ශ්‍රී ලංකාව ගැන




රජය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය නිදහස්, ස්වාධීන සහ ස්වෛරී ජාතියකි. 1988 දී පළාත් සභා මගින් පරිපාලනය කිරීමේ ක්‍රමයක් හඳුන්වා දෙන ලදී. සමානුපාතික පදනම මත සර්වජන ඡන්දයෙන් තෝරා පත් කරගනු ලබන පාර්ලිමේන්තුව විසින් ව්‍යවස්ථාදායක බලය ක්‍රියාත්මක කරනු ලැබේ. රාජ්‍යාරක්ෂාව ඇතුළු ජනතාවගේ විධායක බලය මහජනයා විසින් ම තෝරා පත්කර ගනු ලබන ජනාධිපතිවරයා විසින් ක්‍රියාත්මක කෙරේ.


පිහිටීම සහ භෞතික ලක්ෂණ

ඉන්දියන් සාගරයේ දූපතක් වන ශ්‍රී ලංකාව ඉන්දියා උප මහද්වීපයට දකුණින් පිහිටියේ ය. එය සමකයට උතුරින් 5° 55' සහ 9° 55' අතර ද නැගෙනහිර දේශාංශ 79° 42' සහ 81° 52' අතර ද පිහිටා ඇත. මෙහි මුළු භූමි ප්‍රමාණය වර්ග කි.මී. 65,610 කි. ප්‍රදේශ පුදුම සහගත විවිධත්වයක් උසුලයි. කි.මී. 445 ක දිගින් ද කි.මී. 225 ක පුළුලින් ද වට වූ බිම් ප්‍රමාණය තුළ අලංකාර ඝර්මකලාපීය මුහුද වෙරළවලින් ද දැකුම්කලු වෘක්ෂලතාවලින් ද පෞරාණික ස්මාරකවලින් ද සියල්ලන්ගේ රුචිකත්වවලට සරිලන අපරිමිත සොඳුරු දසුන් වලින් ද අනූනය. දිවයිනේ භූ විෂමතා ලක්ෂණ, මධ්‍ය  ප්‍රදේශයේ සිට තරමක් දකුණු දෙසට, මීටර් 2500 ඉක්මවන උසකින් යුත් කඳුරාශියකින් ද ඒ වටා ඇති තැනිතලාවලින් ද සමන්විත වේ. පොල් ගස්වලින් ගහණ වෙරළ තීරය දිවයින වටාම විද්‍යාමාන වන අතර මුහුදු උෂ්ණත්වය සෙල්සියස් අංශක 27 න් පහළට වැටෙන්නේ කලාතුරකිනි.
 
 කාලගුණය සහ ඍතු
කඳු රහිත පහත් බිම් සහිත ප්‍රදේශවල ඒකාන්තයෙන්ම ඝර්ම කලාපීය දේශගුණයක් පවතී. කොළඹ ප්‍රදේශයෙහි සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 27 ක් වන අතර මීටර් 2000ට ආසන්න උස බිම්වල දී එය සෙල්සියස් අංශක 16 දක්වා පහත වැටේ. මෝසම් වැසි කාලයේදී ද ඇතුළුව දිනපතා සාමාන්‍ය  ලක්ෂණයක් වශයෙන් දීප්තිමක් හිරුඑළිය පවතී. දේශ ගුණික වශයෙන් ගොවිතැනට නුසුදුසු අවාර කාල ශ්‍රී ලංකාවේ නොපවතී. මැයි සිට ජූලි දක්වා කාලය තුළ නිරිතදිග මෝසම් වැසි දිවයිනේ බටහිර දිග දකුණු දිග සහ මධ්‍ය ප්‍රදේශවලට ලැබෙන අතර දෙසැම්බර් සහ ජනවාරි මාසවලදී ඊශාන දිග මෝසම් වැසි උතුරු දිග සහ නැගෙනහිර දිග ප්‍රදේශවලට ලැබේ.
 
භාෂාව සහ ආගම 
 සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි ශ්‍රී ලංකාවේ රාජ්‍ය භාෂා වේ. ඉන්දු ආර්ය සම්භවයක් සහිත සිංහල භාෂාව බහුතරය භාවිතා කරන භාෂාවයි. ඉංග්‍රීසි භාෂා බෙහෙවින් කථා කෙරෙන අතර බොහෝ දෙනකුට අවබෝධ කර ගත හැකි ය.
ස්ථාන නාම සහ බස්රියවල ද දුම්රියවල ද සංඥා පුවරු සාමාන්‍යයෙන් භාෂා තුනෙන්ම දක්නට ඇත. ශ්‍රී ලංකාව වූ කලී ආගමික නිදහස පවතින ප්‍රතිවිරුද්ධ ඇදහිලි නිදහසේ බුක්තිවිඳින රටකි. කවර ප්‍රදේශයකට ගිය ද ඒ ඒ ආගමට සුවිශේෂ ව ගෘහ නිර්මාණ ශිල්පීය ලක්ෂණ වලින් යුක්ත බෞද්ධ වෙහෙර විහාරයක්, හින්දු කෝවිලක් , ක්‍රිස්තියානි දේවස්ථානයක්, මුස්ලිම් පල්ලියක් දැක ගත හැකි ය. ආගමික සිද්ධස්ථාන වලට ඇතුළු වන විට ඒවාට අගෞරවයක් සිදු නොවන පරිදි ඇඳුම් පැළඳුම් පිළිබඳ අදාළ නියමයන්ට අනුකූල වීම වේ.

