණයන් පිළිබඳව විමසා බැලීමටයි.
- මහසෙන් රජු ( ක්‍රි. ව. 274 - 301 ) - අනුරාධපුර යුගයේ විශාලම ප්‍රමාණයේ වැවි ඉදි කිරීමේ ආරම්භකයා හැටියට සැලකෙන මහසෙන් රජගේ කාලයේදී ඉදිවූ කවුඩුළු වැව සඳහා පබ්බත ඇළ නම් වූ ඇළ මාර්ගයක් ඔස්සේ ජලය ලබාගත් බව දැක්වේ. මීට අමතරව තලවතු ඇළ නම් වූ විශාල ඇළ මාර්ගයක් මොහුගේ රාජ්‍ය අනුග්‍රහය මත ඉදි වූ බවත්, වසභ ඉදිකළ ඇළහැර ඇළ මින්නේරිය දක්වා දීර්ඝ කිරීමක් සිදු විය.
- ධාතුසේන රජු ( ක්‍රි. ව. 455 - 473 ) - අනුරාධපුර යුගයේ වාරිකර්මාන්තයේ ස්වර්ණමය යුගය වශයෙන් සටහන්වන ධාතුසේන රාජ්‍ය කාලය තුළ ඉදි වූ ජය ගඟ හෙවත් යෝධ ඇළ අතීත වාරි ඉංජිනේරුවාගේ හැකියාව ලොවට ප්‍රදර්ශණය කළ මහඟු නිර්මාණයකි. එනම් සැතපුම් 54 ක් දිග යෝධ ඇළේ පළමු සැතපුම් 16 තුළ ඇත්තේ සැතපුමකට අඟල් 6 ක් තරම් වූ ඉතා කුඩා බෑවුමකි. මේ නිසා ඉතා විශාල ප්‍රදේශයක් ජලයෙන් පෝෂණය කිරීමේ හැකියාව යෝධ ඇළට හිමි වී ඇත. විශේෂයෙන්ම මෙය ඉදිකිරීමට හේතු වූ අනුරාධපුර නගරයේ ජනගහනය වැඩි වීමේ ගැටළුවට එමගින් විසඳුම් සපයා ගන්නට අපගේ අතීත වාරි ඉංජිනේරුවන්ට හැකිවන්නට ඇත.
ක්‍රි. ව. 5-6 ශතවර්ෂය වන විට ඇළවල් මඟින් වැව් එකිනෙකට සම්බන්ධ කිරීම
නිසා මල්වතු ඔයේ ජලය මහවැලි ගංගාව දක්වා ගෙන යන පරිදි සංකීර්ණ ජල
ප්‍රවාහයක් බවට සංවර්ධනය වී තිබූ බවට ඓතිහාසික සාක්ෂි පවතී. විශේෂයෙන් මෙකල
ඉදි වූ මිනිපේ අමුණ, හත්තොට අමුණ ආදී වූ නිර්මාණ මහවැලි ගඟ ආශ්‍රිතව ඉදි
වී තිබේ.
- 1 වන පරාක්‍රමබාහු රජතුමා ( ක්‍රි. ව. 1153-1186 ) - ශ්‍රී ලංකාවේ වාරි කාර්මික ඉතිහාසයෙහි ස්වර්ණමය යුගය හා අවසන් වැදගත් යුගය වශයෙන් දැක්වෙන පරාක්‍රමබාහු රාජ්‍ය කාලය තුළ ඇළවල් 3910 ක් හා අමුණු 165 ක් ඉදි වූ බවට සාක්ෂි පවතී. එය ලංකාවේ පමණක් නොව ලෝකයේ අන් කිසිඳු පාලකයෙකුට නොදෙවෙනි තරම් වූ වාරි කාර්මික සංවර්ධනයක් බැවි ඕනෑම කෙනෙකුට වැටහෙනවා ඇත. විශේෂයෙන් ඔහු ඉදිකළ පරාක්‍රම සමුද්‍රය වැනි සුවිශාල වාරි නිර්මාණයන් සඳහා ජලය ලබා ගැනීම සඳහා මහවැලි ගඟ හරස් කොට අංගමැඩිල්ල නම් ස්ථානයේ අමුණක් ඉදි කරමින් අංගමැඩිල්ල ඇළ ඔස්සේද, ගිරිතලේ වැවේ සිට ඇරඹෙන ඇළ මාර්ගයක් ඔස්සේද ජලය සපයා ගත් බැවි දැක්වේ.
මෙසේ විවිධ රාජ්‍ය අනුග්‍රහයන් යටතේ ලංකාවේ ඇළ මාර්ග හා අමුණු සංවර්ධනය
සිදු වූ අතර වාරිකර්මාන්තයේ ස්වර්ණමය අවධිය වූ පරාක්‍රමබාහු රජුගේ කාලය වන
විට ඇළ මාර්ගයන් ඔස්සේ සියළු වැව් හා ගංගා මකුළු දැලක ආකාරයෙන් එකිනෙකට
සම්බන්ධ වූ ඉතා සංකීර්ණ ජල ප්‍රවාහන ක්‍රමයක් දක්වා වර්ධනය වී තිබූ බැවි
පැහැදිලිය.
පොකුණු
ශ්‍රී ලංකාවේ වාරිකර්මාන්ත නිර්මාණයන් අතර කලාත්මක ගුණයෙන් ඉතා ඉහළ
නිර්මාණයක් වශයෙන් පොකුණු පෙන්වා දිය හැක. විශේෂයෙන් රාජ මාළිගා, පූජ්‍ය
ස්ථාන ආදියෙහි පොකුණු නිර්මාණය වී ඇති අතර, රාජ අමාත්‍යාදීන්ගේ මෙන්ම
බිසෝවරුන්ගේ පරිභෝජනයටද, සංඝයා වහන්සේලාගේ පරිභෝජනය සඳහා ද මෙම පොකුණු
නිර්මාණය කර ඇත. මේ නිසා පොකුණු නිර්මාණයේදී කලාත්මක ලක්ෂණ ඊට ආරෝපණය කර
ගන්නට ඇත. අනුරාධපුර යුගයේ මෙන්ම, පොළොන්නරු යුගයේ දැක ගත හැකි රාජ මාළිගා,
පිරිවෙන් ආදී වූ සෑම ස්ථානයකම පාහේ පොකුණු නිර්මාණ දැකගත හැක. උදාහරණයක්
ලෙස අභයගිරිය, ජේතවනාරාමය ආදියේද, පොළොන්නරුව ආලාහන පිරිවෙන් භූමියේද විශාල
පොකුණු ප්‍රමාණයක් දැකගත හැක. කුට්ටම් පොකුණ, ඇත් පොකුණ, පොළොන්නරුවේ
නෙළුම් පොකුණ ආදී වූ නිර්මාණ පොකුණු අතර උසස් ගණයේ නිර්මාණ කිහිපයකි.