ලෝක උරුමයට ශ්‍රී ලංකාවේ දායකත්වය : බුද්ධ ධර්මය: විමුක්තිය කරා යොමු වූ බුදු මග
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ ආගම බුද්ධාගම යි. එය රටට නිලවශයෙන් ඉදිරිපත් වී ඇත්තේ ක්‍රිස්තුපූර්ව තුන්වන සියවසේ දේවානම්පියතිස්ස රාජ සමයේදීය. එය මෙරටට ගෙන එන ලද්දේ ඉන්දියාවේ අශෝක මහාධිරාජයාණන්ගේ පුත් මිහිදු මහ රහතන්වහන්සේ විසිනි. එය මෙරටට ගෙන ආ සැණෙකින් එම නව දහම රටවැසියන් කඩිනමින් වැළඳ ගත් හෙයින් මාස කීපයක් තුළදී මුළු රටම බෞද්ධ වූහ. ශ්‍රී ලංකාව බුදු දහමේ පෝෂණයට සරුසාර තෝතැන්නක් වී ඇත.
බුදු දහම වූ කලී ක්‍රිස්තු පූර්ව 6 වැනි සියවසේ දී භාරතීය රාජ කුමාරයකු වශයෙන් උපත ලත් පසුව බුදු බවට පත් සිද්ධාර්ථ ගෞතම බුදු පියාණන් විසින් මනුෂ්‍ය වර්ගයාට දේශනා කරන ලද ‍මනෝවිද්‍යාත්මක සහ දාර්ශනික ධර්මතාවලින් සමන්විත ප්‍රායෝගික ජීවන මාර්ගයකි. එතුමා මධ්‍යම භාරතයේ කපිල වස්තු රාජධානියේ ප්‍රදේශීය පාලකයකු වූ සුද්ධෝදනගේ පුතා වශයෙන් ක්‍රි.පූ. 623 වර්ෂයේ මැයි මස පුර පසළොස්වක දා උපත ලැබූවේ ය. එතුමාණන්ගේ ධර්මය අද ලෝක ජනගහණයෙන් හතරෙන් පංගුවකට ආසන්න ප්‍රණයකට ආභාසය සහ මාර්ගෝපදේශ ලබා දෙන ලෝක ආගමක් බවට පත් ව ඇත. 
සිදුහත් කුමරා ගිහි ජීවිතය අවුරුදු විසි නවයක් ගත කළේය. එහි අවසාන අවුරුදු දහතුන යශෝධරා දේවිය සමග ගත කළ විවාහ ජීවිතයට ඇතුළත් විය. සියලු යස ඉසුරින් පිරි රාජ කුමාරයකු වශයෙන් උපන්ගේ සුඛිත මුදිත ජීවිතයක් ගත කළේය. එසේ වුව ද බාලකාලයේම සිට මිනිස් දිවියේ ගැටලු පිළිබඳ ඔහු චිත්තාපරවශ විය. එහෙයින් හේ ස්වකීය රාජ සම්පත් මධ්‍යයේ තෘප්තිමත් නොවීය. එබඳු සන්තෝෂජනක ජීවිතයකට හේ ඇලුම් නොකළේය. සැප සම්පත් අස්ථිර සහ තාවකාලික යයි සැලකූ ඔහුගේ අවසාන විශ්ලේෂණය වූයේ ජීවිතය දුකක් බවයි.  බොහෝ අය සතුට වශයෙන් සලකන දේ මායාවක් පමණි. සතුට හා සමෘද්ධිය මධ්‍යයේ මිනිස් ජීවිතය උරුම කරගෙන ඇති විශ්ව ව්‍යාප්ත දුක ‍හේ ප්‍රත්‍යක්ෂ කර ගත්තේ ය. 
මේ ලෝකයේ සතුට කරා එළඹීමට මිනිසා කොතරම් වෙර දැරූව ද හැම ප්‍රාණයකු වෙතම දුක එළම සිටී. ලෞකික සැප සම්පත් සොයා යාම පිළිකෙව් කළ හේ චාම් තවුස් ඇඳුමෙන් සැරසී හුදෙකලාවට මුදල් කිසිත් නොමැතිව නිවසේ සිට නිවෙස් රහිත තැන් කරා සැරිසරමින්, තමාට ළඟාකර ගත හැකිය යි තමාට පෙනී ගිය සතුට සහ සාමය සොයා ගියේය.
ආරම්භයේ දී හේ එවකට සිටි සම්භාව්‍ය ආචාර්යවරුන් කරා ගියේය. තමා අපේක්ෂා කළ දේ ඒ කිසිවකුගෙන් ඉටු නොවීය .එය ස්වෝත්සාහයෙන් ප්‍රත්‍යක්ෂ කර ගැනීමට ඔහු අදිටන් කර ගත්තේ ය. අනතුරුව සාවුරුද්දක් ඒ වෙනුවෙන් දුෂ්කර ක්‍රියා  කළේය. ශරීරයට දුක්දීමෙන් එය සඵල කර ගත නොහැකි බව ඔහුට ඒහිදී සනාථ විය. එසේ වුවද ගවේෂී ආලෝක ධාරාව තමා ආධ්‍යාත්මය කරා යොමු කර ගෙන අවසානයේ දී ඔහු සිය අපේක්ෂාව මුදුන්පත් කර ගත්තේ ය. ඒ ක්‍රි.පූ. 588 වෙසක් මස පුරපසළොස්වක දා ඉන්දියාවේ බුද්ධගයාවේ ශ්‍රී මහා බෝධිය පාමුල දීය.
 ජනවිකසනය
ශ්‍රී ලංකාවේ ජනගහණය මිලියන 18.5 කි. එයින් බහුතරය  සිංහල (74%) වේ.අනෙක් ජනවර්ග සමන්විත වනුයේ ශ්‍රී ලංකා දෙමළ (12.6%), ඉන්දියානු දෙමළ (5.55%), යෝනකවරුන් මැලේ ජාතිකයන් (පෘතුගීසි සහ ඕලන්ද ජාතිකයන්ගෙන් පැවතෙන) බර්ගර් (7.9%) යන ජාතිකයන්ගෙනි.
ශ්‍රී ලංකාව බහු ආගමික රටක් වුවද බහුතරය බෞද්ධයන්ගෙන් (69.3%) යුක්ත වේ. සෙසු ආගමික කණ්ඩායම් වනුයේ හින්දු (15.5%), මුස්ලිම් (7.6%) සහ ක්‍රිස්තියානි (7.5%) යන අයයි. 88.6% ක් වන ශ්‍රී ලංකාවේ සාක්ෂරතා අනුපාතිකය ආසියාවේ උසස්ම අනුපාතිකයකි.
 
ආර්ථිකය
ශ්‍රී ලංකාව ප්‍රධාන වශයෙන් කෘෂිකාර්මික රටකි. ප්‍රධාන බෝගය වන සහල්වලින් රට ස්වයංපෝෂිත ය. තේ, රබර් සහ පොල් ද වැදගත් කෘෂිකාර්මික බෝග වන අතර එයින් තේ වූ කලී විදේශ විනිමය උපයා දෙන ප්‍රමුඛ බෝගය වේ. මීට අමතරව අනෙකුත් වැදගත් බෝග වන කොකෝවා සහ කුරුඳු, කරදමුංගු, සාදික්කා, ගම්මිරිස් සහ කරාබුනැටි යන මේ කුළු බඩු වේ. නිවර්තන සහ මධ්‍යස්ථ දේශගුණික කලාපවලට ආවේණික වූ පලතුරු සහ එළවළු ශ්‍රී ලංකාවේ ද මැනවින් වැවේ. ශ්‍රී ලාංකිකයන්ගෙන් ලැබුණු විදේශ විනිමය ප්‍රමාණය ඉතා විශාලය.
 
පසුගිය දශක තුන තුළ සංචාරක කර්මාන්තය ද වැදගත් කර්මාන්තයක් වශයෙන් ඉස්මතුවිය. නිෂ්පාදන කර්මාන්තවල ද වේගවත් දියුණුවක් සිදු වූ අතර ඒවා ඔස්සේ ඛනිජ නිෂ්පාදන, සම්භාණ්ඩ, නිමි ඇඳුම් සහ විද්‍යුත් උපකරණ ආදී වශයෙන් පුළුල් පරාසයකට අයත් අපනයන භාණ්ඩ ඉදිරිපත් කෙරිනි.
 