ක්‍රි. ව. පස්වන සියවසේදී අනුරාධපුර යුගයේ රාජ්‍ය පාලනය කළ කාශ්‍යප රජු
විසින් තම අග නගරය වශයෙන් සීගිරිය නම් වූ හුදකලා පර්වතය තෝරාගෙන එය සියළු
නගරාංගයන්ගෙන් යුත් පුරවරයක් බවට සංවර්ධනය කළේය. හෙක්ටයාර 1.5 ක පමණ භූමි
භාගයක් පුරා දිය අගල්, පවුරු, පොකුණු, මාළිග, මං පෙත් ආදී වූ සියළු
අංගයන්ගෙන් සමන්විත ඉතා දියුණු නාගරික ලක්ෂණයන්ගෙන් යුත් පුරවරයක් වශයෙන්
සීගිරිය ගොඩනගා ඇති බැවි දැනට ඉතිරිව ඇති නටඹුන් තුළින් විද්‍යාමාන වෙයි.
මෙහිදී අප විසි න් විමසා බැලෙන වාරි තාක්ෂණයට අදාලව සීගිරි රාජධානියේ
ඇති වැදගත්කම නම් ඉතා සංකීර්ණ වූ ජලවහන පද්ධතියක් ඒ ආශ්‍රිතව ක්‍රියාත්මක
වීමයි. විශේෂයෙන් අදටද රහසක්ව පවතින සීගිරි පර්වතය මුදුනට ජලය ගෙන යාමේ
සිට, දිය අගල්, පොකුණු, දිය මල් ආදී වූ නිර්මාණ රාශියක් සීගිරිය ආශ්‍රිතව
දැක ගත හැක. විශේෂයෙන් සීගිරිය ආරක්ෂිත බලකොටුවක් වශයෙන් සංවර්ධනය කළ
නිසාවෙන් විශාල වශයෙන් සීගිරිය අවට දිය අගල් වලින් ආවරණය කර තිබේ. ඒ හැරුණු
විට උද්‍යාන නිර්මාණයේදී වෙනමම ජලෝද්‍යානයක් සීගිරිය තුළ දැකගත හැක. මේ
ප්‍රදේශය තුළ ස්වභාවිකව පිහිටි ගල් හාරා නිර්මාණය කළ පොකුණු මෙන්ම කෘතිමව
නිර්මාණය කළ පොකුණුද දැකගත හැක. එය අදටද පවා යෝග්‍ය වූ උසස් නගර සැලසුම්
ශිල්පයන් මත ඉදි වී ඇති බැව් නූතන ඉංජිනේරුවන්ගේ මතයයි.
මීට අමතරව සීගිරිය තුළ අදටද වර්ෂා කාලයේදී ක්‍රියාත්මක වන දිය මල් දැක
ගත හැක. විශේෂයෙන් පර්වතය මුදුනේ සිට පහලට ගලා එන ජලය පීඩනයට ලක් කරමින් එම
ශක්තිය තුළින් ක්‍රියාත්මක වන ආකාරයෙන් මෙම දිය මල් නිර්මාණය කර ඇත. මේ
ආදී වූ සෑම නිර්මාණයක් තුළින්ම කියා පාන්නේ අතීත වාරි නිර්මාණ ශිල්පියා
සතුව තිබූ හැකියාව කොතරමිද යන්න පිළි
කළා වැව
අවුකන ඇසින් රළ නැගෙන කලා වැව
සියල්ල නිහඬ ය. ඒ නිහැඬියාව
බිඳෙන්නේ කලා වැවට තවත් දරා ගනු බැරි දියවර ඉසිහින් දියරැළි බවට හැරී
රළපනාවෙහි වදින හඬිනි. අහස් දිය ද මහී කත ද එක්ව ප්‍රවේශමින් වියන ලද
රිදී පැහැසේද දිය සළුව සුළඟෙහි දඟයට හසුවී ලෙල දෙයි. හැම රැළිත්තක් ම එකම
රටාවකට...එකම අයුරින් නැවී...බෙදී...ලොකු මාළුවෙකු ඉඳහිට දිය කළතන්නේ
‘ග්ලබ්-ග්ලබ්’ හඬිනි. සුදු දුඹුරු පැහැ උකුස්සන් දෙපළ විටෙක අහස වෙත
නැගෙමින් ද විටෙක දියට නැමුණු අත්තක ට බර වෙමින් ද දඩයම් පිණිස මාන බලයි.
ඉදින් ලොව කුරිරු බව නො දන්නා හෝ පාසලේ විද්‍යා පාඩමේ දී ඩාවින්ගේ
ශක්තිවන්තයා පිලිබඳ න්‍යාය ගැන කියැවෙන කොටස අතර මැද නින්ද ගිය කම්මැලි
මාළුවෙකු වේ නම් සිය රිදීවන් බඩවත මතට ඉර පරාවර්තනය වීමට ඉඩ හැර ඔවුනට
බිලි වෙයි. වෑ කණ්ඩිය කෙළවර ඉහත්තාවෙන් කළු පාට තාර පාර ගලා යයි.
තඹුත්තේගම සිට බුල්නෑව , ගල්නෑව පසුකොට බලලු වැව ට පිවිසෙන තෙක් ම කිලෝ මීටර තිස් තුනක් වන මඟ දෙපස සැදෙන්නේ ඉර එළියට එකවර බිමට කඩා වැටෙන්නට ඉඩ නො දී අප මතට බිඳෙන් බිඳ පෙරෙන්නට බල කරන පළු, වීර, කුඹුක්, කොහොඹ ආදී තුරින් සැදි වියනකිනි. ධාතුසේන රජුගේ නැගණියක විසින් තනවනු ලදුව පසු කලෙක කලා ඔයට ඈඳනු ලැබූ බලලු වැව පසු කරත්ම ඔබ වෙළා ගන්නේ උකුස්සන් ද කොකුන් ද සර්කස් දන්නා මාළුන් ද නිවසන කලා වැව සිඹ හමන සුළඟ යි.
චූලවංශයට (නො එසේ නම් ජන ප්‍රවාදයට) අනුව දුටු ගැමුණු රුවන් වැලි මහා සෑය තැනුම අරඹා අතරමැද මිය ගොස් පහළ වූයේ තව්තිසා දෙව්ලොවේ ය. තමන් සතු සියල් ධනය යොදවා මිනිසුන්ට ද පොළවට ද දිය දෙන්නට කලා වැව තැනූ ධාතුසේන රජ, පුතු කාශ්‍යප විසින් ඒ වැව් කණ්ඩියට ම තබා මැටි ගසා මරවනු ලදුව උපන්නේ කඩවර දෙවි හෙවත් කඩවර යක්ෂයා ලෙස ය. වැව ඉහත්තාවේ කුඹුක් ගස් හෙවණ නොමඳව ලැබෙන තැනක තනවා පුද පූජා ලබන කඩවර දේවාලයකි. කප් රුක්වල ද පහන් කණුවලද ගැට ගසන ලද ගිණිය නොහෙන තරම් භාර හාර ඔතා ඇති රතු රෙදිවල පැහැය දේවාල බිම වර්ණවත් කරයි. දේවාලයෙන් පිටත විවෘත මණ්ඩපයක ධාතුසේන රජු තෙදවත් බැල්මෙන් කලා වැව නිරීක්ෂණය කරයි. එළිමහනෙහි තැනින් තැන කපු මහතා ද තරුණන් කිහිප දෙනෙකු ද කතා බහකය.
තඹුත්තේගම සිට බුල්නෑව , ගල්නෑව පසුකොට බලලු වැව ට පිවිසෙන තෙක් ම කිලෝ මීටර තිස් තුනක් වන මඟ දෙපස සැදෙන්නේ ඉර එළියට එකවර බිමට කඩා වැටෙන්නට ඉඩ නො දී අප මතට බිඳෙන් බිඳ පෙරෙන්නට බල කරන පළු, වීර, කුඹුක්, කොහොඹ ආදී තුරින් සැදි වියනකිනි. ධාතුසේන රජුගේ නැගණියක විසින් තනවනු ලදුව පසු කලෙක කලා ඔයට ඈඳනු ලැබූ බලලු වැව පසු කරත්ම ඔබ වෙළා ගන්නේ උකුස්සන් ද කොකුන් ද සර්කස් දන්නා මාළුන් ද නිවසන කලා වැව සිඹ හමන සුළඟ යි.
චූලවංශයට (නො එසේ නම් ජන ප්‍රවාදයට) අනුව දුටු ගැමුණු රුවන් වැලි මහා සෑය තැනුම අරඹා අතරමැද මිය ගොස් පහළ වූයේ තව්තිසා දෙව්ලොවේ ය. තමන් සතු සියල් ධනය යොදවා මිනිසුන්ට ද පොළවට ද දිය දෙන්නට කලා වැව තැනූ ධාතුසේන රජ, පුතු කාශ්‍යප විසින් ඒ වැව් කණ්ඩියට ම තබා මැටි ගසා මරවනු ලදුව උපන්නේ කඩවර දෙවි හෙවත් කඩවර යක්ෂයා ලෙස ය. වැව ඉහත්තාවේ කුඹුක් ගස් හෙවණ නොමඳව ලැබෙන තැනක තනවා පුද පූජා ලබන කඩවර දේවාලයකි. කප් රුක්වල ද පහන් කණුවලද ගැට ගසන ලද ගිණිය නොහෙන තරම් භාර හාර ඔතා ඇති රතු රෙදිවල පැහැය දේවාල බිම වර්ණවත් කරයි. දේවාලයෙන් පිටත විවෘත මණ්ඩපයක ධාතුසේන රජු තෙදවත් බැල්මෙන් කලා වැව නිරීක්ෂණය කරයි. එළිමහනෙහි තැනින් තැන කපු මහතා ද තරුණන් කිහිප දෙනෙකු ද කතා බහකය.
පරම්පරාවකට
ඉහතින් නම් කලා වැවේ සොරොව්වෙහි සිරවෙන රොඩු බොඩු, කඩවර දෙවියන් ට යැද
කරන පිළිවෙත්වලින් අනතුරුව දිය යටින් පිහිනා ගොස් ඉවත් කරනු ලැබූයේ මේ
දේවාලයේ දෙවියා* (නොහොත් කපුවා) විසිනැයි කියනු ලැබෙයි. දැන් සිටින දෙවියා ඒ
කාර්යය ට නො එළඹෙයි.
කලා වැවට සැතපුම් කිහිපයක් එහායින් ඇත්තේ දුටුගැමුණූ -එළාර යුද්ධය පැවති විජිතපුරය යි.දැන් එතන පන්සලකි. දුටුගැමුණු ගේ සේනාව කඩු මුවාත් කළ ‘කඩු ගෑ ගල’ ද ඇත්තේ එහිය.
රාත්‍රිය සිය අඳුරු සෙවණැලි එළීම අරඹන විට කලා ඔය දෙසට ඇදෙන ඔබට අවුකන ග්‍රාමය හමුවෙයි. කලා වැව වාන් දමන විට වැඩි ජලය පිට කරන්නේ කලා ඔය හරහා ය.සුවිසාල ගසින් හෙබි ශුෂ්ක වනාන්තරය අතරින් පතර ඉඳහිට ජනාවාස ඇත. වම් පස ඇති තේ කඩ දෙක සහ මල් වෙළෙන්දන්ගේ එළිමහන් වෙළඳ බිම ට මුහුණ ලා ඇති කෙටි ගල් පඩි මතින් දකුණු පසින් ගල උඩට නැගෙන විට හමුවන්නේ අනිමිස ලෝචනයෙන් කලා වැව දෙස බලා අභය මුද්‍රාවෙන් හිඳින අවුකන බුද්ධ ප්‍රතිමාව යි. අතීත ශ්‍රී ලංකාවේ විශිෂ්ට කලා කෞෂල්‍යය විදහා දක්වන අඩි 38 අඟල් 9 ක් උස අවුකන පිළිමය පස්වන සියවසේ දී තැනුණක් ලෙසට විශ්වාස කෙරෙයි. නෙළුම් පාදමෙහි උස ද සහිතව මෙහි උස අඩි 42 ක් ලෙස සැළකෙයි. ඉන්දීය ගාන්ධාර සහ අමරාවතී සම්ප්‍රදායන් හි ලක්ෂණ පෙන්වන ප්‍රතිමාව සම්පූර්ණයෙන් ම විසල් තනි කළු ගලක් මත සියුම් කැටයමින් නෙළා ඇත. සිවුර, සිරුරෙහි හැඩය මනාව මතුවන පරිදි ද සිවුරෙහි රැළි ඉසියුම්ව මතුවන පරිදි ද නිමවා ඇත. ධාතුසේන රජු විසින් කලාවැව තැනූ කාලයේ දී ම අවුකන පිළිමය ද නෙළන්නට අණ දුන්නේ යයි කියවෙන මුත් මෙය භරණ නම් අයෙකු විසින්කරවන ලද්දකැයි විශ්වාසයක් ද තිබේ. නමින් අවුකන වුව ද විසල් ප්‍රතිමාව අවුවෙන් සහ වැස්සෙන් රැකෙන්නට ගලින් සහ ගඩොලින් කළ අඩි 74 ක් උස අඩි 63 ක් පමණ පළල මණ්ඩපයක් තිබුණ බවට අවට නටඹුන්ව ඇති කුළුණු සහ බිත්ති දෙස් දෙයි.
කලා වැවට සැතපුම් කිහිපයක් එහායින් ඇත්තේ දුටුගැමුණූ -එළාර යුද්ධය පැවති විජිතපුරය යි.දැන් එතන පන්සලකි. දුටුගැමුණු ගේ සේනාව කඩු මුවාත් කළ ‘කඩු ගෑ ගල’ ද ඇත්තේ එහිය.