ඉතිහාසය
නව ශිලා යුගයේ දී ද ශ්‍රී ලංකාවේ ආහාර රැස්කරන්නන් සහ වී ගොවීන් සිටි බවට සාක්ෂි මෑතක දී කරන ලද කැණීම්වලින් හෙළි දරවු වී තිබේ. මේ අවධිය පිළිබඳ දන්නා කරුණු ඉතා අල්ප ය. අපේ ලිඛිත ඉතිහාසහ ඇරඹෙන්නේ උතුරු ඉන්දියාවෙන් ආර්යයන්ගේ පැමිණීමත් සමග ය. ආර්යයෝ යකඩ භාවිතය සහ දියුණු කෘෂිකර්ම සහ වාරිමාර්ග ක්‍රම හඳුන්වා දුන්හ. ඔවුහු ආණ්ඩු කිරීමේ කලාවද හඳුන්වා දුන්හ. ආර්ය ජනාවාස අතුරින් අනුරාධපුරය පණ්ඩුකාභය රජුගේ පාලනය යටතේ බලවත් රාජධානියක් බවට පත් විය. සාම්ප්‍රදායික ඉතිහාසයට අනුව අනුරාධපුරයේ නිර්මාතෘවරයා වශයෙන් පිළිගැනෙන්නේ ඔහු ය.
පණ්ඩුකාභයගෙන් පැවතෙන්නකු වන දේවානම්පියතිස්ස රජුගේ පාලන සමය තුළ ක්‍රි.පූ. 247 දී මෙරටට බුදුදහම හඳුන්වා දෙන ලද්දේ ඉන්දියාවේ අශෝක අධිරාජයාගේ පුත් මිහිදු මහ රහතන් වහන්සේ විසිනි. බුදුදහම මෙරට සංස්කෘතික ශ්‍රේෂ්ඨත්යට මං පෑදූ බැවින් මෙය ශ්‍රී ලංකා ඉතිහාසයේ අති වැදගත් සිද්ධියකි. මෙබඳු නව ශිෂ්ටාචාරයක් මල් පල දැරීමක් සමග ශ්‍රී ලංකාව සරුසාර වූ ද සමෘද්ධිමත් වූ ද රටක් බවට පත්විය.
ක්‍රි.පූ 2වන සියවස මැද භාගයේදී ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයේ විශාල කොටසක් දකුණු ඉන්දියානු ආක්‍රමණිකයකුගේ අණසකට පත්විය. ක්‍රිස්තු යුගය ආරම්භයේ සිට ක්‍රි.ව. 4වන සියවස දක්වා ශ්‍රී ලංකාව පාලනය කරන ලද්දේ වාරිමාර්ග සංවර්ධනය කෙරෙහි සුවිශාල අවධානයක් දැක්වූ අඛණ්ඩව පැවත ආවා වූ ද ලම්බකර්ණ පරපුර විසිනි. මේ පරපුරේ ශ්‍රේෂ්ඨ නරපතියකු වූ (ක්‍රි.ව. 3 වන සියවසේ) මහසෙන් රජු සුවිශාල වැව් හෙවත් වාරිමාර්ගික ජලාශ ඉදි කිරීම ආරම්භ කළේය. වැව් ඉදිකළ තවත් ශ්‍රේෂ්ඨ රජෙක් වූයේ ධාතුසේන රජු ය. මේ රජු මරා දැමූ ඔහුගේ පුත් කාශ්‍යප සීගිරිය තම රාජකීය පුරවරය බවට පත් කරගෙන සීගිරිය පර්වත මස්තකය තම බලකොටුව අගනුවර කර ගත්තේය.
දකුණු ඉන්දියානු ආක්‍රමණවල ප්‍රතිඵලයක් වශයෙන් අනුරාධපුර රාජධානිය ක්‍රි.ව. 10වන සියවස අගදී බිඳ වැටුණේය. 1වන විජයබාහු රජු ආක්‍රමණිකයන් පලවා හැර ක්‍රිස්තු වර්ෂ 11වන සියවසේ දී පොළොන්නරුව සිය අගනුවර කර ගත්තේය. පොළොන්නරුවේ රජ කළ අනෙකුත් ශ්‍රේෂ්ඨ රජවරුන් අතර මහා පරාක්‍රමබාහු සහ නිශ්ශංකමල්ල රජවරු සිටි අතර ඔවුහු ගෘහනිර්මාණ ශිල්පීය අගයෙන් යුත් ගොඩනැගිලි රැසක් නිර්මාණය කොට නගරය අලංකාර කළහ.
සතුරු ආක්‍රමණ වරින්වර හටගත් බැවින් අගනුවර තැනිත් තැනට මාරු කරන ලදුව 1505 දී පෘතුගීසීන් ආක්‍රමණය කරන විට බටහිර දිග තැනිතලා ප්‍රදේශයට අයත් කෝට්ටේ ප්‍රධාන නගරය බවට පත්ව තිබිණි. පෘතුගීසීන් පැමි‍ණියේ කුළුබඩු වෙළඳාමට ය. එහෙත් මුහුදුබඩ ප්‍රදේශ පාලනයෙහි ඔවුන් 1656 වන තෙක් නියැලී සිට අතර ඉන්පසු ඊට ආක්‍රමණය කළ ඕලන්ද ජාතිකයෝ ඒ දෙයම කළහ. ඕලන්ද පාලනය 1656 සිට 1796 දක්වා පැවතිණි. 1796 දී ඔවුන් පලවා හැර බ්‍රිතාන්‍ය ජාතිකයෝ පාලනය සිය අතට ගත්හ. මේ අවධියේ කඳුකරයේ රාජධානිය මහනුවර අගනුවර වශයෙන් තබා ගෙත රටේ ඉතිරි ප්‍රදේශ පාලනය කළ විදේශීය බලවතුන් පුන පුනා පහර දෙද්දී තම නිදහස රැකගෙන සිටියේය. 1815 දී මහනුවර රාජධානිය බ්‍රිතාන්‍ය ජාතිකයන් යටතට පත් වූයෙන් ඔවුහු මුළු දිවයිනේම පාලනය තහවුරු කර ගත්හ. නූතන සන්නිවේදන ක්‍රම, බටහිර වෛද්‍ය සේවා, ඉංග්‍රීසි අධ්‍යාපනය මෙන් ම වැවිලි කර්මාන්තය ද (පළමුව කෝපි, ඉන්පසු තේ අනතුරුව රබර් සහ පොල්) යන මේවා බ්‍රිතාන්‍ය පාලන සමය තුළ වර්ධනයට පත් විය. සාමකාමී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල පරිණාමයකින් පසු ශ්‍රී ලංකාව තම නිදහස 1948 දී යළි ලබා ගත්තේය. දැන් ස්වෛරී ජනරජයක් වන ශ්‍රී ලංකාව පොදු රාජ‍්‍ය මණ්ඩලයේත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේත් සාමාජිකත්වය දරන රටකි.
 
 
ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය
ජාතික කොඩිය යනු රටන අනන්‍යතාව ලොවට පෙන්වනවගේ   ප්‍රධාන සංකේතයයි. ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය පැරණි රාජකීය කොඩිය ඇසුරින් නිර්මාණය වී ඇත. ජාතියේ හා මාතෘ භෑමියේ ඓතිහාසික පසුබිම පෞඪත්වය, ස්වෛරීභාවය හා  ස්වාධීනත්වයද ශ්‍රී ලාංකේය ජනතාවගේ එක්සත් භාවය හා සමානාත්මතාවයද අපේ ජාතික කොඩියෙන් පෙන්නුමි කෙරේ. ජාතික කොඩිය හා ජාතික ගීය ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජ ව්‍යවස්ථාවේද ප්‍රධාන කොටසකි.