රාත්‍රිය සිය අඳුරු සෙවණැලි එළීම අරඹන විට කලා ඔය දෙසට ඇදෙන ඔබට අවුකන ග්‍රාමය හමුවෙයි. කලා වැව වාන් දමන විට වැඩි ජලය පිට කරන්නේ කලා ඔය හරහා ය.සුවිසාල ගසින් හෙබි ශුෂ්ක වනාන්තරය අතරින් පතර ඉඳහිට ජනාවාස ඇත. වම් පස ඇති තේ කඩ දෙක සහ මල් වෙළෙන්දන්ගේ එළිමහන් වෙළඳ බිම ට මුහුණ ලා ඇති කෙටි ගල් පඩි මතින් දකුණු පසින් ගල උඩට නැගෙන විට හමුවන්නේ අනිමිස ලෝචනයෙන් කලා වැව දෙස බලා අභය මුද්‍රාවෙන් හිඳින අවුකන බුද්ධ ප්‍රතිමාව යි. අතීත ශ්‍රී ලංකාවේ විශිෂ්ට කලා කෞෂල්‍යය විදහා දක්වන අඩි 38 අඟල් 9 ක් උස අවුකන පිළිමය පස්වන සියවසේ දී තැනුණක් ලෙසට විශ්වාස කෙරෙයි. නෙළුම් පාදමෙහි උස ද සහිතව මෙහි උස අඩි 42 ක් ලෙස සැළකෙයි. ඉන්දීය ගාන්ධාර සහ අමරාවතී සම්ප්‍රදායන් හි ලක්ෂණ පෙන්වන ප්‍රතිමාව සම්පූර්ණයෙන් ම විසල් තනි කළු ගලක් මත සියුම් කැටයමින් නෙළා ඇත. සිවුර, සිරුරෙහි හැඩය මනාව මතුවන පරිදි ද සිවුරෙහි රැළි ඉසියුම්ව මතුවන පරිදි ද නිමවා ඇත. ධාතුසේන රජු විසින් කලාවැව තැනූ කාලයේ දී ම අවුකන පිළිමය ද නෙළන්නට අණ දුන්නේ යයි කියවෙන මුත් මෙය භරණ නම් අයෙකු විසින්කරවන ලද්දකැයි විශ්වාසයක් ද තිබේ. නමින් අවුකන වුව ද විසල් ප්‍රතිමාව අවුවෙන් සහ වැස්සෙන් රැකෙන්නට ගලින් සහ ගඩොලින් කළ අඩි 74 ක් උස අඩි 63 ක් පමණ පළල මණ්ඩපයක් තිබුණ බවට අවට නටඹුන්ව ඇති කුළුණු සහ බිත්ති දෙස් දෙයි.
කලා වැවේ ජන ශ්‍රැතියට අනුව අවුකන
තැනූයේ භරණ නම් ශිල්පියෙකු විසිනි. මින් සැතපුම් කියිපයක් එහායින් රැස්
වෙහෙර නමින් හඳුන්වන තැන ඇති මෙ වැනිම ප්‍රතිමාව නිමවා ඇත්තේ ඔහුගේ
අයියණ්ඩිය විසිනි. තරඟයට ඇරඹුණු මේ කාරියෙහි වැඩ සම්පූර්ණයෙන් නිම වූ විට
හූවක් කිව යුතු බවට එකඟ වී වැඩ ඇරඹුණි. මල්ලී අවුකන ප්‍රතිමාව නෙළා හූවක්
කීවේය. අයියා ඒ වන විට වැඩ සම්පූර්ණ කර නොමැති බැවින් පැරදුණේ ය. රැස්
වෙහෙර පිළිමය කළු ගලින් වෙන් කොට නැති අතර අවුකන ප්‍රතිමාවෙහි බඳු සිරස්
පතක් ද එහි නැත. අසම්පූර්ණ බැවින් විශිෂ්ට නිර්මාණය ලෙස සැළකෙන්නේ අවුකන
යි. කෙසේ වතුදු පුරා විද්‍යා ගවේශණවලට අනුව රැස් වෙහෙර පිළිමය තැනී ඇත්තේ
අවුකන පිළිමයට සියවස් තුනකට පෙර එනම් ක්‍රි.ව. දෙවන සියවසේ ය.
අඳුර විනිවිද ප්‍රතිමාව දිදුළන්නේ ඒ වෙත එල්ලකොට ඇති කහ පැහැ විදුලි පහනක ආලෝකයෙනි. බෝධියේ පත් ද ඒ එළියෙන් රන් පැහැ වී දිළෙයි. කිසිවෙකුදු නො ගැවසෙන බෝ මළුව ද ප්‍රතිමා පරිශ්‍රය ද සන්සුන් නිහැඬියාවක ගිලී සැනහෙයි. ප්‍රතිමාව පා මුල සවස ආ සැදැහැවතියක විසින් පුදනු ලැබූ නෙළුම් මල් සහ ඉද්ද මල් කිහිපයක් අනිත්‍යයට දෙස් දෙමින් පර වෙමින් තිබෙනු පෙනෙයි. පහන් වැට එළි නිවා සිල්වත්ව නින්දට සැරසෙයි. පළඟැටි හා රැහැයි නාදය හැරෙන්නට අවුකන වනය නිසල ය. තුංග අවුකන බුදුහු නැගී හිඳ කලා වැව දෙස බලනුයේ, ඒ රැයේ පවා රැළපනාව මත සියවස් දහසයක ඓතිහාසික සංවේදනා ලියා තබන දිය රැළි දැක දිරි ගන්වන සුළු මඳ සිනා පාති.
වස්තුව ඉල්ලන කාෂ්‍යප පුතුනේ..
ඇයි හදවත රිදවන්නේ..
ඇස් දෙක වාගෙයි මුගලන් සහ නුඹ ..
පියරජු සෙවනේ උන්නේ..
බලන්න දෙටු පුත..මේ දිය තලයම
කෙත්වතු සාර කරන්නේ..
මට ඇති වස්තුව..මට ඇති සම්පත..
මේ නිල් දිය කඳ වන්නේ..
හිටුවා පස් ගස්වා මා මැරුමට .
කවුරුද පුතු සිත බිඳේ..
මා මළ පසු පුත මිහිදන් කල මැන
කලා වැවේ වැව් බැම්මේ..
මගේ කලා වැව සදා රකිණුමැන
අවුකන පිළිම සමින්දේ..
ඇයි හදවත රිදවන්නේ..
ඇස් දෙක වාගෙයි මුගලන් සහ නුඹ ..
පියරජු සෙවනේ උන්නේ..
බලන්න දෙටු පුත..මේ දිය තලයම
කෙත්වතු සාර කරන්නේ..
මට ඇති වස්තුව..මට ඇති සම්පත..
මේ නිල් දිය කඳ වන්නේ..
හිටුවා පස් ගස්වා මා මැරුමට .
කවුරුද පුතු සිත බිඳේ..
මා මළ පසු පුත මිහිදන් කල මැන
කලා වැවේ වැව් බැම්මේ..
මගේ කලා වැව සදා රකිණුමැන
අවුකන පිළිම සමින්දේ..
================================================================
අවසන් වරටද මා පණමෙන් ආදරය කරණ ඒ මහා දිය කඳ දෙස බලමි..මා සිතෙහි පසු
තැවීමක් නම් නොවේ.මේ මවුබිමට ආදරය කරණ රාෂ්ඨ පාලකයෙකු ලෙස මගෙන් මේ බිමට සහ
මාගේ ආදරණීය රටවැසි දූ දරුවනට යුතුකම් ඉටුකළාහ'යි මා සිත තුළ ආඩම්බරයක්
පවතී.මින් මොහොතකට පෙර මේ වැව් පිටියේදී සිදුවූ සිද්ධිදාමය නැවත ස්මරණය කොට
ම'පුතු කෙරෙහි කහටක් හිතේ ඇත්නම් එයද සෝදාහැරීමට සිතමි.
"හ්ම් දැන් ඉතින් නොවළහා කියනු ඒ මහා ධනස්කන්ධය කොහිද කියා..."
මාගේ
දෙටු පුත් කාශ්‍යප අඩි හප්පා විමසයි.මිගාර මහ සෙනවි වෛරයෙන් දිළිහුණු
දෙනෙතින් යුතුව තෘප්තිමත් බැල්මෙන් මා දෙස බලා හිඳී.ඔහු නියමයෙන් දෑත් බැඳි
යදම් ගැලවුනද මාස ගනනාවක් තිස්සේ දෑත සිරකොට තිබූ මේ යදම් නිසාවෙන් තුවාල
වී කුණු වී තිබූ වලළුකරට සුවයක් දැණුනද ඒ ගැන නොසිතාම මාගේ සියළු සම්පත වූ
දිය තලයට දෙපා එසවීමි.
මහ
වැව් තලය දියරැළි නංවමින් මුදු සිහිල් සුළඟක් ඇතිකළේ මා නිසාම යැයි
හඟිමි.ඇසට පෙනෙන නොපෙනෙන මානයේ දිස්වන මා ජල තලය මොහොතක් අතීතයට මා
කැඳවයි..
එසමය
පර සතුරු චෝල ආක්‍රමණික ශිව මාගේ නැදෑ රජදරුවන් එකිනෙකා කැති ගාමින් මෙ
පුරය වනසමින් මහා ව්‍යසනයක් ගෙනගිය කාලයයි.මා සිවුරු පොරවා මහා සංඝ ශාසනයේ
රැකවරණ නොලබන්න මගේ මාතෘභූමිය නිදහස් කරගැනීම සිහිනයක් පමණක්මවනු
ඇත..කෙසේවතුදු "මිගාර"යන් මා සමඟ එක්වීම සහ සේනා සංවිධාන කොට නොබෝකළකින්ම
මුළු ලංකා ධරණී තලයත් උතුම්වූ බුද්ධ ශාසනයත් ආරක්ෂාකොටගතිමි.අනතුරුව එළඹි
සංවර්ධනයුගයේදීද මිගාර දැක්වූ රාජපාක්ෂික භාවය නිසාම මාගේ ප්‍රිය දියණිය
සරණපාවා දුනිමි.මහා වැව් දාගැබ් මහා ඇල මාර්ඝ මවු බිමට දායාද කොට
ඇත්තෙමි.මිගාරගේ වීර පුත්‍ර රත්නය නමින් මේ වැව නම් කළ බවද සැබැවි...නමුදු
මිගාරගේ කෲර වදහිංසා විඳින ම'දියණියගේ ශෝකාලාපය නොදකින්න මා තවමත් මේ
කිරීටයේ රැඳෙනවා නොඅනුමානය.පියතුමෙකු ලෙස ඒ වද හිංසා නොදකිණු රිසියෙන්
මිගාරයන්ට දඬුවම් නියම කෙලෙමි..නමුත් මාගෙන් බේරී පලාගිය ඔහු දෙටු පුත්
කාශ්‍යපයන් රවටාගෙන මාගෙන් පළිගනීවියැයි මා නොසිතූවෙමි.නමුදු සියල්ල සිදු
වී හමාරය.
වැව
ඉහත්තාවේ අව්කන බුදුපිළිම වහන්සේ මහා කරුණාවෙන් මේ දියත දෙස බලා
හිඳී..නමුදු "කර්මය"පලදීම උන්වහන්සේගේ මහා කරුණාවටවත් වැලැක්විය නොහැකි බව
දනිමි.මා සතුව මහා ධනයක් සඟවා ඇති බව මිගාරයන් පුතුව නොමඟ යවා ඇතිබව
හැඟේ..ඉදින් මම් කුමක් කරන්නෙම්ද..මළහිරු ඈත දියඹේ සැඟවයන්නට ආසන්නය.ඉදින්
මේ අසිරිය විඳ ගැනීමටවත් මහට ඉස්පාසුවක් තෘෂ්නාවෙන් බර වූ පුතු ඉඩ නොදෙන
හැඩය..ඔහු පිටුපස සිට ගර්ජනා කරයි..වැව් දියෙන් දිය දෝතක් ගෙන පානය
කෙළෙමි..සියළු දුක්ඛ දෝමනස්සයන් මඟහැරී යනුද මහා සැනසුමකින් මගේ ආත්මය
ගිලගනුද අත් වින්ඳෙමි.
නැවතත් දිය දෝතක් ගෙන සිරුර නැහැවීයන් සේ විදාහල මම..
"පුතණ්ඩ..මේ..මාගේ මහා ධනයයි..මේ නිල් දිය කඳ නුඹට..මාගේ රටවැසි දුවාදරුවන්ට දායාද කරමි.."
කාශ්‍යපයන්ගේ
මුව ක්‍රෝදයෙන් දැවී යනුද..මිගාර සෙනවි වියරුවෙන් සිනාසෙනුද මා නෙතට හසු
වූවද ඒ ගැන තැකීමක් නොකොට නිල්දිය කඳ වැළඳ ගතිමි..
"හෙහ්..නුඹ මාගේ පියතුමා නොවන බවයි තේරෙන්නේ..තා මා සමඟ ඔච්චම් කරන්නේද??.."
දෙවනවරද මේ දිය කඳ මාගේ සම්පත යැයි හඬගා කීමි.
"හ්ම් එසේද??එසේනම් උඹ ඒවා අර මුගලන්ට දෙන්නයි හිතාන ඉන්නෙ..රාජපුරුෂයණි..මොහු හිටවා පස්ගස්වා මැරීමට අණ කරමි.."
"පුතණ්ඩ..එය සැපයකි..මා මළ පසු මේ වැව් බැම්මේම මිහිදන් කළ මැනව..එයයි මාගේ අවසන් ඉල්ලීම..!