ජාතික කොඩියේ ඇතුලත් සංකේත
කඩුවක් අතින් ගත් සිංහයා   =නිර්භීතකම
රතුපාට පසුබිම                    =අභිමානය
බෝපත් සතර                     =ධාර්මික බව
තැඹිලිපාට තීරුව                 =දමිල ජනයා
කොලපාට තීරුව                 =මුස්ලිමි ජනයා

ජාතික කොඩියේ විවිධ කොටස් වලින් නිරූපණය වන අදහස්

කහපාට සිංහයා                            =  ජනතාවගේ විනය ගරුක බව, නායකත්වය, සධාරණත්වය,  සිරිත්
                                                        විරිත් වලට ගරු කිරීම  හා සිංහල ජාතිය සිංහයාගෙන් පැවැත එන
                                                         බව කියවෙන ඉතිහාස කතාවයි.
   කහපැහැ අසිපත                       = ධාර්මිකවද, නීත්‍යානුකූලවද යුක්ති ගරුකව ද රට පාලනය කරමින්
                                                        මවිබිමේ ආරක්ෂාව උදෙසා නැගී සිටීම.
  බෝපත් හතර                            =මෙත්තා, කරැණා, මුදිතා, උපේක්ඛා යන සතර බ්‍රහ්ම විහරණ යන සියලු 
                                                      ආගමි වලට ගරු කිරීමේ උතුමි ගුණය.
රතු පාට කොටස                          = ශ්‍රී ලාංකික සියලු ජනතාවගේ ජීව රුධිරය සහ පුරාණ සිංහල රාජකීය
                                                        ධජයේ නියෝජනය
කොළ / තැඹිලි පටි                        =  දෙමළ, මුස්ලිමි, බර්ගර්, මැලේ, වතු දෙමළ යන ආදී සියලු සුළු ජාතීන්
                                                       නියෝජනය.
එක සමාන පළලකින් යුත් කහ පටිය= ජාතික කොඩියේ සියලු කොටස් එකට බැදී තිබේ. සියලු ජාතීන් අතර
                                                           එකමුතුව සාමය, ප්‍රඥාව හා අනෙන්‍ය අවබෝධය පැහැදිලි කරයි.
සිංහයාගේ හිසේ කේෂර හා              = මෙම කොටස් දෙක එක සමාන මටිටමෙි පැවතීමෙන් පාලකයා හා
වලිගයේ නැවුණු ඉහල කොටස            රට වැසියන් අතර සමානාත්මතාව පැවතීම හා මැදුමි පිළිවෙතට ගරු
                                                            කිරීම පෙන්වයි.

1948 දී නිදහස ලැබෙන විට අපි භාවිතා කලේ පැරණි රාජකීය සිහල ධජයයි. 1048 පෙබරවාරි 4 වනදා නිදහස ලැබූ දිනයේ ඹසවනු ලැබුවේද මේ පැරණි ජාතික කොඩියයි. මෙම පැරණි ජාතික කොඩිය වෙනුවට සංශෝධිත කොඩියක අවශ්‍යතාවය ප්‍රබලව මතුවිය. මේ අනුව 1948 මාර්තු 06 වනදා අග්‍රාමාත්‍ය ඩී. එස් සේනානායක මැතිතුමා විසින් නිල වශයෙන් ජාතික කොඩියක් සැකසීම සදහා විශේෂ කමිටුවක් පත් කළ අතර, එම කමිටුව මෙසේය.

1. එස්.ඩබි.ආර්.ඩී බණ්ඩාරනායක මහතා (සභාපති)
2. ශ්‍රීමත් ජෝන් කොතලාවල මහතා
3. ජේ.ආර් ජයවර්ධන මහතා
4. ආචාර්ය ලලිත් අභය වර්ධන මහතා
5. .බී ඩයා මහතා
6. සෙනට් සභික එස් නඩේසන් මහතා
7. ආචාර්ය සෙනරත් පරණ විතාන මහතා (ලේකමි)


ජාතික කොඩිය භාවිතා කල යුතු අකාරය.


1. ජාතික කොඩිය කිසිම විටක පොළොවට සමතලවෙ සිටින සේ තිරස් ලෙස රැගෙන නොයා යුතු අතර සෑම
    විටම යෂ්ඨිය සෘජුව සිටින සේ ගෙන යා යුතුය.
2. ජාතික කොඩිය වෙනත් කොඩි සමග පෙරහැරක ගෙන යන විට එය තිබිය යුත්තේ පෙලපාලියේ දකුණු
     පැත්තේ වන අතර වෙනත් කොඩි පෙලක් ඇත්නමි එම කොඩි පෙලේ මැදට ජාතික කොඩිය ගෙන ආ
     යුතුය.
3. කිසිවක් හෝ නිසිවෙකු වෙනුවෙන් ජාතික කොඩිය මද වශයෙන් හෝ පහත් නොකළ යුතුය.
4. කිසිම අවස්ථාවක ජාතික කොඩිය බිම නොතැබිය යුතුය.
5. ජාතික කොඩිය ඹසවන අවස්ථාවේදී සීරුවෙන් සිට එසවිය යුතු අතර සියලු දෙවාම නැගී සිටිය යුතුය.
6. ජාතික ඩොඩිය එසවූ විගස ජාතික ගීය වාදනය හෝ ගායනය කල යුතු අතර වෙනත් කිසිදු සංගීත
    භාණ්ඩයක් වාදනය නොකළ යුතුය.
7. හානියට පත්වු හෝ අවලස්සන වූ ජාතික කොඩියක් ප්‍රදර්ශණය නොකළ යුතු අතර ජාතික කොඩියට
    ඉහලින් වෙනත් කිසිදු ධජ, පතාක හෝ සැරසිලි නොකළ යුතුය.
8. ජාතික කොඩිය කිසිදු අවස්ථාවක අදින ඇදුමක්, ඇතිරිල්ලක් ලෙස භාවිතා නොකළ යුතු අතර රාජ්‍ය/
    හමුදා අවමංගල්‍ය වලදී ආස්තරණයක් ලෙස භාවිතා කළ හැකිය.
9. ජනපති ආඥාව යටතේ යුධ හමුදා රෙජිමේන්තු වල සිදු කරන ජනපති වර්ණ පුධානයකදී හැර කිසිම
    සලකුණක්, ලාජනයක්, වචනයක්,රූපයක් ජාතික කොඩිය මත නොතැබිය යුතුය.
10. ජාතික කොඩියේ කුමණ හෝ රූපයක් අවසර නොමැතිව භාවිතා කිරීමද සපුරා තහනමි වේ. 


ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය


ශ්‍රි ලංකාවේ ජාතික පුෂ්පය ලෙස නිල් මානෙල් මල තෝරා ගැනීමට හේතු පාදක වූයේ මෙසේය. රාජකීය උත්සව සදහා අනාධිමත් කාලයක සිට මෙම මල භාවිතා කරණු ලැබීම, උපුල්වන් දෙවිදුන් සමග සමිබන්ද කෙරෙන පුෂ්පයක් වීම.(මේ දෙවිදුට ශ්‍රී ලංකාව ආරක්ෂා කිරීම භාරවී ඇතැයි විශ්වාසයක් පවතී. බලවත් රෝග සමනය කිරීමේ සමත් සිසිල් ගුණයත් සහිත ඖෂදීය පුෂ්පයක් වීම , මලේ වක්‍ර වූ පත්‍ර වලින් ශුභ ලකුණක් වූ ස්වස්ථිකය මූර්තිමත් වීමයි. නිල් මානෙල් නමෙහි විද්‍යාත්මක නාමය Nympheae stallata නමි වේග



ශ්‍රී ලංකාවේ ජාතික වෘක්ෂය

ශ්‍රී ලංකාවේ ජාතික වෘක්ෂය නා ගසයි. එම ගසේ වැදගත් කමි මෙසේය. මංගල, සුමන, රේවත හා සෝභිත යන සිවි බුදුවරැන් බුද්ධත්වයට පත් වූයේ නා ගස් සෙවනේය.
තවද මෛත්‍රී බුදුන් බුදුබව ලැබීමටද නියමිත වන්නේද නා
ගස් සෙවනකය.

ඉතා ශක්තිමත් අති දීර්ඝ කාලයක් පවත්නා වාක්ෂයක් වීම නිසා එවන් සවිමත් චීර පැවැත්මක් දේශයටද ලැබේවා ! යන පැතුම සංකේතවත් වීම ඉතා සෞම්‍ය, පියකරු සුවදක් වහනය වන මල් පිපෙන රුකක් වීම, සර්ප දෂ්ටනය ඇතුලු රෝගාබාධ රැසකට පතිකාර සදහා ගනු ලබන ඹෞෂධ පංවාංගයක් සහිත වීමයි,
නා ගසෙහි වීද්‍යාත්මක නාමය Mesi Ferrea නමි වේ.





ශ්‍රී ලංකාවේ ජාතික පක්ෂියා


ශ්‍රී ලංකාවේ ජාතික පක්ෂියා ලෙස වළි කුකුළා තෝරා ගැනීමට හේතු පාදක වූ හේතු මෙසේය. මෙම පක්ෂියා ඉතා අලංකාරවත් වර්ණ කිහිපයකින් සෑදුණු පිහාටු දරණ දැකුමිකලු සතෙකු වීම , ශ්‍රී ලංකාවටම ආවේනික වූ දේශිය පක්ෂියෙකු වීම, සටන්කාමී එඩිතර සතෙකු වීම,
කුකුළා අරුනෝදය හෙවත් ආලෝකය එලඹෙන බව කියාපාන දූතයෙකු වීම එයට හේතු සාධක වේ.
වළිකුකුලාගේ උද්හිත නාමය Seylon Jungle fowl නමි වේ.










ජාතික ගීය
බෞද්ධ කොඩිය

 ලංකාවේ පිහිටීම

ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ පිහිටි දූපතකි. මෙය විශාලත්වයෙන් වර්ග කි.මි 65525 ක් පමණ වෙයි. ඉන්දියාවට ආසන්නව සමකයට උතුරින් පිහිටා ඇත. ශ්‍රි ලංකාවේ පිහිටීම උතුරු අක්ෂාංශ 5 55 හා  9 51 වන අතර නැගෙනහිර දේෂාංශ 79 42 හා81 52 අතර වෙයි.