අනුරාධපුර යුගයේ වාරිකර්මාන්තය
හැදින්වීම
අනුරාධපුර යුගය ලංකාවවේ පළමු රාජධනි අවධියයි.විජය ඇතුලු පිරිසගේ
සංක්‍රමනයත්,ඔවුන් ලංකාවේ ජනාවාස පිහිටුවා ගැනීමත් යන සාධක ඔස්සේ අනුරාධපුර
රාජධානියේ ආරම්භය සනිටුහන් වේ.අනුරාධපුර රාජධානියේ උන්නතියට දිරි දුන්
ප්‍රබලතම සාධකය ලෙස ප්‍රදේශය පුරා විහිදීගිය අතිවිශාල වාරි පද්ධතිය
හැදින්විය හැකිය.ඒ සදහා යොදායනු ලැබූ විශිෂ්ට තාක්ෂණික ශිල්ප ක්‍රම
හේතුවෙන් මෙම යුගයේ වාරිකර්මාන්තය විදෙස් රටවල් පවා මවිතයට පත් කොට ඇත.එවන්
අති විශාල උරුමයක් වූ අනුරාධපුර යුගයේ වාරිකර්මාන්තය පිළිබඳව මෙම ලිපිය තුළින් විමසා බලනු ලැබේ.
ලංකාවට පැමිනි මුල්ම සංක්‍රමනිකයින් ඔවුන්ට හුරු පුරුදු ජිවන වෘත්තිය වූ
වී ගොවිතැන ප්‍රධාන කොටගත් කෘෂිකාර්මිකදිවිපෙවෙත ලක්දිව තුළදිද එලෙසම
පවත්වාගෙන යනු ලැබීය.ඒ සඳහා ඔවුන් ලංකාවේ ගංඟානිම්න ප්‍රදේශ සිය වාස භූමි
ලෙස තෝරාගනු ලැබිණ.විශේෂයෙන්ම ලංකාවේ උතුරු ප්‍රදේශ වී ගොවිතැනට වඩාත්
සුදුසු දේශගුණයෙන්ද,එයටම ආවේනික තැනිතලා භූමියකින්ද යුක්ත වූ හෙයින්
කෘෂිකාර්මික කටයුතු වඩාත් හොදින් පවත්වාගෙන යාම සඳහා ඉතා යෝග්‍ය විය.විජයගෙන්
ඇරඹි අනුරාධපුර රාජධානිය ක්‍රමයෙන් වර්ධනය වත්ම එහි විසූ සියලුම වැසියන්
පාහේ කෘෂිකාර්මික දිවි පෙවෙතකට අනුව හැඩගැසීම හේතුවෙන්ඔවුන්ගේ කෘෂිකාර්මික
කටයුතු වලට අවශ්‍ය ජලය නිසි කළට වේලාවට ලබාදීමේ අවශ්‍යතාවය මත ක්‍රමවත් ලෙස
සැකසූ වාරි පද්ධතියක අවශ්‍යතාවය මතුවිය.එම අභියෝගය ජය ගැනීම අරමුණ කොට
ගනිමින් අනුරාධපුරයේ බලයට පත්වූ සෑම රජෙකුම පාහේ වාරිකර්මාන්ත කටයුතු සඳහා
කැපවී ක්‍රියා කළ බව පෙනෙයි.
මෙම රජුගේ රාජ්‍ය කාලය ක්‍රි.පු.307-267 දක්වා වන අතර බුදු දහම ලක්දිවට ගෙන එනු ලැබුවේ මෙම රජුගේ පාලන සමය තුළදීය.මොහු ඉතා ප්‍රසිද්ධව ඇත්තේ වෙහෙර විහාර ඉදිකිරීම සම්බන්ධයෙන් වන අතර අනුරාධපුරයේ ඉසුරැමුණියට නුදුරින් පිහිටි සප්‍රසිද්ධ තිසා වැව මෙම රජුගේ නිර්මානයක් ලෙස සැලකේ.
දුටුගැමුණු රජ සමය මෙම රජුගේ සමය තුළ ලංකාවේ වාරිකර්මාක්තය සම්බන්ධයෙන් අතිවිශාල දියුණුවක් දක්නට නොලැබුනත් යම්තාක් දුරකට හෝ සොයා බැලූබව සදහන් වේ.මොහු විසින් නැගෙනහිර පළාතේ වී ගොවිතැන පිළිබඳ සොයා බැලීම සඳහා සොහොයුරු වූ සද්ධාතිස්ස කුමරු දීඝවාපියට යවන ලද බව සඳහන් වේ.මෙයින් පෙනියනුයේ මෙම යුගයේදී රජවරුන් පෞද්ගලිකවම වාරිකටයුතු පිළිබඳ සොයා බැලූ බවයි.
වසභ රජුගෙන් පසු වාරිකර්මාන්තයේ වැදගත් අවදියක් ලෙස වසභ රජ සමය හැදින්විය හැකිය.මොහුගේ රාජ්‍ය කාලය වසර 27ක් වු අතර මෙකළ පැවති සාමකාමී දේශපාලන වාතාවරණය ඒ සඳහා මනා පිටුවහලක් වන්නට ඇත.මොහු විසින් කරවන ලද වාරි කටයුතු අතර වැව් 16ක් ද විශාල ඇළක්ද ප්‍රධාන වේ.ඒවා අතරින් හඳුනාගත් වැව් කිහිපයක් ලෙස,
ආදිය දැක්විය හැකිය.මෙම රජු අඹන් ගඟ හරහා වේල්ලක් බැද තල්වතු ඇළෙන් මින්නේරි වැවට ජලය ගෙනයන ලදැයි සැලකේ.මහසෙන් රජුගේ මින්නේරි ව්‍යාපාරයට පදනම වැටුනේද වසභ රජු ඉදිකළ ඇළහැර ඇළ නිසාය.මෙම ඇළහැර මින්නේරි ව්‍යාපාරය වාරිමාර්ග ඉතිහාසයේ අලුත් පරිච්ඡේදයක් ලෙසද සැලකේ.ඒ නිසා මහසෙන් රජු අදත් හත්රජ්ජුරුබණ්ඩාර නමින් දේවත්වයෙහි ලා සලකනු ලබයි.මහවැලි ගඟෙන් ආරම්භවන පබ්බතන්ත ඇළද මහසෙන් රජු විසින්ම කරන ලද්දක් බව සැලකේ.
දැක්විය හැකිය.රජරට විශාල වැව් වලට වඩා වෙනස් ආකෘතියක් ගත් යෝධ වැවේ බැම්ම සකසනු ලැබුවේ චාප හැඩයටය.මේ අනුව අනුරාධපුර යුගයේ වාරි කර්මාන්තයේ උන්නතිය සම්බන්ධයෙන් ධාතුසේන රජු විශාල මෙහෙයක් කරඇති බව පැහැදිලි වේ.
වැව් බද්ද වැව් අමුණු සම්බන්ධව අයකරන ලද විවිධ බදු හා බදු තනතුරු පිලිබඳවද මූලාශ්‍ර මගින් හා ශිලාලේඛන මගින් සාධක සොයා ගත හැකිය.ඒ අනුව,
මේ අනුව පණ්ඩුකාභය රජුගෙන් ඇරඹි අනුරාධපුර යුගයේ වාරිකර්මාන්තය ඉතා විශිෂ්ට තාක්ෂණික ශිල්ප ක්‍රම භාවිත කරමින් ගොඩනංවා ඇතිබව පැහැදිලි වේ.එසේම පෙරදාග ධාන්‍යාගාරය නමින් අතීතයේ ලක්දිව ප්‍රචලිත වීමටත් කෘෂිකාර්මික අතින් ස්වයංපෝෂිත අර්ථක්‍රමයක් ගොඩනගා ගැනීමටත් මෙම වාරිපද්ධතිය බෙහෙවින්ම ඉවහල් වී ඇති බව නිගමනය කළ හැකිය.වර්ථමානයේ පවා වියලිකලාපීය කෘෂිකාර්මික කටයුතු සඳහා මෙම වාරිපද්ධතීන් මගින් ලැබෙන පිටුවහල අතිවිශ
|
වාරිකර්මාන්තයක අවශ්‍යතාව
අනුරාධපුරයට යමුපාලකයින්ගේ දායකත්වය
පණ්ඩුකාභය රජ සමය
මහාවංසයට අනුව මෙම රජු ක්‍රි.පූ.437 දී ප්‍රථම වරට අනුරාධපුර රාජධානිය පිහිටුවා ගත් අතර වසර 70ක් පමණ අනුරාධපුරය අගනුවර කොට ගනිමින් ලක්දිව පාලනය කළහ.මොහු අනුරාධපරයේ වාරිකර්මාන්තයේ ආරම්භක රජු ලෙස සලකන අතර මොහු විසින් වැව් 3ක් කළ බව මහාවංසයේ දැක්වේ.ඒවා ලෙස- අභය වැව
- ජය වැව
- ගාමිණී වැව
දෙවනපෑතිස් රජ සමය
මෙම රජුගේ රාජ්‍ය කාලය ක්‍රි.පු.307-267 දක්වා වන අතර බුදු දහම ලක්දිවට ගෙන එනු ලැබුවේ මෙම රජුගේ පාලන සමය තුළදීය.මොහු ඉතා ප්‍රසිද්ධව ඇත්තේ වෙහෙර විහාර ඉදිකිරීම සම්බන්ධයෙන් වන අතර අනුරාධපුරයේ ඉසුරැමුණියට නුදුරින් පිහිටි සප්‍රසිද්ධ තිසා වැව මෙම රජුගේ නිර්මානයක් ලෙස සැලකේ.
දුටුගැමුණු රජ සමය මෙම රජුගේ සමය තුළ ලංකාවේ වාරිකර්මාක්තය සම්බන්ධයෙන් අතිවිශාල දියුණුවක් දක්නට නොලැබුනත් යම්තාක් දුරකට හෝ සොයා බැලූබව සදහන් වේ.මොහු විසින් නැගෙනහිර පළාතේ වී ගොවිතැන පිළිබඳ සොයා බැලීම සඳහා සොහොයුරු වූ සද්ධාතිස්ස කුමරු දීඝවාපියට යවන ලද බව සඳහන් වේ.මෙයින් පෙනියනුයේ මෙම යුගයේදී රජවරුන් පෞද්ගලිකවම වාරිකටයුතු පිළිබඳ සොයා බැලූ බවයි.
සද්ධාතිස්ස රජ සමය
දුටුගැමුනු රජුගෙන් පසුව අනුරාධපුරය සිංහාසනය කොටගත් සද්ධාතිස්ස රජු වැව් 12ක් කළ බව පූජාවලියෙහි දැක්වේ.එහෙත් රාජාවලියෙහි දැක්වෙනුයේ මොහු විසින් වැව් 18ක් කළ බවයි.කෙසේ වෙතත් මෙම රජු කුඩා වැව් විශාල ප්‍රමාණයක් කළ බවට සාක්ෂි හමුවේ.මොහු රුහණු ජනපදය පාලනය කරන සමයේදී මඩකළපුවේ දිගාවැව ආදී වැව් කිහිපයක් තැනූ බවද වංශකතාවල සඳහන් වේ.වසභ රජ සමය
මෙම රජුගේ යුගයේ ඉදිවූ වැව් පෙරට වඩා තරමක විශාල ඒවා විය.වැඩිවන ජනගහනයට සරිලන ස්වයංපෝෂිත ආර්ථිකයක් උදෙසාම ඒවා නිර්මාණය කළ බව පෙනෙයි.මෙම රජුගේ රාජ්‍ය කාලය ක්‍රි.ව.67-111 දක්වා වන අතර මහා වැව් තැනීමේ ආරම්භක රජු ලෙස සලනනුයේ මොහුය.මොහු විසින් වැව් 12ක් කළ බව මහාවංසයේ සඳහන් වේ.මේවායින් දැනට හදුනාගෙන ඇත්තේ වැව් කිහිපයකි.ඒවා ලෙස,- මහවිලච්චිය වැව මානන්කැටිය වැව
- කලිය වැව
- නොච්ච්යාගම වැව
- කොලොම්ගල වැව
- අක්වඩුන්න වැව
- මහාපත්පහත් වැව
- නොච්චිපොතාන වැව
- රතුපුල වැව
- කොහාල වැව
- මහරන්මෙන්ති වැව
- මානන්කැටිය වැව
මහසෙන් රජ සමය
වසභ රජුගෙන් පසු වාරිකර්මාන්තයේ වැදගත් අවදියක් ලෙස වසභ රජ සමය හැදින්විය හැකිය.මොහුගේ රාජ්‍ය කාලය වසර 27ක් වු අතර මෙකළ පැවති සාමකාමී දේශපාලන වාතාවරණය ඒ සඳහා මනා පිටුවහලක් වන්නට ඇත.මොහු විසින් කරවන ලද වාරි කටයුතු අතර වැව් 16ක් ද විශාල ඇළක්ද ප්‍රධාන වේ.ඒවා අතරින් හඳුනාගත් වැව් කිහිපයක් ලෙස,
- මින්නේරිය වැව
- කණදරා වැව
- කවුඩුල්ල වැව
- මහගල්කඩවල වැව
- හුලුගල්ල වැව
- හිරාමුල්ල වැව
- හුරුළු වැව
- මාමිණියා වැව
- මාගල් වැව
- කළවාණ වැව
- මෙරවාපිය වැව
- පබ්බතන්ත ඇළ
ආදිය දැක්විය හැකිය.මෙම රජු අඹන් ගඟ හරහා වේල්ලක් බැද තල්වතු ඇළෙන් මින්නේරි වැවට ජලය ගෙනයන ලදැයි සැලකේ.මහසෙන් රජුගේ මින්නේරි ව්‍යාපාරයට පදනම වැටුනේද වසභ රජු ඉදිකළ ඇළහැර ඇළ නිසාය.මෙම ඇළහැර මින්නේරි ව්‍යාපාරය වාරිමාර්ග ඉතිහාසයේ අලුත් පරිච්ඡේදයක් ලෙසද සැලකේ.ඒ නිසා මහසෙන් රජු අදත් හත්රජ්ජුරුබණ්ඩාර නමින් දේවත්වයෙහි ලා සලකනු ලබයි.මහවැලි ගඟෙන් ආරම්භවන පබ්බතන්ත ඇළද මහසෙන් රජු විසින්ම කරන ලද්දක් බව සැලකේ.