ශ්‍රී ලංකාවේ දිග                        =  කි.මි 432
ශ්‍රී ලංගාවේ පළල                     =  කි.මි 224
වෙරළ තීරයේ දිග                   =  කි.මි 1620
උසින් වැඩිම ස්ථානය              = පදුරුතලාගල කන්ද මි.2524
දිගින් වැඩිම ගංගාව                 = මහවැලි ගග කි.මි 335
උසින් වැඩිම දිය ඇල්ල           = ඹබර කන්ද මි. 263
රට වටා මුහුදට ගලා යන ගංගා= 103
ප්‍රධාන කලපු                          =  20
ප්‍රධාන දූපත්                           = 14
ප්‍රධාන වරායවල්                     = 06
ප්‍රදිපාගාර                               = 13
උෂ්නත්ව පරාසය                   = සෙල්සියශ් අංශක28 11.5
වාර්ෂික වර්ශාපතනය             =  මි.මි 950 -5475

ශ්‍රී ලංකාව හා ඉන්දියාව වෙන්වී ඇත්තේ ඉතා පටු සමුද්‍ර සන්දියකින්. මෙය පෝක් සමුද්‍ර සන්දිය ලෙස හැදින්වෙන අතර මෙහි දිග කි.මි 32 ක් පමණ වෙයි.


ශ්‍රී ලංකාව මුලින්ම සිතියමකට ඇතුලත් කරන ලද්දේ ග්‍රීක ජාතික ටොලමිය. ඔහු මේ රට හැදින්වූයේ තැප්‍රොබානා යන නමිනි.

ශ්‍රී ලංකාවට භාවිතා කළ නමි

ජාතීන්                        භාවිතා කළ නම

ආර්යයන්                     තම්භපන්ණි
අරාබින්                       සෙරන්ඩිබි
ග්‍රිකයන්                       තැප්‍රොබෙන්
ඉන්දියානුවන්              සිලයිදීප
චීන ජාතිකයන්            සීලන්
පෘතුගීසීන්                   සෙයිලාවෝ
ලන්දේසීන්                 සිලැන්
ඉංග්‍රීසීන්                      සිලොන්


ශ්‍රී ලංකාවේ කදු

කන්ද                                උස මීටර්
පිදුරුතලාගල                       = 2525
කිරිගල්පොත්ත                   =2395
තොටපෙල කන්ද               =2358
සමනල කන්ද                     =2224
නමුණුකුල කන්ද                =2036
නකල්ස් කදු                       =1863
ගොන්ගල කන්ද                 =1359
රිටිගල කන්ද                      =752
කුකුළුගල කන්ද                  =701
කොකාගල කන්ද               =687
හිනිදුම කන්ද                     =661
නුවරගල කන්ද                   =658
ගෝවින්දහෙල කන්ද         =558
කතරගම කන්ද                  =424

.

ශ්‍රී ලංකාවේ ගංගා
ගග                          ආරම්භක ස්ථානය                 මුහුදට වැටෙන ස්ථනය           දිග කි.මි
මහවැලි                       හැටන්                                    ත්‍රිකුණාමලය                               335
කළා ඹය                    ඹබරගොල්ල කදු                      කල්පිටිය                                    148
වලවේ ගග                 සමනල කන්ද                           අමිබලන්තොට                            137
කිරිදි ඹය                   නමුණු කුල කදු                         කිරින්ද                                        117
කළු ගග                    සමනල කදු                               කළුතර                                        129
නිල්වලා ගග              රක්වාන කදු                             මාතර                                          80
කුඹුක්කන් ඹය           මඩොල්සිමේ කදු                     කුමණ                                          116
ගල් ඹය                    හේවාඑළිය කදු                         මඩකලපුව                                  108
මාදුරු ඹය අ              කුරුගල කදු                             කල් කුඩා                                      136
ගිං ගග                      ඹබරගල කදු                             ගාල්ල                                          113
දැදුරු ඹය                  මොරෝන් කදු                          හලාවත                                       142
මා ඹය                     රාක්ෂව කදු                               කොචිචිකඩේ අසලින්                  134
මල්වතු ඹය               දඹුලු ප්‍රදේශයෙන්                     අරිප්පුව අසලින්                           165
කැළණි ගග               සමනල කන්ද                          කොළඹ                                        145
මී ඹය කුඩා               මඩගල කන්ද                            පුත්තලම                                      109
යාන් ඹය                   සීගිරි කදු                                 පුල්මුඩේ                                       142
මැණික් ගග               නමුණුකුල කදු                         යාල                                              114


ශ්‍රී ලංකාවේ පුධාන දිය ඇලි

දිය ඇල්ලේ නම               පිහිටි ගංගාව           උස මීටර්
ඹබරකන්ද ඇල්ල                කිරිදි ඹය                  241
කුරුදු ඹය ඇල්ල                 මහවැලි ගග              189
දියලුම ඇල්ල                     කිරිදි ඹය                  171
කිරිදි ඹය ඇල්ල                 කළු ගග                    106
රමිබොඩ ඇල්ල                මහවැලි ගග                100
ලක්ෂපාන ඇල්ල               කැලණි ගග                115
නවරත්න ඇල්ල                මහවැලි ගග                109
ඇබර්ඩීන් ඇල්ල               කැලණි ගග                 90
ඩෙවෝන් ඇල්ල               මහවැලි ගග                86
සෙන්ට් ක්ලෙයාර්              මහවැලි ගග                73
දුන්හිද ඇල්ල                    මහවැලි ගග                58
බෝපත් ඇල්ල                  කළු ගග                      30
රාවනා ඇල්ල                   මහවැලි ගග                49