ධාතුසේන රජ සමය
මින්නේරිය වැව හා මහසෙන් රජුගේ නාමය බැදී පවතිනවා සේම ධාතුසේබ රජුගේ නාමය සමග කලා වැවද බැදී පවතී.ක්‍රි.ව.459-471 කාලය තුළ මෙම රජු අනුරාධපුරය අගනුවර කරගත්හ.මෙම රජුගේ විශිෂ්ටතම නිර්මානය ලෙස සලකනු ලබන්නේ කලා වැව ඉදිකිරීමය.කලා වැවේ සිට තිසා වැව දක්වා ජලය ගෙන යන ජය ගඟ හෙවත් යෝධ ඇළ ආරම්භ කළේද මෙම රජු බවට පිළිගැනේ.මෙලෙස ජය ගඟ ඔස්සේ තිසා වැවට අතිරේක ජලය ලබා දෙමින් තිසා වැවේ ජල ධාරිතාව වැඩිකොට,අස්වද්දනු ලැබූ කෘෂිකාර්මික කටයුතු වලට අවශ්‍ය ජල සැපයුම නිසි පරිදි ඉටු කරනු ලැබීය.මෙම රජු වැව් 18ක් කළ බව මහාවංශයේ සදහන් වේ.මෙයින් හදුනාගෙන ඇත්තේ වැව් කිහිපයකි. ඒවා ලෙස,- මාදතුගම වැව
- යෝධ වැව
- මාඑළිය වැව
- පානන්කාමකුලම වැව
- මැද්දකැටිය වැව
දැක්විය හැකිය.රජරට විශාල වැව් වලට වඩා වෙනස් ආකෘතියක් ගත් යෝධ වැවේ බැම්ම සකසනු ලැබුවේ චාප හැඩයටය.මේ අනුව අනුරාධපුර යුගයේ වාරි කර්මාන්තයේ උන්නතිය සම්බන්ධයෙන් ධාතුසේන රජු විශාල මෙහෙයක් කරඇති බව පැහැදිලි වේ.
වැව් බද්ද වැව් අමුණු සම්බන්ධව අයකරන ලද විවිධ බදු හා බදු තනතුරු පිලිබඳවද මූලාශ්‍ර මගින් හා ශිලාලේඛන මගින් සාධක සොයා ගත හැකිය.ඒ අනුව,
- ඉඩම් හිමියාගේ ආදායම-බොජියපති
- ජලයෙන් ලැබෙන ආදායම-දකපති
- මාළුවලින් ගැබෙන ආදායම-මහාපති
වාරිකර්මාන්තයේ විශිෂ්ටත්වය
ලංකාවේ මුල්ම රාජධානිය වන අනුරාධපුර රාජධානිය තුළ බලයට පත්වූ සෑම පාලකයකුම පාෙහ් වාරිකර්මාන්තය පිළිබද ඉතා වැඩි අවධානයක් යොමු කරන ලද බව ඉහත සඳහන් වාරි කටයුතු මගින් සනාත වේ.වියළි කලාපීය වී ගොවිතැන ප්‍රධාන කොටගත්කෘෂිකාර්මික අර්ථ ක්‍රමයක් සහිත රටක් වශයෙන් මුල් කාලයේ සිටම ඒ සඳහා අවශ්‍ය ජල ප්‍රවාහන පද්ධතීන් සැපයීම රජයේ පූර්ණ වගකීමද විය.එමනිසා බලයට පත්වූ සෑම පාලකයකුම පාහේ රට සහලින් ස්වයංපෝෂිත කිරීමට දිරි දීමක් වශයෙන් මෙම අතිවිශාල වාරිමාර්ග පද්ධතීන් බිහි කළ බව පෙනේ.විශේෂයෙන්ම ඉන්දියානු ආභාෂය ලද ඉතා දියුණු තාක්ෂණික ශිල්ප ක්‍රම යොදා ගනිමින් ,ඉන්දීය ආභාශය ලැබුවද ඇතැම් විට ඔවුන්ටත් වඩා ශිල්පඥානය භාවිත කරමින් ලාංකිය වාරිශිල්පීන් අතිවිශිෂ්ට අන්දමින් සිය දක්ෂතාවයන් විදහාපෑමට සමත් වී ඇත.උදාහරණ ලෙස ඇලඑැර ඇළෙහි පූර්ණ දිග ප්‍රමාණය සැතපුම් 95 ක් බව දැනට සොයා ගෙන ඇත.එසේම පබ්බතන්ත ඇළ දිගින් සැතපුම් 20 ක්ද මිණිපේ ඇළ සැතපුම් 17 ක්ද දිගින් යුතු වන බව මේ වන විට පුරාවිද්‍යාත්මක සාධක මගින් සොයා ගෙන ඇත.එසේම ඉතා වාශාෂ්ට නිර්මාණයක් වන කලා වැවේ සිට තිසා වැව දක්වා ජලය ගෙයන "ජය ගඟ" හෙවත් "යෝධ ඇළ" දිගින් සැතපුම් 54ක් වන බව ගනන් බලා ඇත.මේ සඳහා භාවිතා කරනු ලැබූ අතිවිශිෂ්ට ශිල්ප ක්‍රමය විදේශීය ඉංජිනේරුවන් පවා මවිතයට පත්කිරීමට සමත්ව ඇත.මේ අනුව පණ්ඩුකාභය රජුගෙන් ඇරඹි අනුරාධපුර යුගයේ වාරිකර්මාන්තය ඉතා විශිෂ්ට තාක්ෂණික ශිල්ප ක්‍රම භාවිත කරමින් ගොඩනංවා ඇතිබව පැහැදිලි වේ.එසේම පෙරදාග ධාන්‍යාගාරය නමින් අතීතයේ ලක්දිව ප්‍රචලිත වීමටත් කෘෂිකාර්මික අතින් ස්වයංපෝෂිත අර්ථක්‍රමයක් ගොඩනගා ගැනීමටත් මෙම වාරිපද්ධතිය බෙහෙවින්ම ඉවහල් වී ඇති බව නිගමනය කළ හැකිය.වර්ථමානයේ පවා වියලිකලාපීය කෘෂිකාර්මික කටයුතු සඳහා මෙම වාරිපද්ධතීන් මගින් ලැබෙන පිටුවහල අතිවිශ
|
Imesh Keeshan
ReplyDelete