ශ්‍රී ලංකාවේ ජාතික වනෝද්‍යාන
යාල, විල්පත්තුව, ගල්ඹය, උඩවලව, ලාහුගල කිතුලාන, මාදුරු ඹය, වස්ගමුව, සෝමාවතිය

ශ්‍රී ලංකාවේ ඇති අභයභූමි
මුතුරාජවෙල, සිගිරිය, විල්පත්තුව, කටගමුව, මිහින්තලේ, බුන්දල, හොරගොල්ල, යොධවැව, ගතල්වත්ත, කතරගම, මින්නේරිය, ගිරිතලේ, අනුරාධපුරය, උඩවත්තල කැලේ, සමනල කන්ද, කෑගල්ල (කුරුලු කැලේ), සේනානායක සමුද්‍රය, පදවිය වැව, ත්‍රීකුණාමල නාවික වැඩ බිම, කිඹුල්වානා ඹය, මහකනදරාව, බුද්ධංගල, රාවනා ඇල්ල, හික්කඩුව, පල්ලෙකැලේ, කටුමැටිය කලපුව, බෙල්ලන්විල අත්තඩිය, මා ඉදුල් කන්ද, මදුනාගල, මංගමලෙයි.

ස්වාභාවික රක්ෂිත හා දැඩි ස්වාභාවික රක්ෂිත 
ත්‍රිකෝණමඩු
මින්නේරිය
ගිරිතලේ
යාල
හග්ගල
රිටිගල
සිංහරාජය


ශ්‍රී ලංකාවට විදුලිය සපයන පුධාන විදුලි බලාගාර
කොත්මලේ , වික්ටෝරියා, රන්දෙනිගල, උකුවෙල, බෝවතැන්න, උඩවලවේ, කැනියෝන්, සමනල වැව, ලන්ෂපාන, නව ලක්ෂපාන, සමනල විදුලි බලාගාරය, විමලසුරේන්ද්‍ර විදුලි ගලා ගාරය, ඉගිනියාගල, කුකුගේ ගග, රන්ටැඹේග

ශ්‍රී ලංකාවේ අති ගුවන් තොටුපලවල්
කටුනායක (ජාත්‍යන්තර ගුවන් තොටුපල) ,
රත්මලාන
අනුරාධපුර
කොක්ගල
පලාලි
අමිපාර
හිගුරක්ගොඩ
වීරවිල
ත්‍රීකුණාමලය
මඩකලපුව

ශ්‍රී ලංකාවේ ප්‍රධාන කර්මාන්ත
රෙදි                    = තුල්හිරිය / පූගොඩ / බියගම / වත්තේගම / වේයන්ගොඩ / කටුනායක
උළු / ගඩොල්      = බංගදෙනිය / වයික්කාල / දංකොටුව / යට්යන / අමිපාර
ලෝහ                 = යක්කල / මරුවල / හෝමාගම
සිමෙන්ති            = පුත්තලම / ගාල්ල / කන්කසන්තුරේ
කඩදාසි              = ඇඹිලිපිටිය / වාලචිචේන
තුනි ලෑලි            = ගිංතොට / කොස්ගම
ටයර්                   = කළුතර / කැලණිය
තෙල් පිරිපහදු     = සපුගස්කන්ද / කොලොන්නාව
කිරි                    = අඹේවෙල / පල්ලෙකැලේ / පොලොන්නරුව
ලුණු                   = පුත්තලම / හමිබන්තොට / එළිපන්ටිපාස්
මිනිරන්               =කහටගහ / කොලොන්ගහ / බෝගල / කැබිතිගොල්ලෑව / මීගහතැන්න
පොස්පේටි         = එප්පාවල
මැණික්               = ඇහැලියගොඩ / කරුවිට / රක්වාන / පැල්මඩුල්ල / මක්කමිපිටිය / රත්නපුර
පිගන් බඩු           = මීගමුව / දන්කොටුව / පිළියන්දල / පැල්මඩුල්ල / රත්තොට
සීනී                    = කන්තලේ / හිගුරාන / පැලවත්ත/ උඩවලව
වීදුරු                   = නාත්තන්ඩිය
පැදුරු                 =ඉදුරුව
බෙලිකටු            =අකුරළ
 දොදොල්            =හමිබන්තොට
කොහු                =වාද්දූව
දුමිකල               =හිරියාල / යාපනය
රූකඩ                 =අමිබලන්ගොඩ
සිලිකා වැලි        =ඒකල / මාරවිල
දැව භාණ්ඩ        =මොරටුව
අර්තාපල්           = වැලිමඩ / නුවරඑළිය
කෙසෙල්           = රඹුක්කන / ඇඹිලිපිටිය
මල්                   =හක්ගල / පේරාදෙනිය 
දොඩමි              = බිබිල
මැංගුස්              =කළුතර
කජු                  =බටලීය
අන්නාසි           =නාවල
රඹුටන්             =මල්වාන


No comments:

Post a Comment